ශුක්‍රාණු බැංකුව

Goldberg

Member
Dec 15, 2008
1,354
117
0
ශුක්‍රාණු බැංකුව

බොහෝ රටවල් වල වගේම අපේ රටේත් විවාහ වූ අයගෙන් සැලකිය යුතු ප්‍රතිශතයකට තියෙන ප්‍රශ්නයක් තමයි මඳ සරු භාවය (subfertility). මේ නිසා දරුවකු හදා ගැනීමට පමාවීමේ විද්‍යමය ප්‍රශ්නවල ඉඳලා සමාජීය ප්‍රශ්න දක්වා පුළුල් පරාසයක ප්‍රශ්න ඇතිවෙනවා. මඳ සරු භාවයට හේතුව එක්කෝ පුරුෂයා, නැත්නම් ස්ත්‍රියගේ සහ බොහෝ විට දෙදෙනාගේම ප්‍රශ්නයක්. සමහර පිරිමි අයගේ සිරුරේ ශුක්‍රාණු නිපදවෙන්නේ නැහ. සමහරුන්ගේ නිපදවෙන ශුක්‍රාණු වලට පිහිනීමේ හැකියාව නැහැ. සමහර අයගේ ජානමය විකෘති බහුලයි. ඔය අතරින් දෙවැනි කණ්ඩායමට නළ දරුවන් (in vitro fertilization) ලබා ගැනීමට හැකියාව තියෙනවා. නළ දරුවන් කියන්නේ සාමාන්‍යයෙන් අන්තිම ප්‍රතිකාර ක්‍රමය. නමුත් පළමු හා තුන්වන කණ්ඩායම් වලට ඒ අවස්ථාවත් නැහැ. මේ වගේ වෙලාවට කරන්න වෙන්නේ වෙන පිරිමියෙක්ගේ ශුක්‍රාණු පාවිච්චි කරලා (sperm donation) දරුවකු ලබා ගැනීම.


1999 වගේ කාලේ මේ කියපු ක්‍රමය ලංකාවට ආගන්තුක එකක්. මොකද එහෙම කරන්න නම් ශුක්‍රාණු ගබඩා කර තියා ගන්නා ශුක්‍රාණු බැංකු ඇති වී තිබිය යුතුයි. සාමාන්‍යයෙන් ශුක්‍රාණු ගබඩා කරන්නේ ද්‍රව නයිට්‍රජන් ඇසුරේ. ඒ නිසා එවන් බැංකුවක් පවත්වා ගැනීම සෙල්ලමක් නෙවෙයි. ශුක්‍රාණු බැංකු පාවිච්චි වෙන තව අවස්ථාවක් තමයි ඊවිතය බේරා ගැනීම සඳහා ශුක්‍රාණු විනාශ විය හැකි ඖෂධ දෙන්න සිද්ධ වෙලා තියෙන අවස්ථාවක (පිළිකා සහ ඇතැම් වකුගඩු රෝග මේකට උදාහරණ ) ප්‍රතිකාරයට කලින් අනාගතය උදෙසා ගබඩා කර තැබීමට. ශුක්‍රාණු දායකයෙක් ගේ නම කොයි වෙලාවකවත් අනික් අයට හෙළි කරන්නේ නැහැ. උස, කෙස් සහ ඇස් වල පාට, සහ බුද්ධි ඵලය වගේ විස්තර ලබා දීමෙන් තෝරා ගැනීමකට ඉඩ ලැබෙනවා.

1999 වගේ කාලෙක එක්තරා නාරි හා ප්‍රසව වේදය පිලිබඳ වෛද්යතුමෙක් ශුක්‍රාණු බැංකුවක් පටන් ගන්න තීරණය කලා. දැන් මේකට දායකයොත් හොයා ගන්න ඕන. ඒ විද්‍යතුමා එවකට සායනික පුහුණුවට ආපු බඩා සහ කණ්ඩායමට ශුක්‍රාණු දායකයන් වෙන්න යෝජනා කළා. වෛද්‍ය ශිෂ්‍යයන්ගේ බුද්ධි ඵලය ඉහළයි කියල පිළිගන්නා නිසා දායකයන් හැටියට ඔවුන්ට තියෙන්න ඉල්ලුමත් බොහොම වැඩියි. ඒකට කණ්ඩායමෙන් ආවේ එක එක ප්‍රතිචාර.

සාමාන්යයෙන් ශුකාණු ලබා ගන්නේ ස්වයංවින්දනයේ යෙදීමෙන්. තැන්පත් කල ශුක්‍රාණු වලින් ගැබ් ගන්වීමක් කරන්නේ artificial insemination කියන ක්‍රමයෙන්. අපේ කණ්ඩායමේ හිටපු මුස්ලිම් සිසුවෙක් කියනවා "සර්, අපේ ආගමට අනුව ස්වයංවින්දනයේ යෙදීම තහනම්. මේක කරනවා නම් coitus interruptus ක්‍රමයට තමයි කරන්න වෙන්නේ" කියල. මේකා නොකියා ඉල්ලන්නේ ශුක්‍රාණු දෙන්න නම් බිරිඳකුත් හොයලම දෙන්න කියල! කොටියා කියන්නේ ඕක බැංකුවෙන් කරන්න ඕන නෑ මං ගාවට එව්වොත් ස්වභාවික ක්‍රමයටම (natural insemination) කරල දෙන්නම් කියල. සමනා කියන්නේ උගේ ගති ළමයට ගියොත් දායකයා හොයා ගන්න එක ඒ හැටි අමාරු වෙන්නේ නෑ, එතකොට මේ ගෑණු වන්දි ඉල්ලන් ඒවි කියල.


උපුටා ගැනීම :badamama.blogspot.com
 

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,160
    12,144
    113
    Ohio, USA
    32700457192-Sperm_Bank_in_Sri_Lanka.jpg
     

    wasantha2014

    Junior member
  • Jul 7, 2014
    37
    12
    8
    නිවැරදිව කේන්දර ගැලපුව නම් ශුක්‍රානු බැංකු වලින් ගන්න ඕනේ නැහැ.