ශිව ලිංගයත් නිධන් හොරුන්ට බිලි වේ
පොලොන්නරුව පූජා භූමියේ නයි පෙන විහාරය අසල තිබූ පැරණි ශිව දේවාලයේ ශිව ලිංගයද නිධන් හොරුන් විසින් රැගෙන ගොස් ඇතැයි වාර්තා වේ. පොලොන්නරු යුගයට අයත් ශිව දේවාල 14කින් යුත් සංකීර්ණයට අයත් විශාලතම ශිව දේවාලය වන අංක 13 ලෙස පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නම් කර තිබූ ශිව දේවාලය මෙලෙස නිධන් හොරුන් විසින් විනාශ කර තිබේ.
එම දේවාලයේ අඩි 4ක් පමණ උසැති ශිව ලිංගයක් නිර්මාණය කර තිබූ අතර එය හා එය පිහිටි ස්ථානයේ අඩි 3 1/2ක ප්‍රමාණයේ වලක්ද සාරා එහි තිබූ නිධන් වස්තුද ඔවුන් රැගෙන ගොස් ඇතැයි පොලීසිය පවසයි.
Before
After