ෂහාබ් අද්-දීන්

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    1651337034729.png

    අලෙප්පෝ කියන්නේ සිරියාවේ තියෙන ඉපැරණි නගරයක්. 12 වැනි සියවසේදී අලෙප්පෝ නගරය මුළු ඉස්ලාමීය ශිෂ්ඨාචාරයේම තිබුනු ධනවත්ම සහ ප්‍රධානම නගරයක් වුනා. විද්වතුන් ගණනාවක් අලෙප්පෝ නගරයේ ජීවත් වුනා.
    එක් දවසක් අලෙප්පෝ නගරයට අමුත්තෙක් ආවා. ඔහු ආවේ බූරුවෙක් පිටේ නැගලා. අමුත්තා තරුණයෙක්. ඔහුගේ ඇඳුම් වැරහැලි. ඔහු සන්තකයට තිබුනේ ඉරී ගිය රෙදි මල්ලක් විතරයි. ඔහුගේ පාවහන් ගෙවී ගිහින්. තලප්පාව කිළුටුයි.
    මේ අමුත්තා ඉස්ලාමීය ධර්මය උගන්වන මද්‍රසා පාසලකට ගිහින් එහි නවාතැන් ඉල්ලුවා. මද්‍රසාවේ ප්‍රධාන ගුරුවරයා හිතුවේ මේ තරුණයා බූරුවන් බලාගන්නා කෙනෙක් කියලා. මේ අසරණ දිළින්දාට උදව්වක් කිරීමේ බලාපොරොත්තුවෙන් ඔහු තරුණයාට නවාතැන් දුන්නා.
    රාත්‍රියේ තරුණයා එක්ක කතාවට වැටුණු පසු ඔහුට තේරුණා තරුණයාට බොහෝ දේ ගැන විශිෂ්ඨ අවබෝධයක් තියෙන බව. මේ තරුණයා නිකම්ම බූරුවෝ බලාගන්නෙක් වෙන්න බෑ කියලා ගුරුවරයාට තේරුණා. ඔහු තරුණයාගෙන් ඔහුගේ නම සහ උපන් තැන විමසා සිටියා.
    "මම යහියා ඉබ්න් හබාෂ්, මම උපන්නේ පර්සියාවේ සුහරවාර්ද් ගමේ" තරුණයා කිව්වා.
    ගුරුවරයා ගල් ගැහුනා. "යහියා ඉබ්න් හබාෂ් සුහරවාර්දි" හෙවත් "ෂහාබ් අද්-දීන්" කියන්නේ මුළු ඉස්ලාමීය ලෝකයේම ඉතාම ප්‍රසිද්ධ විශිෂ්ඨතම විද්වතෙක්, දාර්ශනිකයෙක් සහ සූෆි ගුරුවරයෙක්.
    ගුරුවරයා වහාම තමාගේ ගෙදර දුවගෙන ගිහින් තමාගේ ඇඳුම් වලින් හොඳ ඇඳුමක් තෝරා ගත්තා. පහුවදා උදේම ඔහු තම පුතා අතේ තරුණයාට ඒ ඇඳුම යැව්වා. යහියා ඉබ්න් හබාෂ් වගේ විශ්ෂ්ඨයෙක් ඒ වගේ වැරහැලි ඇඳගෙන් ඉන්න ඉඩදෙන්න ඔහුට හිත දුන්නේ නෑ.
    යහියා තමාගේ රෙදි මල්ලෙක් විශාල මැණිකක් අරගෙන ගුරුවරයාගේ පුතාට දුන්නා.
    "මේ මැණික අලෙප්පෝ නගරයේ ආණ්ඩුකාරයාට පෙන්වලා ඔහු ඊට කොපමණ මුදලක් ගෙවන්න කැමතිද කියල අහගෙන එන්න."
    ආණ්ඩුකාරයාගේ නිවෙසට ගොස් ආපහු පැමිණි ගුරුවරයාගේ පුතා ආණ්ඩුකාරයා මැණිකට රිදී කාසි 30,000 ක් ගෙවන්න සූදානම් බව යහියාට කිව්වා.
    මද සිනා පෑ යහියා මැණික නැවතත් ඉල්ලා ගත්තා.
    "මට ඔබේ පියා ගේ ඇඳුම් වලට වඩා හොඳ ඇඳුම් ඕනෑම වෙලාවක මිලදී ගන්න පුළුවන්. ඒත් මට මේ ඇඳුම ඇති."
    ගුරුවරයාගේ පුතා බලාගෙන ඉඳියදීම යහියා මැණික ගලක් උඩ තියලා කුඩා කෑලි වලට කුඩු වෙලා යන්න තවත් ගලකින් ගැහුවා.
    යහියා දින ගණනාවක් මද්‍රාසාවේ නැවතී හිටියා. ඔහු දිගටම ඇන්දේ අර වැරහැලි ඇඳුම්. ඒත් එක දවසක් ඔහු ඉස්තරම්ම ඇඳුමකින් සැරසී සිටිනු ගුරුවරයා දැක්කා.
    "හා ඔබ අන්තිමේදී හොඳ ඇඳුමක් මිලදී ගත්තා ද?"
    "නෑ, මේ ඇඳුම මම ළඟ කලින් ඉඳන්ම තිබුන එකක්. මම ඉඳහිට මේ ඇඳුම අඳිනවා. ඒ වැරහැලි අඳින එක ගැන මට මම ගැනම ආඩම්බරයක් ඇතිවුනොත්, ඒක වලක්වා ගන්න."

    lilman

    Well-known member
  • May 10, 2009
    40,900
    54,455
    113
    Colombo
    View attachment 169288

    මේ නම් සෙට් එක අයින් කරල , නිමල්,කමල්,නන්දසේන,පර්සි වගේ සරල නම් දාපන්.නැත්නම් කියවන්න අමාරුයි :(