ශිව දෙවියන් සහ අගොරි වරු

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,073
    6,411
    113
    kandy
    niayamai
    පට්ටම බිසී වුනත් ශිව දෙවියන් ගැන අහපුවම උත්තර නොදී යන්න බෑ.

    ශිව එහෙමත් නැත්තන් ඊශ්වර කියන්නේ හින්දු දහමේ එන ත්‍රිමුර්තියෙන් එක්කෙනෙක්. එතකොට මොකක්ද මේ ත්‍රිමුර්තිය කියන්නේ. බ්‍රහ්ම විෂ්ණු මහේෂ්වර (ශිව) කියලා කියන දෙවියන් තුන්දෙනාව තමයි ත්‍රිමුර්තිය කියලා සලකන්නේ. ත්‍රිමුර්තිය කියන්නේ විශ්වයේ පවතින උත්පාද(ඇතිවීම) තිථි(පැවැත්ම) භංග(නැතිවීම) කියන ස්වාභාවයන් තුන.:yes:

    ශිවදෙවියන් තමයි මේ තුනෙන් භංග කියන ස්වාභාවය නිවේදනය කරන්නේ (අහලා ඇතිනේ ශිව දෙවියන්ගේ තුන්වෙනි ඇස ගැන ජනප්‍රවාද, ඒ ප්‍රවාද හැදිලා තියෙන්නේ දෙවියන්ගේ ස්වාභාවය විස්තර කරන්න)එතකොට ශිව දෙවියන් මොනවද භංග කරන්නේ? සියලුම භංග වීම් මෙතන තියනවා. ඒ කියන්නේ භෞතික වගේම භෞතික නොවන අවිද්‍යාව වගේ ඒවත් මෙතන තියනවා. සංසාර චක්‍රය භංග කරන්නත් ශිව ශක්තිය අවශ්‍යයි. අන්න ඒ අවස්ථාවේදී තමයි ශිව ප්‍රඥාවේ ස්වරුපයෙන් පෙනී ඉන්නේ. (ශිව කියන්නේ යෝගියෙක් කියලා කලින් කමෙන්ටුවක තිබ්බනේ)

    ශිව ප්‍රඥාව ලබාදෙන ස්වරුපයෙන් ඉන්නකොට තමයි අපි දක්ෂිණ මුර්තිය කියලා ශිවව හඳුන්වන්නේ. "ඕම් ශ්‍රීම් ධ්ලීම් මේධා දක්ෂිණ මුර්තයේ නමඃ" කියන මන්ත්‍රය භාවිතා කරන්නේ ශිව දෙවියන්ගේ දක්ෂිණ මුර්තියට. මෙතන ඕම කියන ශබ්ධය ඇතිවෙලා තියෙන්නේ ත්‍රිමුර්තියට අදාළ ශබ්ධ වලින්
    බ්‍රහ්ම - අ
    විෂ්ණු - වූ
    ශිව - ම්

    ශිව දෙවියන් ප්‍රඥාවේ ස්වරුපයෙන් පෙනී ඉන්න නිසා තමයි නමග්‍රහයින්ගෙන් ප්‍රඥා කාරක රවි හා ගුරුට අදාළ අධි දේව තත්වය විදිහට ශිව දෙවියන් සලකන්නේ.

    ශිව දෙවියන් භංග කරන ශක්තියෙන් යුක්ත නිසා තමයි මිනිස්සු තමන්ගේ ජිවිතයේ තියන භාධක බිඳ දමන්න කියලා ශිව දෙවියන්ට වඳින්නේ. බොහෝ දෙනා මෘතුන්ජය මන්ත්‍රය කියන්නේ මේ බලාපොරොත්තුවෙන්.

    මන්ත්‍ර ගැන විශේෂයෙන් කියන්න දෙයක් තියනවා මන්ත්‍ර රේඩියෝ එකේ අහලා වැඩක් නෑ. එතකොට රේඩියෝ එකේ භාධක අයින්වෙලා ප්‍රඥාවේ මාර්ගයට රේඩියෝ එක යොමුවෙයි. තමන්ට එහෙම දෙයක් අවශ්‍යනම් තමන් විසින් මන්ත්‍ර කියන්න ඕනේ. මන්ත්‍ර කියනකොට තමන්ගේ මුලාධාර චක්‍රය කම්පනය වෙන්න ඕනේ.

    තව විස්තර ඉස්සරහට ලියන්නම්.

    අහ්හ් සමහරු හිතන් ඉන්නවා ශිව කියන්නේ අහසේ පලක් බැඳගෙන භාවනාකර කර ඉන්න ෆිසිකල් කැරැක්ටර් එකක් කියලා. එහෙම අයට නම් ඉතින් සොරි තමයි.
    shiva mantra, stotra thiyana kenek dagena yanna

    apita kiyawanna puluwan ewa hari
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,883
    11,338
    113
    ශිව දෙවියන් සහ අගොරි වරු

    මචන් මන් මේ ටිකේම දැක්කා ෆේස්බුක් එකේ සහ අනිකුත් ප්ලේස් වල සැහෙන්න මේ ශිව දෙවියන් අදහනවා,,ඒ වගේම ගැන දෙවියනුත්
    මොකද්ද මචන් මේ ශිව දෙවියන් සහ අර ශිව මන්ත්‍ර වල තේරුම්?


    දන්නා එකෙක් ඉන්නවනං පැහැදිලි කරලා දියන්කෝ

    Shiva ta enna kiyanna rata k arala yawannam
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,252
    1
    2,930
    113
    ශිව දෙවියන් සහ අගොරි වරු

    මචන් මන් මේ ටිකේම දැක්කා ෆේස්බුක් එකේ සහ අනිකුත් ප්ලේස් වල සැහෙන්න මේ ශිව දෙවියන් අදහනවා,,ඒ වගේම ගැන දෙවියනුත්
    මොකද්ද මචන් මේ ශිව දෙවියන් සහ අර ශිව මන්ත්‍ර වල තේරුම්?


    දන්නා එකෙක් ඉන්නවනං පැහැදිලි කරලා දියන්කෝ
    F