ශ‍්‍රී ලංකාව රැක ගන්නට 70 වසරකට පෙර කළ සටන

SANI99

Member
Mar 22, 2012
1,207
77
0
yokohama

නිසි කලට අනතුරු ඇඟවීමක් ලැබීම නිසා මහ ව්‍යසන වළක්වා ගත් අවස්ථා ඉතිහාසය පුරා අපට හමු වනවා. එහෙත් අනතුරු ඇඟවීමක් ලැබුණාට පමණක් මදි. එය ලද විගස තීරණාත්මක ලෙසින් ක‍්‍රියාත්මක විමත් අවශ්‍යයි.එය එසේ නොවූ විට සිදු වියහැකි දේ ගැන බලවත් ම උදාහරණය අප දුටුවේ 2004 දෙසැම්බර් 26දා සුනාමිය ආ විටයි. විද්‍යාත්මකව ජාත්‍යන්තර මට්ටමින් ශ‍්‍රී ලංකාවට ලබා දුන් අනතුරු ඇඟවීම ගැන මෙරට බලධාරින් කිසිදු පියවරක් නොගැනීම නිසා ලෙහෙසියෙන් බේරා ගත හැකිව තිබූ ජීවිත දහස් ගණනක් පැය කිහිපයක් ඇතුළත විනාශ වුණා.
මේ විපත මට යළිත් සිහිපත් වූයේ මීට වසර 70කට පෙර ජපන් ගුවන් යානා ලංකාවට බෝම්බ ප‍්‍රහාර එටඑල්ල කිරීම ගැන පොතක් යළි කියවන විටයි. 1942 අපේ‍්‍රල් 5 දා කොළඹ වරාය හා රත්මලාන ගුවන් තොටුපළටත්, අපේ‍්‍රල් 9වනදා ත‍්‍රිකුණාමල වරාය හා නැගෙනහිර වෙළාසන්න නවතා තිබූ මිත‍්‍ර පාක්ෂික යුද්ධ නෞකාවලටත් ප‍්‍රහාර එල්ල වුණා. දෙවන ලෝක යුද්ධය පිළිබඳ ඉතිහාස වර්තාවල මේ ප‍්‍රහාරයන් හඳුන්වන්නේ පාස්කු ඉරිදා ගුවන් ප‍්‍රහාරය (Easter Sunday Air Raid.) හැටියයි. තවත් සමහරුන් එය ලංකාව සඳහා කළ යුද්ධය (Battle of Ceylon) කියා හඳුන්වනවා.
එකල රාජකීය ගුවන් හමුදාවේ නිලධාරියකු ලෙස මෙරට සේවය කළ මයිකල් ටොම්ලින්සන් පසු කලෙක (1975) ලියූ The Most Dangerous Moment පොතෙ මේ සිදුවීම් මාලව පිළිබඳව ඇති හොඳ ම ඓතිහාසික සටහනයි.
කොළඹ හා ත‍්‍රිකුණාමලය ප‍්‍රදේශවලට ජපන් ප‍්‍රහාර එල්ල වූයේ ඒ වනවිට දෙවන ලෝක යුද්ධය සම්බන්ධයෙන් ඉන්දියානු සාගරයේ තීරණාත්මක තැනක ශ‍්‍රී ලංකාව පිහිටීම නිසා 1942 පෙබරවාරි වන විට ජපන් හමුදා අග්නිදිග ආසියාව යටත් කර ගත්තා. මලයාව, බුරුමය හා සිංගප්පූරුව ජපන් පාලනයට නතු වීමෙන් පසු දකුණු ආසියාව අල්ලා ගන්නට ඔවුන් උත්සුක වූණා. එහි මුල් පියවර වූයේ ලංකාව යටත් කොට එහි ජපන් යුද්ධ නෞකා, සබ්මැරීන හා ගුවන් යානා නතර කිරීමයි. එතැන් පසු ඉන්දියාවටත්, ඉනික්බිති මැදරපෙරදිග දක්වාත් බලය විහිදු වීමට ජපන් හමුදාවට සැලසුමක් තිබුණා.
දෙවන ලෝක යුද්ධයේ අතිශයින් බිහිසුණු වූත්. තීරණාත්මක වූත් සන්ධිස්ථානයක් ලෙසින් බි‍්‍රතාන්‍යයේ එවකට සිටි අගමැති වින්ස්ටන් චර්චිල් පසුව හඳුන්වා දුන්නේ 1942 මාර්තු – අපේ‍්‍රල් කාලයයි. ඒ සතිය තුළ ලංකාවෙ පාලනය බි‍්‍රතාන්‍ය ජාතිකයන් අතින් ගිලිහී ජපන් ජාතිකයන් අතට ගියා නම් දෙවන ලෝක යුද්ධයේ ඉතිරි වසර තුන හමාර බෙහෙවින් වෙනස් විය හැකි තිබුණා. (යටත්විජිත පාලනයෙන් මිදීමේ කෙටි මාර්ගය හැටියට මෙට වාමාංශික දේශපාලනයන් එවකට තර්ක කළේත් ජපන් ජාතිතයන්ට පක්ෂික වීමයි.)
ජපන් අරමුණු ගැන හොඳ ඉඟියක් මිත‍්‍ර පාක්ෂික හමුදාවලට තිබුණත්, ඇත්තට ම ජපන් නාවික හා ගුවන් හමුදාවල හැකියාව ගැන විස්තරාත්මක අවබෝධයක් ඔවුන්ට තිබුණේ නැහැ. අද මෙන් පෘථිවි කක්ෂයේ සිට ලෝකයේ ඕනෑම තැනක සිදුවන දේ ගැන ඔත්තු බැලීමේ තාක්ෂණික හැකියාව නොතිබුණු ඒ යුගයේ ප‍්‍රතිමල්ලව බල පරාක‍්‍රමය පිළිබඳව යෙදවීමට මිනිස් ඔත්තුකරුවන් මත බොහෝ සේ යැපීමටද සිදු වුණා. ඉන්දියානු සාගරය කරන යුද්ධ නැව් සමූහක් ඒවා ලංකාව ඇල්ලීමට තරම් ජපාන හමුදාවට හැකියාවක් ඇතැයි බොහෝ බි‍්‍රතාන්‍ය පරිපාලකයන් විශ්වාස කළේ නැහැ.
එහෙත් ජපන් ප‍්‍රහාරයකට මුහුණ දීමේ පෙර සූදානමක් 1942 මුල සිට ක‍්‍රියාත්මක වුණා. එහි පෙරමුණ ගත්තේ මිත‍්‍ර පාක්ෂික හමුදා සියල්ල සඳහා මෙරට ප‍්‍රධාන අණ දෙන නිලධාරියා ලෙස පත්ව ආ අද්මිරාල් ශ‍්‍රීමත් ජෙෆරි ලේටන් සහ සිවිල් ආරක්ෂක බලධාරියා ලෙස පත් කර සිටි ශ‍්‍රීමත් ඔලිවර් ගුණතිලකයි. දිවයිනේ කිහිප තැනෙක ගුවක් තොටුපළ හෝ ගුවන් තීරු ඇති කිරීම, කොළඹ තුරඟ ධාවන පිටිය ගුවන් තීරුවක් බවට පත් කිරීම හා ඉන්දියානු සාගරය නිරික්සමින් ගුවන් සංචාරයේ යෙදීම (Aerial Patrols) මේ ආරක්ෂක පියවර කිහිපයක්.
කොග්ගල බොක්ක තාවකාලික ගුවන් කඳවුරක් බටව පත් කිරීමත් සමඟ දිය මත සිට පියාසර කිරීමේ හැකියාව ඇති කැටලයිනා (Catalina) ගුවන්යානා සමූහක් එහි රඳවනු ලැබුවා. එක දිගට පැය 18-20ක් පමණ වේලාවක් ගුවන් ගතව සිටීමේ හැකියාව තිබු. ‘පියාඹන බෝට්ටු’ හැටියට හැඳින් වුණු කැටලයිනා ගුවන්යානා යොදා ගෙන ලංකාව අවට වර්ග කිලෝ මීටර් සිය ගණනක සාගර පෙදෙසක් නිරික්සනු ලැබුවා.
1942 අපේ‍්‍රල් 4 වැනිදා දවස පුරා එසේ නිරීක්ෂීමේ යෙදී සිටි කැලයිනා යානයක් ආපසු කොග්ගලට එන්නට සූදානම් වන මොහොතේ එහි සිටි ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වු කැනේඩියානු ජාතික ලෙනාඞ් බර්චොල් ක්ෂිතිජයේ අසාමාන්‍ය අඳුරු තිත් කිහිපයක් දුටුවා. එය කුමද්දැයි සොයන්නට පියාසර කළ ඔවුන් දුටුවේ හීන්සිරුව් ලංකාව වෙත ඇදෙමින් තිබූ ජපන් ගුවන්යානා ප‍්‍රවාහය නෞකා (aircraft carriers) හා තවත් යුද්ධ නැව් කිහිපයක් මේ නෞකා ඒ වන විට සිටියේ ලංකා දුපතට සැතපුම් 400ක් (කිමි 640) දකුණින්, මාලදිවයින් අසල.
මේ බිහිසුණු ආරංචිය හැකි තාක් විස්තරාත්මකව කොළඹ මෙහෙයුම් මැදිරියට රේඩියෝ පණිවුඩයකින් දැනුම් දුන්නා. ඒ පණිවඩුඩය යවා විනාඩි කිහිපයක් ඇතුළත කැටලයිනා ගුවන් යානායට යුද නැවෙන් අහසට නැගුණු සීරෝ (Zero) ප‍්‍රහාරක යානා වෙඩි තැබුවා. මුහුදට කඩා වැටුණ. කැටලයිනා යානයේ සිටි බර්චෝල් ඇතුලූ පස් දෙනකු ජපන් යුද සිරකරුවන් බවට පත් වුණා.
කැටලයිනා ගුවන් හමුදා පිරිස ජීවිත පරදුවට තබමින් කොළඹට එවූ රේඩියෝ පණිවුඩයක් සමඟ ජපන් ප‍්‍රහාරයක් පසුදින උදේ නියත වශයෙන් එල්ල වන බවට පැය 12ක අනතුරු ඇඟවීමක් කොළඹට ලැබුණා. එහෙත් ජපන් යුද නැව් සමූහයට කුමන ප‍්‍රහාරයක ගුවන් යානා ඇත් ද, ඒවායේ පියාසර කාලය යා හැකි උපරිම දුර ආදිය ගැන නිසි තොරතුරු නොදත් නිසා ඔවුන්ට හැකි වූයේ අනුමාන මත පදනම් වූ අරක්ෂිත පියවර ගැනීමට පමණයි. දිවයින පුරා සියලූ හමුදා සීරුවෙන් තබන්නටත්, රැය පුරා අවදියෙන් සිටින්නටත් තීරණය වුණා.
එහෙත් මහජනයා කලබල වීම වලක්වනු පිණිස එළඹෙන ජපන් ප‍්‍රහාරය ගැන කිසිදු ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් නොකිරීමට රජය තීරණය කළා. මේ නිසා පසුදා හිරු උදාවක් සමඟ තවත් ඉදිරිදාවක සැහැල්ලූ ජන ජීවිතය ඇරඹුණා.
බලාපොරොත්තු වූ පරිදි හිමිදිරි පාන්දර ජපන් ප‍්‍රහාරයක් සිදු නොවූ විට මිත‍්‍රාපාක්ෂික හමුදාවල සූදානම මඳක් ලිහිල් වුණා. ඈත එන ගුවන් යානා පියවි ඇසට පෙනේනට පෙර හඳුනා ගත හැකි රේඩාර් තාක්ෂණය නිපද වු අලූත නිසා මුළු ලංකාවට ම තිබුණේ ප‍්‍රාථමික මට්ටමේ රේඩාර් යන්ත‍්‍රයක් එය රත්මලාන හමුදා ගුවන් තොටුපළේ සවිකර තිබුණා.
පෙරවරු 7.30වන තුරුත් සතුරු යානාවල සේයාවක් හෝ නොදුටු බැවින් උදැසන ආහාරය ගන්නට රත්මලානෙ හමුදා භයන්ගෙන් කොටසක් මුදා හරිනු ලැබුවා. පෙරවරු 7.50ට ජපන් ගුවන් යානා සමූහක් රත්මලාන අහසේ එක වර දිස් වුණා.
ගාල්ල අසලින් ලංකා ගුවන් කලාපයට පිවිසි, කොළඹ බලා උතුුරු දෙසට පියාසර කරන සියයට වැඩි ජපන් යානා සමූහය දකුණු හා බටහිර වෙරළබඩ බොහෝදෙනා ඇසින් දුටුවා. එහෙත් දුරකථන පණිවුඩයක් හෝ වෙනත් දැනුම්දීමක් හෝ ආරක්ෂක මර්මස්ථානයවලට ලැබුණේ නැහැ. මේ නිසා ජපන් ප‍්‍රහාරය එළඹෙන බව දැන දැනත් කිසි සුදානමින් නොසිටීමේ විපාක රත්මලානේදී අත් විඳින්නට සිදු වුණා.
බි‍්‍රතාන්‍ය හරිකේන් ප‍්‍රහාරයක යානා ගණනාවක් ධාවන පථය මතදී ම ජපන් ප‍්‍රහාර නිසා විනාශ වුණා. කඩිමුඩියේ ගුවන්ගත කළ ඉතිරි ප‍්‍රහාරයක යානා මඟින් ආක‍්‍රමණික ජපන් හමුදාවට ප‍්‍රතිරෝධයක් එල්ල කළත්. සටනේ දී මවිතයෙන් ලබන වාසිය (Surprise attack) බොහෝ දුරට ලැබුවේ ජපන් ගුවන් නැවියන්.
බර්චෝල් පැය 13කට පමණ පෙර ලබා දුන් අනතුරු ඇඟවීමෙන් හරිහැටි වැඩක් නොගැනීම ගැන සමස්ත බි‍්‍රතාන්‍ය හා මිත‍්‍ර පාක්ෂික සේනාපතීත්වය දැඩි කණස්සනල්ලට පත් වූ බවත්, එය ගැන පසුව විභාග කළ සැටිත් ටොම්ල්න්සන් සිය පෙතේ ලියා තිබෙනවා.
එහෙත් උපාය මාර්ගිකව කොළඹ වරායේ තිබූ මිත‍්‍ර පාක්ෂික යුද්ධ නෞකා ගණනාවක් එයින් පිටතට යවා ඈත මුහුදේ විවිධ තැන්වල රඳවා තිබු නිසා ජපන් ප‍්‍රහාරයෙන් ලද නාවිකමය හානිය සීමා වුණා. පැය බාගයකට අඩු කාලයක් පැවතුණු අපේ‍්‍රල් 5 ප‍්‍රහාරයෙන් සාමාන්‍ය වැසියන් 85 දෙනෙකු මිය ගොස් තවත් 77 දෙනෙකු තුවාල ලද බව වාර්තා ගතයි. කොලොන්නාවේ තෙල් ටැංකිවලට ඉලක්ක කළ බෝම්බ අංගොඩ මානසික රෝහලට වැටීමෙන් එහි රෝගීන් 7 දෙනෙකු අවාසනාවන්ත ලෙස මිය ගියා.
ප‍්‍රහාරයට පැමිණි ජපන් ගුවන් යානා 27ක් විනාශ කළ බවට මිත‍්‍ර පාක්ෂික හමුදා වාර්තා කළත්. ලක් පොළොවට ඇද වැටුණේ එයින් තුනක් පමණක් බව ටොම්ලින්සන් කියනවා. ඒවා හොරණ ගල්කිස්ස හා පිටකෝට්ටේ යන ප‍්‍රදේශවලට කඩා වැටුණා.
මීට අමතරව හානියට පත් මිත‍්‍ර පාක්ෂික ගුවන් යානා ද ඇතැම් ස්ථානවලට ඇද වැටුණා. ප‍්‍රතිප‍්‍රහාරයෙන් අබලන් වූ ඇතැම් ජපන් යානා සිය යුද්ධ නෞකාවලට ආපසු පියාසර කරද්දී මුහුදට කඩා වැටෙන්නට ඇතැයි ද ඔහු අනුමාන කරනවා. පාස්කු ඉරිදා ප‍්‍රහාරය ගැන විස්තරාත්මක වාර්තා ගණනාවක් ප‍්‍රකාශයට පත් වී ඇතත් එදින සිදු වු සන්නිවේදන හා සම්බන්ධීකරණ පසුබෑම් ගැන හොඳම මැදහත් විග‍්‍රහය හමු වන්නේ ටොම්ලින්සන්ගේ පොතෙහි බව මගේ අදහසයි.
මේ පසුබෑම් මැද වුවත් ලංකාවට එල්ල වූ ප‍්‍රහාරය මැඩ පවත්වන්නට මෙරට රඳවා සිටි. විවිධ ජාතීන්ගෙන් සැදුම්ලත් මිත‍්‍ර පාක්ෂික හමුදා සමත් වුණා. ලංකාව රැුක ගැනීමේ සටන් වලින් 1942 අපේ‍්‍රල් මාසය තුළ මිත‍්‍ර පාක්ෂික හමුදා නිලධාරීන් හා භටයන් දහසකට (1000) ආසන්න සංඛ්‍යාවක් මිය ගියා. ඒ අතර ලාංකික, බි‍්‍රතාන්‍ය, අයිරිස්, ඕලන්ද, කැනේඩියානු, දකුණු අප‍්‍රිකානු හා ඉන්දියානු ජාතිකයන් ද සිටියා.
ලංකාවට අතිශයින් තීරණාත්මක රේඩියෝ පණිවුඩය එවු ලෙනාඞ් බර්ඩොල් සහ ඔහුගේ ගුවන් සගයන් යුද්ධය හමාර වු පසු ඉහළ සම්මාන ලැබ කැනේඩියානු ගුවන් කොමදෝරු තත්ත්වයට උසස් වුණා. ලංකාව බේරාගත් වීරයා (Saviour of Ceylon) ලෙස විරුදාවලි ලැබු ඔහු 1967දී කෙටි නිල සංචාරයකට මෙරටට පැමිණියේ මහත් ගරු සැලකිලි මැදයි.
ඇමරිකාවේ හවායි දූපත්වල පර්ල් වරායට එල්ල වූ ජපන් ප‍්‍රහාරය ගැන බෙහෝ පොතපත ලියැවී. වාර්තා හා වෘතාන්ත චිත‍්‍රපට නිපදවා තිබෙනවා. එම ප‍්‍රහාරයට මුල් වූ ජපන් හමුදා විසින් ම ඊට දින 119කට පසු සිදු කළ කොළඹ ප‍්‍රහාරය ගැන එතරම් ඓතිහාසික හෝ ප‍්‍රබන්ධමය අවධානයක් යොමු වී නැහැ. මේ සිදුවීම් මාලාව ත‍්‍රාසජනක හා සත්‍යමය ලෙසින් වෘතාන්ත චිත‍්‍රපටයකට පාදක කර ගත හොත් අගෙයි http://tiny.cc/BatCey
මයිකල් ටොම්ලින්සන් සිය ගවේෂණාත්මක ග‍්‍රන්ථය පිළිගන්වා ඇත්තේ 1942 මර්තු -අපේ‍්‍රල් කාලයේ ලංකාව හා එය අවට සාගරය සම්බන්ධ හමුදා මෙහෙයුම්වලට සහභාගි වු සියලූ දෙනාටයි. විශේෂයෙන් ම දිය – ගොඩ – අහසේ දිවි අහිමි වූ අයටයි. ඒ සටනේ එක් පාර්ශ්වයකට සක‍්‍රියව සම්බන්ධ වී සිටියත්. ඉතිහාසය වාර්තා කරන්නෙකු ලෙස ඔහු සිය ප‍්‍රතිමල්ලව ජපන් හමුදාවලටත් ප‍්‍රණාමය පුද කරනවා. ‘අප පෞද්ගලිකව කැමති වුවත් නැතත් අතිශයින් කාර්යක්ෂම ලෙසින් හා රණකාමී අයුරින් අප හා සටන් වැදුණු ජපන් හමුදාවලට ද අපේ ගෞරවය හිමි වියයුතු යැ’යි ඔහු කියනවා.
 
Last edited:

SANI99

Member
Mar 22, 2012
1,207
77
0
yokohama
නිසි කලට අනතුරු ඇඟවීමක් ලැබීම නිසා මහ ව්‍යසන වළක්වා ගත් අවස්ථා ඉතිහාසය පුරා අපට හමු වනවා. එහෙත් අනතුරු ඇඟවීමක් ලැබුණාට පමණක් මදි. එය ලද විගස තීරණාත්මක ලෙසින් ක‍්‍රියාත්මක විමත් අවශ්‍යයි.එය එසේ නොවූ විට සිදු වියහැකි දේ ගැන බලවත් ම උදාහරණය අප දුටුවේ 2004 දෙසැම්බර් 26දා සුනාමිය ආ විටයි. විද්‍යාත්මකව ජාත්‍යන්තර මට්ටමින් ශ‍්‍රී ලංකාවට ලබා දුන් අනතුරු ඇඟවීම ගැන මෙරට බලධාරින් කිසිදු පියවරක් නොගැනීම නිසා ලෙහෙසියෙන් බේරා ගත හැකිව තිබූ ජීවිත දහස් ගණනක් පැය කිහිපයක් ඇතුළත විනාශ වුණා.
මේ විපත මට යළිත් සිහිපත් වූයේ මීට වසර 70කට පෙර ජපන් ගුවන් යානා ලංකාවට බෝම්බ ප‍්‍රහාර එටඑල්ල කිරීම ගැන පොතක් යළි කියවන විටයි. 1942 අපේ‍්‍රල් 5 දා කොළඹ වරාය හා රත්මලාන ගුවන් තොටුපළටත්, අපේ‍්‍රල් 9වනදා ත‍්‍රිකුණාමල වරාය හා නැගෙනහිර වෙළාසන්න නවතා තිබූ මිත‍්‍ර පාක්ෂික යුද්ධ නෞකාවලටත් ප‍්‍රහාර එල්ල වුණා. දෙවන ලෝක යුද්ධය පිළිබඳ ඉතිහාස වර්තාවල මේ ප‍්‍රහාරයන් හඳුන්වන්නේ පාස්කු ඉරිදා ගුවන් ප‍්‍රහාරය (Easter Sunday Air Raid.) හැටියයි. තවත් සමහරුන් එය ලංකාව සඳහා කළ යුද්ධය (Battle of Ceylon) කියා හඳුන්වනවා.

එකල රාජකීය ගුවන් හමුදාවේ නිලධාරියකු ලෙස මෙරට සේවය කළ මයිකල් ටොම්ලින්සන් පසු කලෙක (1975) ලියූ The Most Dangerous Moment පොතෙ මේ සිදුවීම් මාලව පිළිබඳව ඇති හොඳ ම ඓතිහාසික සටහනයි.
කොළඹ හා ත‍්‍රිකුණාමලය ප‍්‍රදේශවලට ජපන් ප‍්‍රහාර එල්ල වූයේ ඒ වනවිට දෙවන ලෝක යුද්ධය සම්බන්ධයෙන් ඉන්දියානු සාගරයේ තීරණාත්මක තැනක ශ‍්‍රී ලංකාව පිහිටීම නිසා 1942 පෙබරවාරි වන විට ජපන් හමුදා අග්නිදිග ආසියාව යටත් කර ගත්තා. මලයාව, බුරුමය හා සිංගප්පූරුව ජපන් පාලනයට නතු වීමෙන් පසු දකුණු ආසියාව අල්ලා ගන්නට ඔවුන් උත්සුක වූණා. එහි මුල් පියවර වූයේ ලංකාව යටත් කොට එහි ජපන් යුද්ධ නෞකා, සබ්මැරීන හා ගුවන් යානා නතර කිරීමයි. එතැන් පසු ඉන්දියාවටත්, ඉනික්බිති මැදරපෙරදිග දක්වාත් බලය විහිදු වීමට ජපන් හමුදාවට සැලසුමක් තිබුණා.
දෙවන ලෝක යුද්ධයේ අතිශයින් බිහිසුණු වූත්. තීරණාත්මක වූත් සන්ධිස්ථානයක් ලෙසින් බි‍්‍රතාන්‍යයේ එවකට සිටි අගමැති වින්ස්ටන් චර්චිල් පසුව හඳුන්වා දුන්නේ 1942 මාර්තු – අපේ‍්‍රල් කාලයයි. ඒ සතිය තුළ ලංකාවෙ පාලනය බි‍්‍රතාන්‍ය ජාතිකයන් අතින් ගිලිහී ජපන් ජාතිකයන් අතට ගියා නම් දෙවන ලෝක යුද්ධයේ ඉතිරි වසර තුන හමාර බෙහෙවින් වෙනස් විය හැකි තිබුණා. (යටත්විජිත පාලනයෙන් මිදීමේ කෙටි මාර්ගය හැටියට මෙට වාමාංශික දේශපාලනයන් එවකට තර්ක කළේත් ජපන් ජාතිතයන්ට පක්ෂික වීමයි.)
ජපන් අරමුණු ගැන හොඳ ඉඟියක් මිත‍්‍ර පාක්ෂික හමුදාවලට තිබුණත්, ඇත්තට ම ජපන් නාවික හා ගුවන් හමුදාවල හැකියාව ගැන විස්තරාත්මක අවබෝධයක් ඔවුන්ට තිබුණේ නැහැ. අද මෙන් පෘථිවි කක්ෂයේ සිට ලෝකයේ ඕනෑම තැනක සිදුවන දේ ගැන ඔත්තු බැලීමේ තාක්ෂණික හැකියාව නොතිබුණු ඒ යුගයේ ප‍්‍රතිමල්ලව බල පරාක‍්‍රමය පිළිබඳව යෙදවීමට මිනිස් ඔත්තුකරුවන් මත බොහෝ සේ යැපීමටද සිදු වුණා. ඉන්දියානු සාගරය කරන යුද්ධ නැව් සමූහක් ඒවා ලංකාව ඇල්ලීමට තරම් ජපාන හමුදාවට හැකියාවක් ඇතැයි බොහෝ බි‍්‍රතාන්‍ය පරිපාලකයන් විශ්වාස කළේ නැහැ.
එහෙත් ජපන් ප‍්‍රහාරයකට මුහුණ දීමේ පෙර සූදානමක් 1942 මුල සිට ක‍්‍රියාත්මක වුණා. එහි පෙරමුණ ගත්තේ මිත‍්‍ර පාක්ෂික හමුදා සියල්ල සඳහා මෙරට ප‍්‍රධාන අණ දෙන නිලධාරියා ලෙස පත්ව ආ අද්මිරාල් ශ‍්‍රීමත් ජෙෆරි ලේටන් සහ සිවිල් ආරක්ෂක බලධාරියා ලෙස පත් කර සිටි ශ‍්‍රීමත් ඔලිවර් ගුණතිලකයි. දිවයිනේ කිහිප තැනෙක ගුවක් තොටුපළ හෝ ගුවන් තීරු ඇති කිරීම, කොළඹ තුරඟ ධාවන පිටිය ගුවන් තීරුවක් බවට පත් කිරීම හා ඉන්දියානු සාගරය නිරික්සමින් ගුවන් සංචාරයේ යෙදීම (Aerial Patrols) මේ ආරක්ෂක පියවර කිහිපයක්.
කොග්ගල බොක්ක තාවකාලික ගුවන් කඳවුරක් බටව පත් කිරීමත් සමඟ දිය මත සිට පියාසර කිරීමේ හැකියාව ඇති කැටලයිනා (Catalina) ගුවන්යානා සමූහක් එහි රඳවනු ලැබුවා. එක දිගට පැය 18-20ක් පමණ වේලාවක් ගුවන් ගතව සිටීමේ හැකියාව තිබු. ‘පියාඹන බෝට්ටු’ හැටියට හැඳින් වුණු කැටලයිනා ගුවන්යානා යොදා ගෙන ලංකාව අවට වර්ග කිලෝ මීටර් සිය ගණනක සාගර පෙදෙසක් නිරික්සනු ලැබුවා.
1942 අපේ‍්‍රල් 4 වැනිදා දවස පුරා එසේ නිරීක්ෂීමේ යෙදී සිටි කැලයිනා යානයක් ආපසු කොග්ගලට එන්නට සූදානම් වන මොහොතේ එහි සිටි ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වු කැනේඩියානු ජාතික ලෙනාඞ් බර්චොල් ක්ෂිතිජයේ අසාමාන්‍ය අඳුරු තිත් කිහිපයක් දුටුවා. එය කුමද්දැයි සොයන්නට පියාසර කළ ඔවුන් දුටුවේ හීන්සිරුව් ලංකාව වෙත ඇදෙමින් තිබූ ජපන් ගුවන්යානා ප‍්‍රවාහය නෞකා (aircraft carriers) හා තවත් යුද්ධ නැව් කිහිපයක් මේ නෞකා ඒ වන විට සිටියේ ලංකා දුපතට සැතපුම් 400ක් (කිමි 640) දකුණින්, මාලදිවයින් අසල.
මේ බිහිසුණු ආරංචිය හැකි තාක් විස්තරාත්මකව කොළඹ මෙහෙයුම් මැදිරියට රේඩියෝ පණිවුඩයකින් දැනුම් දුන්නා. ඒ පණිවඩුඩය යවා විනාඩි කිහිපයක් ඇතුළත කැටලයිනා ගුවන් යානායට යුද නැවෙන් අහසට නැගුණු සීරෝ (Zero) ප‍්‍රහාරක යානා වෙඩි තැබුවා. මුහුදට කඩා වැටුණ. කැටලයිනා යානයේ සිටි බර්චෝල් ඇතුලූ පස් දෙනකු ජපන් යුද සිරකරුවන් බවට පත් වුණා.
කැටලයිනා ගුවන් හමුදා පිරිස ජීවිත පරදුවට තබමින් කොළඹට එවූ රේඩියෝ පණිවුඩයක් සමඟ ජපන් ප‍්‍රහාරයක් පසුදින උදේ නියත වශයෙන් එල්ල වන බවට පැය 12ක අනතුරු ඇඟවීමක් කොළඹට ලැබුණා. එහෙත් ජපන් යුද නැව් සමූහයට කුමන ප‍්‍රහාරයක ගුවන් යානා ඇත් ද, ඒවායේ පියාසර කාලය යා හැකි උපරිම දුර ආදිය ගැන නිසි තොරතුරු නොදත් නිසා ඔවුන්ට හැකි වූයේ අනුමාන මත පදනම් වූ අරක්ෂිත පියවර ගැනීමට පමණයි. දිවයින පුරා සියලූ හමුදා සීරුවෙන් තබන්නටත්, රැය පුරා අවදියෙන් සිටින්නටත් තීරණය වුණා.
එහෙත් මහජනයා කලබල වීම වලක්වනු පිණිස එළඹෙන ජපන් ප‍්‍රහාරය ගැන කිසිදු ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් නොකිරීමට රජය තීරණය කළා. මේ නිසා පසුදා හිරු උදාවක් සමඟ තවත් ඉදිරිදාවක සැහැල්ලූ ජන ජීවිතය ඇරඹුණා.
බලාපොරොත්තු වූ පරිදි හිමිදිරි පාන්දර ජපන් ප‍්‍රහාරයක් සිදු නොවූ විට මිත‍්‍රාපාක්ෂික හමුදාවල සූදානම මඳක් ලිහිල් වුණා. ඈත එන ගුවන් යානා පියවි ඇසට පෙනේනට පෙර හඳුනා ගත හැකි රේඩාර් තාක්ෂණය නිපද වු අලූත නිසා මුළු ලංකාවට ම තිබුණේ ප‍්‍රාථමික මට්ටමේ රේඩාර් යන්ත‍්‍රයක් එය රත්මලාන හමුදා ගුවන් තොටුපළේ සවිකර තිබුණා.
පෙරවරු 7.30වන තුරුත් සතුරු යානාවල සේයාවක් හෝ නොදුටු බැවින් උදැසන ආහාරය ගන්නට රත්මලානෙ හමුදා භයන්ගෙන් කොටසක් මුදා හරිනු ලැබුවා. පෙරවරු 7.50ට ජපන් ගුවන් යානා සමූහක් රත්මලාන අහසේ එක වර දිස් වුණා.
ගාල්ල අසලින් ලංකා ගුවන් කලාපයට පිවිසි, කොළඹ බලා උතුුරු දෙසට පියාසර කරන සියයට වැඩි ජපන් යානා සමූහය දකුණු හා බටහිර වෙරළබඩ බොහෝදෙනා ඇසින් දුටුවා. එහෙත් දුරකථන පණිවුඩයක් හෝ වෙනත් දැනුම්දීමක් හෝ ආරක්ෂක මර්මස්ථානයවලට ලැබුණේ නැහැ. මේ නිසා ජපන් ප‍්‍රහාරය එළඹෙන බව දැන දැනත් කිසි සුදානමින් නොසිටීමේ විපාක රත්මලානේදී අත් විඳින්නට සිදු වුණා.
බි‍්‍රතාන්‍ය හරිකේන් ප‍්‍රහාරයක යානා ගණනාවක් ධාවන පථය මතදී ම ජපන් ප‍්‍රහාර නිසා විනාශ වුණා. කඩිමුඩියේ ගුවන්ගත කළ ඉතිරි ප‍්‍රහාරයක යානා මඟින් ආක‍්‍රමණික ජපන් හමුදාවට ප‍්‍රතිරෝධයක් එල්ල කළත්. සටනේ දී මවිතයෙන් ලබන වාසිය (Surprise attack) බොහෝ දුරට ලැබුවේ ජපන් ගුවන් නැවියන්.
බර්චෝල් පැය 13කට පමණ පෙර ලබා දුන් අනතුරු ඇඟවීමෙන් හරිහැටි වැඩක් නොගැනීම ගැන සමස්ත බි‍්‍රතාන්‍ය හා මිත‍්‍ර පාක්ෂික සේනාපතීත්වය දැඩි කණස්සනල්ලට පත් වූ බවත්, එය ගැන පසුව විභාග කළ සැටිත් ටොම්ල්න්සන් සිය පෙතේ ලියා තිබෙනවා.
එහෙත් උපාය මාර්ගිකව කොළඹ වරායේ තිබූ මිත‍්‍ර පාක්ෂික යුද්ධ නෞකා ගණනාවක් එයින් පිටතට යවා ඈත මුහුදේ විවිධ තැන්වල රඳවා තිබු නිසා ජපන් ප‍්‍රහාරයෙන් ලද නාවිකමය හානිය සීමා වුණා. පැය බාගයකට අඩු කාලයක් පැවතුණු අපේ‍්‍රල් 5 ප‍්‍රහාරයෙන් සාමාන්‍ය වැසියන් 85 දෙනෙකු මිය ගොස් තවත් 77 දෙනෙකු තුවාල ලද බව වාර්තා ගතයි. කොලොන්නාවේ තෙල් ටැංකිවලට ඉලක්ක කළ බෝම්බ අංගොඩ මානසික රෝහලට වැටීමෙන් එහි රෝගීන් 7 දෙනෙකු අවාසනාවන්ත ලෙස මිය ගියා.
ප‍්‍රහාරයට පැමිණි ජපන් ගුවන් යානා 27ක් විනාශ කළ බවට මිත‍්‍ර පාක්ෂික හමුදා වාර්තා කළත්. ලක් පොළොවට ඇද වැටුණේ එයින් තුනක් පමණක් බව ටොම්ලින්සන් කියනවා. ඒවා හොරණ ගල්කිස්ස හා පිටකෝට්ටේ යන ප‍්‍රදේශවලට කඩා වැටුණා.
මීට අමතරව හානියට පත් මිත‍්‍ර පාක්ෂික ගුවන් යානා ද ඇතැම් ස්ථානවලට ඇද වැටුණා. ප‍්‍රතිප‍්‍රහාරයෙන් අබලන් වූ ඇතැම් ජපන් යානා සිය යුද්ධ නෞකාවලට ආපසු පියාසර කරද්දී මුහුදට කඩා වැටෙන්නට ඇතැයි ද ඔහු අනුමාන කරනවා. පාස්කු ඉරිදා ප‍්‍රහාරය ගැන විස්තරාත්මක වාර්තා ගණනාවක් ප‍්‍රකාශයට පත් වී ඇතත් එදින සිදු වු සන්නිවේදන හා සම්බන්ධීකරණ පසුබෑම් ගැන හොඳම මැදහත් විග‍්‍රහය හමු වන්නේ ටොම්ලින්සන්ගේ පොතෙහි බව මගේ අදහසයි.
මේ පසුබෑම් මැද වුවත් ලංකාවට එල්ල වූ ප‍්‍රහාරය මැඩ පවත්වන්නට මෙරට රඳවා සිටි. විවිධ ජාතීන්ගෙන් සැදුම්ලත් මිත‍්‍ර පාක්ෂික හමුදා සමත් වුණා. ලංකාව රැුක ගැනීමේ සටන් වලින් 1942 අපේ‍්‍රල් මාසය තුළ මිත‍්‍ර පාක්ෂික හමුදා නිලධාරීන් හා භටයන් දහසකට (1000) ආසන්න සංඛ්‍යාවක් මිය ගියා. ඒ අතර ලාංකික, බි‍්‍රතාන්‍ය, අයිරිස්, ඕලන්ද, කැනේඩියානු, දකුණු අප‍්‍රිකානු හා ඉන්දියානු ජාතිකයන් ද සිටියා.
ලංකාවට අතිශයින් තීරණාත්මක රේඩියෝ පණිවුඩය එවු ලෙනාඞ් බර්ඩොල් සහ ඔහුගේ ගුවන් සගයන් යුද්ධය හමාර වු පසු ඉහළ සම්මාන ලැබ කැනේඩියානු ගුවන් කොමදෝරු තත්ත්වයට උසස් වුණා. ලංකාව බේරාගත් වීරයා (Saviour of Ceylon) ලෙස විරුදාවලි ලැබු ඔහු 1967දී කෙටි නිල සංචාරයකට මෙරටට පැමිණියේ මහත් ගරු සැලකිලි මැදයි.
ඇමරිකාවේ හවායි දූපත්වල පර්ල් වරායට එල්ල වූ ජපන් ප‍්‍රහාරය ගැන බෙහෝ පොතපත ලියැවී. වාර්තා හා වෘතාන්ත චිත‍්‍රපට නිපදවා තිබෙනවා. එම ප‍්‍රහාරයට මුල් වූ ජපන් හමුදා විසින් ම ඊට දින 119කට පසු සිදු කළ කොළඹ ප‍්‍රහාරය ගැන එතරම් ඓතිහාසික හෝ ප‍්‍රබන්ධමය අවධානයක් යොමු වී නැහැ. මේ සිදුවීම් මාලාව ත‍්‍රාසජනක හා සත්‍යමය ලෙසින් වෘතාන්ත චිත‍්‍රපටයකට පාදක කර ගත හොත් අගෙයි
http://tiny.cc/BatCey
මයිකල් ටොම්ලින්සන් සිය ගවේෂණාත්මක ග‍්‍රන්ථය පිළිගන්වා ඇත්තේ 1942 මර්තු -අපේ‍්‍රල් කාලයේ ලංකාව හා එය අවට සාගරය සම්බන්ධ හමුදා මෙහෙයුම්වලට සහභාගි වු සියලූ දෙනාටයි. විශේෂයෙන් ම දිය – ගොඩ – අහසේ දිවි අහිමි වූ අයටයි. ඒ සටනේ එක් පාර්ශ්වයකට සක‍්‍රියව සම්බන්ධ වී සිටියත්. ඉතිහාසය වාර්තා කරන්නෙකු ලෙස ඔහු සිය ප‍්‍රතිමල්ලව ජපන් හමුදාවලටත් ප‍්‍රණාමය පුද කරනවා. ‘අප පෞද්ගලිකව කැමති වුවත් නැතත් අතිශයින් කාර්යක්ෂම ලෙසින් හා රණකාමී අයුරින් අප හා සටන් වැදුණු ජපන් හමුදාවලට ද අපේ ගෞරවය හිමි වියයුතු යැ’යි ඔහු කියනවා
 
  • Like
Reactions: GAC

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Jappannu lankawata awe ape rata allaganna neme... unta one une British Eastern Fleet eka winasa karanna... un hithan hiitye fleet eka Colombo hari nathan Trinco hari berth karala athi kiyala... eth me bawa ewen wage danagena hitiapu suddo... fleet eka berth kale kauruth nodanna Addu wala.... (Maldives)