ෂර්ලොක් හෝම්ස් පාලම මැදට එන විටත් දොස්තර වොට්සන් එහි පැමිණ සිටියේය. පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු සමග කතාබස් කරමින් සිටි වොට්සන්, හෝම්ස් දුටු සැණින් අත මදක් වනමින් ඉදිරියට පැමිණියේය.
“පාලම අමුතු විදිහට පැද්දෙනවා දැනෙනවද?” වොට්සන්ගේ නහය බර වී තිබිණි.
“කැළණි ගඟට මුදාහරින මළ අපද්‍රව්‍ය දිරාපත්වීමෙන් නිකුත්වෙන මීතේන්වලට වොට්සන් අසාත්මික වෙලා” හෝම්ස් කීවේ කට කොනට සිනහවක් නගමිනි.
මිනිස් ක්‍රියාකාරකම් විසින් විහිදුවන අනේක ආලෝක ධාරාවන් විසින් දිලිසවන ධූලී අංශු සහිත කොළඹ අහස යට නව කැළණි පාලමේ සුවිසල් යකඩ කදම්බ එකිනෙක සවිකර ඇති මහත යකඩ ඇණ කිසිවෙකු විසින් ගලවාගෙන ගොස් තිබිණි. අත්වැටට බරදී පහත බැලූ හෝම්ස් කළු පැහැති අගාධය දෙස විනාඩි කිහිපයක් බලා සිටියේය.
හෝම්ස් එක්වරම පාලමෙන් එළියට බසිනු දුටු වොට්සන්ට හීන් දාඩිය දාන්නට විය. හෝම්ස් නොපෙනී ගියේය. වොට්සන් එබී බලන විටත් හෝම්ස් පාලමේ යට පැත්තේ යකඩ ගරාදි අතර සිය කුඩා විදුලි පන්දම වනමින් ඔබ මොබ යමින් සිටියේ පුරුදුකාරයෙකු විලසිනි.
පොලිස් නිලධාරීන් මුලදී මදක් කලබල වුවත් හෝම්ස්ගේ හැටි දන්නා නිසා නැවතත් ඔවුන් ඔවුන්ගේ කතාවට වැටිණි. වොට්සන් සිටියේ නොඉවසිල්ලෙනි.
විනාඩි කිහිපයකින් හෝම්ස් උඩට පැමිණියේය. වොට්සන් සිය දඩබ්බර සගයාට අතදී උඩට ඇද ගත්තේය.
“මොනවාද දැක්කේ?” වොට්සන් ඇසුවේ හෝම්ස්ට හති අරින්නටවත් ඉඩ නොදෙමිනි.
“විශේෂ දෙයක් නැහැ. කාලයක් තිස්සේ සෑහෙන්න ඇණ ගලවලා. පාලම මෙහෙම තියෙනවා පුදුමයි.” හෝම්ස් කීවේ ආපසු හැරී යන්නට සැරසෙමිනි. වොට්සන්ට තව දුරටත් පාලම උඩ සිටීමට බියක් දැනිණි.
“මෙන්න මේ කඩදාසිය හීනියට රෝල් කරලා ඔබලා තිබුණා ඇණයක් ගලවපු සිදුරක. කියවලා බලන්න.” හෝම්ස් සිය කබා සාක්කුවෙන් ගත් කුණු ගෑවුණු පොඩි වුණු කඩදාසියක් වොට්සන්ට දික් කළේය.
නව කැළණි පාලමේ අතරින්පතර ඇති උස විදුලි පහන් කණුවකින් බේරෙන ලෝහිත ආලෝකයේ උදව්වෙන් කඩදාසියේ ලියා තිබූ දෙය කියවූ වොට්සන්ට පාලම වේගයෙන් කැරකෙන්නාක් මෙන් දැනිණි.
“ජනතාවට ව්‍යවස්ථාව උල්ලංඝනය කළ හැකිය.” - නිර්මාල් දේවසිරි (2022) යනුවෙන් අපැහැදිලි අත් අකුරෙන් එහි ලියා තිබිණි.
එරන්ද ගිනිගේ
2023 ජූලි 15
- උපුටාගැනීමකි