ශිෂ්ටත්වයේ සිහිනය

obama2

Member
Apr 18, 2012
424
30
0
ශිෂ්ටත්වයේ සිහිනය

පළමු කොටස

දීප්ති කුමාර ගුණරත්න

හැඳින්වීම -

ශිෂ්ටත්වයේ සිහිනය නම් උද්ධෘතය සහිතව පළමු ‘London’ සඟරාව නිකුත් වූයේ 2001 වර්ෂයේ ජනවාරි මාසයේදීය. එහි මාතෘකාව වූයේ ‛වී වෙනුවට රෝස මල්’ යන්නය. සඟරාවේ නමත් එහි අන්තර්ගතයත් තීන්දු වූයේ මගේ සිතට නැගුණ සිතුවිලිවලින්ය. ඉන්පසු සඟරා 22ක් සමාජයට නිකුත් විය. ’London’ අවසාන සඟරාව නිකුත් වූයේ 2004 වර්ෂයේ ඔක්තෝබර් මාසයේදීය. ඒ දක්වා සඟරාවට තනි අයිතිකරුවෙක් සිටියේ නැත.

සඟරා 22 ක පළවූ අන්තර්ගතය ප්‍රශ්න කරමින් වසර 2005 දී තවත් ‛London’ සඟරා තුනක් ප්‍රකාශයට පත් විය. එම සඟරා තුනට තනි අයිතිකරුවෙක් සහ උප අයිතිකරුවෙක් ද සිටියේය. අවසන් ‛ඛදබාදබ’ සඟරාවට පසු තවත් ‛London’ සඟරා තුනක් නිකුත් වූ නිසා ‛London’ අර්ථයට අතිරික්තයක් අලුතින් එකතු විය. එම අතිරික්තය නිශේධනාත්මක අර්ථයකි. මෙම අලුත් ‛London’ සඟරා 03 නිසා අලුත් අදහසක් සමාජයේ මතුවිය. එම අදහස වූයේ ‛London’ තුළම පැවති ප්‍රතිවිරෝධයයි. නමුත් මෙම අලුත් දැනුමේ නිශ්චිත අඩුපාඩුවක් විය. යමක ප්‍රතිපක්ෂය ලිවීම අපෝහකය නොවේ. වී.අයි. ලෙනින්ට අනුව අපෝහකවාදය (දයලෙක්තිකවාදය) යනු වස්තූන්ගේ හරය තුළම තිබෙන ප්‍රතිවිරෝධය අධ්‍යයනය කිරීම වෙයි.

අපි නැවතත් ආරම්භක ගැටලුව වෙතට ප්‍රවේශ වෙමු. වී වෙනුවට රෝස මල් ව්‍යාපෘතිය යනුවෙන් අදහස් කළේ කුමක්ද?

වී වෙනුවට රෝස මල් -


මෙම අදහස මා උපුටා ගත්තේ එවකට මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස ක්‍රියා කළ පී.බී. ජයසුන්දරගෙනි. ඔහු පළ කළේ ආර්ථික අදහසකි. ඊට අනුව ලංකාවේ ආර්ථිකය විප්ලවීය ලෙස වෙනස් විය යුතුය. ඔහු එයට මෙලෙස අලංකාරිකයක් ගොඩනැගුවේය. ‛බලන්න කුරුණෑගල ගොවියෙක් හැමදාම ගොවිතැන් කරනවා. අපිට බැරිද ඒ ගොවියගෙ ජීවිත කාලය තුළම එයා කරන දේ වෙනස් කරන්න. උදාහරණයක් වශයෙන් කුරුණෑගල අපි අලුතින් ආරම්භ කරන්න නියමිත Apple සමාගමේ කොම්පියුටර් එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවේ විදුලි කාර්මිකයකු ලෙස එයාට ‛අලුත් වෙන්න’ බැරි ඇයි? මේ වෙනස් වන භූමිකාව අවශෝෂණය කරන විඥානයක් ගොඩනගන එකයි විප්ලවවාදී දේශපාලන ව්‍යාපාරයක් කරන්න ඕනෙ.’


