"ශිව සේනා" දැන් ලංකාවේ.
හින්දු භක්තිකයන් අන් ආගමිකයන්ගෙන් බේරා ගැනීම සදහා, හින්දු භක්තිකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් "ශීව සේනා" නැමැති, හින්දු ආගම පාදක වූ සංවිධානයක් මෑතකදි ලංකාවේ ආරම්භකර තිබෙනවා, මෙහි ආරම්භක උලෙල වවුනියාවේදි නොබෝදා පැවති අතර, මේ සදහා ඉන්දියාවේ ශිව සේනා සංවිධානයේ සහයෝගයද ලැබෙන බව සදහන් වෙනවා. ඉන්දියාවේ ශිව සේනා සංවිධානය ඉන්දියාවේ මුම්බාහි හින්දු ආගම පාදක වූ සංවිධානයක් වන අතර, එය දැඩි අන්තවාදී සංවිධානයක් ලෙස සලකනු ලබනවා. මෙම සංවිධානය 1984 දී ඇතිකර කැරැල්ලේදි 324 දෙනෙක් මිය ගිය අතර, 1992-1993 දී මුම්බායෙදි ඇතිකර බොම්බේ කැරැල්ලේදි 300 කට අධික පිරිසක් මියගිය බව වාර්තා වෙනවා. ශීව සේනා සංවිධානය ලංකාවේ රජයට පරිභව කරමින් සදහන් කරසිටින්නේ, අන් ආගම් පනතක් රටට අවශ්‍යය බවත්, එයින් හින්දූ භක්තිකයන්ව අන් ආගම්වලට බලෙන් හැරැවීම නැවැත්වීය යුතුබවත්. රජය "සිංහල බෞද්ධ" යටත්විජිත කරණයකට උඩගෙඩිදීම හරහා එයින් හින්දු භක්තිකයන්ට අසාධාරණයක් වෙන බවයි. ඔවුන් තවදුරටත් සදහන් කර ඇති අකාරයට, හින්දු භක්තිකයන්ට නිසි පිළිසරණක් ලංකාවේ නොමැති බවත්, මුස්ලිම් භක්තිකයන්ට මැදපෙරදිගින් අධාර ලැබෙන බවත්, කතෝලික භක්තිකයන්ට බටහිරින් අධාර ලැබෙන බවත්, එම නිසා ලංකාවේ නව ශිව සේනා සංවිධානය,ලංකාවේ හින්දු භක්තිකයන්ව ආරක්ෂාකිරිම පිණිස ඉන්දියාවේ ශිව සේනා සංවිධානයේ සහය ලබා ගැනීමට බලාපොරොත්තු වෙන බවයි. කෙසේ නමුත් මේ සදහා අගමැති රනිල් වික්‍රමසිංහ සහා සිංහල ,දෙමළ මන්ත්‍රීවරුන් රැසක් විරෝධය පළකර ඇති අතර, TNA පක්ෂයේ නායක සුමන්තිරන් සදහන් කරන්නේ, ලංකාවේ දමිළ ජාතිකයන් මේ අවස්ථාවේදි නොබෙදියුතු බවත්, ඔවුන් එකාමෙන් ලංකාවේ දමිළ ජාතික ප්‍රශ්ණයට විසදුමක් ලබාගැනීමට වෙහෙසිය යුතුබවයි. වැඩි දුරටත් ඔහු සදහන් කර සිටින්නේ, මෙම සංවිධානය බෞද්ධ අන්තවාදී සංවිධානයක් වෙන, බොදු බල සංවිධානය හා ගැටි එය ආගමික යුද්ධයක් දක්වා පැතිරී යෑමට ඉඩක් ඇතිබවත්, අවුරුදු 30 ක යුද්ධයකින් බැටකෑ රටකට තවත් යුද්ධයක් අනවශ්‍යයබවයි, කෙසේ නමුත් ලංකාවේ ශිව සේනා සංවිධානය සදහන් කර සිටින්නේ, ඔවුන් අන්තවාදී සංවිධානයක් නොවන බවත්, ඔවුන්ගේ අරමුණ හින්දු භක්තියන්ගේ අයිතීන් වෙනුවෙන් පෙටිසීටිම බවත්, ඔවුන්ට ඉන්දියාවේ ශිව සේනා සංවිධානයේ සහාය ලැබුනත්, ඔවුන් ප්‍රචණ්ඩ කාරීවීමට බලාපොරොත්තු නොවන බවයි.
http://www.thehindu.com/news/intern...a-senai-group-in-sri-lanka/article9212053.ece
http://www.news18.com/news/india/si...iva-sena-support-colombo-worried-1301366.html
https://en.wikipedia.org/wiki/Shiv_Sena