මුස්ලිම් කාන්තාවකට "ෂරියා නීතිය" යටතේ දඬුවම් කළ පුද්ගලයන් 6 දෙනෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ
බණ්ඩාරගම ප්‍රදේශයේ සිංහල ජාතික පුද්ගලයෙකු හා විවාහ වී සිටින මුස්ලිම් කාන්තාවකගේ නිවසට "බලහත්කාරයෙන් පැමිණ ලිංගික හිරිහැර හා නිවසට දැඩි අලාභ හානි සිදුකරමින් තර්ජනය කිරීම් හා බියවද්දවිම" පිළිබඳව බණ්ඩාරගම පොලීසියට ලද පැමිණිල්ලකට අනුව ඊයේ (20) දින පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් 6 දෙනෙකු මේ මස 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පානදුර අධිකරණය අද (21) නියෝග කර තිබෙනවා.
අදාළ කාන්තාව මෙම සිද්ධිය පිළිබඳව පවසන්නේ "ෂරියා නීතිය යටතේ මට වද දීලා, ඇඳුම් ඉරලා, සෙනග පිරුණු පාරේ ඇදගෙන ගියා" යනුවෙනි.
සිංහල ජාතික පුද්ගලයෙකු සමග විවාහ වූ බැවින් දිගින් දිගටම තමාට ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියේ පිරිස්වලින් බලපෑම් එල්ල වූ බවත්, මේ සම්බන්දයෙන් 2019 මාර්තු මස 03 වන දින CIB 2 22/327, මාර්තු මස 25 වෙනිදා දින CIB 128/19, මාර්තු මස 26 වෙනිදා CIB 3 162/146, ,මාර්තු මස 30 වෙනිදා CIB 1 340/358 සහ මාර්තු 29 දින CIB 2 21/324 දරණ පැමිණිලි බණ්ඩාරගම පොලිස් ස්ථානය වෙත තමන් ඉදිරිපත් කළ බවද ඇය මෙහිදී ප්‍රකාශ කර සිටියා.
කෙසේ වෙතත් මෙම පැමිණිලි සම්බන්ධයෙන් විදිමත් විමර්ශනයක් සිදු කර නොමැති අතර පසුගිය සතියේ පෞද්ගලික රුපවාහිනී නාලිකාවක් සමග පැවති සාකච්ජාවකදී බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි මේ සිද්ධිය පිළිබඳව රටට හෙළිකිරීමත් සමගම ලහි ලහියේ පරීක්ෂණ සිදුකර මෙම සැකකරුවන් ඊයේ අත්අඩංගුවට ගැනීමට බණ්ඩාරගම පොලීසිය කටයුතු කර ඇත.
මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් තවමත් පොලීසිය අත්අඩංගුවට ගෙන නොමැති අතර තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සිටින බව බණ්ඩාරගම පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණයට දන්වා ඇත.

අටුලුගමේ උන් oic ට සලකනවා වගේ හොදට