අවසාන ‛අලුත්’ London සඟරාව ප්‍රකාශ කරමින් එහි අයිතිකරුවන් දෙදෙනා එහි පාඨක සමාජය හඳුනාගෙන තිබුණේ මෙලෙසය.
‛අලුතින් සල්ලි හම්බ කරගෙන අගනගරවලට සංක්‍රමණය වූ පහළ මධ්‍යම පාන්තික තීරුවට ඇතුළත් වූ ලාංකිකයන් බොහෝ දෙනෙක් බලාපොරොත්තු වූ ලෙස ඊනියා ලන්ඩන් ශිෂ්ට ව්‍යාපෘතියට සම්බන්ධ නොවීය. සඟරාව විසින් කිච කළ, ප්‍රතික්ෂේප කළ ග්‍රාමීය ජනයාම ඊට ආකර්ෂණය විය! ලන්ඩන් ව්‍යාපෘතිය තමන් වෙතට දිනා ගැනීමට උත්සාහ කළ අගනාගරික සමාජ පන්ති ස්ථරය ජාතිවාදයට දැඩිව ආකර්ෂණය විය.’
සඟරාවේ අලුත් අයිතිකරුවන්ට අනුව වී වෙනුවට රෝස මල් වැවීම ආරම්භ වූයේ නාගරික නිවාසවල මැද මිදුල්වලය.


London සඟරාවේ අවිඥානය-


සඟරාවේ අලුත් ප්‍රකාශකයන් සඟරාවේ ව්‍යාපෘතියට සරදම් කරන විට ඉතාම ක්ෂුද්‍ර එක කරුණක් මඟ හැර යයි. එනම් තමන් මෙම අලුත් London සඟරාවේ ප්‍රධාන කර්තෘ සහ උපකර්තෘ වූ බවයි. පී.බී. ජයසුන්දරගේ භාෂාවෙන් කියන්නේ නම් කුරුණෑගල ප්‍රදේශයේ ජීවත් වූ නීතිඥවරයකුගේ නිර්නාමික ලිපිකරුවෙකුගේ පුතකු ‛London’ සඟරාව නිසා උපකර්තෘ කෙනෙකු විය. ඊට අමතරව ගල්කිස්ස ගාළුපාර අසළ පේළි ගෙයක ජීවත් වූ පීඩිත පවුලක සාමාජිකයකු සහ සෙන්ට් ඇන්තනීස් සමාගමේ හාඩ්වෙයාර් අංශයේ බිල් ලියූ පුද්ගලයකු London සඟරාවේ ‛ප්‍රධාන සංස්කාරක’ විය. පී.බී. ජයසුන්දර විසින් රෝස මල් කියන්නේ මේ සිදුවූ විපර්යාසයටය. චරිත හේරත් මේ වන විට මාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්ය. මේ වී වෙනුවට තැනෙන රෝස මල්ය. ‛London’ වස්තුවේ හරය තුළටම ගොස් අධ්‍යයනය කරන විට තමන්ම මඩ ගොඩක් යැයි කියන තැනින් ‛නෙළුම් මලක්’ නිර්මාණය වී ඇති බව තමන්ට සාක්ෂාත් වන්නේ නැත. ග්‍රාමීය පාදඩයන් නගරයන්ට පැමිණි විට ඒ අයව අගනාගරික පවුල්වල සාමාජිකයන් (හැටන් නැෂනල් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරවරියකගේ දුවක් කුරුණෑගල පාදඩයෙක්ව ‛රෝස මලක්’ ලෙස වටහා ගන්නේ නම් ‛ලන්ඩන්’ සඟරාවේ ශිෂ්ට ව්‍යාපෘතිය හොර පාරකින් සාර්ථක වී ඇත) විසින් සුන්දර රෝසමල් ලෙස වටහා ගන්නේ නම් රටේ ‛ආර්ථිකය’ වෙනස් වී ඇත. මෙම සන්දර්භය තුළ ‛London’ යනු සාර්ථක ව්‍යාපෘතියකි. අද සමාජ-විද්‍යාඥයන්ගේ සංගමයේ ප්‍රකාශනවල පිටු සැලසුම්කරුවා වන්නේ ‛London’ සඟරාවේ පැරණි පිටු සැලසුම්කරුවාය. ඒ අර්ථයෙන් ‛London’ සඟරාව ඇමරිකාවේ පවා රෝසමල් වගා කර ඇත. ‛London’ සඟරාවේ ලොකුම ප්‍රතිලාභ ලැබූ සමාජ ස්ථරය වන්නේ කවුද? එතනදී සියලු දෙනා නිහඬය.


