ශ‍්‍රී ලංකා පාපන්දු කණ්ඩායම එලවා දමයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ (SAFF) කුසලානයේ සත්කාරකත්වය ඉන්දියාවට ලබා දී ඇති අතර, FIFA තහනම හේතුවෙන් ශ්‍රී ලංකාව කලාපීය තරඟාවලියෙන් ඉවත් කර ඇත.

    14 වන වරටත් පැවැත්වෙන SAFF කුසලාන තරඟාවලිය ජුනි 30 සිට ජූලි 3 දක්වා පැවැත්වෙන අතර, තරඟාවලියේ සත්කාරකත්වය සඳහා ශ්‍රී ලංකාවද එයට ලංසු තබා තිබිණි .

    SAFF තරගාවලිය පැවැත්වෙන්නේ කුමන රටකද යන්න බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත්කල අතර ඉන්දියාවට එහි සත්කාරකත්වය හිමි විය.

    ක්‍රීඩාව පරිපාලනය කිරීමේදී “තුන්වන පාර්ශ්වයේ ඇඟිලි ගැසීම්” ඇති බවට චෝදනා කිරීමෙන් පසු පසුගිය මාසයේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL) අත්හිටුවන ලදී.

    නේපාලය ද SAFF කුසලානය සඳහා සත්කාරකත්වය දැක්වීමට කැමැත්ත පළ කළ නමුත් ඉන්දියාවට තරගාවලිය පිරිනමනු ලැබුවේ එහි ඇති වඩා හොඳ පහසුකම් නිසාවෙනි.

    මෙම තරඟාවලියට සහභාගී වීමට ඉඩ ඇත්තේ රටවල් හයක් පමණි – බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය සහ පකිස්ථානයයි.

    පාකිස්තානය හා ඉන්දියාව අතර රාජ්‍ය තාන්ත්‍රික ආතතිය හේතුවෙන් ඔවුන්ගේ සහභාගීත්වය ද සැක සහිත විය හැකිය.