ශීතල සහ ගංවතුර සමඟ හිස ඔසවන රෝග..
මේ දිනවල පවතින කාලගුණ තත්ත්වය නිසා අධික ශීතල, ගංවතුර ගැලීම් වැනි පීඩාවන්වලට අපට ලක්වීමට සිදුව තිබේ.
මෙය අපගේ නිරෝගී දිවියටද බාධා මතු කිරීමට සමත්ය. එබැවින් පවතින ශීත කාලගුණය නිසා සහ ගංවතුර ගැලීම නිසා මතුවිය හැකි රෝගාබාධ සහ ඉන් වලකින අයුරු ගැන අපි අවධානය යොමු කරමු.
ශීත කාලගුණය
ශ්‍රී ලංකාව සමකයට ආසන්න රටකි. එබැවින් සාමාන්‍ය උෂ්ණත්වය දහවලට සෙල්සියස් අංශක 30 ක් (30C0) අතර අගයකත් රාත්‍රියට සෙල්සියස් අංශක 25 ත් (25C0) අතර අගයකත් පවතී. කඳුකර ප්‍රදේශයේ සාමාන්‍ය උෂ්ණත්වය දහවල් කාලයට සෙල්සියස් අංශක 20 ත් – 22 ත් අතර (20C0-22C0) සහ රාත්‍රියට සෙල්සියස් අංශක 15 ත් (15C0) අතර අගයක පවතී.
නමුත් පවතින කාලගුණ විපර්යාස මත මෙම උෂ්ණත්වය වෙනස්වී ඇත. පසුගියදා කොළඹ (උෂ්ණත්වය සෙල්සියස් අංශක 18.8 ට පහත වැටුණි. නුවරඑළිය වැනි කඳුකර ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 7.9 දක්වා අඩුවිය. ජනවාරි මාසයේ කොළඹ ප්‍රදේශයේ පැවැතිය යුතු උෂ්ණත්වය ලෙස සලකන්නේ සෙල්සියස් අංශක 22 ක් පමණ අගයකි.
එබැවින් මෙතරම් පහළ අගයකට උෂ්ණත්වය අඩු වූ විට ශරීරයේ පවතින උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 36 ක අගය (36C0) එසේත් නැතිනම් ෆැරන්හයිට් අංශක 98.4 (98.4F0) නියමිත පරිදි පවත්වාගෙන යැමේ ගැටලු මතුවේ. අපගේ ශරීර උෂ්ණත්වය නිශ්චිත අගයක පවතී. එනම් අප අචල තාපීන්ය එබැවින් පරිසර උෂ්ණත්වය වෙනස්වන විට විවිධ රෝග ඇති විය හැකිය.
ශීත කාලය සමග මතුවන රෝග
පරිසරයේ උෂ්ණත්වය පහළ යන විට එය දරාගැනීමට නොහැකිව අධික ලෙස වෙවිලීම, පපුවේ මහන්සිය, සෙම්ප්‍රතිශ්‍යාව සහ හයිපෝතර්මියා නමැති රෝග තත්ත්වයන් මතුවේ. ඊට අමතරව මෙතෙක් යටපත්ව පැවති සෙම් රෝග, පපුවේ මහන්සිය වැනි රෝගද මතුවීමට පටන්ගනී.
මෙවැනි තත්ත්වයනට වැඩිපුරම ගොදුරුවන්නේ වයස අවුරුද්දකට අඩු දරුවන් සහ වැඩිහිටියන්ය. ඔවුනගේ සිරුරේ උෂ්ණත්වය රැකගැනීමට ඇති මේදස්ථරය අඩු නිසා ඉතා පහසුවෙන් මෙම අපහසුතා මතුවේ.
ශීත කාලගුණයෙන් පීඩා විඳින අයට ප්‍රතිකාර
ශීත කාලගුණ අවස්ථාවකදී රෝගියාට ප්‍රතිකාර ලබාදීමේදී පළමුවෙන්ම කළ යුත්තේ සිරුර උණුසුම් වන ලෙස ඝන ඇඳුම් පැළඳුම්වලින් සිරුර ආවරණය කිරිමය. උණුසුම් පානයක් ලබාදීමද සුදුසුය.
නිවසේ දොර ජනෙල් වසා දමා නිවස තුළ උෂ්ණත්වය රැකගැනීමට පියවර ගත යුතුය.
එළියට යන විට හොඳින් හිස සහ සිරුර ආවරණය වන පරිදි ඇඳුම් පැළඳුම් ඇඳීමට යොමුවිය යුතුය.
ශීත ජලය පානය ස්නානය කිරීමෙන් වැලකිය යුතුය. උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, පපුවේ අමාරුව වැනි රෝග උත්සන්න වේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතුය.
ගංවතුර සමග මතුවන රෝග
ගංවතුර සමග එන අපිරිසිදු ජලය නිසා සමේ රෝග, තුවාල, ඇස් රෝග, බඩේ අමාරු උගුර අමාරු ආදිය ඇතිවිය හැකිය.
එසේම ගංවතුරින් දේපොළ විනාශවීම, අවතැන් කඳවුරුවල නවාතැන් ගැනීමට සිදුවීම වැනි කරුණු නිසා මානසික පීඩා මතුවිය හැකිය.
දියවැඩියාව, අධික රුධිර පීඩනය, කොළෙස්ටරෝල් වැනි රෝග සඳහා දිනපතා ඖෂධ ප්‍රතිකාරගන්නා රෝගීන්ට මෙවැනි හදිසි ආපදා නිසා නිසි ලෙස ඖෂධ ගැනීමට නොහැකිවීමෙන් පවතින රෝග තත්ත්ව උත්සන්න විය හැකිය.
ගලා එන ජලය සමග රසායනික ද්‍රව්‍ය ආදිය මුසුව පැමිණිය හැකිය. එම ජලය පානය කිරීමෙන් වකුගඩු රෝග ඇති වීමට පිළිවන.
මැස්සන්ගෙන් මදුරුවන්ගෙන් බෝවන රෝග හිස එසවීමේ අවදානමක්ද පවතී. විශේෂයෙන්ම ඩෙංගු බරවා, මැලේරියාව, මීඋණ, කෘමි උවදුරු බහුලවේ.
ගංවතුර පීඩාවන්ගෙන් මිදීමට ප්‍රතිකාර
ගංවතුර පවතින ප්‍රදේශවල ජනතාව පිරිසිදු ජලය පානය කළ යුතුය. නළ ජලය සහ බවුසර් මගින් ලබාදෙන ජලය වුව උණුකර තබාගෙන පානය කළ යුතුය.
ගංවතුර බැස ගියපසු තම නිවාස, වැසිකිලි විෂබීජ නාශක යොදා පිරිසිදු කර ගැනීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතුය. බීමට ජලය ගන්නා ළිං ක්ලෝරීන් දමා පවිත්‍ර කරගත යුතුය.
දියවැඩියාව, අධිරුධිර පීඩනය, කොලෙස්ටරෝල් වැනි රෝගවලින් පීඩාවිඳින අය වහාම නිසි ප්‍රතිකාර සඳහා වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය.

Last edited: