ෂර්ලොක් හෝම්ස් සුජීව වර්ශන්
ශර්ලොක් හෝම්ස් කතා මාලාව සූජීව ප්‍රසන්න ආරච්චි ලිව්වා නම් මෙසේ වීමට තිබුනා........................................................................................................................................
හදවතින් නීරීක්ෂණය කර
පපුවෙන් නිගමනය කොට
ලේ නහර වලට බැස තිබෙන
ගැඹුරු ආදරණීය ගැටලු පිවිතුරු
ප්‍රේමයෙන් විසදන දයාබර තාරූණ්‍යයට
සූජීව ප්‍රසන්න ආරච්චී තිළිණ කරන
"නිම් හිම් හෙව්වා මා සසරේ - පැටලි ගැටලූ අතරේ....
.................................. 1 ..............................
බේකර් වීදීයට තද වැස්ස... හෝම්ස් ජනේලයේ තිර රෙද්ද ඈත් කරලා පාර බැලුවා.. පාර හොදටම මඩ වෙලා, බොර වෙලා.. විසදන්නට ගැටලුවක් නැතිව ගෙවන මේ ජීවීතේත් හොදටම මඩ වෙලා නේද කියලා හෝම්ස් ට හිතුනා...
හෝම්ස් වෙලාව බැලුවා.. වේලාව තාම උදේ පහයි... එක බඩ වැල කඩන් නාවත් අවුරුදු ගානක ඉදලා තමන් එක්ක දුක සැප බෙදා ගන්න සහෝදරයෙක් වගෙ තමන්ට ඉන්න වොට්සන් සෝෆාවට වෙලා නිදි ..
වාර ගානක්ම තමන්ගේ ජීවිතේ බේරපූ , තමන් වෙනුවෙන් ජීවීතේ පරදුවට තියපු වොට්සන් වගේ යාලුවෙක් ලන්ඩනයේ ඉන්නෙ එහෙමත් කෙනෙකුට බව හෝම්ස් දන්නවා.
හෝම්ස් ඕලන්ද දුම්කොළ වලින් පයිපය පිරෙව්වා. ඕලන්ද දුම්කොල අව්වට වැස්සට සීතට ඕන වෙලාවක ඇගට ප්‍රබෝදයක් ගේනවා. හෝම්ස් දුම්කොල ගන්නෙත් ලන්ඩනයේ හොදම ඕලන්ද දුම්කොල විකුණන හාර්ඩී මුදලාලි ලගින්..
වැස්ස ටික ටික ලොකු උනා. ජනේලෙන් ඇවිල්ලා ඇගෙ වදින හිරිකඩ නිසා හෝම්ස්ගේ රෝම කූම පවා කෙලින් වෙනවා ... පහුගිය කාලේ අනුග්‍රාහකයො තමන්ගේ ජීවීතේට ගෙනාපු ප්‍රශ්න මොන තරම් ලොකුද කියලා හෝම්ස් හිතුවා. ඒත් ඒ හැම ප්‍රශ්නයක්ම විසදන්න හෝම්ස්ට පුලුවන් උනා. ඒ හෝම්ස් ගේ හැටි...
දුම්වලාවක් අතරේ තනි වෙලා ඉදපූ හෝම්ස් ගෙ දැහැන බිදුනෙ දොර ලගින් ආපු සද්දෙකට.. හෝම්ස් හැරිලා දොර දිහා බැලුවා..
"හෝම්ස් පුතා තේ හදන්නද?" ඒ හඩ්සන් මහත්මිය... නිවසේ හිමිකාරිය... හෝම්ස් යාලූවා වොට්සන් එක්ක ගෙදර සදලුතලය කුලියට අරන් ඉන්නේ.. අනුන්ගේ ප්‍රශ්න විසදුවට ගෙයක් ගන්නවත් හෝම්ස් උණන්දු උනේ නෑ. හිත හොද මිනිස්සු එහෙමයි...
"හදමුකෝ හඩ්සන් නැන්දේ .. මටත් තිබහයි...
හෝම්ස්ට ඇති තේ තිබහක් නෑ... ඒත් හඩ්සන් නැන්දාගෙ තේ එකක් බොන්න ආසයි... තමන්ගේ අම්මගෙ වයසෙ වගෙ හිටපු හඩ්සන් නැන්දාට හෝම්ස් අම්මට වගේ ගෞරව කලා..
බේකර් වීදීයේ මේ නිවසට ආපු දවසේ ඉදන් හෝම්ස්ටයි වොට්සන්ටයි බත් උයපු බත් අම්මා උනෙත් හඩ්සන් නැන්දා.... සමහර දවසට හෝම්ස්ටයි වොට්සන්ටයි කන්න දීලා හඩ්සන් නැන්දා බඩගින්නෙ හිටපු බව හෝම්ස් දන්නවා. ඒකයි හෝම්ස් අම්මට තරම්ම හඩ්සන් නැන්දට ගරු කලේ...
"මොනවද හෝම්ස් කල්පනා කරන්නේ...."
වොට්සන් නැගිටලා. හෝම්ස් වෙලාව බැලුවා. හයයි විස්සත් වෙලා.. දැනෙන්නෙම නැතුව එලි වෙලා... හෝම්ස් හිතුවා.....
"ගුඩ් මෝර්නිං වොට්සන්"..
"මෝර්නිං හෝම්ස්.. වැස්ස නේද? "
"ම්" වැස්සත් හරියට අපේ ජීවිතේ වගෙ කියලා හිතුවත් හෝම්ස් එහෙම කිව්වෙ නෑ...
සීතල නිසාම වොට්සන් අත් ගුලි කරන්. සිවු රහස් සලකුණ පරීක්ෂණයේදී ඔහුට හමු උන ප්රීය බිරිද මේරීට වොට්සන් පණ ඇරලා ආදරේ කරලා. සංසාර ගත බැදීම අත් හැරලා ඈ මියගිය දවසෙ ඉදන් වොට්සන් ඉන්නෙ දුකෙන් බව හෝම්ස් දන්නවා..
මේරීගෙයි වොට්සන්ගෙයි ආදරය හරි පුදුම එකක්... මේරී බඩගින්නෙ ඉද්දි වොට්සන්ට කෑම උගුරෙ හිර උනා... වොට්සන්ට කරදරයක් වෙලාවට ඒක මුලින්ම දැනෙන්නෙ මේරී ට. ආදරෙ මොන තරම් බලගතුද ... හෝම්ස් හිතුවා.....
"හෝම්ස් උදේට කාලාද ?"... හෝම්ස් ගේ දැහැනට ආයෙත් වොට්සන් බාධා කලා...
"නැහැ වොට්සන්.. හඩ්සන් නැන්දා තේ හදන් ඒවී බිත්තර ඔම්ලට් සැන්ඩ්වීච් එක්ක"..
"කොහොමද හෝම්ස් හරියටම දන්නේ?"
"වොට්සන් නිදි අතරේ හඩ්සන් නැන්දා ආවා තේ ඕනද කියලා අහන්න.. මන් ඕන කිව්වා. වොට්සන්ට දැනෙන්නෙ නැත්ද පහල බිත්තර බදින සුවද .. බිත්තර ඔම්ලට් තේ එක්ක නිකන් කන්න බෑ නේ... මන් දැක්කා ඊයේ හඩ්සන් නැන්දා චූන් පාන් කාරයාගෙන් පාන් රාත්තලක් ගන්නවා. මේ ඔක්කොම ගැලපුවම සරල නිගමනයක් වොට්සන්"
හෝම්ස් ගෙ පැහැදිලි කිරීමට වොට්සන් පුදුම උනෙ නෑ. හෝම්ස් එක්කම ජීවත් වෙලා වොට්සන්ට දැන් මේ දේවල් හුරුයි.
එතකොටමයි වොට්සන්ට ඇහුනේ තරප්පු පෙල නැගගෙන හඩ්සන් නැන්දා එන සද්දේ... ඇය කතා කරගෙනම කාමරයට ඇතුල් උනා..
"පුතාලා මන් තේ හදලා ඔම්ලට් සැන්ඩ්වික් ගෙනාවා.. කාලා ඉන්න..."
"ම්ම්ම් සුවදට ඕන තරමක් කාලා තේ බොන්න පුලුවන් නැන්දේ... " වොට්සන් කීවේ හදවතින්මයි..
"නැන්දා කාලද ?" ඒ හෝම්ස්..
හඩ්සන් මහත්මියගේ පපුවා දාලා ගියා.. බෝඩිංකාරයො විදියට හිටියත් තමන්ගේ ළමයි වගේම තමන්ගේ ගැන හිතන හෝම්ස් ලා දිහා බලලා ඇගෙ ඇස් තෙත් උනා...
"ඔව් පුතේ මන් කාලා ගෙනාවේ ඔයාලට" හඩ්සන් මහත්මිය කිව්වෙ උගුරෙන්..
එහෙමම ඇය හැරිලා ගියා... ඇය හෝම්ස් දිහා වත් වොට්සන් දිහාවත් ආයේ බැලුවේ නැහැ...

ammoh , Kaalekin hina una
thanks.