ගම විසින් අගනගරය වට කරනු ලැබූයේ කෙසේද? -


‛වී වෙනුවට රෝස මල්’ ව්‍යාපෘතියේ දෙවන තලයට අපි ගමන් කරමු. ගම විසින් නගරය දේශපාලනිකව යටත් කර ගත්තේ කෙසේද? උත්තරය සරලය – ඒ ප්‍රජාතන්ත්‍රවාදය හරහාය – එනම් මහජන ඡන්දයෙනි. මතුපිටින් බැලූ විට ජාතිවාදීන් ඉන්නේ කැස්බෑව, මහරගම, හෝමාගම, පිළියන්දල, මාතර වැනි පැතිවලය. නමුත් යුද්ධයේදී යුද්ධ කරන්නට සෙබළුන් පැමිණියේ කුරුණෑගල, අනුරාධපුරය, අම්පාර වැනි පැතිවලින්ය. ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ දේශප්‍රේමී යුද්ධයේ අධෝ-ව්‍යුහය ආවේ දරිද්‍ර ග්‍රාමීය ප්‍රදේශවලිනි. යුද්ධයට ගිය සොල්දාදුවා අත ‛London’ සඟරාවක් තිබුණේ නම් එය අපගේ පැත්තෙන් ජයග්‍රහණයකි.


‛London’ සඟරාව ගමේ දී ජනප්‍රිය වූයේ මන්ද? -


චිරාත් කාලයක් අප අපගෙන් ඇසූ ප්‍රශ්නය අපි දැන් විධිමත්ව සමීකරණයක් සේ පහත සටහන් කරමු.
‛අපි හැමෝම දන්නවා උතුරුමැද පළාතේ වී ගොවියන්ගේ අස්වැන්නට ලැබෙන සහතික මිල ඉතාම අඩු බව. ජනතා විමුක්ති පෙරමුණේ උතුරුමැද නායකයන් වන එස්.කේ. සුභසිංහ සහ කේ.ඩී. ලාල්කාන්ත පසුගිය දශකය පුරාම මේ ගැටලුවට දිය හැකි හොඳම විසඳුම ඔවුන්ට දෙන්න පුළුවන් කියලා වාචිකව සහ ලිඛිතව සමාජයට කියලා තියෙනවා. නමුත් ඡන්දයක් තිබ්බම ජනතා විමුක්ති පෙරමුණ පරාදයි, අනිත් අය දිනුම්. මේ ඇයි?’
සම්භාව්‍ය මාක්ස්වාදය විසින් අපිට තේරුම් කරලා දීලා තියෙනවා ධනපති නිෂ්පාදන-ක්‍රමය තුළ කොහොමද සූරා කෑම, සමාජ අසාධාරණය, මර්දනය ක්‍රියාත්මක වෙන්නෙ කියලා. ඊළඟට සූරා කෑම, අසාධාරණය, මර්දනය නැති කරන විදිහත් අපිට න්‍යායිකව මාක්ස්වාදය කියල දීලා තියෙනවා. ඒ අනුව තමයි උතුරුමැද පළාතේ දී ‛ජනතා විමුක්ති පෙරමුණ’ වැඩ කරන්නෙ. ඒත් පරදිනවා. ඒ ඇයි? උත්තරය සරලයි. ජනතා විමුක්ති පෙරමුණ කියන්නෙ මාක්ස්වාදී පක්ෂයක් නෙවෙයි. ඒක සුළු ධනේෂ්වර පක්ෂයක්. ඒ නිසා ඒ අය ගොවියන්ව සංවිධානය කරන්නට යන විට ඒ සඳහා සිංහල දේශප්‍රේමයක් පොඩ්ඩක් කලවම් කරනවා. ඒ කලවම් කිරීම නිසා ඇතිවන ව්‍යාකූලත්වය තුළ අනුරාධපුරයේ බර්ටිත්, පොළොන්නරුවේ මෛත්‍රීපාලත් හැමදාම දිනනවා.


හැමෝම කියන ඉහත කතාව හරිද?


