ෂරියාව යනු කුමක්ද,?
මේ දිනවල දේශපාලන ප්රවෘත්ති වල ෂරියා නීතිය සාකච්ඡා වනු අපට නිතර ඇසිය හැක. ෂරියාව ගැන සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ මාධ්‍ය වල පෙන්නුම් කරන්නේ අයහපත් දෙයක් ලෙස වන නමුදු ඔවුන්ගෙන් කවුරුවත් මෙය කුමක්දැයි හරියාකාරව දන්නා බව නොපෙනේ. මේ නිසා ෂරියාව යනු කුමක්දැයි මෙම ලිපියෙන් සාකච්චා කිරීමට බලාපොරොත්තු වෙමි.
ෂරියා (شريعة shari’ah) යන අරාබි පදයේ අර්ථය වන්නේ, ලිඳකට නැතිනම් ජලාශයකට යොමුවූ මාර්ගය යන්නයි. ඉස්ලාමයට අනුව එයින් අදහස් වන්නේ ආගමානුකූල ප්‍රතිපත්ති සහ නීති හර පද්ධතියයි. මෙම හර පද්ධතිය ගොඩ නැගී ඇත්තේ කුරානය සහ නබි වදන් පදනම් කර ගැනීමෙන් වන අතර, එහි අභිප්‍රාය වන්නේ ලෞකික සහ ලෝකෝත්තර ජීවිතයේ යහපත උදා කර ගැනීමයි.
සාමාන්‍යයෙන් ෂරියා යන්න ඉස්ලාම් නීතිය ලෙස පරිවර්තනය වුවද එය එතරම් නිවැරදි නොවේ. එයට හේතුවනම් ෂරියාවට, අධ්‍යාත්මික ගුණවගා පද්ධතියක්ද ඇතුලත් වීමයි. දෙමාපියන්ට සැලකීම, දුප්පතුන්ට ආධාර කිරීම යනාදී කරුණු මෙයට ඇතුලත් වෙයි. නීති ලෙස සැලකෙන කරුණු සම්බන්ධයෙන් වුවද බොහොමයක් ඇත්තේ අධ්‍යාත්මික නීතීන්ය. එම නීති ක්‍රියා කරවීමේ වගකීම පුද්ගලික වගකීමකි. මෙයට නිදසුන් ලෙස බොරුකීමෙන් වැළකීම, ඌරු මස් නොකෑම, නිහතමානි වීම දැක්විය හැක.
අවාසනාවකට බොහෝ දෙනෙක් සිතන්නේ ෂරියාව යනු අපරාධ නීති දණ්ඩන ක්‍රමයක් බවයි. නමුත් දණ්ඩ නීතිය වනාහී ෂරියාවෙන් 5%ක් පමණ කුඩා කොටසකි.
ෂරියාවට අනුව ලෞකික සහ ලෝකෝත්තර යහපත උදා කර ගැනීම සඳහා මූලික අවශ්‍යතා 5ක් ආරක්ෂා කල යුතුය. මෙය ෂරියාවේ මූලික අරමුණු (مقاص maqasid) 5 ලෙසද පෙන්වා දිය හැක. මෙම වර්ගීකරණය මගින් ෂරියා පද්ධතියේ අඩංගු නීතීන් පිටුපස ඇති හේතූන් හඳුනාගැනීම පහසු වේ. එම මූලික අරමුණු කෙටියෙන් මෙසේය:
1. දහම ආරක්ෂා කිරීම
2. ජීවිත ආරක්ෂා කිරීම
3. බුද්ධිය/කල්පනාව ආරක්ෂා කිරීම
4. පරම්පරාව ආරක්ෂා කිරීම
5. දේපල-වස්තුව ආරක්ෂා කිරීම
ෂරියාවට අනුව මුස්ලිම් වරයෙක් කළයුතු නොකළයුතු දේවල් ලෙස නීති පැනවී ඇත්තේ මෙම මූලික කරුණු ආරක්ෂා කිරීමටය. අපරාධ වලට දඬුවම් පැනවීමට හේතුවද එය වේ.
ලංකාවේ ආගම් බේධය පතුරන පිරිස් කියන බොරු අතර එක් බොරුවක් නම්, මුස්ලිම් අය ලංකාවට ෂරියා නීතිය ගෙන ඒමට තැත් කරන බවය. මේ ප්‍රකාශය ෂරියාව කුමක්දැයි නොදැන කියන (මෝඩ) කතාවකි. අන්තවාදය බුද්ධිය මත නොව හැගීම් මත පදනම් වන අතර, මිනිසුන් බිය වද්දවා අන්තවාදය පතුරුවීම ඉතිහාසය පුරාවට දක්නට ලැබෙන දෙයකි. අද ලංකාවේ සිදුවන්නේද මෙවැන්නකි. එනම්, ෂරියාව කුමක්දැයි නිසියාකාරව අර්ථ නොදක්වා එය මිනිසුන් බිය ගැන්වීම පිණිස බිල්ලෙකුට ඇන්දවීමය.
මුස්ලිම් පිරිස් සිය දහම විශ්වාශ කරන්නේ නම් එය ෂරියාවේ කොටසකි. ආගමානුකූලව ව්‍යාපාර කරන්නේ නම්, දුප්පතුන්ට ආධාර කරන්නේ නම්, එයද ෂරියාවේ කොටස්ය. ඒ අනුව ෂරියාව දැනටමත් ලංකාවේ සහ මුස්ලිම් පිරිස් සිටින රටවල පවතින්නකි. ෂරියාවේ දණ්ඩ නීතීන් ගැන කතා කරනවා නම් එම නීතීන් ලංකාව වැනි මුස්ලිම් නොවන පාලනයක් සහිත රට වලට වලංගු නැත. ෂරියාවට අයත් දණ්ඩ නීතීන් ක්‍රියා කරවීම මුස්ලිම් රජයන් මගින් පමණක් ක්‍රියා කල යුතු දෙයකි. එය පෞද්ගලික මට්ටමෙන් ක්‍රියාත්මක කල නොහැක. ඒ නිසා, ෂරියානුකූල දණ්ඩ නීතීන් ලංකාවේ ස්ථාපනය කිරීම ඉස්ලාමීය ෂරියාවට අනුව කල නොහැක.
කලින් ප්‍රකාශ කල පරිදි ෂරියාව පදනම් වී ඇත්තේ කුරානය සහ නබි වදන් මතය. මුස්ලිම් විශ්වාසයට අනුව මෙම මූලාශ්‍ර සදාකාලික වන්නේය. නමුත් ෂරියාව ගොඩ නැගී ඇත්තේ මෙම මූලාශ්‍ර මනුෂ්‍ය දෘෂ්ටිකෝණයෙන් තේරුම් ගැනීමෙනි. ඉස්ලාම් ආගමික මූලාශ්‍ර අර්ථකථනය කිරීම යම් යම් සීමා වලට යටත් වන නමුත්, ඇතැම් කරුණු සම්බන්ධයෙන් විවිධ අදහස් ඇතිවීම මෙනිසා වැළක්විය නොහැක. එනිසා ෂරියා පද්ධතිය වෙනස් අදහස් වලින් සමන්විත වන අතර, ඇතැම් නීතීන් කාලයත් තැනත් අනුව වෙනස් වීමට ඉඩ ඇත. මේ අනුව ෂරියා පද්ධතියේ එන නීති මාලාව සම්බන්ධයෙන් සිතුවිලි ධාරාවන් ( مذهب maḏdhab) 4ක් අද ලොවෙහි පවතී.