මෙහෙමයි ශිෂ්‍යත්වේ පාස් වෙලා ජිවිතේ ෆේල් වච්ච අයත් ඉන්නවා , ශිෂ්‍යත්වේ ෆේල් වෙලා ජිවිතේ පාස් වෙච්ච අයත් ඉන්නවා . ශිෂ්‍යත්වේ කියන්නේ ජිවිතේ හැරවුම් ලක්ෂයක් කියන්න කලින් වැඩි උනත් හොද ඉනිමගක් .ශිෂ්‍යත්වේ පාස් කියන්නේ ජයග්‍රහණයක්.
මොකද ලංකාවේ ශිෂ්‍යත්වේ විබාගේ පාස් වෙන්න පුළුවන් නිරවුල් මනසක් තියෙන ජිවිතේ විදින ලමෙකුට විතරයි . මේ විබාගේ සහ දෙමව්පියෝ සංකීර්ණ කරගත්තට තාම පාසලේ වැඩ ටික විතරක් කරලා නිදහසේ ඉන්න දරුවෙකුට විභාගේ ලේසියෙන්ම පාස් වෙන්න පුළුවන්
ඔව් ශිෂ්‍යත්වේ පාස් කියන්නේ දරුවෙකුගේ ජිවිත්ට ලැබෙන ලොකු ජයග්‍රහණයක්. හොද පාසලකට යන්න පුළුවන් . ලංකාවේ ශිෂ්‍යත්වේ විතරක් ළමයි අරන් පටන්ගන්න පාසල් ඕනේ තරම් තියෙනවා ඒ වගේ පාසලකට ඇතුලත් උනහම ලොකු තරගයක් එක්ක දරුවට හැදෙන්න පුළුවන් , නැත්නම් වෙන්නේ ෆේල් වෙලා ඉතුරුවෙන ළමයි ටිකත් එක්ක හිටිය පාසලේම ඉන්න.
ලෝකෝ තියෙන හැම පන්තියටම තමන්ගේ ලමයව දක්කල ළමයාගේ ඔලුව විනාස කරලා ශිෂ්‍යත්වේ ෆේල් උනහම , ශිෂ්‍යත්වේ විබාගයක් නෙමයි විබාගේ , අපේ අහවල් කෙනා ශිෂ්‍යත්වේට ලකුණු 12 එයා දැන් මහාචාර්ය කෙනෙක් ය , අහවලා ෆේල එය දැන් ඉන්ජිනේරුවෙක්ය කියල fb පොස්ට් ෂෙයාර් කරන දෙමව්පියෝ මම පහුගිය ටිකේම දැක්කා .
මම නම් දකින්නේ ශිෂ්‍යත්වේ අපි අවුලක් තියෙනවා . පස වෙලා හොද පාසලකට ගිහින් හොද අධ්‍යාපනයක් ලබාගන්න ශිෂ්‍යත්වේ ඉනිමගක්.
එහෙම නැත්නම් වෙන්නේ හිටිය පාසලේම ඉතුරුවෙන රොඩු ටික අතරේ ඉන්න
ෆේල් වෙච්ච දරුවන්ට අපහාස කරනවා නෙමයි ඒ දරුවන්ටත් ජිවිතේ දිනන්න පාරවල් ගොඩක් තියෙනවා
පස උනහම ජිවිතේ දිනන්න තියෙන එක පාරක් විතරක් දරුවට විවර වෙනවා
මම පහුගිය ටිකේම FB එකේ දැක්කේ ෆේල් වෙච්චි ළමයින්ගේ දෙමව්පියෝ පාස් වෙච්ච දරුවන්ව අවතක්සේරු කරපු විදිහ