ශුක්‍රානු සහ Wifi + Laptop

maraputha

Member
Dec 23, 2014
3,720
409
0
ශුක්‍රානු_Wifi_Laptop

මුලින්ම මෙන්න ප්‍රශ්ණ කීපයක්.

ඔබ තාම අවිවාහකයෙක් ද? නැතිනම් තවමත් දරුවන් නොමැති තරුණ සැමියෙක්ද?
ඔබ ලැප්ටොප් වර්ගයේ පරිගනකයක් නිතරම උකුල උඩ තියාගෙන පාවිච්චි කරනවාද?
ඒ පරිගනකයට අන්තර්ජාල පහසුකම් ලබාගන්නේ වයි-ෆයි සම්බන්ධයක් හරහාද?
ඉහත ප්‍රශ්ණ සියල්ලටම පිළිතුර ඔව් යන්න නම් පුතෝ, බුදු අම්මෝ!

මෙනිසා ඔබේ සරුබවට හානි වෙන්න පුළුවන් ලු!

වයි-ෆයි නිසා ඇතිවෙන විද්‍යුත්චුම්භක විකිරණය නිසා ශුක්‍රාණු විනාශ වෙන්න ඉඩ තියෙනවාය කියලා අන්න විද්‍යාඥයින් පිරිසක් අනතුරු හඟවලා.

මේ ආර්ජන්ටියානු විද්‍යාඥයින් කණ්ඩායම කරලා තියෙන පරීක්‍ෂණය ඉතාව සරල දෙයක්. ඉන්ටර්නෙට් එකට වයි-ෆයි මගින් සම්බන්ධ කරපු ලැප්ටොප් කම්පියුටරයක් යටින් හොඳ නීරෝගී සම්පන්න මිනිසුන් 29 දෙනෙකුගෙන් ගත්තු ශුක්‍රාණු සාම්පල් තියලා ඩවුන්ලෝඩ් බට්න් එකක් ප්‍රෙස් කරලා.

පැය හතරකට පස්සේ බලනකොට ශුක්‍රාණුවලින් කොටසක් අකර්මන්‍ය වෙලා බවයි පෙනිලා තියෙන්නේ.

සියයට විසිපහක් පමණ ශුක්‍රාණු තරලයේ පීනන එක අතහැරලා. ලැප්ටොප් කම්පිටුටරේට දුරින් තියල තිබුණු සමාන සාම්පල්වල මේ ප්‍රතිශතය වෙලා තියෙන්නේ 14% ක් විතරයි.

ඒ මදිවට ලැප්ටොප් එක යට තිබුණු ශුක්‍රාණුවලින් 9%ක ඩී.එන්.ඒ වලට හානිවෙලා බව පෙනිලා. මේක ඈතින් තිබුණු සාම්පල්වල ප්‍රතිශතය වගේ තුන් ගුණයක් ලු!

හැබැයි ගිය අවුරුද්දේ යුරොලොජි පර්යේෂකයින් හොයාගත්තලූ, ලැප්-ටොප් කම්පියුටරයක් දණහිස උඩ දිගුවෙලාවක් තියාගෙන ඉන්න කොට අණ්ඩකෝෂවල උෂ්ණත්වය ශුක්‍රාණුවලට හානිවෙන තරමට ඉහල යන බව.


http://www.dailymail.co.uk අැසුරින් සකස් කරන ලද්දකි.
 
Last edited:

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
විද්‍යුත් චුම්බක විකිරණ ?? :eek: :eek:
විද්‍යුත් චුම්බක ? :eek: :eek:
ඇල්ෆ බීට දෙක ගැනද ඔය කියන්නෙ ? :eek: :eek:
ඔය දෙකට යංතං පට්ට ගණකම් කලිසම පසාරු කරං ගියහැකිද සිඞ්හලු ? :eek: :eek:
ඕක හොයාගත්තෙ බටහිර සයන්ටිස්ට්ස් ල නේ ? :dull: :dull:
ශ්‍රී ලඞ්කාවෙ සිඞ්හලුන්ව වඳ කල්ල තර්ජනයක් වෙලා තියෙන අපිව නැතිකල්ල දාන්න කරන කුමන්ත්‍රණයක්ද දන්නෑ :dull: :dull: :dull:
 

KDH

Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    :shocked::shocked::shocked::shocked:


    ගෙදර කනෙක්ට් වෙලා ඉන්නේ lan cable එකෙන්.office එකේ නම් ලැප් ඒක මේසේ උඩ.connection wifi.මේසේ උඩ නිසා අවුලක් නැතුව ඇතිනේ...

     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    sperm_morph.jpg
     
    Last edited: