සමහරක් භාවනා කරන්න හරි උනන්දුවෙන් වාඩි වෙනවා. හැබැයි හිත එක තැනකට ගේන්න හරිම අමාරුයි. මේ නිසා ඉච්ඡාභංගත්වයට පත් වෙනවා. ඒ නිසා භාවනාව අත්හැරලා දානවා. සමහරු දැඩි වීර්යෙන් අල්ලන් ඉන්නවා. මේ තත්ත්වය ඔයාටත් දැනිලා ඇති. එහෙම නැතුවත් ඇති. මේ වගේ අවස්ථාවක් ඔයාගේ භාවනා පුහුණුවට ආවොත් ඒකට පිළියමක් තමයි මම කතා කරන්නේ.
භාවනාවට වාඩි වෙන්න කලින් ඔයා හිතලා බලන්න ඔයාගේ ශීලය කොහොමද කියලා. ඒ කියන්නෙ ශීලයේ ස්වභාවය කොහොමද කියලා. ගිහියෙකුගේ පැත්තෙන් ගත්තම ශීලය විවිධාකාරයි. ඒ අතරෙ තියෙන කුඩාම ශීලය තමයි පංචශීලය. හැබැයි මේ ශීලයේ ප්‍රතිඵල මහත්පලයි. ඔබ රකින එක සිල් පදයකත් සෑහෙන බලයක් තියෙනවා. ඇයි ඔයා ඔයාගේ ශීලය පිළිබඳව විමසා බලන්නෙ? ඒ මේ නිසයි.
භාවනා කරන්න තියෙන එක බාධාවක් තමයි හිතේ තියෙන පසුතැවීම් ගතිය. අනෙක් අතට සැකය. පිරිසිදු ශීලය නිසා පසුතැවීමක් නැති වෙනවා. "අවිප්පටිසාරො පාමොජ්ජස්ස කාරණං" (පසුතැවීම නැති බව ප්‍රමෝදයට හේතුවයි) - AN 11.1 ඉතින් භාවනාවේ සමාධියට මේ තත්ත්වය උපකාර වෙනවා.
සිල් රකින මිනිස්සුන්ගෙ හිත සන්සුන්. භාවනා කරන්න නොසන්සුන් හිතකින් බැරි බව ඔයා දන්නවා. ඒකට ඔයාට සන්සුන් හිතක් අවශ්‍යයි. ශීලයෙන් සන්සුන් හිතක් ලැබෙනවා. - "සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො" (සීලයෙහි පිහිටා නුවණැති තැනැත්තා) - SN 1.23
භාවනා කරන කෙනෙක්ට ඒ භාවනාව අසාර්ථක වෙන්න ප්‍රධාන හේතුවක් තමයි නීවරණ වල බලපෑම. සිල්වත් බව නිසා කාමච්ඡන්ද, ව්‍යාපාද වගේ නීවරණ දුර්වල වෙනවා. ඉතින් ඒක භාවනාවට පහසුවක් නොවේද?
ඊලඟට වැදගත් දෙයක් තමයි ප්‍රීතිය. ප්‍රීතිය භාවනා සමාධියට වැදගත්. පිරිසිදු ශීලය නිසා තමයි ප්‍රීතිය උපදින්නේ.
ශීලයේ ඇති තවත් ගුණයක් තමයි හිත එකඟ කරන ගතිය - "සීලවතො චිත්තං සමාධියති" (සීලවතාගේ සිත සමාධිමත් වේ). භාවනාවට හිත එකඟ කිරීම කොච්චර වටිනවද කියලා භාවනා කරන අය දන්නවා.
තවත් පැත්තකින් ගත්තම ශීලවන්තයා කලබල රහිත, ශාන්ත කෙනෙක්. ඒ වගේ පරිසරයක් තමයි භාවනා කරන්න අවශ්‍ය. අපි කලබලකාරී නම් අපිට භාවනාව සාර්ථක කර ගන්න අමාරුයි.
බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි - "සීලං සමාධිස්ස පතිට්ඨා"
"සීලය සමාධියේ පදනමයි"
මෙහෙම බැලුවම භාවනාවේ මූලික පදනම වෙන්නෙ ශීලය. මෙනිසා භාවනාව සාර්ථක කර ගැනීමට ශීලය පිරිසිදුව රකින්න ඕනා. සරලවම ගත්තම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග වෙන්නෙ ශීලය, සමාධිය සහ ප්‍රඥාව. ඒ කියන්නේ ශීලය සමාධියට උපකාර වෙනවා, සමාධිය ප්‍රඥාවට උපකාර වෙනවා. නිවනට මාර්ගය වෙන්නෙ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ කියන්නෙ ශීල, සමාධි සහ ප්‍රඥා. කලින් කිව්ව වගේ සමාධියට පදනම වෙනවා, සමාධිය ප්‍රඥාවට පදනම වෙනවා. එහෙම බැලුවම ප්‍රඥාවට පදනම වෙන්නෙත් ශීලය. මෙන්න මේ නිසයි ශීලය පිළිබඳව විමසා බලන්න ඕනා. මේවා මුකුත් නැතිව භාවනාවෙන් විතරක් නිවන් දකින්න යනවා කියන්නෙ හීනයක් විතරයි.