ශීලය ගැන කතා කරමු.

sudunone

Member
May 23, 2009
3,781
121
0
ශීලය ගැන කතා කරමු.

ශීලය ගැන කතා කරන තැන් කිහිපයක් තියෙනවා:
පාරමිතා ධර්මයක් ලෙස
කුසල කර්මයක් ලෙස
ආර්ය අෂ්ඨාංගික මාර්ගය ශීල, සමාධි, ප්‍රඥා වශයෙන් බෙදා දැක්වීමේදි

ඔන්න ඔය වගේ.

ශීලය කියන්නෙ කය හා වචනය සංවර කර ගැනීමට.

මුළින්ම කතා කරමු සිල් රකින්නේ කුමක් සඳහාද කියන එක.
ශීලය ආරක්ෂා කළ යුත්තේ සසරින් එතෙර වීම සඳහා උපකාර වනු පිණිසමයි. එහෙම රකින් සීලය තමයි ආර්ය ශීලය වෙන්නෙ: බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේලාගේ ප්‍රකෘති ස්වභාවයට සම වෙන්නෙ.


ශීලය වර්ග කරන්නට පුළුවනි කිහිප ආකාරයක් අනුව.
ගිහියන් විසින් රකිනු ලබන ගෘහස්ථ ශීල-පන්සිල්, අටසිල්, ආජීව අෂ්ටමක ශීලය
පැවිදිව වෙසෙන්නන් විසින් රකින් ප්‍රවෘජිත ශීල-සාමණේර ශීලය, උපසම්පදා ශීලය

තවත් වර්ග කිරීමක් තමයි වාරිත්‍ර ශීල (නොකළ යුතු ක්‍රියා වලින් වැළකීම) සහ චාරිත්‍ර ශීල (කළ යුතු දෑ කිරීම). මින් වඩා උසස් කියල සළකන්නෙ වාරිත්‍ර ශීලය.

සාමාන්‍යයෙන් පෘථග්ජනයන්ගෙ සිත නැමී පවතින්නෙ පස්කම් සැප විඳීමට. එහෙම වුණාම, ඔහුට සිල් රැකීම දැනෙන්නෙ මහ කරදරයක් විදිහට. සිල් රැකිය හැකි පරිදි සිත සකස් කර ගැනීමටනම් ශීලයෙහි අනුසස් නිතර ප්‍රත්‍යවේක්ෂා කළයුතුයි- ඒ කියන්නෙ සිහි කල යුතුයි.

මොනවද මේ අනුසස්?

කෙලෙසුන් නැසීමට උපකාර වෙන්නෙ ශීලය.
උඩු සුළඟටද පැතිරෙන, සුළං නැතිව වුණත් පැතිරෙන සුවඳක් සිල් සුවඳ.
රජුන්ගෙන් පවා ගෞරව ලැබිය හැකි දෙයක්. නුවනැත්තන්ගෙන් පැසසුම් ලැබීමට හේතුවක්.
දෙව් සැප ලැබීමට හේතුවන්නක්.
ධ්‍යාන ලැබීමට, නිවන් අවබෝධ කිරීමට උපකාරී වන්නක්.
සිල්වත් තැනැත්තාට සිහි කර ප්‍රීතිය පත් විය හැකි කරුණක්.
"මං අතින් මෙහෙම වරදක් වුණානෙ" කියල තමන්ට චෝදනා කරගැනීමෙන් වැළකීමට, අනුන්ගෙන් චෝදනා නොලැබීමට හේතුවක්.
දඬුවම්වලින්, අපායෙන් මිදීමට මගක්.
බාහිර ධනය ඉක්මවා යන්නක්.

සීලානිසංස දැක්වෙන සූත්‍ර හා ගාථා කිහිපයක් මෙසේයි:
විසාඛුපෝසථ සූත්‍රය
ආකංඛෙය්‍ය සූත්‍රය
සීලවත්ථෙර ගාථා


අපිට සමහර වෙලාවට ප්‍රශ්න එනවනෙ ශීලය රැකීම සම්බන්ධයෙන්: ගෙදර ඉන්න කිණිතුල්ලො මැරුවට කමක් නැද්ද; හොරෙක් හතුරෙක්ට අහු වුණාම මැරුවට කමක් නැද්ද; අම්මා බනින නිසා බාත් රූම් එකේ කූඹි හෝදලා ඇරියට කමක් නැද්ද වගේ ඒවා. මේ කරුණු පැහැදිලි වෙනවා ශීල පාරමිතාවෙ ප්‍රභේද ගැන කියෙව්වම:
ඒ තමා
ශීල පාරමිතාව
ශීල උප පාරමිතාව
ශීල පරමත්ථ පාරමිතාව

ශීල පාරමිතාව කියන්නෙ අපිට රකින්න ලේසිම එක:
ක්‍රීඩා පිණිස, තමන්ගෙ සමත්කම් පෙන්වීම පිණිස, ක්‍රෝධ ඊර්ෂ්‍යාව නිසා පව්කම් කිරීමෙන් වැළකී සිටිනවා. නමුත් ගොයම් රැක ගැනීමට මැස්සන් මරන්නාක් මෙන්, යම් කිසි පාපයක් නොකළහොත් තමන්ගෙ ධනය නොරැකෙන අවස්ථාවක් පැමිණුන කල, එහෙම නැත්නම් තමන්ගෙ අඹුදරුවන්ට විපත් පැමිණිකල ඔවුන් රැකගනු පිණිස, පව්කම් නොකළහොත් නොලැබිය හැකි වස්තූන් ලබා ගැනීම පිණිස පව්කම් කරනවා.
(ඉතින් කූඹි සෝදා දමනවා විය හැකියි; කිණිතුල්ලො මරනවා විය හැකියි; නමුත් තමුන්ට හැකි පමණින් ශීලය ආරක්ෂා කරනවා; වරද කරන්නෙ සාපේක්ෂව සාධාරන හේතුවක් උඩ) මින් අදහස් කරන්නෙ නෑ මින් පව් සිදු නොවෙන බවක්.

ශීල උප පාරමිතාව කියන්නෙ ඉහළ පියවරක්:
මෙහිදී අඹුදරුවන් නිසාවත්, වස්තුව රැක ගැන්ම උදෙසාවත්, පව්කම් නොකොට ලබා ගත නොහැකි දෙයක් ලබා ගැනීම උදෙසාවත් සිල් බිඳින්නෙ නෑ.
යම් පවක් නොකළහොත් තමන්ගෙ ශරීරාවයවයක් නැසෙන, නොරැකෙන තැනක් ආවොත් ශීලය රැකගෙන ශරීරාවයවයන් පරිත්‍යාග කරනවා.

ශීල පරමත්ථ පාරමිතාව කියන්නෙ ඉහළම පියවර:
තමන්ගෙ ජීවිතය ගියත් ශීලය කඩන්නෙ නෑ. මෙහෙම ශීලය රකින්න මාර්ගඵල ලාභී වෙන්න ඕනෙ නෑ. අහල ඇතිනෙ අර කුකුළා මරන්නට නියම වුණු ගොවියගෙ කතාව.

මේ විස්තර ලබා ගත්තෙ රේරුකානේ චන්දවිමල මහ නාහිමියන්ගෙ පාරමිතා ප්‍රකරණය පොතෙන්.
 
Last edited:
  • Like
Reactions: EPCO and dilankandy

dilankandy

Member
Oct 11, 2006
1,137
78
0

ශීල පාරමිතාව කියන්නෙ අපිට රකින්න ලේසිම එක:

ක්‍රීඩා පිණිස, තමන්ගෙ සමත්කම් පෙන්වීම පිණිස, ක්‍රෝධ ඊර්ෂ්‍යාව නිසා පව්කම් කිරීමෙන් වැළකී සිටිනවා. නමුත් ගොයම් රැක ගැනීමට මැස්සන් මරන්නාක් මෙන්, යම් කිසි පාපයක් නොකළහොත් තමන්ගෙ ධනය නොරැකෙන අවස්ථාවක් පැමිණුන කල, එහෙම නැත්නම් තමන්ගෙ අඹුදරුවන්ට විපත් පැමිණිකල ඔවුන් රැකගනු පිණිස, පව්කම් නොකළහොත් නොලැබිය හැකි වස්තූන් ලබා ගැනීම පිණිස පව්කම් කරනවා.
(ඉතින් කූඹි සෝදා දමනවා විය හැකියි; කිණිතුල්ලො මරනවා විය හැකියි; නමුත් තමුන්ට හැකි පමණින් ශීලය ආරක්ෂා කරනවා; වරද කරන්නෙ සාපේක්ෂව සාධාරන හේතුවක් උඩ) මින් අදහස් කරන්නෙ නෑ මින් පව් සිදු නොවෙන බවක්.



මේ ටික බොහොම වැදගත්. බුද්දාගම ප්‍රායෝගික නෑ කියලා යටිගිරියෙන් බෙරිහන් දෙන උදවියට මේ ටිකම ඇති කටවහගන්න. බුදුදහම මැදුම් පිලිවෙතක් අනුගමනය කරන දර්මයක්. නමුත් මතක තියාගන්න තමුන් මොන සුලු තරමේ විදිහේ පාපකර්මයක් කලත් ඒක තමන්ට විදින්න වෙනවාමයි බොහෝ සෙයින් පින් දහම් වල යෙදුන්නෑත්තන්. එහෙම නැත්තන් මේ ටික විතරක් ඔලුවේ තියාන නිදහසට කාරනයක් කරගෙන හිතේ හැටියට පව් කරන්න ඔබ පෙලබෙයි.

මූලික වශයෙන් හැමතිස්සෙම ඔබ සිහියෙන් ඉන්න. දෙයක් කිරීමට පෙර කල්පනා කරන්න කරන දෙය කුසල්ද අකුසල්ද කියලා. ඕනෑම අවස්තාවකදි හැකි තරම් අකුසල් වලින් වැලකෙන්න උත්සාහ කරන්න. එතකොට ඔබ නොදැනුවත්වම වාගේ කරන්නේ කුසල්. අනික ඔබේ සිහියත් නිකන්ම දියුනු වෙනවා. එහෙමයි සිහිය දියුනු කරන්නෙත්.

මේ වගේ දේවල් ඔබට සිදු වෙනවා ඇති. ඔබ තේ කෝප්පයක් බී එය එවේලේම නොසේදුවොත් එයට කූබි ඇදී එනවා. නමුත් ඔබ එය ඒ වෙලාවේම එය පිරිසිදු කලොත් කූබි එන්නේ නැහැ. එවිට ප්‍රානගාතය්ක් ඔබ අතින් සිදුවීමට අවස්තාවක් නැති වී යනවා. සතුටු වෙන්න. නිතරම අකුසල් නොකිරීමට පමනක් නොව අකුසලය කිරීමට සිදුවෙන අවස්තාත් උදා කරගන්න එපා. උදා ලෙස ඔබ මිතුරන් හමුවීමට නිවසකට ගියහොත් ඔබ වැදිවේලා එතැන රැදී හිටියොත් මිතුරා ඔබට මධුවිතක් පානය කිරීමට හෝ ඕපාදුපයකට මුසාවාදයකට හවුල් කරගන්න පුළුවන්. නමුත් ඔබ ගිය කාරියය ඉක්ම්නින් කරගෙන එතැනින් පිටත් වූවානම් ඔබට අකුසලය කිරීමට අවස්තාවක් නෑ නේද. කල්පනා කරන්න. ඔබ වැනි මිනිසුන් බොහෝ ප්‍රමානයක් මේ සසරෙන් එතෙර වී තිබෙනවා. ඔබටත් එය හැකියි...

ඔබ අතින් කුඩා හෝ අකුසලයක් කෙරුනහොත් කල යුතු මූලිකම දෙය තමා තමා අතින් අකුසලයක් වූ බව වටහා ගැනීම, පිලිගැනීම. එහෙම නැතුව ඒකට නිදහසට කාරනා සොයන්න එපා. ඉන්පසුව මගේ අතින් අකුසලයක් උනා ඒ නිසා මන් බොහෝ සෙයින් කුසල් දහම් වල යෙදිය යුතුයි කියලා හිතට ගන්න. කෙරුන අකුසලය ගැන පසුතැවිලි වෙන්න එපා. එවිට ඔබ කරන්නේ අකුසලය නැවත් නැවත අනුමෝදන් වීමයි. හිත පෑරීමයි. ඉන්පසු කුසල් දහම් වල යෙදෙන්න. ඔබ සිතට බොහෝ සතුටක් දැනේවි. මන් මේකට පොඩි උදාහරනයක් කියන්නම්. එකම ප්‍රමානයේ ලුනු කැටය 2ක් අපි දානවා පොදඩි වතුර වීදුරුවකට හා මහනුවර වැවට. මොකද්ද වැඩිපුර ලුනු රස වෙන්නෙ? අනිවාර්යෙන්ම පොදි වතුර වීදුරුව. හැබැයි වැවටත් ඉතාම සුලු නොදැනෙන ප්‍රමානයේ හෝ ලුනු රසක් එකතු නොවෙනවා නොවෙයි. මේක ඔබට තේරුම් යන්න ඇති. මේ කතාවේ ලුනු කැටය තමා අකුසලය. පොඩි වතුර වීදුරුව තමා කුසල් එච්චර කරපු නැති මද වශයෙන් කරපු පුද්ගලයා. නුවර වැව තමා බොහෝ සෙයින් කුසල් කරපු පුද්ගලයා. දෙන්නාගෙන්ම වෙන්නෙ එකම විදිහේ අකුසලයක් උනත් දෙන්නාට විපාක දෙන ප්‍රමානය තමා ලුනු රසෙන් පෙන්නුම් කරන්නෙ...

ඒ නිසා මතක තියා ගන්න. කුහුබුවෙක්ගේ ප්‍රාන ගාත අකුසලයක් උනත් කුසල් මද වශයෙන් කරපු කෙනෙකුට විශාල වශයෙන් විපාක දෙන්නත් බොහෝ සෙයින් කුසල් කරපු කෙනාට ඒකෙ විපාකය නොදැනීම යන්නත් පුළුවන්. නමුත් මේකෙන් කියවෙන්නෙ නැහැ පින් කරන කෙනා ඉද හිට පවක් කලාට කම් නැහැ කියලා. මොකද අපි මේ ජීවිතයේදි බොහෝ කුසල් දහම් වල යෙදුනත් අපි මීට පෙර ජීවිත වල මොන මොන අකුසල් කදරාවක් කරලා තියෙනවද දන්නෙ නැහැනෙ. ඒ නිසා පරිස්සම් වෙන්න. ඔබ අඬය්ර්යමත් වෙන්නත් එපා. මොකද ඔබ පෙර ජීවිතේදි බොහෝ සෙයින් කුසල් කරපු කෙනෙක්ද දන්නෙත් නැහැනෙ.ඔබ බොහෝ සෙයින් කරන කුසල් ඔබට පල නොදී යන්නෙ නැහැ... අතෙන්ම මේක පුරුදු උන කෙනාට හරිම විනෝද ජනක දෙයක් තමා නිතරම කුසල් දහම් වල යෙදෙන එක. කල්පනා කරන්න. ඔබ ඉතාම බුද්දිමත් කෙනෙකු බවට පත් කරන්නක් මේ ක්‍රියා විදිය. අනික් සෑම කෙනෙක්ම වැඩිය සිතා නොබලා අකුසලයක් කරද්දි ඔබ ක්‍රමයක් සොයාගන්නවා අකුසලයක් සිදු නොවන අන්දමට කාර්යයක් කිරීමට. ඔබ තුල නව අදහස් ජනිත වේවි. ඔබටම සතුටු හිතේවි මෙච්චර පව් කරන ලෝකෙ මම් පව් නොකර සිටීමට ක්‍රමයක් සොයාගත්තානේ කියලා. එය අනිත් අයටත් කියාදෙන්න....


මෙබදු දහම් කරුනු අපට කියා දෙන අපගේ කල්යාන මිත්‍ර වූ ලොකු ස්වාමීන් වහන්සේට බොහෝ පින් අත්වේවා... එමෙන්ම සුදුනෝනෙටත් බොහෝ පින් අත්වේවා... මේ සසරින් එතෙර වීමට වාසනාව ලැබේවායි පතමි......
 
  • Like
Reactions: EPCO

sudunone

Member
May 23, 2009
3,781
121
0
තමන්ගෙ ශීලය රැක ගන්න මහන්සි ගන්න ඕනෙ. dilankandy කියනවා වගේ ශීලය කැඩෙන්න තියෙන ඉඩකඩ අහුරලා දාන්න ඕනෙ හැකි තරම්. ඒ වගේම චාරිත්‍ර ශීලයත් ප්‍රගුණ කරන්න ඕනෙ.
 
Last edited:

sudunone

Member
May 23, 2009
3,781
121
0
පංචශීලය

ගිහියන්ගෙ නිත්‍ය ශීලය පංචශීලයයි.
සතුන් මැරීමෙන් වැළකීමේ සිල්පදය කඩ වීමට කරුණු 5ක් සම්පූර්ණ විය යුතුය.
1. පණ ඇති සතකු වීම
2. පණ ඇති බව දැන සිටීම
3. මැරීමේ චේතනාව
4. මැරීමට යොදන උපක්‍රමය
5. එම උපක්‍රමයෙන් සත්වයා මරණයට පත් වීම

සොරකම් කිරීමෙන් වැළකීමේ සිල්පදය කඩ වීමටත් ඒ වගේ.
1. වස්තුවක් තිබීම
2. එය අනුන්ගෙ බව දැන සිටීම
3. එය ගැනීමේ සොර සිත
4. ගැනීමට යොදන උපක්‍රමය
5. එය සොරෙන් ගැනීම

කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකීමේ සිල්පදය කඩ වීමට කරුණු 4ක් සම්පූර්ණ වෙන්න ඕනෙ.
1. නොයා යුතු ස්ත්‍රියක හෝ පුරුෂයකු වීම
2. සේවනය කිරීමේ සිත
3. ඊට උත්සාහ කිරීම
4. සේවනය ඉවසීම

මුසාවාදයෙන් වැළකීමේ සිල්පදය කඩවීමට අවශ්‍ය කරුණු 4
1. කියන්නට යන දෙය ඇත්තක් නොවීම
2. රැවටීමේ සිත
3. කයින් හෝ වචනයෙන් බොරුව ඇඟවීම(සමහර තැන්වල කියන්නෙ බොරුව කීම කියල විතරයි. නමුත් මම හිතන්නෙ මෙහෙම දැක්විම වඩා සාධාරනයි.)
4. අසන්නා එය පිළිගැනීම

මත්පැන් පානයෙන් වැළකීමේ සිල්පදය කඩ වීමට කරුණු 4ක් සම්පූර්ණ විය යුතුයි.
1. මත් වන ද්‍රව්‍යයක් වීම
2. එය ගැනීමේ කැමැත්ත
3. එය ගැනීම සඳහා යොදන උපක්‍රමය
4. එය ගැනීම


ඒ වගේම මේ හැම සිල්පදයක්ම අංග සම්පූර්න වෙන්නනම් කරුණු තුනකින් සපිරෙන්න ඕනෙ කියලා බුදු දහමෙ ඉගැන්වෙනවා. ඒ තමයි:
1. තමන් පව නොකිරීම
2. අනුන් ලවා නොකරවීම
3. පව කරන්නවුන් අනුමත නොකිරීම

මේ කරුණු උපුටා ගත්තේ බුදුසරණ අන්තර්ජාල කලාපයෙන්.
 

UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
51
Kottawa
හ්ම්,

ඉහත සඳහන් කල හැමදෙයක්ම ගැනෙන්නෙ ..වතක් හැටියට (ඒ කිව්වේ උත්සාහයෙන් වීරියෙන් , යම් කිසි අධිෂ්ඨානයකෙන් රකින, හරියට පෝයට සිල් ගන්නවා වගේ). බුදුපියණන්වහන්සේ සීලය කියලා කිව්වේ සංවරත්වයටයි (සිත, කය සහා වචනය සංවරවීමයි). මේ විදිහට සිත කය වචනය සංවර නම් අමුතුවෙන් සිල් වතක් රකින්න ඕන නැහැ (ඒකයි ආර්‍ය සීලය කිව්වෙ).

"යං සීලං තං වතං - සංවරත්තේන සීලං" - යම් සීලයක් වේද එය වතකි. සංවරත්වයේ පිහිටීම සීලයයි.
 
  • Like
Reactions: sudunone

hiddenTruth

Member
Mar 17, 2010
6
2
0
හ්ම්,

ඉහත සඳහන් කල හැමදෙයක්ම ගැනෙන්නෙ ..වතක් හැටියට (ඒ කිව්වේ උත්සාහයෙන් වීරියෙන් , යම් කිසි අධිෂ්ඨානයකෙන් රකින, හරියට පෝයට සිල් ගන්නවා වගේ). බුදුපියණන්වහන්සේ සීලය කියලා කිව්වේ සංවරත්වයටයි (සිත, කය සහා වචනය සංවරවීමයි). මේ විදිහට සිත කය වචනය සංවර නම් අමුතුවෙන් සිල් වතක් රකින්න ඕන නැහැ (ඒකයි ආර්‍ය සීලය කිව්වෙ).

"යං සීලං තං වතං - සංවරත්තේන සීලං" - යම් සීලයක් වේද එය වතකි. සංවරත්වයේ පිහිටීම සීලයයි.

ඔව්. මමත් පිලිගන්නවා මේක. වතක සමාදන් වීම නරක නැහැ ඒක සීලයට උදව් වෙනවා. සිල්වත චුති පටිසන්දි වෙන අවස්ථාවක කැඩුනොත් නරක තැනකත් උපදින්න පුලුවන්. ඒ වුනත් අර්‍ය සීලය එහෙම කැඩෙන තියෙන අවස්තාව අඩුයි. මොකද ඒක අවබෝදයෙන් දැක්ක එකක්.
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
පංචශීලය

මේ සිල් පද, ශික්ෂාපද යන අර්ථයෙන් ගත්තම, ඇතැම් හිමිවරුන් පැහැදිලි කරනවා හික්මෙන මාර්ගය හැටියට. ඒ කියන්නෙ, මේ සිල් පදය රැකීම ඒ ශික්ෂාවෙ මුල් පියවර.

පාතේගම සුමනරතන හිමියන්ගෙ සසරින් නික්මීම පොතේ දැක්වෙනවා එක් එක් ශික්ෂාපදයෙන් වැලැකිය යුතු දේ මෙන්ම උපදවා ගත යුතු ගුණාංගද ඇති බව. වැළකී සිටිය යුතු දේ ගැන පමණක් අවධානය යොමු කළොත්, හිර කාරයො, දැඩි නීති මගින් පාලනය කෙරෙන අයත් සිල් රකිනවා වෙන්න එපායැ. එහෙම වෙනස් වෙන්නෙ ඔවුන් මේ ඇති කරගත යුතු ගුණාංග ඇති කර ගෙන නැති නිසා; සිල්පද රැකීම ඔවුන්ගෙ ආධ්‍යාත්මික දියුණුවට ඉවහල් වී නැති නිසා.

සුමනරතන හිමියන් දක්වා ඇති ආකාරයට පළවෙනි සිල්පදයෙන් ප්‍රාණඝාතය, ඊට අනුබල දීම, ප්‍රාණ හිංසාව යනාදී දෙයින් වැළකෙන බවට සමාදන් වෙන අතර මෛත්‍රී සිත දියුණු කර ගැනීම උපදවා ගත යුතු ගුණ ධර්මයයි.

සොරකමින් වැළකෙන අතර දානය උපදවා ගත යුතු ගුණ ධර්මයයි.

අනාචාරයෙන් වළකින අතර කාමයෙහි ආදීනව තේරුම් ගැනීම උපදවා ගත යුතු ගුණ ධර්මයයි.

රැවටීමෙන් වළකින අතර සත්‍යවාදී බව උපදවාගත යුතු ගුණ දහමයි.

මදයටද, ප්‍රමාදයටද හේතුවෙන මත්පැන් හා මත්ද්‍රව්‍ය වලින් වැළකෙන අතර උපදවා ගත යුතු ගුණ ධර්මය ප්‍රඥාවයි.
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
ඔව්. මමත් පිලිගන්නවා මේක. වතක සමාදන් වීම නරක නැහැ ඒක සීලයට උදව් වෙනවා. සිල්වත චුති පටිසන්දි වෙන අවස්ථාවක කැඩුනොත් නරක තැනකත් උපදින්න පුලුවන්. ඒ වුනත් අර්‍ය සීලය එහෙම කැඩෙන තියෙන අවස්තාව අඩුයි. මොකද ඒක අවබෝදයෙන් දැක්ක එකක්.

හ්ම්,

ඉහත සඳහන් කල හැමදෙයක්ම ගැනෙන්නෙ ..වතක් හැටියට (ඒ කිව්වේ උත්සාහයෙන් වීරියෙන් , යම් කිසි අධිෂ්ඨානයකෙන් රකින, හරියට පෝයට සිල් ගන්නවා වගේ). බුදුපියණන්වහන්සේ සීලය කියලා කිව්වේ සංවරත්වයටයි (සිත, කය සහා වචනය සංවරවීමයි). මේ විදිහට සිත කය වචනය සංවර නම් අමුතුවෙන් සිල් වතක් රකින්න ඕන නැහැ (ඒකයි ආර්‍ය සීලය කිව්වෙ).

"යං සීලං තං වතං - සංවරත්තේන සීලං" - යම් සීලයක් වේද එය වතකි. සංවරත්වයේ පිහිටීම සීලයයි.


මට මේ කියන අදහස පැහැදිලි මදි.

ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ සම්මා වාචා, සම්මා කම්මන්ත යන අංගවලින් දැක්වෙන පුහුණුවනෙ අපි ශීලය විදිහට රකින්නෙ. ඒ නිසා පන්සිල්වලින් පටන්ගෙන රකින මේ ශීලය ආර්යශීලයම නේද? මේ ශීලය කයෙහිත්, වචනයෙහිත් සංවරබව ඇති කරනවා.

ශීලය නිරතුරු රකින්න පුලුවන්නම් හොඳයි. නමුත් ධර්මානුසාරී මගට පිළිපන් පුද්ගලයාට එකවරම එහෙම කරන්න හැකියාවත් නැති වෙන්න පුලුවන්. ඒ නිසයි ශීලය අලුත් කරගන්නෙ.
 

UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
51
Kottawa
මට මේ කියන අදහස පැහැදිලි මදි.

ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ සම්මා වාචා, සම්මා කම්මන්ත යන අංගවලින් දැක්වෙන පුහුණුවනෙ අපි ශීලය විදිහට රකින්නෙ. ඒ නිසා පන්සිල්වලින් පටන්ගෙන රකින මේ ශීලය ආර්යශීලයම නේද? මේ ශීලය කයෙහිත්, වචනයෙහිත් සංවරබව ඇති කරනවා.

ශීලය නිරතුරු රකින්න පුලුවන්නම් හොඳයි. නමුත් ධර්මානුසාරී මගට පිළිපන් පුද්ගලයාට එකවරම එහෙම කරන්න හැකියාවත් නැති වෙන්න පුලුවන්. ඒ නිසයි ශීලය අලුත් කරගන්නෙ.

මෙහෙමයි... ඔය අධිෂ්ඨානයෙන් මම රකිනවා කියලා රකින එක ගැනෙන්නෙ සීලයක් හැටියට නෙමෙ වතක් හැටියට. සීලය කියන එක ඉබේම වැඩෙන දෙයක්. උදාහරණයක් පෙන්නන්නම්,

අපි හිතමු මස් වැද්දෙක් ඉන්නවා, මිනහා කරන්නේ සත්තු මරණ එකනේ... ඉතින් දවසක් මිනිහට හිතෙනවා මම මේ වෙසක් එකට සිල් ගන්නවා කියලා. ඉතින් මිනිහා සිල් ගන්නවා දාගත්ත දිනයට.. හිතන්න මේ මනුස්සාය සිල් අරගෙන එක තැනකින් තවතැනකට යන කොට දකිනවා වලක හාවෙක් වැටිලා ඉන්නවා. ඉතින් මේ මනුස්සයා වෙන දවසක නම් ආයෙ දෙකක් නැහැ අර හාවව මරාගන්නව.. ඒත් අද සිල් ගත්ත නිසා (අධිෂ්ඨානය නිසා) මිනිහා ඒ පැත්ත නොබල යනවා. දැන් සිල් පවාරනය කරලා ඉවර වෙලා ගෙදර යනවා .. අයෙත් දකිනවා තාම අර හාවා වලේ ඉන්නවා දැන් මොකද කරන්නෙ.. කිසි කතාවක් නැහැ අර සතාව මරාගන්නවා. ඉතින් කලින් දවසේ මරපු නැති මනුස්සයා අද අර සතාව මැරුවා. ඒ කලේ අර අධිෂ්ඨාන කලේ එක පෝය දවසට විතරයි.. ඒ වගේ අධිෂ්ඨානයෙන් උතසහයෙන් රකින එකට කියන්නෙ "වතක්" රකිනවා කියලා මිසක් සීලය නෙමේ..

දැන් හිතමු සිත , කය සහ වචනය (ඔයා කිව්ව විදිහට ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ සම්මා වාචා, සම්මා කම්මන්ත යන අංගවලින් දැක්වෙන පුහුණුව) සංවර කෙනෙක් මේ හාවව දකිනව .. ඉතින් දැන් මොකද වෙන්නෙ ඒ මනුස්සයට අයේ පොහොය උනත් එකයි නැතත් එකයි අර සතාව බේරනවා. ඒකයි සීලය කිව්වේ.. (සංවරත්වයේ පිහිටීම සීලයයි)... සීලය අමුතුවෙන් රකින දෙයක් නෙමෙ.. ඉබේම වැඩෙන දෙයක්.

අපි හිතමු ... මම වැඩක් (යම් දෙයක්) .. කරන්න කලින් හිතනවා, මේකෙන් මට අවැඩක් වෙනවද ... ඒකෙන් අනික් කෙනෙකුට අවැඩක් වෙනවද .. ඉතින් දෙදෙනාටම අවැඩක් නම් මම ඒක නොකර ඉන්නවා (ඕක සිත, කය සහා වචනය තුනටම ගන්න පුළුවන්). ඉතින් එකෙන් මම නිකන්ම සංවර වෙනවා ..අර ඔයා කියපු පුහුණුව වෙනවා... සීලය වැඩෙනවා.
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
ශීලය ඉබේ වැඩෙනවා කියන අදහසට මම එකඟ වෙන්නෙ නැහැ.
යමක වරද තේරුම් ගැනීම ඊට උපකාර වුණත්, සංවරය සඳහා ඒ සරල අවබෝධය ප්‍රමාණවත් වෙන්නෙ නෑ.
එක පාරට රහත් වුණොත්නම් අමුතුවෙන් සිල්පද අවශ්‍ය නැහැ තමයි. නමුත් එතැනට යන මාර්ගයෙදි අපි වැඩි දෙනෙකුට ක්‍රමානුකූල පුහුණුවක් අවශ්‍යයි. උචිත පරිදි සිල්පද සමාදන් වෙලා, ඒවා දවසකට හෝ රැකගෙන පුහුණු වෙන්නෙ සංවර වෙන්නයි. පංචශීලයෙන් නොනැවතී ඇතැම් අය නිතිපතා අටසිල් හෝ ආජීව අෂ්ඨමක ශීලය රකින අවස්ථාත් තියෙනවා. හාමුදුරුවරුන්ටත් සාමණේර ශීලය, උපසම්පදා ශීලය කියල තියෙනවනෙ. ඉන් සමහර ඒවා ඇත්තටම පාප කර්ම නොවෙයි, නමුත් හික්මීමට අවශ්‍ය ඒවා.

ඔය මටත් අනුන්ටත් අවැඩක් වෙන ක්‍රියාවක් කියන එක එක එක්කෙනාගෙ දැණුම මත වෙන දෙයක් නිසා ඒක හැම තැනටම සාධාරන නැහැ. උදාහරණයක් විදිහට, අනාචාරයෙ හැසිරුණු කෙනෙක් හිතන්න පුළුවන් "මං මේක මගෙ සහකරුට/සහකාරියට කිව්වොත් එයාට දුක හිතෙනවා; එයා මට බනින්න ඉඩ තියෙනවා; අන්තිමට අපි දෙන්නට වෙන් වෙන්න සිද්ද වෙයි; ඒ නිසා එයා මේ ගැන ඇහුවොත් මං බොරු කියනවා, එහෙම එකක් නෑ කියල."

අන්න ඒ නිසා මං හිතන්නෙ නුවනැත්තෙක් විසින් පෙන්වලා දීලා තියෙන ශීලයක් රැකලා සංවර බව ඇති කර ගැනීමට වෑයම් කරන එක වඩා ඵලදායී කියල.
මගඵල ලාභීන්ටනම් අමුතුවෙන් සිල්පද අවශ්‍ය වෙන්නෙ නැති වෙන්න පුලුවන්- මොකද, ඔවුන් අවබෝධයෙන්ම සංවර වෙලා නිසා.
 

UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
51
Kottawa
උදාහරණයක් විදිහට, අනාචාරයෙ හැසිරුණු කෙනෙක් හිතන්න පුළුවන් "මං මේක මගෙ සහකරුට/සහකාරියට කිව්වොත් එයාට දුක හිතෙනවා; එයා මට බනින්න ඉඩ තියෙනවා; අන්තිමට අපි දෙන්නට වෙන් වෙන්න සිද්ද වෙයි; ඒ නිසා එයා මේ ගැන ඇහුවොත් මං බොරු කියනවා, එහෙම එකක් නෑ කියල."

අන්න ඒ නිසා මං හිතන්නෙ නුවනැත්තෙක් විසින් පෙන්වලා දීලා තියෙන ශීලයක් රැකලා සංවර බව ඇති කර ගැනීමට වෑයම් කරන එක වඩා ඵලදායී කියල.
මගඵල ලාභීන්ටනම් අමුතුවෙන් සිල්පද අවශ්‍ය වෙන්නෙ නැති වෙන්න පුලුවන්- මොකද, ඔවුන් අවබෝධයෙන්ම සංවර වෙලා නිසා.

සිල් වතක් රැකීම උදව් වෙනවා .. ඒක නැහැ කියන්නෙ නැහැ.... මම කියනදේ (මටත් අවැඩක් .. අනික් අයටත් අවැඩක් වෙනවද) කියන එක.. අනාචාරයෙ යෙදෙන්න කලින් හිතුවා නම් ඔය ප්‍රශ්ණේ නැහැ නේද ?
 

viduransi

Member
Mar 23, 2010
5
3
0
43
Kelaniya
මේ කතාවට සම්බන්ධ වුණාට අහිතක් හිතන්නේ නැතිවෙයි කියලා හිතනවා =)

"මගඵල ලාභීන්ටනම් අමුතුවෙන් සිල්පද අවශ්‍ය වෙන්නෙ නැති වෙන්න පුලුවන්- මොකද, ඔවුන් අවබෝධයෙන්ම සංවර වෙලා නිසා" මේ කිවූ කථාව හරියට හරි... අන්න එයට තමයි නියම ශීලය කියන්නේ... ඔබ මෙතෙක් වෙලා කථා බහ කලේ ශීලය නොවේ ඔන්න ඔය කියන මග ඵල ලබාගැනීමෙන් නොකැඩෙන ශීලයකට පත්වෙන්න උපකාරවන උපනිශ්‍රය වන වත ගැනයි. සංවරත්වය කියන්නේ බලෙන් හදාගන්න පුළුවන් දෙයක් නෙවේ... එය එන්නේ අවබෝධයත් සමගයි... ඒ ලැබෙන සංවරත්වය සිත, කය, වචන යන තුන් දොරටම පොදුයි... ඒ අවබෝධයෙන් ලබන සංවරත්වය නැත්නම් සීලය තුලින් ඒ පුද්ගලයා කැමැත්තකින් වරදක් කරන්න පෙ‍ළඹෙන්නේ නැහැ...
වත තුලින් කරන්නේ ඔබ විසින්ම කිවූ පරිදි "වැඩි දෙනෙකුට ක්‍රමානුකූල පුහුණුවක් අවශ්‍යයි" ඒ පුහුණුව... එයට භාවිතා කරන වචනය සීලය නෙවේ "වත"

මෙහෙම හිතලා බලන්නකෝ... අපම අද භාවිතා කරන "සිල් වත" කියන වචනය... එතකොට පෝය දිනයට එහෙම යන්නේ "සිල් සමාදන්" වෙන්න කියලා නේද?
එතකොට බුදු පියාණන් දේශනා කල වැකිය හිතලා බලන්න දැන්...
"යං සමාදන් තං වතං - සංවරට්ඨේන සීලං (යම් සමාදානයක් ඇතිද එය වතකි - සංවරත්වයක් වේද එය සීලයයි)"
එහෙනම් ඒ වැකිය තුලින්ම පේනවා නේද සීලය සමාදන් වෙන්න බැහැ වත තමයි සමාදන් වෙන්න පුළුවන් කියලා... එතකොට නියම පංච සීලය මොකක්ද කියලා ඔබට ගැටලුවක් වෙන්න පුළුවන්... එහෙම නේද?

[FONT=&quot]කිං සීලං? සීලය යනු කුමක්ද?[/FONT]
[FONT=&quot]පහාන සීලං, වේරමණී සීලං, චේතනා සීලං, සංවර සීලං, අවිතික්කම සීලංතී![/FONT]
[FONT=&quot]ආර්ය පුද්ගලයාගේ සෝතාපන්න පුද්ගලයාගේ පංච සීලය මෙයයි. [/FONT]
[FONT=&quot]කළ්‍යණ මිත්‍ර ඇසුරකින් සද්ධර්මය ශ්‍රවණය තුලින් තම තමන්ගේ නුවණින් මෙනෙහි කොට ධර්මාවබෝධය ලබන තැනැත්තා හට ත්‍රිලක්ෂණය වැටහී මේ ලෝකය අසාර ලෙසින් දකිනවා. ඒ පුද්ගලයා හට පරපත්‍ය රහිතයි හෙවත් අන්‍ය ආධාර අනවශ්‍යයයි දස මාර සේනා පැමිණියත් එම පුද්ගලයා නිවනින්ම සසර කෙලවර කිරීම අනිවාර්යයි ඔහු ආපසු හැරවීමට හේතු නොමැති බව බුදු පියාණන් වහන්සේ ‍දේශනා කොට තියෙනවා. මෙවැනි පුද්ගලයින්ගෙන් ලෝකයට කිසිවිටක අවැඩක් සිදුවන්නේද නැත. [/FONT]

[FONT=&quot]මෙ‍ම පුද්ගලයා‍ තුල සතර අපාගත වීමට නියමිත යම් වැඩපිලිවෙලක් ති‍බෙන්නේද එවැනි වැඩපිලිවෙලක් කිසිදිනක ඒ සිත තුල හටගන්නේ නැහැ. එයයි පහාන සීල ලෙසින් පෙන්වා දුන්නේ. [/FONT]

[FONT=&quot]එලෙසින් සතර අපාගත වීමට හේතුවන යම් වැඩපිලිවෙලක් රමණය කරමින් හෙවත් ඇසුරුකරමින් සිටියා නම් එම ක්‍රියාවන් නැවත කිරීමට නැවත එවැනි දේ ඇසුරු කිරීමට එම පුද්ගලයාට යෙදෙන්නේ නැහැ. එය වේරමණී සීලයයි. [/FONT]

[FONT=&quot]සතර අපාගත වීමට හේතුවන යම් පාප සිතුවිල්ලක් ඇත්ද සෝතාපන්න ආර්ය ශ්‍රාවකයාගේ සිතෙහි කෙදිනකවත් හට ගන්නේ නැහැ. එය චේතනා සීලයයි. [/FONT]

[FONT=&quot]සංවර සීල ලෙසින් පෙන්වා දී තිබෙන්නේ එලෙසින් සතර අපාගත වීමට හේතුවන පාපයන් කිරීම තුලින් ඇතිවන යම් අසංවරතාවයක් ඇත්ද ඒ සිතෙහි හටගන්නේ නැහැ යන්නයි. [/FONT]

[FONT=&quot]මෙම සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා කෙදිනක හෝ නිවන් අවබෝධය තුලින් මේ සසර ගමන කෙලවර කරන තුරු මේ ලෙසින් කියන්නා වූ සීලය බිදෙන්නේ නැහැ... අත්හැරෙන්නේ නැහැ... එය ප්‍රතික්‍රමණය හෙවත් ඉවත්වී යන්නේ නැහැ කියලා අවිතික්කම සීල ලෙසින් පෙන්වා දුන්නා.[/FONT]

[FONT=&quot]මෙන්න මේ කියන පංච සීලයෙන් යුක්ත සෝතාපන්න පුද්ගලයා අරිය කාන්ත සීලයෙන් යුක්තයි. මෙන්න මේ ලෙසින් පෙන්වා දෙන පංච සීලය සමාදන්විය නොහැකියි යන්න ඔබටම වැටහෙනවා නේද? එය තමයි වෙනස් නොවන ආර්ය සීලය...

සතර අපාගත වීමට නියමිත වැඩපිලිවෙල මිස සියළු පවින් නිදොස්වූ පුද්ගලයෙක් ලෙස මෙහිදී සෝතාපන්න පුද්ගලයා හදුන්වාදී නැති බව අවබෝධ කරගත යුත්තේ ඔබ විසින්මයි.

[/FONT] [FONT=&quot]සීලය කියන්නේ චිත්ත පාරිශුද්ධත්වය තුලින් තමන් තුලම ඇතිවන දෙයක් මිස සිත මට්ටු කරමින් සිතට තදින් අවවාද කරමින් බලහත්කාරයෙන් සිත දමනය කරගෙන සිටින වතක් නොවන බව අ‍වබෝධ කරගැනීම වඩාත් වැදගත් වෙනවා.. [/FONT]
 
  • Like
Reactions: sudunone

dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
මේ කතාවට සම්බන්ධ වුණාට අහිතක් හිතන්නේ නැතිවෙයි කියලා හිතනවා =)

"මගඵල ලාභීන්ටනම් අමුතුවෙන් සිල්පද අවශ්‍ය වෙන්නෙ නැති වෙන්න පුලුවන්- මොකද, ඔවුන් අවබෝධයෙන්ම සංවර වෙලා නිසා" මේ කිවූ කථාව හරියට හරි... අන්න එයට තමයි නියම ශීලය කියන්නේ... ඔබ මෙතෙක් වෙලා කථා බහ කලේ ශීලය නොවේ ඔන්න ඔය කියන මග ඵල ලබාගැනීමෙන් නොකැඩෙන ශීලයකට පත්වෙන්න උපකාරවන උපනිශ්‍රය වන වත ගැනයි. සංවරත්වය කියන්නේ බලෙන් හදාගන්න පුළුවන් දෙයක් නෙවේ... එය එන්නේ අවබෝධයත් සමගයි... ඒ ලැබෙන සංවරත්වය සිත, කය, වචන යන තුන් දොරටම පොදුයි... ඒ අවබෝධයෙන් ලබන සංවරත්වය නැත්නම් සීලය තුලින් ඒ පුද්ගලයා කැමැත්තකින් වරදක් කරන්න පෙ‍ළඹෙන්නේ නැහැ...
වත තුලින් කරන්නේ ඔබ විසින්ම කිවූ පරිදි "වැඩි දෙනෙකුට ක්‍රමානුකූල පුහුණුවක් අවශ්‍යයි" ඒ පුහුණුව... එයට භාවිතා කරන වචනය සීලය නෙවේ "වත"

මෙන්න මේ ටික වැදගත්....!
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
අහිතක් හිතන්නෙ මොකෝ? බොහොම පින් මේ කරුණු දැක්වීම්වලට.
ශීලය කියන එක අවබෝධයෙන් ඇතිවියයුතු බවට ප්‍රශ්නයක් නැහැ. කලිනුත් කිව්වා වගේ නීති මගින් හිර කරල ඉන්න මිනිහෙක් යමක් නොකර සිටීමේ සහ අවබෝධයෙන් වරද පිටුදකින කෙනාගෙ වෙනස ඉතා පැහැදිලියි.

නමුත් වතකට ශීල කියන නම යොදන්නෙ ඇයි? මේ නම තමයි බහුලව යෙදෙන්නෙ.
රේරුකානේ චන්දවිමල නාහිමියන්ගෙ පොතේ මෙන්න මෙහෙම දැක්වෙනවා:
ඒ ඒ සත්ත්වයන්ගේ පුද්ගලයන්ගේ ප්‍රකෘති ස්වභාවයෝ ශීල නම් වෙති. සත්වයන්ගේ පුද්ගලයන්ගේ වශයෙන් බොහෝ ශීලයෝ වෙති. සතර පයින් යාම, තන උලා කෑම, කතා නොකිරීම, බිම නිදා ගැනීම යන ආදී ගවයන්ගේ ප්‍රකෘති ස්වභාවය ගෝශීල නම් වේ. වකුටු වී නිදා ගැනීම, ........කුක්කුර ශීල නම් වේ. බුදු, පසේබුදු, මහ රහතන් වහන්සේලාගේ ප්‍රකෘති ස්වභාවය ආර්ය ශීලය නම් වේ.
ඒ ආර්ය ශීලය බොහෝ අංග ඇති විශාල ශීලයෙකි. තම තමන්ට හැකි පමණින් ඒ ආර්ය ශීලාංගයන් අනුව පිළි පැදීම සිල් රැකීමය. මේ ඉතා පහසු ක්‍රමයකින් ශීලය හැඳින්වීමකි.
කය වචන දෙකට අකුශල ක්‍රියා විෂයෙහි හැසිරෙන්නට නොදී ඒ දෙක මනා කොට තබන බව, ආරක්ෂා කරන බව ශීලයේ ලක්ෂණයෝය....
(පාරමිතා ප්‍රකරණය; 128 පිටුව)

අපේ ඉස්කෝල පොත්වල ඔය දෙක සඳහන් වුණේ ගෝවෘත සහ කුක්කුර වෘත කියල.
ශීලය කියන්නෙ කය වචනය යන දෙකේ සංවරයට බවත් එලෙසම පොත්වල සඳහන් වන දෙයක්.

මම පාලි ඉගෙනගෙන නැහැ. ඉතින් වෙනත් අය විසින් පරිවර්තනය කළ දේවල්වලින් ඉගෙන ගන්න ගියාම මේ වගේ ගැටළු එනවා.
 

hiddenTruth

Member
Mar 17, 2010
6
2
0
සතර අපාගත වීමට නියමිත වැඩපිලිවෙල මිස සියළු පවින් නිදොස්වූ පුද්ගලයෙක් ලෙස මෙහිදී සෝතාපන්න පුද්ගලයා හදුන්වාදී නැති බව අවබෝධ කරගත යුත්තේ ඔබ විසින්මයි. [/FONT]


හොද පැහැදිලි කිරිමක්. මෙතන කෙනෙකුට හිතෙන්න පුලුවන් සෝතාපන්න පුද්ගලයාගෙන් කිසිම පාපයක් වෙන්නේ නැහැ කියලා. පාපයක් සිදු වුනත් එය කැමැත්තෙන් බැදි කරපු එකක් නොවන නිසා ඒ පාපය සතර අපා ගත කිරිමට බලවත් වෙන්නේ නැහැ.

පානාතිපාතා වේරමණී සික්කාපදන් සමාධියාමි - (කෙටියෙන් කියනවා නම් පරපන නැසීමෙන් වැලකීම) තමයි රහතන් වහන්සේගේ සීලය

පානාතිපාතා පටිවිරති හෝති - (පරපන නැසීමට කැමැත්තෙන් බැදෙන්නේ නැහැ) සෝතාපන්න පුද්ගලයාගෙ සීලය

@viduransi - අනිත් අයගේ අවබෝධය පිනිසයි මේ කොටස වැඩිපුර විස්තර කලේ.
 
  • Like
Reactions: sudunone

sudunone

Member
May 23, 2009
3,781
121
0
හොද පැහැදිලි කිරිමක්. මෙතන කෙනෙකුට හිතෙන්න පුලුවන් සෝතාපන්න පුද්ගලයාගෙන් කිසිම පාපයක් වෙන්නේ නැහැ කියලා. පාපයක් සිදු වුනත් එය කැමැත්තෙන් බැදි කරපු එකක් නොවන නිසා ඒ පාපය සතර අපා ගත කිරිමට බලවත් වෙන්නේ නැහැ.

පානාතිපාතා වේරමණී සික්කාපදන් සමාධියාමි - (කෙටියෙන් කියනවා නම් පරපන නැසීමෙන් වැලකීම) තමයි රහතන් වහන්සේගේ සීලය

පානාතිපාතා පටිවිරති හෝති - (පරපන නැසීමට කැමැත්තෙන් බැදෙන්නේ නැහැ) සෝතාපන්න පුද්ගලයාගෙ සීලය

@viduransi - අනිත් අයගේ අවබෝධය පිනිසයි මේ කොටස වැඩිපුර විස්තර කලේ.

බොහොම පින්.
 

UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
51
Kottawa
අහිතක් හිතන්නෙ මොකෝ? බොහොම පින් මේ කරුණු දැක්වීම්වලට.
ශීලය කියන එක අවබෝධයෙන් ඇතිවියයුතු බවට ප්‍රශ්නයක් නැහැ. කලිනුත් කිව්වා වගේ නීති මගින් හිර කරල ඉන්න මිනිහෙක් යමක් නොකර සිටීමේ සහ අවබෝධයෙන් වරද පිටුදකින කෙනාගෙ වෙනස ඉතා පැහැදිලියි.

නමුත් වතකට ශීල කියන නම යොදන්නෙ ඇයි? මේ නම තමයි බහුලව යෙදෙන්නෙ.
රේරුකානේ චන්දවිමල නාහිමියන්ගෙ පොතේ මෙන්න මෙහෙම දැක්වෙනවා:
ඒ ඒ සත්ත්වයන්ගේ පුද්ගලයන්ගේ ප්‍රකෘති ස්වභාවයෝ ශීල නම් වෙති. සත්වයන්ගේ පුද්ගලයන්ගේ වශයෙන් බොහෝ ශීලයෝ වෙති. සතර පයින් යාම, තන උලා කෑම, කතා නොකිරීම, බිම නිදා ගැනීම යන ආදී ගවයන්ගේ ප්‍රකෘති ස්වභාවය ගෝශීල නම් වේ. වකුටු වී නිදා ගැනීම, ........කුක්කුර ශීල නම් වේ. බුදු, පසේබුදු, මහ රහතන් වහන්සේලාගේ ප්‍රකෘති ස්වභාවය ආර්ය ශීලය නම් වේ.
ඒ ආර්ය ශීලය බොහෝ අංග ඇති විශාල ශීලයෙකි. තම තමන්ට හැකි පමණින් ඒ ආර්ය ශීලාංගයන් අනුව පිළි පැදීම සිල් රැකීමය. මේ ඉතා පහසු ක්‍රමයකින් ශීලය හැඳින්වීමකි.
කය වචන දෙකට අකුශල ක්‍රියා විෂයෙහි හැසිරෙන්නට නොදී ඒ දෙක මනා කොට තබන බව, ආරක්ෂා කරන බව ශීලයේ ලක්ෂණයෝය....
(පාරමිතා ප්‍රකරණය; 128 පිටුව)

අපේ ඉස්කෝල පොත්වල ඔය දෙක සඳහන් වුණේ ගෝවෘත සහ කුක්කුර වෘත කියල.
ශීලය කියන්නෙ කය වචනය යන දෙකේ සංවරයට බවත් එලෙසම පොත්වල සඳහන් වන දෙයක්.

මම පාලි ඉගෙනගෙන නැහැ. ඉතින් වෙනත් අය විසින් පරිවර්තනය කළ දේවල්වලින් ඉගෙන ගන්න ගියාම මේ වගේ ගැටළු එනවා.

"ඒ ඒ සත්ත්වයන්ගේ පුද්ගලයන්ගේ ප්‍රකෘති ස්වභාවයෝ ශීල නම් වෙති" - මෙතන හරි, හොඳට බලන්න, "ප්‍රකෘති ස්වභවයෝ" කියන වචනය ඒකිව්වෙ .. කිසිම පාලනයකින් තොරව ඉබේම වෙන එකක් (සංවරත්වය) .. පාලනයෙන් රකින (වෘත, වත) එකක් නෙමේ.

මේක නිසා තමයි බුදුපියාණන් වහන්සේ, මේ උතුම් දහම පොත්වල ලියා තැබීම අනුමත නොකලේ. එක තැනක බණ දේශණා කරන විට අධිෂ්ඨාන කලේ "වචනය අමතක වේවා අදහස වැටහේවා" කියලා. "අදහසයි" වටින්නෙ :)
 

viduransi

Member
Mar 23, 2010
5
3
0
43
Kelaniya
තවත් විස්තර මේ වැදගත් සාකච්ඡාවට එකතු කරනවා නම්

[FONT=&quot]මහානාම යන කුමාරයා වරෙක බුදු හිමියන්ගෙන් අසනවා “ස්වාමිනී, අරිය ශ්‍රාවකයාගේ සීලය කුමක්ද?” එවිට බුදුහිමියන් පෙන්වා දෙනවා “පාණාතිපාතා පටිවිර‍තෝ හෝථී, අදින්නාදානා පටිවිර‍තෝ හෝථී, කාමේසු මිච්ඡාචාරා පටිවිර‍තෝ හෝථී, මුසාවාදා පටිවිර‍තෝ හෝථී, සුරාමේරය මජ්ජපමාදට්ඨානා පටිවිර‍තෝ හෝථී අයං උච්ඡති මහානාම අරිය ශ්‍රාවකො සීලවා හෝථී” ලෙසින්.[/FONT]

[FONT=&quot]මෙහිදී පටිවිරති හෝථී ලෙසින් පෙන්වා දුන්නේ කුමක්දැයි සලකා බලමු. පටිවිරති යන පදය සැලකීමේදී “රති” යන පදයෙහි අර්ථය වටහාගැනීම වැදගත්. එයින් පෙන්වාදෙන්නේ කැමැත්ත, ආශාව, ඇල්ම... විරති යනු කැමැත්තෙන් වෙන්වීමයි... ආශාවෙන් වෙන්වීමයි... ඇලීමෙන් වෙන්වීමෙයි... බලාපොරොත්තුවක් නැතිවීමයි... [/FONT]

[FONT=&quot]එසේනම් මහානාම කුමාරයාට පෙන්වා දුන් ආර්ය පුද්ගලයා‍ගේ පංච සීලය[/FONT]
පාණාතිපාතා පටිවිර‍තෝ හෝථී - ප්‍රාණඝාතයට කැමැත්තෙන් බැදෙන්නේ නැහැ
අදින්නාදානා පටිවිර‍තෝ හෝථී - සොරකමට කැමැත්තෙන් බැදෙන්නේ නැහැ
කාමේසු මිච්ඡාචාරා පටිවිර‍තෝ හෝථී - කාමයෙහි වරදවා හැසිරීමට කැමැත්තෙන් බැදෙන්නේ නැහැ
මුසාවාදා පටිවිර‍තෝ හෝථී - බොරුකීමට කැමැත්තෙන් බැදෙන්නේ නැහැ
සුරාමේරය මජ්ජපමාදට්ඨානා පටිවිර‍තෝ හෝථී - ප්‍රමාදයට මදයට හේතුවන සුරාවට කැමැත්තෙන් බැදෙන්නේ නැහැ
[FONT=&quot]ලෙස නොවේද? චිත්ත පාරිශුද්ධිය තුලින් නැගෙන මානසික සංවරත්වයක් තුලින් වරදට කැමැත්තෙන් නොබැදෙන ලක්ෂණය නොවේද මේ ලෙසින් පැහැදිලිව පෙන්වාදී තිබෙන්නේ. ‍එසේනම් එය වැකි ලෙසින් ගෙන සමාදාන් වීම පමණක් කොතරම් සුදුසුද යන්න ඔබටම සිතාබැලිය හැකියි. [/FONT]

[FONT=&quot]මේ සත්‍යාවබෝධය තුලින් මේ සීලය තුලින් තව තවත් මනසට නැගෙනවා මේ හරයක් නැති ලෝකයක අන් අයට හිංසා කරලා රිදවලා... අන් අයගේ දේවල් තමන් සතුකරගන්න හදලා... වැ‍රැදි ඇසුරෙහි බැදෙමින් කය පිනවලා... බොරුවෙන් අන් අයව රවටලා... මදයට ප්‍රමාදයට හේතුවන සුරාවෙන් මත්වෙලා තමන්ට ලබාගත හැකි ප්‍රයෝජනයක් ඵලයක් නොමැතිබව තමන්ගේම නුවණින් වැටහෙනවා. එලෙසින් වැටහීම ලත් දිනයට ඒ පුද්ගලයා‍ සෝතාපන්න ඵලය අත්කරගත් පුද්ගලයෙක් ලෙසින්ද හැදින්විය හැකිය. [/FONT]
 
  • Like
Reactions: EPCO

viduransi

Member
Mar 23, 2010
5
3
0
43
Kelaniya
[FONT=&quot]එසේනම් පන්සිල් මෙලෙසින් දැනගත් අපට පංච ශික්ෂා ලෙසින් හදුන්වන්නේ මොනවාද යන්න පිලිබදවත් අවබෝධ කරගත යුතුයි... මොකද දැනටමත් අපේ නිවන් අවබෝධයට බාධාවක් වන ආකාරයේ පුරුදු කීපයකට අප යොමුවී සිටින නිසා...
[/FONT]

[FONT=&quot]පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි[/FONT]
[FONT=&quot]“ජීවිතාන්තය තෙක් ඒ රහතන් වහන්සේ පර පණ ‍නැසීමෙන් වෙන්ව, පර පණ ‍නැසීම අතහැර, බහා තැබූ දඩු මුගුරු ඇතිව, බහා තැබූ දැල් උගුල් ආයුධ ඇතිව, පාපයට ලජ්ජා ඇතිව බිය ඇතිව දයාවට පැමිණ සියළු ප්‍රාණ භූතයන් කෙරෙහි සිතානුකම්පාවෙන් වාසය කරන්නේය. උන්වහන්සේ අනුගමනය කරන්නා වූ මමද පර පණ ‍නැසීමෙන් වෙන්ව, පර පණ ‍නැසීම අතහැර, බහා තැබූ දඩු මුගුරු ඇතිව, බහා තැබූ දැල් උගුල් ආයුධ ඇතිව, පාපයට ලජ්ජා ඇතිව බිය ඇතිව දයාවට පැමිණ සියළු ප්‍රාණ භූතයන් කෙරෙහි සිතානුකම්පාවෙන් වාසය කරමි මේ මාගේ පළවෙනි සික්ඛාවයි” [/FONT]

[FONT=&quot]එසේනම් සතුන් නොමරා සිටිමින් පමණක් “පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි” යන සික්ඛා පදය මම හරියට රැක්කා කිව්වොත් එය ‍කොතරම් නිවැරදිද? [/FONT]

[FONT=&quot]අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි[/FONT]
[FONT=&quot]“ජීවිතාන්තය තෙක් ඒ රහතන් වහන්සේ නොදුන්දේ ගැනීමෙන් වෙන්ව, නොදුන්දේ ගැන්ම අතහැර, දෙන දෙයක්ම ගන්නේ, දුන්දේම බලාපොරොත්තු ඇතිව පිරිසිදු වූ ආත්ම පරිහරණයකින් යුක්තව වාසය කරන්නේමය. උන්වහන්සේ අනුගමනය කරන්නා වූ මමද නොදුන්දේ ගැනීමෙන් වෙන්ව, නොදුන්දේ ගැන්ම අතහැර, දෙන දෙයක්ම ගන්නේ, දුන්දේම බලාපොරොත්තු ඇතිව පිරිසිදු වූ ආත්ම පරිහරණයකින් යුක්තව වාසය කරමි මේ මාගේ දෙවෙනි සික්ඛාවයි” [/FONT]

[FONT=&quot]මෙයින් අදහස්‍වන්නේ සොරකම් කිරීමෙන් වැලකී සිටීම පමණක් නොවන බව ඔබටම දැන් වැටහෙනවා ඇත. කෙටියෙන් කිවහොත් මෙලෙසින් සික්ඛා පදය සමාදන් වූ විට තමන් පානය කරන තේ පානය පවා තමාට අන් අයෙක් විසින් දුන්නොත් පමණක් ගත යුතුය. බත් ආදී ආහාරයක් පවා අන් අයෙක් විසින් බෙදා පිලිගැන්වුවොත් පමණයි නේද ගත යුත්තේ? දෙන දෙයක්ම ගන්නේ, දුන්දේම බලාපොරොත්තු ඇතිව පිරිසිදු වූ ආත්ම පරිහරණයකින් යුක්තව වාසය කරන අයෙකුට පමණයි නේද මේ කියන දෙවෙනි සික්ඛා පදය නොකැඩී නොබිදී ආරක්ෂා කල හැකි වන්නේ? [/FONT]
[FONT=&quot]සොරකම් නොකොට අන්සතුදේ නොගෙන ඕනෑම අයෙකුට සිටින්න පුළුවන්. එහෙත් “අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි” ලෙසින් දෙවෙනි සික්ඛා පදය සමාදන් වන පුද්ගලයා සමග ඒ ඇත්තාට ඇප උපස්ථානය සදහාද යමෙක්අසලින්ම සිටිය යුතු නොවන්නේද? වන්දනාමාන කරමින් පූජා සිතින් පිලිගන්වන ඇත්තෙක් අසලම සිටිය යුතුයි නේද? එසේනම් පොහොය දිනට සුදුවතක් හැදගෙන උතුරු සළුව දරාගෙන ‍පන්සලට ගොස් සමාදන් වන වතහි පිහිටන විට සිදුවනවා නේද? “නොදුන්දේ ගැන්ම අතහැර, දෙන දෙයක්ම ගන්නේ, දුන්දේම බලාපොරොත්තු ඇතිව පිරිසිදු වූ ආත්ම පරිහරණයකින් යුක්තව වාසය කරන්න” හැකි අවස්ථාවක් නේද ඒ උදාවන අවස්ථාව? සාමාන්‍ය එදිනෙදා කටයුතු සිදුකරන දිනයක මෙම සික්ඛා පදය සමාදන්වී ඔබට සිටීමට හැකිද කියා ඔබේම නුවණින් සිතා බලන්න.[/FONT]
[FONT=&quot] [/FONT]
[FONT=&quot]කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි [/FONT]
[FONT=&quot]මෙලෙසින් සිල් වත සමාදන් වීමට වෙනස්කොට ගෙන ඇත්තේ “අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි” යන නියමාකාර සික්ඛා පදයයි. එය පොහෝදිනට සමාදන් වන බව සිල් සමාදන් වීමට යන ඇත්තන් දන්නවා විය හැක.[/FONT]

[FONT=&quot]“ජීවිතාන්තය තෙක් ඒ රහතන් වහන්සේ අබ්‍රහ්මචරියාවෙන් වෙන්ව අබ්‍රහ්මචරියාව අතහැර, බ්‍රහ්මචාරී වූයේ නීච වූ කාම ධර්මයන්ගෙන් වෙන්වූ උතුම් වූ බ්‍රහ්මචාරී ගුණයන්ගෙන් යුතුව වාසය කරන්නේමය. උන්වහන්සේ අනුගමනය කරන්නා වූ මමද බ්‍රහ්මචරියාවෙන් වෙන්ව අබ්‍රහ්මචරියාව අතහැර, බ්‍රහ්මචාරී වූයේ නීච වූ කාම ධර්මයන්ගෙන් වෙන්වූ උතුම් වූ බ්‍රහ්මචාරී ගුණයන්ගෙන් යුතුව වාසය කරමි මේ මාගේ තෙවෙනි සික්ඛාවයි” [/FONT]

[FONT=&quot]මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි [/FONT]
[FONT=&quot]“ජීවිතාන්තය තෙක් ඒ රහතන් වහන්සේ මුසාවාදයෙන් වෙන්ව මුසාවාදය අතහැර සත්‍යවාදී වූයේ සත්‍යයෙන් සත්‍යය ගලපා කථා කරන කථා ඇතිව සත්‍යවාදීව වාසය කරන්නේමය. උන්වහන්සේ අනුගමනය කරන්නා වූ මමද මුසාවාදයෙන් වෙන්ව මුසාවාදය අතහැර සත්‍යවාදී වූයේ සත්‍යයෙන් සත්‍යය ගලපා කථා කරන කථා ඇතිව සත්‍යවාදීව වාසය කරමි මේ මාගේ හතරවෙනි සික්ඛාවයි.”[/FONT]

[FONT=&quot]සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි [/FONT]
[FONT=&quot]“ජීවිතාන්තය තෙක් ඒ රහතන් වහන්සේ [/FONT][FONT=&quot](සුරාව මේරය - මදයට හේතුවන ප්‍රමාදයට හේතුවන ලොව අල්ලාගැනීමට හේතුවන සුරාවක් තියෙනවා මේරයක් තියෙනවා. සුරා නම් සරාගය නැමැති අර්ථ දෙයි. මේරා නම් මිහිරියාව නැමැති අර්ථ දෙයි. සරාගික වන්නේ මොනවා තුලින්ද? ලස්සන රූප දැක, මිහිර හඩ අසා, ගන්ධ, රස හා ස්පර්ශ යන පංච ඉන්ද්‍රියන්ට ගෝචර වන පංච කාමයෙන් සරාගික වෙනවා. එම පංච කාමයන් තුලින් රාගික සිතක් ඇතිකරගෙන එහි මිහිරියාවට පත්වූ විට මේ කියන්නා වූ සුරාවෙන් මේරයෙන් මත්වෙනවා. එලෙස මත්වීම තුලින් ‍නිවනින් සිත ඈත්ව යනවා. ලෝකය කොච්චර ආශ්වාදද කොච්චර ලස්සනද කියලා ලෝකයටම ඇලී සිටින්න සිතෙනවා. එලෙසින් නිවනට ප්‍රමාදය ඇතිවී ලෝකය තුලම ඇලෙනවා. එය සුරා මේරය මජ්ජපමාදට්ඨානා තුලින් පෙන්වා දුන්නා.)[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මේ කියන්නා වූ සුරාවෙන් මේරයෙන් වෙන්ව ප්‍රමාදයට හේතුවන සුරාව මේරය අතහැ‍ර අප්‍රමාදීව නිවන් අවබෝධ කල සේක! උන්වහන්සේ අනුගමනය කරන්නාවූ මමද සුරාවෙන් මේරයෙන් වෙන්ව ප්‍රමාදයට හේතුවන සුරාව මේරය අතහැ‍ර අප්‍රමාදීව නිවන් අවබෝධ කරමි මෙය මාගේ පස්වෙනි සික්ඛාවයි.”[/FONT]

[FONT=&quot]මෙන්න මේ ලෙසින් ය‍ම් අයෙක් මෙම පංච සික්ඛා සමාදන් විය යුතුයි. එහෙත් එලෙසින් මෙම සික්ඛා පද 5 සමාදන් වීමට හැකිවන්නේ පෙර සදහන් කල ආකාරයකට පොහෝදිනයක හෝ වෙනත් දිනයක පන්සලකට හෝ වෙනත් සුදුස් ස්ථානයක තමන්ගේ ඇප උපස්ථාන සදහා තවත් අයෙක් අසල සිටින විට පමණක් බව ඔබටම වැටහෙනවා ඇති. එසේත් නොමැති නම් මේ ආර්ය මාර්ගය පූර්ණය කිරීමට මාර්ගයට පිවිසි ඇත්තන් හට පවා තම තමන්ගේ කටයුතු සමග ගැටීමේදී මේ සික්ඛා පදයන් බිදී යන අවස්ථා උදාවීම සාමාන්‍ය දෙයක් බව ඔබටම වැටහෙනවා ඇති. එනම් එලෙසින් අපට සමාදන් විය නොහැකි වතක් අනුගමනය කරමින් මම පන්සිල් රකිනවා යැයි කියමින් සිටීම කොතරම් සුදුසුද යන්න දැන් ඔබේම නැණ නුවණින් ඔබටම විමසා බැලීමට අවස්ථාවක් උදා‍වී ඇත. [/FONT]