ෂර්ලොක් + මගඩියේ ඇත්ත නැත්ත
නොවැම්බරයේ අවසාන භාගය වන විට ලන්ඩනය දැඩි සීතලකින් වෙලී යයි. හෝම්ස් අකැමතිම වසරේ කාල සීමාව උදා වෙමින් පවතී. ඔහුට අනුව නම් මේ කාලය තුල අපරාධකරුවන්ද උදාසීන වේ. එවිට හෝම්ස්ගේ මොලයද උදාසීන වන බව හෝම්ස්ගේ මතයයි. මේ කාල සීමාවේ මගේ මිත්‍රයා මුහුණදෙන ගැටළුව වන්නේ විසඳීමට ගැටළුවක් නැතිකමයි. හෝම්ස්ගේ මනස උදාසීන වීම වැලැක්වීමේ හොඳම විදිහ වන්නේ ඔහුත් සමග වයලින් වාදනය ,කඩු ශිල්පය, මොරියාටි ගැන හෝ අපට විසඳාගැනීමට නොහැකි වූ ගැටළුවක් ගැන ඔහු හා කතා කිරීම බව මම අත්දැකීමෙන් දනිමි. එබැවින් තොප්පිය හා උණුසුම් කබාය රැගත් මම හෝම්ස් හමුවීමට පිටත් වීමි. බේකර් වීදියම හීන් මීදුමකින් වැසී ගොස් ඇත. නමුත් 221 බී දරණ අපේ නවාතැනෙහි ආලෝකයක් ඇති බැවින් හෝම්ස් නවාතැනෙහි සිටින බව මට පැහැදිලි විය.
"ඇතුලට එන්න වොට්සන්. ඔබ ආව එක හොඳයි."
හෝම්ස්ගේ කටහඩ බර ගතියකින් යුක්තය. සාමාන්‍යයෙන් එසේ වන්නේ හෝම්ස් වෙනත් කල්පනාවකට වැටී සිටින විටදීය. එසේ නම් හෝම්ස්ට විසඳීමට ගැටළුවක් ලැබී ඇති සෙයකි.
නවාතැනට ඇතුලු වූ මට දැක ගත හැකි වූයේ විශාල දුම් වලාවකට මැදිව පයිප්පය උරමින් සිටින ෂර්ලොක් හෝම්ස්ය.
"අද හරි වැඩක් වුනා වොට්සන්. අර යකාගෙන් මටත් කෝල් එකක් ආවානේ."
ගිනි උඳුනට සිය දෙපා ලං කරමින් හෝම්ස් පැවසීය.
මම උරහිස් හැකිළුවෙමි.
"කාගෙන්ද හෝම්ස් ?"
"අර්ජුන්ගෙන්."
හෝම්ස් සුසුමක් හෙලන හඬ ඇසුණි.
"කවුද හෝම්ස් ? අර්ජුන් කපූර් ද? බොලිවුඩ් වල මොකක් හරි කේස් එකක්ද ?"
"පිස්සු හැදීගෙන එනවද වොට්සන්. මේ දවස්වල අර්ජුන් ඇලෝෂියස් දන්නේ නැත්තේ කවුද?"
හෝම්ස් පුවත්පතක් මදෙසට තල්ලු කළේය.
"බැඳුම්කර මගඩිය" - විශාල අකුරින් යුතු හෙඩිමක් සමග දකුණු ආසියානු රටක සිදුවූ සුවිශාල හොරකමක් පිළිබඳ එහි සඳහන් විය.
"මං බයේ ඉන්නේ සී අයි ඩී එක මගේ ෆෝන් එකත් ටැප් කරලද කියලා. එහෙම වුනොත් නම් විලි ලැජ්ජාවයි වොට්සන්. මගේ කීර්ති නාමෙ ඉවරයි." හෝම්ස් තම පුළුල් නළල් තලය පිරිමදියි.
"එක කෝල් එකක් ආවා කියලා ඔහොම ලැජ්ජ වෙන්න එපා හෝම්ස්. මේ එක හාදයෙකුට කෝල්ස් 62 ක් ඇවිත් අර අපූරුවට ඉන්නේ." මම කීවේ හෝම්ස්ගේ හිත චුට්ටක් හරි හදන්නටය.
"ඒ වුනාට අපි දේසපාලනේ කරන අය නෙවෙයිනේ වොට්සන්. අපිට ලැජ්ජාව කියලා දෙයක් තියෙනවනේ. වැඩියෙන්ම මට තියෙන ප්‍රශ්ණෙ මම ගිහින් තියෙන්නේ මේ යකාගේ ඉස්කෝලෙ නෙමෙයි. පොරගේ සීයා මගේ සීයා හිටපු පැත්තකවත් ඉඳලා නෑ. ඉතිං අපි චූටි කාලේ ඉඳන්ම හොඳ යාලුවො කියන්නේ කොහොමද? අනෙක මෙයාගෙ ප්‍රශ්ණෙ මම මග හරින්නේ කොහොමද?"
"හරි මොකක්ද අර්ජුන් කියන්නේ?" මම විමසුවෙමි.
"මේ ප්‍රශ්ණෙ අවුලක් නොවෙන්න ෂේප් කරලා දෙන්න කියනවා වොට්සන්."
"ඉතිං යාළුවෙකුත් නෙවෙයි නම්, අඳුරන්නෙත් නැත්තම් ඔන්න ඔහේ ඕක අතෑරලා දාමු හෝම්ස්."
"ඒක අමාරු වැඩක් මිත්‍රයා. මට අර්ජුන්ගේ වචනේ අහක දාන්න පුළුවනි. ඒත් කිසියම් රටක........"
හෝම්ස්ගේ අවධානය එවර ඇදුණේ තරප්පු පෙල නගින හඬටය.
"සූදානම් වෙන්න මිත්‍රයා. හඳුනාගන්න. මේ විශේෂ අමුත්තෙක්."
........................................................................................................
යුරෝපීය ඇඳුමින් සැරසුනු මැදිවියේ පුද්ගලයෙකු හෝම්ස්ගේ ඇරයුමෙන් විසිත්ත කාමරයට පිවිසුණි. මගේ හුස්ම හිරවන සෙයකි. මෙවන් අමුත්තෙකු අපේ කුඩා නවාතැනේ සිටිනු දැකීමම මට මහත් ප්‍රහේලිකාවක් විය.
"වොට්සන් පිලිගන්න මේ........"
"මම දන්නවා හෝම්ස්. ආයුබෝවන් ක්ලින්ටන් මහත්මයා. ජනාධිපති ධුරයෙන් විශ්‍රාම ගිහින් ටිකක් කල් ගියත් ඒ වගේමයි. කොහොමද හිලරි මැඩම් සනීපෙන්ද?"
අමුත්තා වික්ෂිප්තව වට පිට බලයි. ඔහුගේ මුහුණ දුටු මට සිදුවූ වරද වැටහුණි.
"ඔබට වැරදුනා වොට්සන් මේ තමයි......"
"මට තේරුණා හෝම්ස්. සමාවෙන්න රෝවන් ඇට්කින්සන් මහතාණෙනි. ඔබ වැනි දක්ෂ නලුවෙක් හමුවීම ඉතාම සතුටක්. ජොනී ඉංග්ලිෂ් චිත්‍රපටයේ ඔබේ රඟපෑම් අති විශිෂ්ඨයි."
අමුත්තා මහත් අපහසුතාවයකට පත්ව ඇති බව ඔහුගේ රත් පැහැ වූ මුහුණෙන් පෙනේ. හෝම්ස්ගේ නළල රැලි වී ඇත. ඔහු අමුත්තාටත් වඩා අපහසුතාවයකට පත්ව ඇත. අවසානයේ හෝම්ස් කථා කළේය.
"සමාවෙන්න මහත්මයාණෙනි. මේ මගේ සහායකයා දොස්තර වොට්සන්. වොට්සන් මේ තමයි ........ "
හෝම්ස් මගේ කනට කර නමක් කෙඳිරීය. එවර නම් මට මාව පාලනය කර ගත නොහැකි විය.
"ඔබව හමුවීම අප ලද භාග්‍යයක් මහත්මයාණෙනි. ඔබව හඳුනාගැනීමට නොහැකිවීම ගැන මම ලැජ්ජා වෙනවා."
අමුත්තා අපහසුවෙන් දෙතොලට සිනාවක් නගාගත්තේය.
"ඔය වගේ දේවල් වලටත් ලැජ්ජ වෙනවානම් මම කොහොම ලැජ්ජ වෙන්නද මහත්වරුනි. කෑවා. මුන් මාව කෑවා. මාවත් නාවලා උනුත් නෑවා. චික් විතරක්. අවුරුදු ගානක් විපක්සෙ පොල් ගෑවා. බලේට ඇවිත් ටික දවසයි. ඉවසන්න බැරි වුණා. තූ නොදකින්."
අමුත්තා කේන්තියෙන් වෙවුලයි. ටයි පටිය මඳක් බුරුල් කරමින් ඔහු පුටුවකට කඩා වැටුණේය.
"ඉක්මනට බ්‍රැන්ඩි ස්වල්පයක් දෙමු වොට්සන්."
හෝම්ස් අමුත්තාගේ කබාය ගලවා එල්ලන ගමන් පැවසීය. මම බ්‍රැන්ඩි ස්වල්පයක් අමුත්තාට පෙවීමි. මිනිත්තු කිහිපයකදී ඔහු යථා තත්වයට පත් විය.
"සමාවෙන්න මහත්වරුණි, මේ ප්‍රශ්ණෙ මගේ ඔළුවට ලොකු බරක්. මීඩියා වලින් මාව කනවා. අර ඒකාබද්ධෙ හාදයෝ ඊට හපන්. දඟලන්නේ නිකං හෙල්පින් හම්බන්තොට කේස් මතකම නෑ වගේ. ඒ මදිවාට අරයා. ලෝකෙට පේන්න කියන්නේ මයිලෝ වල සීනි වැඩියි වගේ ආතල් කතා තමයි. හැබැයි මේ සීන් එකේදී ෂේප් එකේ ගේම දෙන්නේ."
අමුත්තා දිග සුසුමක් පිට කළේය.
"බොහොම අමාරුවෙන් නායකකම රැකගත්තේ. යන්තම් පුටුවෙ වාඩි වෙලා හුස්මක් ගන්න දුන්නේ නෑ නාගත්තා. වොක්ස්වැගන් කොම්පැණියේ කේස් එක යන්තම් වහගත්තා. සයිටම් එකත් ෂේප් කර ගත්තා. නාය ගියපුවා, ආයුධ ගබඩා ගිනි ගත්ත ඒවා, ගංවතුර කේස් ඔක්කොම බේරගත්තා. මේක නාගත්තා. හොඳම මුදල් ඇමතියා. නොදෝකින් විතරක්. හරියට පුරුදු වෙන්න හොරකම් කරනවා වගේනේ හෝම්ස් මහත්තයා. මුන් පොඩි ළමයිද? කෝප් කමිටුවේ ඉන්න ගමන් කෝල් අරන් අතේ මාට්ටු. දැන් මොනාද කාපු රිලවු වගේ උඩ බලං ඉන්නවා."
අමුත්තා සිය ආවේගය පිට කරන තුරු අපි නිශ්ශබ්ද වීමු. අවසානයේ හෝම්ස් හඬ අවදි කළේය.
"දැන් ඔබතුමාට මගෙන් අවශ්‍ය උපකාරය මොකක්ද?"
අමුත්තා මදක් සිනාසුණේය.
"මේ කේස් එක මිනිස්සුන්ට අමතක කරලා දෙන්න හෝම්ස් මහත්තයා. නැත්තං ඡන්දෙකට යනවා බොරු."
හෝම්ස් මදක් කල්පනා කළේය.
"ඔබතුමා ළඟ ඉන්නවද මිනිස්සුන්ට මතක හිටින විදිහේ විහිළු කරන්න පුළුවන් අය."
අමුත්තා හිස දෙපසට වැනුවේය.
"ඔක්කොම විහිළුකාරයෝ තමයි හෝම්ස් මහත්තයා. මට තේරෙනවා ඔබේ යෝජනාව.මට කලින් හිටපු ඔක්කොම, මිනිස්සුන්ට වැදගත් ප්‍රශ්ණ අමතක කරන්න පාවිච්චි කරේ ඔයි ක්‍රමේ තමයි. ඉස්සර නම් මර්වින්, එස් බී, බන්දුල, ජෝන්, වන්ෂොට් එහෙම සුපිරියට ප්‍රශ්ණ අමතක වෙන ජෝක් දැම්මා. ඇයි අපේ අජිත් රෝහණ මල්ලි. අන්න පොලිස් මාධ්‍ය ප්‍රකාශකලා. ජෝක් නම් ජෝක්. හැබැයි අර චතුර සේනාරත්න කියලා එකෙක් ඕවර් ඇක්ටින් කරලා ගොන් ආතල් දීලා අපේ ජෝක් වලට මිනිස්සු හිනා වෙන එක නතර වෙලා. දැන් ඒවාගෙන් මිනිස්සු අන්දන්න අමාරුයි හෝම්ස් මහත්තයා."
හෝම්ස් දුම් උගුරක් පිට කළේය.
"ඔබේ රටේ මිනිස්සුන්ට නැතිවම බැරි දෙයක් තියෙනවාද?"
අමුත්තා මදක් කල්පනා කළේය.
"තණකොළයි පුන්නක්කුයි තමයි ඉතිං."
හෝම්ස්ට මදක් කේන්ති ගියේය.
"නෑ.නෑ. මම අහන්නේ කොහෙන්වත් හොයා ගන්න බැරි අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මොනවාද? නැතිවුණොත් ජන ජීවිතය අඩාල වෙන විදිහේ දෙයක්."
අමුත්තා හිස කැසුවේය.
"ඛණිජ තෙල් තමයි ඉතිං."
එවර හෝම්ස්ගේ දෑස් දීප්තිමත් විය. අපි හඩ්සන් මහත්මිය ගෙනැවිත් තිබූ උණුසුම් කෝපි පානය කරන තුරු හෝම්ස් තම පරිගණකය සමග තනිවී අන්තර්ජාලයේ මොනවාදෝ හෙව්වේය.
"මහත්මයා. ඔබේ වෙලාව හොඳයි. ඉන්දියන්කාරයො ඕනි ජරා වැඩකට ඔට්ටුයි. ගමුද අයි ඕ සී එකේ ලොක්කට කෝල් එකක්. හැබැයි අර ත්‍රිකුණාමලේ ටැංකි ටිකවත් උන්ට........"
හිතවත් පාඨකය, ඉන් ඉදිරියට සාකච්ඡා වූ දෑ පැවසීමට හෝම්ස්ගේ අවසරය මවෙත ලැබී නැත. කෙසේ වෙතත් ඉන් පසු සිදුවූ දේ ගැන ඔබ දන්නා බව නම් මට සහතිකය.

"මේ කථාව ඔබ ඉතාම හිත් ඇද ගන්නා සුළු විදිහට ලියලා තියෙනවා මගේ මිත්‍රයා. ඒත් පොඩි පරහක් තියෙනවා."
සති කිහිපයකට පසු අප හමුවූ අවස්ථාවේදී හෝම්ස් කීවේ සිය වයලීනය කවරයෙන් එලියට ගන්නා අතරතුරය.
"ඒ මොකක්ද හෝම්ස්? "
මා විමසුවේ කුතුහලයෙනි.
"කෝප් කමිටුවෙ අය කෝල් ගත්ත ප්‍රශ්ණේ මතුවුණේ ඒ රටේ තෙල් ප්‍රශ්ණේ ඇති වුණාට පස්සෙ සතියක. ඔබේ කතාවෙ හැටියට මේක වෙලා තියෙන්නේ කලින්. මේ කාරණේ නිසා පාඨකයා කතාව දිහා අවිශ්වාසයෙන් බලයි නේද?"
හෝම්ස් පවසන්නේ සැකයෙනි.
"පිස්සුද මිත්‍රයා. 2015 අවුරුද්දේදී බැඳුම්කර කේස් එක ගැන ලිව්ව පොතකට විස්තර ගන්න 2016 දී අර්ජුන් ඇලෝෂියස්ට කෝල් කරපු බව කියන ලේඛකයෙක් ඉන්න රටක මිනිස්සු ඔච්චර දේවල් හොයයිද?"
හෝම්ස් මා දෙස බලා සිටියේ විමතියෙන්දැයි දුකෙන්දැයි මම තවම කල්පනා කරමි.