ශිෂ්‍යත්ව විභාගයේ..
පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ උපකාරක පංතියකට ගිය පදවිය රුවන්පුර ප්‍රදේශයේ සිසු දැරියන් 08 දෙනෙකුට වරින්වර ලිංගික අතවර කිරීමේ චෝදනාව මත උපකාරක පංති ගුරුවරයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ ඊයේ (20) පස්වරුවේ සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇති බවයි.
අදාළ සිසු දැරියන් 08 දෙනා සිය දෙමාපියන් සමග පැමිණ පදවිය පොලිසිය කරන ලද පැමිණිලි මතයි සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.
25 වැනි වියේ පසුවන සැකකරු පදවිය රුවන්පුර ප්‍රදේශයේම පදිංචි අයෙකි. විශ්ව විද්‍යාල අධ්‍යාපනය නිමවා රැකියාවක් අපේක්ෂාවෙන් සිටින මෙම සැකකරු ශිෂ්‍යත්ව විභාගය සඳහා උපකාරක පංතියක ගුරුවරයෙකු ලෙස සේවයකර තිබෙනවා. මෙම දැරියන් අදාල උපකාරක පංතියේ ම ඉංග්‍රීසි ගුරුවරියකට මේබව සැලකිරීමෙන් පසු මෙම සිදුවීම අනාවරණය වී තිබෙනවා.
සැකකරු අද කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඇයි මේ දෙමාපියන් සහ ළමයින් ශිෂ්‍යත්ව ප්‍රතිපල එනකම්ම හිටියේ.???