මෙතනදි තමයි අපිට දේශපාලනය ගැන අලුතින් හිතන්න වෙන්නෙ. ඇයි එහෙම වෙන්නෙ? ඒ අනුව ගැටලුව හරිම සංකීර්ණ කලාපයකට ගමන් කරනවා. සම්භාව්‍ය මාක්ස්වාදයට අනුව පටු අර්ථයකින් පීඩිතයනුත්, පුළුල් අර්ථයෙන් කම්කරුවනුත් ද්‍රව්‍යමය සමෘද්ධියට කොන්දේසි විරහිතව එකඟයි. සරලව කිව්වොත් මිනිස්සු කැමතියි තමන්ගෙ ද්‍රව්‍යමය ජීවිතය පොහොසත් වෙනවා නම්. නමුත් උතුරුමැද පළාතේ බහුතරය තමන්ගේ ද්‍රව්‍යමය ජීවිතය සෘජු මාර්ගයකින් පොහොසත් කරගන්න කැමති නැහැ. ඒ වෙනුවට ඒ අය වඩා කැමති වෙන්නෙ “සිංහල බෞද්ධයෙක්” වෙන්න. එහෙමත් නැත්නම් දේශප්‍රේමියෙක් වෙන්න. වීවලට දෙන සහතික මිල වැඩි කරගෙන තමන්ගේ ද්‍රව්‍යමය ජීවිතය සෘජු ලෙස ඡන්දය හරහා පොහොසත් කරගන්නවාට වඩා උතුරුමැද පළාතේ සිංහල ජනයා අවිඥානිකව ආස කරනව සිංහල බෞද්ධයෙක් වෙලා, ඒ හේතුවෙන් දුප්පත් වෙලා විඳවලා ජීවත් වෙන්න. මෙතනදී ඔබට වැටහෙන්න ඕනෙ උතුරුමැද පළාතේ ජනයාට සාමූහික ආධ්‍යාත්මික ජීවිතයක් (Spirit) තියෙනවා කියලා. ඒ පළාතේ දේශපාලනය කරන බර්ටි සහ මෛත්‍රීපාල අමතන්නෙ මිනිස්සුන්ගේ ද්‍රව්‍යමය ජීවිතයට නෙවෙයි. ආධ්‍යාත්මික ජීවිතයට. ඒකයි ඔවුන් මෙහෙම කියන්නෙ. “වීවලට අඩු මිලක් ලැබිලා අපි බඩගින්නෙ හිටියත් මහින්ද රාජපක්ෂ මහත්තයා අපේ ජාතියේ අභිමානය ආයේ අරන් දුන්නා. තමුන්නාන්සේ්ලා තමන්ගේ යුතුකම කරන්න!” ඉතිං ඒ අය හැමදාම දිනනවා. ‛නිදහස’ කියන්නෙ වියුක්ත අදහසක් නෙවෙයි. කෙනෙකු ‛නිදහස’ ගැන කතා කරන විටම එහි කණපිට පැත්ත වන ‛බලය’ යන ප්‍රපංචයත් ගොඩනගන්න වෙනවා. සිංහලයන්ගේ ‛නිදහස’ වෙනුවෙන් පෙනී සිටින අය දෙමළුන්ගේ බල තණ්හාව කතා කරන්නෙ ඒ නිසයි. මේ අර්ථයෙන් ගත්තම පූර්ණ නිදහස කියන්නෙ පූර්ණ නොනිදහස. මෙම තලය තුළදී කෙනෙකුට නිදහස් වීමට තවත් අය යටත් විය යුතුයි. එනම් ‛සමාජය’ යන්න ගොඩනැගීමට අපට බලය සහ සතුරා-මිතුරා භේදය අත්‍යවශ්‍යයි කියන එකයි. සතුරන් නොමැතිව සමාජය යනුවෙන් දෙයක් විතරක් නෙවෙයි දේශපාලනය යනුවෙන් දෙයක්ද නැහැ. මෙතනදිත් ‛London’ සඟරාවේ අලුත් අයිතිකරුවන් ඉන්නෙ දේශපාලනය ගැන ගොබ්බ අවබෝධයක.


x කණ්ඩායම ලංකාවේ පැරණි වමෙන් සහ නව වම යැයි හඳුන්වන ව්‍යාපාරවලින් (ජනතා විමුක්ති පෙරමුණේ සිට සමානතා පක්ෂය දක්වා) වෙනස් වූයේ කෙසේද යන්න අපට සාකච්ඡා කිරීමට ඇති මීළඟ ගැටලුවයි. එහි ප්‍රථම පියවර අපි මෙලෙස සටහන් කරමු. (1) නගරය ද්‍රව්‍යවාදීය. (2) ගම ආධ්‍යාත්මිකය. (3) ‛ලන්ඩන්’ සඟරාවට ආකර්ෂණය වූයේ සිංහල ගමයි. (4) මේ අදහස පරස්පරය∎

දෙවන කොටස ඉදිරියේදී බලාපොරොත්තු වන්න




 
  • Like
Reactions: DILUF

obama2

Member
Apr 18, 2012
424
30
0
දීප්ති කුමාර ගුණරත්න

පසුගිය ‘සමබිම’ කලාපයේදී අප නැවැත්වූයේ පහත පරිදිය. අපි එතැනින් පටන් ගමු.

(1) නගරය ද්‍රව්‍යවාදීය – අඩුවක් නැති නිසා කොළඹ නගරය තුළ ආශාව මිය ගොස් ඇත.


(2) ගම ආධ්‍යාත්මිකය – දුප්පත්කම, භාණ්ඩ සහ සේවාවල හිගකම, සම්පත් පරිභෝජනය ආදී කරුණු නිසා ගම තුළ ‘අඩුව’ ඇත. ඒ නිසා ගම තුළ ආශාව ජීවමානය.



(3) ‘ලන්ඩන්’ සගරාවට ආකර්ෂණය වූයේ සිංහල ගමයි- එච්.ආර්. ජෝතිපාලගේ මළ ගෙදරට මිනිසුන් වැල නොකැඞී ආවේ තේරුමකට නොවේ යන්න කියා දීම ප්‍රාතිහාර්යයක් ලෙස සැලකීම (ජනප්‍රිය සංස්කෘතිය දාර්ශනික කිරීම). ශාරුක් ඛාන් අධිකව දුම්පානය කිරීම ගැන කතා කිරීම වැඩකට නැති දෙයක් බව දැන දැනත් ඒ ගැනම කතා කිරීම සහ සිතීම. ආශාව කෙළවර වන්නේ හිස්බවින් බව වටහාගෙන, එම හිස්බව කේන්ද්‍ර කොටගෙන භ්‍රමණය වන ආශාව යනු ආශාව ඉක්මවා යන වේදනාත්මක සතුටක් බව තේරුම් ගැනීම, එනම් හඹා යාම. එබැවින් ‘LONDON’ යනු හඹා යාමකි. (Drive)



(4)(1) සහ (2) අදහස් හරි නම් (3) වන අදහස පරස්පරයකි. හරි නම් London පාඨකාවිය ජීවත් විය යුත්තේ ආශාව මිය ගිය නගරයේය. නමුත් ඇය ජීවත් වන්නේ ගමේය. ඊළගට London යනු ආශා කරන පන්නයේ සගරාවක් නොව හඹා යන පන්නයේ සගරාවකි, මායාවකි.


1978 ට පසු මූදල් අමාත්‍යංශයේ කුඩා ඒකකයක් මුල් කරගෙන ‘ලෝක බැංකුව’ සහ ‘මූල්‍ය අරමුදල’ විසින් ලංකාවේ දේශපාලන – ආර්ථිකය වෙනස් කළේය. ඒ සදහා පාදක වූ ප්‍රධාන ආර්ථික විද්‍යා මූලධර්ම 2ක් හදුනා ගත හැක.
(A)1978 දක්වා ලංකාවේ ආර්ථිකය තුළ වෙළද භාණ්ඩ ලෝකයට හසු නොවූ ‘භාණ්ඩ’ (Commodities) වෙළද භාණ්ඩ ලෝකයට ඇතුළු කිරීම.


උදා- 1. 1978 ට පෙර ලංකාවේ පොදු ප්‍රවාහන සේවය අයත්ව පැවතියේ ලාභ ලබන වෙළද භාණ්ඩ (සේවා) ක්ෂේත්‍රයට නොවේ. 1978 න් පසු මේ ක්ෂේත්‍රය පුද්ගලික අංශයට ද හඳුන්වා දුන්නේය. මෙම පෙරළියේ ආත්මීය පැත්ත (Subjective side) කුමක්ද? 1978 ට පෙර ව්‍යතිරේඛයක් ලෙස හැර පොදු ප්‍රවාහන සේවයේ (CTB) තනි තනි පුද්ගයන්ට කප්පම් ගැනීමේ අවකාශයක් විවර නොවූයේය. නමුත් 1978 ට පසු පටන් ගත් පුද්ගලික ප්‍රවාහන පද්ධතියෙන් කප්පම් ගැනීම ආරම්භ විය. වාස්තවික වශයෙන් ‘රජය’ (State) විසින් ප්‍රවාහනය හුවමාරු භාණ්ඩ ක්ෂේත්‍රයට මාරු කළ විට එමගින් අනපේක්ෂිත කරන ලද ආත්මයක් (Subject) ඕපපාතිකව බිහිවිය. මෙම ආත්මය හිංසනීය ආත්මයකි. ප්‍රවාහනය රාජ්‍යයෙන් පුද්ගලික අංශයට විවෘත කිරීම හුදු ආර්ථික පරිවර්තනයක් පමණක් නොව ආත්මීය වශයෙන්ද පරිවර්තනයකි. එමගින් අමානුෂික, කුරිරු, දුෂ්ට හා යක්ෂාවේෂ වූ (Diabolic) ආත්මයක් ද බිහිකරයි. එබැවින් ආර්ථිකය තනිව පවතිනවා නොව දේශපාලනය ද සමග පවතිනවාය. ඒ නිසා මෙම අලූත් විෂය අප හඳුන්වන්නේ දේශපාලන – ආර්ථිකය (Political – Economy) කියාය. මෙම විෂය ලංකාවේ විශ්වවිද්‍යාලවල තාර්කික පදනමින් උගන්වන්නේ නැත. ඒ නිසා ලංකාවේ ප්‍රවාහනය පුද්ගලිකකරණය කළ විට සමාජයේ මැරයන් යනුවෙන් ‘රෝස මල්’ වර්ගයක් බිහිවන බව ලාංකිකයන් දන්නේ නැත. ආර්ථිකය මගින් ‘සමාජ සබඳතා’ වෙනස් කරන බව මාක්ස්වාදීන් කියන්නේ මේ නිසාය.

2. ලංකාවේදී හුවමාරු භාණ්ඩ නිෂ්පාදනයෙන් සහ සේවා සැපයීමෙන් ලැබෙන ලාභ අනුපාතිකය අඩු නිසා වඩා ලාභ ලැබිය හැක්කේ බදු – කුලී මගිනි. එනම් ලංකාවේ වැඩියෙන්ම ලාභ ලැබිය හැක්කේ ස්වභාව ධර්මය විකිණීමෙනි. 1978 ට පෙර ලංකාවේ සොබාදහමේ වැඩිම කොටස හිමි වී තිබුණේ රාජ්‍යයටය. නමුත් 1978 ට පසු රාජ්‍යය එම හිමිකාරීත්වයෙන් ඉවත්වන විට එය පුද්ගලයන්ට හිමි විය. නාවල නිහාල් යනු පාතාල නායකයෙක් යන්න ජනප්‍රිය මාධ්‍යවල ජනප්‍රිය සංස්කෘතික මතයකි.

නමුත් නාවල නිහාල් යනු 78 ට පසු කොළඹ නගරයේ ඉඩම් විකිණීමට අදාළ ප්‍රධාන තැරැව්කරුවාය. මහින්ද චින්තනය බලයට පැමිණි වහාම නාවල නිහාල් සදහටම අතුරුදහන් වූයේ කොළඹ ඉඩම් මිල තමන්ට අවශ්‍ය ආකාරයට පාලනය කිරීමට මිස පාතාලය මර්දනය කිරීමට නොවේ. මීට අමතරව යුද්ධයට පෙර LTTE පාලනය පැවති ප්‍රදේශවල ඉඩම් අයිතිය හිමි වූයේ ප්‍රභාකරන්ටය. යුද්ධයෙන් පසු එම ඉඩම්වල අයිතිය ආණ්ඩුවේ හිතවතුන් අතට පත් විය. ඒ අනුව උතුරු – නැගෙනහිර ‘දේශපාලන බලය’ මේ වනවිට තීරණාත්මක ලෙස ‘ඉඩම් අයිතිය’ පිළිබඳ පුද්ගලික ගැටලූවකි. මෙය ‘අධ්‍යාපනයට’ අදාළව ද සත්‍යයකි. උතුරු – නැගෙනහිර ඉඩම් මෙන්ම යුද්ධය අවසන් වන තුරු ලංකාවේ අධ්‍යාපනය යනු හුවමාරු භාණ්ඩ ක්ෂේත්‍රයට ඇතුළු නොවූ කන්‍යාමය ක්ෂේත්‍රයකි. නමුත් යුද්ධය අවසාන වීමෙන් පසු අධ්‍යාපනය සඳහා පහළ මැද පාන්තිකයන් දොස්තර – ඉංජිනේරු සිහිනය වෙනුවෙන් කරන ආයෝජන ප්‍රමාණාත්මක ලෙස ගණනය කළ දොස්තර නෙවිල් ප්‍රනාන්දු ‘අධ්‍යාපනය’ ලංකාව තුළ වෙළඳාම් ක්ෂේත්‍රයට ඇතුළත් කර ඇත. එබැවින් දැන් අධ්‍යාපනය පිළිබඳ ගැටලූව ආධ්‍යාත්මික එකක් නොව වෙළඳාමට අයිති එකකි. නෙවිල් ප්‍රනාන්දු තම ආණ්ඩුවේ නියෝජිතයා සමග කියන්නේ (සුනිල් නවරත්න) සරල අදහසකි. ”අපි මේ උත්සාහ කරන්නේ ලංකාවෙන් පිටට යන බිලියන ගණනක මුදල් ඉතිරි කරන්න.” මේ කතාවේ ‘හරය’ වටහා ගත් කිසිදු විශ්වවිද්‍යාල ගුරුවරයෙකු තවම ලංකාවේ බිහිවී නැත. ප්‍රවාහන සේවය පුද්ගලික කළාට පසු මැරයන් බිහි වූවා සේ අධ්‍යාපනය පුද්ගලික කළ විට කුමන නව සමාජ සම්බන්ධයක් බිහි වේ දැයි කීමට තරම් අද අප දක්ෂ නැත. කිව හැකි එකම දෙය වන්නේ නිර්මාල් රංජිත් දේවසිරි සේවය කරන ‘ඉතිහාස අංශය’ සහ සමන් පුෂ්පකුමාර සේවය කරන ‘දර්ශන අංශය’ ඉතා ඉක්මනින් වැසී යන බව පමණි. ඉන්පසු අධ්‍යාපනයට අදාළව බිහිවිය හැක්කේ තාක්ෂණවේදීන් සහ විශේෂඥයන් පමණි. විචාර බුද්ධිය විශ්වවිද්‍යාලවලින් ඉවත් වනු ඇත. ‘ආදරය’ ලිට්මස් කඩදාසිවලින් පරීක්ෂා කරන නලින් ද සිල්වාගේ පුතුන් බුද්ධිමතුන් වනු ඇත. හැම දෙයක්ම (මිනිස් ප්‍රශ්න ද ඇතුළත්ව) විද්‍යාවට විසඳිය හැකි යැයි සිතන මිනිසුන් නව විද්‍යාවාදයක් (කාලෝ ෆොන්සේකාගේද අනුග්‍රහය සහිතව) බිහි කරනු ඇත.

(B) රාජ්‍ය අංශයේ ”සම්පත්” (ඉඩම් සිට මිනිස් ශ්‍රමය නිර්මාණය කිරීම දක්වා) පුද්ගලික අංශය දක්වා විතැන් කිරීම. මින් අදහස් වන්නේ රාජ්‍ය අංශය තුළ ආකාර්යක්ෂමව පාලනය වන ‘සම්පත්’ පුද්ගලික අංශය තුළදී කාර්යක්ෂමව පාලනය වේ යැයි නිගමනය කිරීම (අනුමාන කිරීම).

‘සම්පත්’ රාජ්‍ය අංශයෙන් පුද්ගලික අංශයට විතැන් කිරීමෙන් අදහස් කරන දෙය වඩාත් සරලව පහත ආකාරයට පැහැදිලි කළ හැක. ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිවල අවසාන දේශපාලන හරය තීන්දු වන්නේ ආර්ථික ක්‍රියාවලියේ දැනටමත් යෙදෙමින් සිටින්නන් මගිනි. එනම් ආණ්ඩුවක ආර්ථික ප්‍රතිපත්තිවලින් වඩා ඵල ප්‍රයෝජන ලබන්නේ සමාජයේ ආර්ථික ශක්තිය ඇති අය මිස දුප්පතුන් නොවේ. උදාහරණයක් ලෙස මහ පාරවලට තාර දැමීමෙන් වාසි ලබන්නේ හැමදාම පයින් ගමන් කරන්නන් නොව වාහනවලින් ගමන් කරන්නන්ටය. නමුත් මහජනයා සිතන්නේ ‘සංවර්ධනය’ යනු සියලූ දෙනාටම පොදු සාධාරණ සංකල්පයක් බවයි.

තවත් උදාහරණයක් ලෙස සෞඛ්‍ය සේවය පුද්ගලිකකරණයවීම සලකා බලමු. මෙහිදී සිදු වන්නේ සම්පත් භාවිතය කාර්යක්ෂම කිරීම සඳහා පුද්ගලික අංශය කරන තරගකාරීත්වය තුළ රෝගීන් සහ රෝග වගුගත වීමයි. වැඩි වියදමක් දැරිය යුතු රෝග සඳහා (හෘදය රෝග, වකුගඩු රෝග, පෙනහලූ රෝග, පිළිකා – මේවා මාරාන්තිකය) පුද්ගලික රෝහල්වල සේවා සැපයීම සංවර්ධනය වන අතර අඩු වියදමක් දැරිය යුතු රෝග සඳහා සැපයෙන සේවාවන් තත්ත්වයෙන් බාල වෙයි. මෙම තත්ත්ව පාලනය කලක් ගත වන විට රජයේ රෝහල් කරා ද, සියලූම වෛද්‍යවරුන් කරා ද බලපානු ඇත. ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය මේ වන විට ගුණාත්මක වෛද්‍යවරයෙක් වෙනුවට නිපදවන්නේ ප්‍රමාණාත්මක වෛද්‍යවරයෙකි. එනම් රෝගීන් වැඩිම සංඛ්‍යාවකට කෙටි කලකදී ප්‍රතිකාර කිරීම හොඳ වෛද්‍යවරයෙකු සතු නූතන ප්‍රමිතියයි. පුද්ගලික සෞඛ්‍ය අධ්‍යාපනය පූර්ණ වශයෙන් ලංකාවේ සම්පූර්ණ වූ දිනෙකදී සිදු වන්නේ ප්‍රමාණාත්මක වෛද්‍යවරුන්ගේ අතිරික්තයක් බිහිවීම පමණි. යම් යම් දේවල් සිදු වන්නට ඉඩ දීමේ හැකියාව ඇතත්, යම් යම් දේ නිශ්චිතව කරවීමේ හැකියාවක් ආර්ථික ප්‍රතිසංස්කරණවලින් බලාපොරොත්තු විය නොහැක. ‘සම්පත්’ වැඩි වැඩියෙන් පුද්ගලික අංශයට මාරුවන විට සිදු වන්නේ මුදල් ඇති අයට මිලට ගැනීමට හැකි ඖෂධ නිපදවීම වැඩි වන අතර, මුදල් නැති අය මිලට ගන්නා ඖෂධ තත්ත්වයෙන් බාල වීමයි. (මෙය හරියට ‘වෙළඳපොළ’ උසස් බෙන්ස් රථ නිපදවනවා මිස මගීන් විශාල සංඛ්‍යාවක් ගෙන යන බස් රථ නිපදවන්නේ නැති පරිදිය) ඒ නිසා මේ සිදුවෙමින් යන ‘සම්පත්’ විතැන් කිරීමේ ක්‍රියාවලිය අවසාන වනු ඇත්තේ සියලූ දෙනා සංවර්ධනය වීමෙන් නොව ටික දෙනෙක් සංවර්ධනය වීමෙන් පමණි. ඒ අනුව ලංකාවේ පිපෙනු ඇත්තේ දිලිත් ජයවීර, පාලිත පතිරගේ වැනි රෝස මල් කිහිපයක් පමණි.