ස්වයං වින්දනය හෝ ලිංගික සංසර්ගයෙන් පසු පිට වෙන දියරයට හැමෝම ශුක්‍රාණු (sperm) කියල කිව්වත් ඒ දියරය ශුක්‍රාණු එක්ක පිට වෙන තරලය යි.(semen). ඒ තරලයේ 5-10% අතර ප්‍රමාණයක් තමා ශුක්‍රාණු තියෙන්නේ. ඒ විදියේ තරලයක් එක්ක ශුක්‍රාණු පිට වෙන්නේ ශුක්‍රාණු වල ආරක්ෂාවට සහ ශුක්‍රාණු වලට ගැහැණු ඩිම්බයක් හමු වෙනකම් වැඩි දුරක් ඉදිරියට පිහිනා යන්න උදව් වෙන්න. ඒ දියරය නැත්නම් ශුක්‍රාණු එක තැන රවුමට කැරකෙනවා මිසක් ඉස්සරහට යන්නේ නෑ.
ශුක්‍ර තරලයට නිශ්චිත ගඳක් හෝ රසයක් නැහැ. ඒ දේවල් එකිනෙකාගෙන් වෙනස් වෙනවා. ජාන, ලබා ගන්නා ආහාර, ජිවන රටාව වගේ දේවල් අනුව ඒ දේවල් තීරණය වෙනවා. ශුක්‍ර තරලයේ ප්‍රෝටීන් සංයෝග, විටමින් C, සින්ක්, සෝඩියම් වගේ දේවල් තිබ්බත් දෛනික පෝෂණ අවශ්‍යතාව සම්පුර්ණ කර ගන්න කිසි ලෙසකින් වත් ශුක්‍ර තරලයේ තියෙන දේවල් වලින් උදව්වක් වෙන්නේ නැහැ. ශුක්‍රාණු වලින් මහත් වෙනවා, ශුක්‍රාණු ඇඟට ගුණයි වගේ දේවල් සම්පුර්ණ මිත්‍යාවන්.
ශුක්‍ර තරලයට කලින් එන තරලය ශ්‍රාවය වන්නේ ලිංගික සංසර්ගය පහසු කරවන ස්වභාවික ලිහිසිකාරකයක් විදියට. එම තරලයේ ශුක්‍රාණු අඩංගු වන්නේ නෑ. නමුත් එම තරලය පැමිණෙන්නේ මුත්‍ර මාර්ගය ඔස්සේ නිසා මුත්‍ර මාර්ගයේ තිබෙන ශුක්‍රාණු තරලය හා මිශ්‍ර වී පැමිණිය හැකියි. එම නිසා ශුක්‍ර තරලයට පෙර ශ්‍රාවය වන තරලයෙනුත් ගැබ් ගන්න කුඩා හැකියාවක් තිබෙනවා.
ශුක්‍රාණුවක් ඩිම්බයක් හමු වෙනකම් යන ගමනේදී සෑහෙන දේවල් පහු කරන්න වෙනවා. යෝනිය, ගැබ්ගෙල, ගර්භාෂය, ෆැලෝපිය නාල සහ අවසානයේ ඩිම්බ කෝෂ. සාමාන්‍යයෙන් මේ ගමන ඉවර කරන්න 18cm ක් පමණ පිහිනා යන්න වෙනවා සහ ඒ ගමනට විනාඩි 45ක් වගේ ගත වෙනවා. ඒ ගමන කොච්චර දුරද කියනවා නම් ඒක හරියට මනුෂ්‍යයෙක් ඔලිම්පික් පිහිනුම් තටාක 100ක වගේ දුරක් එක දිගට පීනනවා වගේ දුරක්.
වෘෂණ කෝෂ තුල දිනපතාම ශුක්‍රාණු නිපදවෙනවා. එලෙස නිපදවෙන ශුක්‍රාණු ස්වයං වින්දනය, ලිංගික සංසර්ගය හෝ නොදැනීම පිට වෙනවා. එලෙස පිට නොවෙන ශුක්‍රාණු ස්වාභාවිකවම යළි ශරීරයට අවශෝෂණය කර ගන්නවා. එසේම ශුක්‍රාණු පිට කිරීම මාසයක් ඇතුලත 21 වතාවකට වඩා සිදු කිරීම පුරස්ථි ග්රන්ථ වල ඉදිරියේදී ඇති විය හැකි ආබාධ අඩු කිරීමට හේතු වන බව සොයාගන තිබෙනවා.
සමාජයේ බොහෝ විට මේක පිරිමියෙක්ව හාස්‍යට ලක් කරන්න කියන දෙයක් විදියට භාවිතා වෙනවා. ශුක්‍රාණු නිපදවීම සිදු කරන්නේ වෘෂණ කෝෂ වල. නමුත් එක් වෘෂණ කෝෂයක් ඉවත් කර තිබුනත් අනිත් වෘෂණ කෝෂය හොඳින් ක්‍රියා කරනවා නම් ලිංගිකව එක් වීමට හෝ දරුවන් සෑදීමට සහ එම පුද්ගලයාගේ පිරිමි හෝමෝන වලට බාධාවක් වන්නේ නැහැ.
ප්‍රංශ පාපැදි තරඟාවලිය හත් වතාවක් එක දිගට ජයග්‍රහණය කරපු ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග් ගේ එක් වෘෂණ කෝෂයක් විතරයි තියෙන්නේ.
විදේශ රට වල තිබෙන ශුක්‍රාණු බැංකුවක (sperm bank) එකකට සතියකට දෙපාරක් විතර ශුක්‍රාණු ලබා දෙන කෙනෙක්ට මාසෙකට ලක්ෂ 3කට ආසන්න මුදලක් ලැබෙනවා. ශුක්‍රාණු බැංකුවකින් ශුක්‍රාණු මිලදී ගන්න අයට ඒ වෙනුවෙන් එක වරකට 50,000 ත් 175,000 ත් අතර මුදලක් වැය වෙනවා. ඒත් මේ විදියේ ශුක්‍රාණු බැංකුවකට ශුක්‍රාණු ලබා දෙන කෙනෙක් විදියට ඇතුළත් වෙන එක හාවඩ් විශ්වවිද්‍යාලයට ඇතුලත් වෙන්වටත් වඩා අමාරුයි අයදුම් කරුවන්ගෙන් 100 දෙනෙකෙගෙන් එක්කෙනෙක් වගේ තමා ඇතුළත් වෙන්න තේරෙන්නේ.
from
xeducationsl fb
