පලමු කොටස (නියැන්ඩර්ටාල්වරු)
වසන්ත සෘතුවේ අවසන් භාගය ගෙවී ගොස් වන තුරු මුදුන් හිමෙන් වෙලා ගැනීමට ඉතිරී වී ඇත්තේ තවත් සති කිහිපයක්. උත්තරඅර්ධගෝලය වෙලා ගැනීමට නියමිත දැඩි ශීතල මඟ එන බව කියාපාමින් අසල ඇති වනාන්තර තුල දැවටී යන්නෙ ගන මීදුමක්. මේගතවන්නේ පෘථිවිය මත ග්ලැසියර වැස්ම දිගහැරෙමින් යන ප්ලයස්ටොසීන භූ කාල යුගයයි. සේපියානුවන් තවමත් සිය අප්‍රිකානුමුල් නිජ භූමී තුල. නමුත් යුරේසියාව සිය අණසකට නතු කරගත් නියැන්ඩර්ටාලයන් සියවස් ගනනාවක සිට කටුක කඨෝරදේශගුණික තත්වයන් තුල පැවැත්මේ ශිල්ප ප්‍රගුණ කරමින්.
ඇට මිදුලු වෙලා ගනිමින් යන දැඩි ශිතලට මුහුණ දීමට නම් සිරුරේ උශ්ණත්වය රැකගත යුතුයි. සිරුරේ උශ්ණත්වය රැකගැනීමටනම් සිරුරට අවශ්‍ය මේද තැන්පතු සහ ශක්ති අවශ්‍යතාවන් නිසි අයුරින් පවත්වාගත යුතුයි. මේද තැන්පතු සහ ප්‍රෝටීනය ලබාගැනීමටනම් දඩයම් කල යුතුයි. දඩයම් කිරීමටනම් ශිත කාලයට පෙර සුදුසුම කාල පරාසය තෝරා ගත යුතුයි. වසන්ත සෘතුවෙපීදෙන තෘණ ආහාරයට ගන්නා මැමත් සතුන්, ලයිකන පෙඳ සහ පාසී කුර ගාමින් ආහාරයට ගන්නා පිනි මුවන්, දැඩි ලොම්ආවරණයකින් වැසී ගිය බයිසන් ගවයන්, එල්ක් මුවන්, රතු මුවන් පුෂ්ඨිමත්ව වැඩෙන්නේ මේ කාල පරාසය තුල. ශීත සෘතුවටමුහුණ දීම සඳහා සිරුරේ මේද ස්ථර තැන්පත් කර ගැනීමට යන්ත්‍ර මෙන් උලා කන මේ සත්ව විශේෂ ශීශිරයේ දක්වන බර මෙන්තෙගුණයක් පමණ බරින් වැඩිවෙන කාල සමය වසන්තය.
පලමු හිම තුහින පොළව සිප ගැනීමට ප්‍රථම දඩයම් අවසාන විය යුතුයි. එසේ නැතහොත් මේ කාල සමයේදි සංක්‍රමණ ඇරඹීමෙන්පසු ශිශිරයේ ඉතිරිවන සත්වයන් නොමැති තරම්. නමුත් මැමතයෙකු බිම දැමීම අතිශයින්ම අන්තරායකාරී කටයුත්තක්. බයිසන්අඟක් පර්ශු හරහා සිරුර තුලට කිඳා බැස්ස විට රැහැට අහිමි වන්නේ තවත් දඩයම්කරුවෙක්. එල්ක් පා පහරකින් කපාලය සුනුවිසුනු වීමට ගතවන්නෙ එක් මොහොතක්.
අප්‍රිකාවෙන් ප්‍රථමයෙන්ම පිටතට පැමිණි ඉරෙක්ටස් වරුන් සතුවු ඇචුලියන් ශිලා තාක්ෂණය අභිබවා යමින් නියැන්ඩර්ටාලයන් මේවන විට නව ශිලා තාක්ෂණයක් ගොඩනගා අවසන්. මුස්ටීරියන් ශිලා තාක්ෂණය කියන්නෙ නියැන්ඩර්ටාලයන්ට විශිෂ්ට වු ශිලාමෙවලම් හැඩගැස්වීමේ තාක්ෂණයක්. ඇචුලියන් අවි වලට වඩා කුඩා, සුමට මෙන්ම තියුණු මුස්ටීරියන් අවි යුරේශියාව පුරාදැකගන්න පුළුවන්. නමුත් දඩයම් කිරීම ගැටලුවක්.....
#DOE
ඉරෙක්ටස් මානවයන් පාෂාණ ආධාරයෙන් නිපදවු ඇචූලියන් අත් පොරෝ ප්‍රමාණයෙන් විශාල වු ගල් ආයුධ විශේෂයක්. නමුත්නියැන්ඩර්ටාලයන් නිපදවු මුස්ටීරියන් ශිලා මෙවලම් ප්‍රමාණයෙන් කුඩා වූත්, වඩා හැඩගැන්වූත් ආයුධ විශේෂයක්. සුදුසු පාෂාණඅමුද්‍රව්‍යක් සොයාගෙන ක්‍රමාණුකූලව එල්ලය බලා තවත් පාෂාණයකින් යොදන පහරවල් අනුසාරයෙන් හැඩයක් නොමැති පාෂාණතියුණු කැපුම්තල සහ උල් බවට පත්කිරීමට මේ තාක්ෂණයට පුළුවන්.
ගැටලුව පවතින්නේ නියැන්ඩර්ටාල් කාය විලාසයේ. සේපියානුවන්ට සාපේක්ෂව නියැන්ඩර්ටාල් ශරීරයේ බාහු ක්‍රියාත්මක වන්නෙ විසිකිරීමට නොව ඇනීම සඳහා ශක්තිමත් මස්පිඩු සමූහයක් දරමින්. මෙතෙක් හමුව තිබෙන නියැන්ඩර්ටාල් අස්ථි සහ ෆොසිලවෛද්‍ය විද්‍යාත්මක ක්‍රමවේදයන් උපයෝගි කරගනිමින් නිරීක්ෂණය කිරීමේදි මේ බව සනාථ වෙනවා. බාහු අස්ථි සහ බැඳුනු විශාලශක්තිමත් මස්පිඩු මේ වර්ගයාට තිබුනු බව ඉන් කියවෙනවා.
දඩයම් කිරීමේදි ප්‍රක්ශිප්ත අවි (දමාගසන හෝ විසි කරන අවි) භාවිතයට වඩා නියැන්ඩර්ටාලයන්ගෙ දඩයම් උපක්‍රමය රැක සිටගොදුරට වඩාත් ලංවී ශක්තිය යොදා ඇනීමෙන් සිදුකරනු ලැබූ දඩයම් බවට පසුකාලී පර්යේෂණ තුලින් සාධක සපයනු ලබනවා. එසේනම් තත්වය අප සිතනවාට වඩා අනතුරුදායකයි.
ශිශිරය පැමිණීමට පෙර සාර්ථක දඩයම් නිමා කරගත යුතු නියැන්ඩර්ටාලයන් මුහුණ දෙන්නෙ සුළුපටු අභියෝගයකට නෙවෙයි. මැමත් සතුන්, බයිසන් ගවයන්, අයිරිශ් එල්ක් සතුන්, ඖරොක් ගවයන් යනු විශාල ශරීර ප්‍රමාණයන් දරා සිටි ප්ලයස්ටොසීන මහාසත්ව සන්තතියට අයත් සත්ව විශේෂ. වර්තමානයේදි මද කිපුනු ඇතෙකු අසලටවත් යෑම කොතරම් අනතුරුදායකද ? මරණබියෙන් ආවේගශීලිවන යෝධ මැමත් හස්ථියෙකු එසේනම් කොතරම් අනතුරුදායක වනු ඇත්ද ? ඖරොක් ගවයන් යනු වර්තමානගෘහස්ථ ගව ප්‍රභේදවල පූර්වජ විශේෂය. වර්තමානයේදි දැකගත හැකි ගවයෙකුට සාපේක්ෂව ඉතා විශාල දේහයක් දරන්නන්. අපමේ කතා කරන යුගය වන විට මේ සත්වයන් ගෘහස්ථකරණ ක්‍රියාවලියට භාජනය නොවු වන ප්‍රභේද. දිගු උල් අං යුගලක් හිමි මේසත්වයන් අති ප්‍රචන්ඩකාරී සතුන් බවට සාක්ශි අපට ලැබෙන්නෙ ප්ලයස්ටොසීන යුගයේම අවසන් භාගයෙන් ලස්කු, අල්ටිමීරා, ෂෞවේ වැනි ගුහා සංකීර්ණ තුල සේපියානුවන් විසින් ඇඳි ගුහා චිත්‍ර තුලින්. අයිරිශ් එල්ක් සත්වයන් යනු එතෙක් මෙතෙක් ලොවපහලවු විශාලතම මුව විශේෂය. අඩි එකොලහකට වඩා දෙපසට විහිද යන දැවැන්ත අං තට්ටුවකින් සමන්විත මහේශාක්‍යමෘගයන්. එසේනම් අපේ කතා නායක නියැන්ඩර්ටාලයන් මේ දැවැන්ත සතුන් එලා ගැනීම සඳහා ඔවුන්ට අතපොවන මානයටලඟාවිය යුතුයි. කහඳ, තිරිවානා විශේෂ, ෆ්ලින්ට්, ඔබ්සීඩියන් පාෂාණ ආදී අමුද්‍රව්‍ය යොදා ගනිමින් නිර්මාණය කල මුස්ටීරියන්තුඩවල් සවි වු හෙලි ඝන ලොමින් වැසී ගිය මේ සද්ධන්තයන්ගෙ සිරුරු විනිවිද යැවීමට තරම් ලං විය යුතුයි.
යුරේශියාව පුරා පැතිරී ඇති නියැන්ඩර්ටාල් අවශේෂ මේ ලොමුදැහැ ගැන්වෙන දඩයම් වල කතාව අපට පවසනවා. එමෙන්ම මේඅභියෝගකාරී ජීවන රටාවෙන් නියැන්ඩර්ටාලයන් ලැබු ආබාධ, අස්ථි බිඳීම්, කපාලයට සිදුවු හානී ආදී දෑ වසර දස දහස් ගනනක්පැරණි නියැන්ඩර්ටාල් ෆොසිල තුල සටහන්ව තිබෙනවා.
පයට පෑගෙන වියලි පත්‍රයක පවා ශබ්දය නොනැගෙන ලෙස අඩ අඳුරත් සමඟ ගොදුරු දෙසට ලංවෙන මේ සුහුරු දඩයම්කරුවන්වඔබට සිත්හී මවාගන්නට පුළුවන්. දඬු තුඩක වැල් කැබලි සහ ගස්ලාටු යොදා කිටි කිටියේ බැඳි ගල් තුඩු ඇසිල්ලක නිමේශයෙන්මාරක අවයවයක් විනිවිද යමින් මෘගයෙකුගෙ අවසන් හෝරාව සටහන් වන ආකාරයත්, වැරදුනු කුරුමානමක් අභියසනියැන්ඩර්ටාල් ජීවිතයක අවසානය සනිටුහන් වීමත් ඔබට සිතා ගන්නට පුළුවන්. නමූත් මේ අපූරු දඩයක්කාර ඥාතීන් සියවර්ගයාගෙ පැවැත්ම මෙලෙස වසර ලක්ෂ ගනනක් සාර්ථක ලෙස ගෙවන්නට හැකිවන පරිදි ජීවත්වන පාරිසරික නිකේතනයටඅතිශයින්ම අනුගත පිරිසක්. සෞම්‍ය කලාපීක යුරේශියානු අක්ෂාංශයන් තුල දීර්ඝ පැතිරීමක් ඔවුන් පෙන්නුම් කරන්නේ මේසාර්ථකත්වය නිසා.
මේ අපුරු මිනිසුන් කොතරම් කල් සිටියාද ? ඔවුන් ජීවත්වු පරිසරය විචලනය වුනේ කෙසේද ? ඊලඟ කොටසින් අපි ඒ ගැන සාකඡ්ඡාකරමු.
දෙවන කොටස
Diary of Evolution

Last edited: