ශීලය ගැන කතා කරමු.
ශීලය ගැන කතා කරන තැන් කිහිපයක් තියෙනවා:
පාරමිතා ධර්මයක් ලෙස
කුසල කර්මයක් ලෙස
ආර්ය අෂ්ඨාංගික මාර්ගය ශීල, සමාධි, ප්‍රඥා වශයෙන් බෙදා දැක්වීමේදි
ඔන්න ඔය වගේ.
ශීලය කියන්නෙ කය හා වචනය සංවර කර ගැනීමට.
මුළින්ම කතා කරමු සිල් රකින්නේ කුමක් සඳහාද කියන එක.
ශීලය ආරක්ෂා කළ යුත්තේ සසරින් එතෙර වීම සඳහා උපකාර වනු පිණිසමයි. එහෙම රකින් සීලය තමයි ආර්ය ශීලය වෙන්නෙ: බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේලාගේ ප්‍රකෘති ස්වභාවයට සම වෙන්නෙ.
ශීලය වර්ග කරන්නට පුළුවනි කිහිප ආකාරයක් අනුව.
තවත් වර්ග කිරීමක් තමයි වාරිත්‍ර ශීල (නොකළ යුතු ක්‍රියා වලින් වැළකීම) සහ චාරිත්‍ර ශීල (කළ යුතු දෑ කිරීම). මින් වඩා උසස් කියල සළකන්නෙ වාරිත්‍ර ශීලය.
සාමාන්‍යයෙන් පෘථග්ජනයන්ගෙ සිත නැමී පවතින්නෙ පස්කම් සැප විඳීමට. එහෙම වුණාම, ඔහුට සිල් රැකීම දැනෙන්නෙ මහ කරදරයක් විදිහට. සිල් රැකිය හැකි පරිදි සිත සකස් කර ගැනීමටනම් ශීලයෙහි අනුසස් නිතර ප්රත්යවේක්ෂා කළයුතුයි- ඒ කියන්නෙ සිහි කල යුතුයි.
මොනවද මේ අනුසස්?
සීලානිසංස දැක්වෙන සූත්‍ර හා ගාථා කිහිපයක් මෙසේයි:
අපිට සමහර වෙලාවට ප්‍රශ්න එනවනෙ ශීලය රැකීම සම්බන්ධයෙන්: ගෙදර ඉන්න කිණිතුල්ලො මැරුවට කමක් නැද්ද; හොරෙක් හතුරෙක්ට අහු වුණාම මැරුවට කමක් නැද්ද; අම්මා බනින නිසා බාත් රූම් එකේ කූඹි හෝදලා ඇරියට කමක් නැද්ද වගේ ඒවා. මේ කරුණු පැහැදිලි වෙනවා ශීල පාරමිතාවෙ ප්‍රභේද ගැන කියෙව්වම:
ඒ තමා
ශීල පාරමිතාව කියන්නෙ අපිට රකින්න ලේසිම එක:
ක්‍රීඩා පිණිස, තමන්ගෙ සමත්කම් පෙන්වීම පිණිස, ක්‍රෝධ ඊර්ෂ්‍යාව නිසා පව්කම් කිරීමෙන් වැළකී සිටිනවා. නමුත් ගොයම් රැක ගැනීමට මැස්සන් මරන්නාක් මෙන්, යම් කිසි පාපයක් නොකළහොත් තමන්ගෙ ධනය නොරැකෙන අවස්ථාවක් පැමිණුන කල, එහෙම නැත්නම් තමන්ගෙ අඹුදරුවන්ට විපත් පැමිණිකල ඔවුන් රැකගනු පිණිස, පව්කම් නොකළහොත් නොලැබිය හැකි වස්තූන් ලබා ගැනීම පිණිස පව්කම් කරනවා.
(ඉතින් කූඹි සෝදා දමනවා විය හැකියි; කිණිතුල්ලො මරනවා විය හැකියි; නමුත් තමුන්ට හැකි පමණින් ශීලය ආරක්ෂා කරනවා; වරද කරන්නෙ සාපේක්ෂව සාධාරන හේතුවක් උඩ) මින් අදහස් කරන්නෙ නෑ මින් පව් සිදු නොවෙන බවක්.
ශීල උප පාරමිතාව කියන්නෙ ඉහළ පියවරක්:
මෙහිදී අඹුදරුවන් නිසාවත්, වස්තුව රැක ගැන්ම උදෙසාවත්, පව්කම් නොකොට ලබා ගත නොහැකි දෙයක් ලබා ගැනීම උදෙසාවත් සිල් බිඳින්නෙ නෑ.
යම් පවක් නොකළහොත් තමන්ගෙ ශරීරාවයවයක් නැසෙන, නොරැකෙන තැනක් ආවොත් ශීලය රැකගෙන ශරීරාවයවයන් පරිත්‍යාග කරනවා.
ශීල පරමත්ථ පාරමිතාව කියන්නෙ ඉහළම පියවර:
තමන්ගෙ ජීවිතය ගියත් ශීලය කඩන්නෙ නෑ. මෙහෙම ශීලය රකින්න මාර්ගඵල ලාභී වෙන්න ඕනෙ නෑ. අහල ඇතිනෙ අර කුකුළා මරන්නට නියම වුණු ගොවියගෙ කතාව.
මේ විස්තර ලබා ගත්තෙ රේරුකානේ චන්දවිමල මහ නාහිමියන්ගෙ පාරමිතා ප්‍රකරණය පොතෙන්.

ගිහියන් විසින් රකිනු ලබන ගෘහස්ථ ශීල-පන්සිල්, අටසිල්, ආජීව අෂ්ටමක ශීලය
පැවිදිව වෙසෙන්නන් විසින් රකින් ප්රවෘජිත ශීල-සාමණේර ශීලය, උපසම්පදා ශීලය
පැවිදිව වෙසෙන්නන් විසින් රකින් ප්රවෘජිත ශීල-සාමණේර ශීලය, උපසම්පදා ශීලය
තවත් වර්ග කිරීමක් තමයි වාරිත්‍ර ශීල (නොකළ යුතු ක්‍රියා වලින් වැළකීම) සහ චාරිත්‍ර ශීල (කළ යුතු දෑ කිරීම). මින් වඩා උසස් කියල සළකන්නෙ වාරිත්‍ර ශීලය.
සාමාන්‍යයෙන් පෘථග්ජනයන්ගෙ සිත නැමී පවතින්නෙ පස්කම් සැප විඳීමට. එහෙම වුණාම, ඔහුට සිල් රැකීම දැනෙන්නෙ මහ කරදරයක් විදිහට. සිල් රැකිය හැකි පරිදි සිත සකස් කර ගැනීමටනම් ශීලයෙහි අනුසස් නිතර ප්රත්යවේක්ෂා කළයුතුයි- ඒ කියන්නෙ සිහි කල යුතුයි.
මොනවද මේ අනුසස්?
කෙලෙසුන් නැසීමට උපකාර වෙන්නෙ ශීලය.
උඩු සුළඟටද පැතිරෙන, සුළං නැතිව වුණත් පැතිරෙන සුවඳක් සිල් සුවඳ.
රජුන්ගෙන් පවා ගෞරව ලැබිය හැකි දෙයක්. නුවනැත්තන්ගෙන් පැසසුම් ලැබීමට හේතුවක්.
දෙව් සැප ලැබීමට හේතුවන්නක්.
ධ්‍යාන ලැබීමට, නිවන් අවබෝධ කිරීමට උපකාරී වන්නක්.
සිල්වත් තැනැත්තාට සිහි කර ප්‍රීතිය පත් විය හැකි කරුණක්.
"මං අතින් මෙහෙම වරදක් වුණානෙ" කියල තමන්ට චෝදනා කරගැනීමෙන් වැළකීමට, අනුන්ගෙන් චෝදනා නොලැබීමට හේතුවක්.
දඬුවම්වලින්, අපායෙන් මිදීමට මගක්.
බාහිර ධනය ඉක්මවා යන්නක්.
උඩු සුළඟටද පැතිරෙන, සුළං නැතිව වුණත් පැතිරෙන සුවඳක් සිල් සුවඳ.
රජුන්ගෙන් පවා ගෞරව ලැබිය හැකි දෙයක්. නුවනැත්තන්ගෙන් පැසසුම් ලැබීමට හේතුවක්.
දෙව් සැප ලැබීමට හේතුවන්නක්.
ධ්‍යාන ලැබීමට, නිවන් අවබෝධ කිරීමට උපකාරී වන්නක්.
සිල්වත් තැනැත්තාට සිහි කර ප්‍රීතිය පත් විය හැකි කරුණක්.
"මං අතින් මෙහෙම වරදක් වුණානෙ" කියල තමන්ට චෝදනා කරගැනීමෙන් වැළකීමට, අනුන්ගෙන් චෝදනා නොලැබීමට හේතුවක්.
දඬුවම්වලින්, අපායෙන් මිදීමට මගක්.
බාහිර ධනය ඉක්මවා යන්නක්.
සීලානිසංස දැක්වෙන සූත්‍ර හා ගාථා කිහිපයක් මෙසේයි:
විසාඛුපෝසථ සූත්‍රය
ආකංඛෙය්‍ය සූත්‍රය
සීලවත්ථෙර ගාථා
ආකංඛෙය්‍ය සූත්‍රය
සීලවත්ථෙර ගාථා
අපිට සමහර වෙලාවට ප්‍රශ්න එනවනෙ ශීලය රැකීම සම්බන්ධයෙන්: ගෙදර ඉන්න කිණිතුල්ලො මැරුවට කමක් නැද්ද; හොරෙක් හතුරෙක්ට අහු වුණාම මැරුවට කමක් නැද්ද; අම්මා බනින නිසා බාත් රූම් එකේ කූඹි හෝදලා ඇරියට කමක් නැද්ද වගේ ඒවා. මේ කරුණු පැහැදිලි වෙනවා ශීල පාරමිතාවෙ ප්‍රභේද ගැන කියෙව්වම:
ඒ තමා
ශීල පාරමිතාව
ශීල උප පාරමිතාව
ශීල පරමත්ථ පාරමිතාව

Last edited: