ෂේනුකා සෙනවීරත්න.. ද ස්ලට්..

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    ෂේනුකා සෙනවීරත්න.. ද ස්ලට්..

    10424235_583054278467575_2282476769566571639_n.jpg

    කොළඹ 7 කාන්තා විද්‍යාලයෙන්
    මුලික අද්‍යාපනය හදෑරූ ෂේනුකා ද සිල්වා සෙනවීරත්න
    වැඩිදුර අධ්‍යාපනය සදහා එංගලන්තයට පැමිණෙන්නේ
    1980 දශකයේ අග භාගයදී පමණය.
    එම අවදියේ ඇය තම අධ්‍යාපන වියදම් සොයාගැනීම සදහා ලන්ඩනයේ Macdonald ආපන ශාලාවක
    Waitress (වේටර් ) වරියක් ලෙස සේවය කල බව
    ප්‍රසිද්ධ කරුණකි.
    එංගලන්තයේ අධ්‍යාපන හැදැරීමෙන් අනතුරුව ,
    අනුව දශකයේ මුල නැවතත්
    ලංකාවට යන ෂේනුකා ද සිල්වා
    HNB බැංකුවේ ලිපිකාරිනීයක් ලෙස
    සේවයට එක්වන්නීය.

    එවකට THE ISLAND පුවත්පතේ
    සහකාර කතුවරයකු ලෙස සේවය කල ,
    වත්මන් ඉරිදා ISLAND පුවත්පතේ
    කතෘ මණික් ද සිල්වා සමග (දුරින් නෑවෙන කෙනෙක්)
    පැවති නෑකම මත
    ඔහු විසින් 1993/ 94 වසරේ
    විදේශ ඇමති ලෙස සිටි
    A .C.S .හමීඩ් මහතාට
    ෂේනුකාව හන්දුන්වාදෙනු ලබයි .
    විදේශ සේවයට ඇයගෙන් ගතහැකි
    කිසිවක් නැති බව වටහා ගන්නා විදේශ ඇමති
    A .C.S .හමීඩ් ,
    මණික් ද සිල්වාගේ හිත රිදවීමට ඇති
    නොහැකියාව නිසා
    ෂේනුකා තම බිරිදගේ
    පරිවාර කාන්තාව escort lady ලෙස
    සේවයේ පිහිටුවනු ලබයි .

    විදේශ ඇමති A .C.S .හමීඩ් මහතාගේ
    සොහොයුරා සමග
    අනියම් සබදතාවක් ඇතිකර ගනුලබන්නේ
    එසේ සේවය කරන අතරතුරය.
    මේ හේතුව නිසා
    එවකට විදේශ ඇමති
    A .C.S .හමීඩ් තම මල්ලිගේ පවුල ආරක්ෂා කිරීම සදහා ෂේනුකාව කුවේට් දේශයේ
    labour officer තනතුරට පත් කර යවනු ලැබීය .

    ඉන් අනතුරුව 1994 වසරදී
    චන්ද්‍රිකා රජයේ විදේශ ඇමති බවට පත්වන
    කදිරගාමන් මහතා
    ෂේනුකාගේ සේවය ලබන්නේ
    එංගලන්තයේ පදිංචිවී සිටි
    යසෝදරා සහ විමුක්ති යන
    දරුවන් බලගැනීමටය.
    ඒ අතරතුර ව්‍යාපාරික සුරේන් සෙනේවිරතන සමග
    ෂේනුකා විවාහවීමේ ප්‍රතිපලයක් ලෙස
    ෂේනුකා ද සිල්වා සෙනිවෙරත්න බවට පත්වේ .

    චන්ද්‍රිකාගේ ළමයි බැලීමේ කාර්ය භාරය
    මනාලෙස ඉටුකරදීම නිසා
    එයට කලගුණ සැලකීමක් වශයෙන්
    චන්ද්‍රිකා රජයෙන් ඇයට
    නියෝජ්‍ය මහකොමසාරිස් තනතුර පිරි නමනු ලැබීය.

    බෙලි කැපීම සහ බිලිබෑමේ කලාව
    හොදින් දන්නා ෂේනුකා අවසානයේ නතරවන්නේ
    එකසත් රාජධානියේ මහා කොමසාරිස් දුරයට පත්වීමනි.
    2005 වසරේ, නිල ජනපති මහේන්ද්‍ර පර්සි ජනපති වීමෙන් පසුව ෂේනුකා බැලීමට පටන්ගන්නේ
    රාජපක්ෂ බෙබිලාය.
    බලාගන්නවාට අමතරව ෂේනුකා ඇන්ටි
    බබාලා සමග නර්තනයේද යෙදිමින්
    ඔවුන් සනසන්නීය,
    මේ වන විට ඇගේ හොදම මිතුරා බවට පත්වන්නේ
    අන් කවරෙකුවත් නොව
    ජනපති රහස්‍ය කටයුතු උපදේශක
    සජින් වාස් ද ගුණවර්ධනය.
    මොවුන් දෙදෙනා කදිමට පෑහෙන්නේ
    බලපිටිය ප්‍රදේශයේ එකම කුලයකින්
    පැවතෙන අය වීම නිසාය .

    මේ කාලය වන විට
    සජින් වාස් ,
    ලන්ඩනයට පැමිණි විට
    ලැගුම් ගන්නේ මහා කොමසාරිස් නිවස පිහිටා ඇති
    landon යේ st .ජෝන්ස් වූඩ් නිවසේ වන අතර ,
    ඉදුම් හිටුම් දීම සහ
    රසට හතු සැලඩ් සමග
    ප්‍රනීත ආහාරපාන සාදා දීම
    ෂේනුකා අතින්ම සිදුකරණ කාරණයකි.

    ෂේනුකා මහා කොමසාරිස් වශයෙන් කටයුතු කරන කාලයේ ඇයගේ හොදම මිතුරා වන්නේ
    ලන්ඩනයේ කූඨ ව්‍යාපාරිකයකු වන සහ
    කොටි (LTTE ) මනි ලෝන්ඩරී න්‍යායාචාර්ය මයික් කුක්ය.
    මයික් කුක් අවසානයේ නතර වනනේ
    ෂේනුකාගේ සැමියා වන
    සුරේන් සෙනවිරත්න
    මයික් කුක්ගේ වියාපාර හවූල් කරු සහ
    ෂේනුකා සෙනවිරත්න සමග
    අනියම් ඇසුරක් පවත්වාගෙන යමිනි.
    එම සම්බන්ධයේ ප්‍රතිපලයක් වශයෙන්
    ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය හරහා
    කොටි කළු සල්ලි ඩොලර් බිලියන ගණනක්
    සුදු සල්ලි බවට පත් කෙරිණි.

    මේ අවදිය වන විට
    විදේශ ඇමතිධුර මංගල සමරවීර ගෙන්
    රෝහිත බෝගොල්ලාගමට ගොසිනි.
    ෂේනුකා නැටවීමට නොහැකි වූ එකම විදේශ ඇමති
    මංගල සමරවීර වන්නේ ,
    ඔහු සමරිසියකු වූ හෙයිනි.
    මංගලගෙන් පසුව එම තනතුනරට පත්වන
    රෝහෝහිත බෝගොල්ලාග සමග ,
    නැටුම අරම්භ වන්නේ එයින් පසුවය.
    එම අවදියේදී නිල නොවන විදේශ ඇමති වන්නේ ෂේනුකාය .රෝහිත බෝගොල්ලාගමගේ බිරිද වන
    දීප්ති බෝගල්ලගමට ඉව වැටි තිබුනද,
    නැටුම සිදුවන්නේ විදේශයන්හි නිසා
    ඇයට එය අල්ලා ගත නොහැකි විය .

    රෝහිත බෝගොල්ලාගමගෙන් පසුව
    විදේශ ඇමති ධූරයට පත්වන
    G .L පිරිස් ද භාගෙට සමරිසියකුවන නිසා ,
    ඇය අල්ලා ගනු ලැබුවේ
    විදේශ අමාත්‍යංශයේ අධීක්ෂන මන්ත්‍රී දුරයට පත්වූ
    සජින් ද වාස් නමැති
    තමනට හුරුපුරුදු ගමේ හිතවතාය.

    නැටුම තවම අහවර නැත.
    ක්‍රිස් නෝනිස් පැන්නීම
    එක අඩව්වක් ක් පමණි.
    අඩව්ව අවසාන වන්නේ
    නිළ ජනපති මහේන්ද්‍ර රාජපක්ෂ ව එලවූ දාටය.
    මේ වන විටත් එම අඩව්වෙන් භාගයක්
    නටා හමාරය .
    හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙටය …………..

    බුදුන් දවස විසු
    අම්බපාලිය රජවරු,ඇමතිවරු ,සිටුවරු සමග
    රතිකෙලියේ යෙදුනද අවසානයේ
    ලොවුතුරා බුදුන්වහන්සේගේ බණ අසා
    රහත් බවට පත්විය.
    නමුත් ශ්‍රී ලංකා විදේශ සේවයේ
    නුතන අම්බපාලිය
    මචං සාරගෙන් බණ අසා යන්නේ අපායටය …
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ජිල් පීරිස් කොහේද බන් සමරසිරියෙක් වෙන්නේ? ජීල් පිරිස් කියන්නේ වැදගත් විදියට තත්වේ තියාගෙන ඉන්න කෙනෙක්, අනෙක් මැති ඇමතිලා වගේ බොරුව කෑගහලා, නටන ජාතියේ කෙනෙක් නෙවෙයි.
    උබ කියන්නේ ගෑණියෙක් දුන්න පළියට ගැහුවේ නැත්නම් ඌ සමරසිරියෙක් කියලද? උබට එතකොට වට්ටි අම්මා කෙනෙක් දුන්නත් උබ ගහනවද?
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    ජිල් පීරිස් කොහේද බන් සමරසිරියෙක් වෙන්නේ? ජීල් පිරිස් කියන්නේ වැදගත් විදියට තත්වේ තියාගෙන ඉන්න කෙනෙක්, අනෙක් මැති ඇමතිලා වගේ බොරුව කෑගහලා, නටන ජාතියේ කෙනෙක් නෙවෙයි.
    උබ කියන්නේ ගෑණියෙක් දුන්න පළියට ගැහුවේ නැත්නම් ඌ සමරසිරියෙක් කියලද? උබට එතකොට වට්ටි අම්මා කෙනෙක් දුන්නත් උබ ගහනවද?

    Full nemei ne ban bageta kiyala tiyenne :D:D
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    ජිල් පීරිස් කොහේද බන් සමරසිරියෙක් වෙන්නේ? ජීල් පිරිස් කියන්නේ වැදගත් විදියට තත්වේ තියාගෙන ඉන්න කෙනෙක්, අනෙක් මැති ඇමතිලා වගේ බොරුව කෑගහලා, නටන ජාතියේ කෙනෙක් නෙවෙයි.
    උබ කියන්නේ ගෑණියෙක් දුන්න පළියට ගැහුවේ නැත්නම් ඌ සමරසිරියෙක් කියලද? උබට එතකොට වට්ටි අම්මා කෙනෙක් දුන්නත් උබ ගහනවද?
    hmmm
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,632
    28,631
    113
    (මේ ලිපිය ‘සන්ඬේ ලීඩර්’ පුවත්පතේ පළවුණේ 2006 ජුලි 02 වැනි දා ය.)

    කවුද මේ සජින් කියන්නේ, හැබෑටම? - සොනාලී සමරසිංහ


    බොහෝ විට කෙනෙකුව මැනෙන්නේ, එම පුද්ගලයා පවත්වන ඇසුරුකම් ආශ‍්‍රයෙනි. මහින්ද රාජපක්ෂ එහි දී වෙනස් නොවේ. දැනටමත්, අජිත් නිවාඞ් කබ්රාල් සමග පවත්වන ඇසුර ගැන බොහෝ දෙනා ජනාධිපතිවරයාව දැඩි විවේචනයට ලක්කරති.

    මෑතකදී එම අජිත් නිවාඞ් කබ්රාල්ව ශ‍්‍රී ලංකා මහා බැංකුවේ අධිපති තනතුරට ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබීම නිසා, කබ්රාල්ගේ විවිධ ව්‍යාපාරික ගනුදෙනු ගැනත්, ඒවා කුමන ආකාරයකින් ලංකාවේ ආර්ථිකයට බලපෑම් ඇති කරනු ලැබේ ද යන්න ගැනත්, ප‍්‍රශ්න මතුවෙමින් තිබේ.



    ඒ මදිවාට දැන්, රාජපක්ෂ ජනාධිපතිවරයාගේ හුරතලා සහ අතීසාර මහජන සම්බන්ධතා ලේකම්වරයා වන සජින් වාස් ගුණවර්ධනගේ පරණ කෙරුවාවත්, රක්ෂිත බන්ධනාගාරගතව සිටීම, වංචා විමර්ශනවල සැකකරුවෙකු වී සිටීම, ලබා ගත් ණය නොගෙවා පැහැර හැරීම සහ විවිධ පොරොන්දු කඩ කිරීම වැනි දුරාචාර රැසක එකතුවක් සේ පෙනෙන්ට තිබේ.



    ජනාධිපති රාජපක්ෂ මෙසේ තමන්ගේ උපදේශකයන් සහ කිට්ටුවන්තයන් තෝරාගන්නා විලාසිතාව වඩාත් ප‍්‍රශ්නකාරී වන තවත් හේතුවක් තිබේ. රනිල් වික‍්‍රමසිංහ අගමැති ධුරය දරණ කාලයේ මේ සජින් වාස් ගුණවර්ධනම ඔහුගෙන් යම් නිලයක් බලාපොරොත්තු වූ අවස්ථාවේ, සජින් වාස් ගුණවර්ධනගේ අතීත අපරාධ පිළිබඳ වාර්තාව රනිල් වික‍්‍රමසිංහට සැලවිය. එම තනතුර ලබා ගැනීමට නම්, අතීතයේ කළා යැයි කියන ඇතැම් අපරාධවලට ගෑවී ඇති තම නාමය පිරිසුදු කරගෙන එන්නැ යි කියා රනිල් වික‍්‍රමසිංහ මේ සජින් වාස් ගුණවර්ධන තරුණයාව එදා හරවා යවා තිබේ.



    ට‍්‍රයිකෝ සමාගමේ රැකියාවක් සඳහා සජින් ඩුබායි බලා ගියේ මේ සිද්ධියෙන් පසුවයි. එහි දී පවා, එම සමාගමේ පාලනාධිකාරියේ හොඳ හිත ඔහු නැති කරගත් බව සැළයි. කෙසේ වෙතත්, වාසනාවන්ත ඉරණමකින් මෙන්, එහි දී ඔහුට එදා ලංකාවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂව මුණගැසුණි. ඒ, මහින්ද රාජපක්ෂ ඩුබායි රටේ සංචාරයකට ගොස් සිටි අවස්ථාවයි. මෙහි දී මහින්ද රාජපක්ෂට රටතොට පෙන්නීමට එක්කරගෙන ගියේ සජින් වාස් ගුණවර්ධන ය.



    ගමේගොඬේ ආරයේ ඉතා සරළ පුද්ගලයෙකු වන මහින්ද රාජපක්ෂට, චතුර ලෙසින් ඉංග‍්‍රීසි භාෂාව වහරණ, පරිගණක නිපුණත්වය සහිත මේ තරුණයාව හොඳින් හිතට ඇල්ලූවේය. සජින් නම් ‘නියම බඩුවක්’ යැයි මහින්දට සිතුණි. ‘‘ඇයි ලංකාවට ඇවිල්ලා මගෙත් එක්ක වැඩ කරන්නේ නැත්තේ?’’ එදා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මේ තරුණයාට ආරාධනා කෙළේය. ඒ ගැන දෙපාරක් සිතීමේ අවශ්‍යතාවක් සජින්ට නොවුණි. මුළු ජීවිත කාලයේම ඔහුගේ ආශාව වුණේ දේශපාලනයට පිවිසීමයි. එසේ වන විට, මේ පෑදෙන්ට යන අවස්ථාව මහඟු එකකි. ඒ ගැන කතාව පසුව..



    ඉතිං, අද විධායක ජනාධිපතිවරයාට මෙතරම් කිට්ටුවෙන් සිටින මේ තරුණයා කවුරුන් ද?

    33 වියැති සජින් වාස් ගුණවර්ධන දැනටමත් ජනාධිපති මහේන්ද්‍ර පර්සි රාජපක්ෂගේ සම්බන්ධීකරණ ලේකම්වරයා ය. මේ ප‍්‍රියමනාප තරුණයා ගැන බොහෝ අය වර්ණනා කරති. එසේම, නිශ්චිත තනතුරක් නැතත්, රාජපක්ෂගේ සාම ක‍්‍රියාවලිය තුළ ද, මොහු ප‍්‍රධාන චරිතයකි.



    මේ වසරේ පෙබරවාරි මාසයේ ජිනීවා නුවර ‘ෂැතෝ දෙ බොසි’ නැමැති ස්ථානයේ දී කොටි සංවිධානය සහ ලංකාවේ ආණ්ඩුව අතර පැවති සාම සාකච්ඡාවේ පළමු වටයේ දී සජින් වාස් ගුණවර්ධන එම සාකච්ඡා ශාලාවට කූට ලෙසින් රිංගා ගත්තේය. සාකච්ඡා සභාවට ආණ්ඩුව පැත්තෙන් සහභාගී වන්නන්ගේ නම් ලැයිස්තුවේ ඔහුගේ නම නොතිබුණි.





    මහ බක්කා



    ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ සාකච්ඡුා කණ්ඩායම, එච්. එල්. ද සිල්වා, ගෝමින් දයාසිරි, පාලිත කොහොන සහ ජෝන් ගුණරත්න වැනි ප‍්‍රකට පුද්ගලයන්ගෙන් සමන්විත විය. සජින් වාස් පැමිණියේ, මේ කණ්ඩායම පැමිණීමෙන් දවසකට පසුවයි. ඔහුව එහි යවන ලද්දේ, සාකච්ඡා ක‍්‍රියාවලිය ගැනත්, සාකච්ඡා කණ්ඩායම ගැනත් සොයා බැලීමට සහ කේලාම් කීමට පත්කෙරුණු විශේෂ ජනාධිපති නියෝජිතයෙකු වශයෙනි. දැන් මහ බක්කෙකු වී සිටින මේ සොක්කා ගැන, දේශපාලනයේ ජ්‍යෙෂ්ඨයන් වන ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ සහ මංගල සමරවීර වැන්නන්ගේ සිත් තුළ ඒ වන විටමත් අප‍්‍රසාදය ලියලමින් තිබුණි.



    අපේ‍්‍රල් මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ සාම සාකච්ඡා දෙවන වටයත් පැවැත්විණි නම්, සජින් වාස් ගුණවර්ධන නැවත වරක්, තමන්ගේ විදේශ පාරාදීසයකට යනවා නොඅනුමානයි. කෙසේ වෙතත්, ජුනි මාසය වන විට, සාම ක‍්‍රියාවලිය තුළ ඔහු රඟපෑ භූමිකාව, වඩාත් පැහැදිළි වන්නටත්, වඩාත් බලසම්පන්න වීමටත් විය. විවිධ හේතු යටතේ සාම සාකච්ඡා ප‍්‍රතික්ෂේප කළ එල්.ටී.ටී.ඊ, සංවිධානය, කෙසේ වෙතත්, ඔස්ලෝ නුවරදී නැවත හමු වී, ‘ශ‍්‍රී ලංකා නිරීක්ෂණ කණ්ඩායම’ ගැන වන සීමිත සාකච්ඡාවකට එකඟ විය.



    එවැන්නකට සහභාගී වීම ගැන ඒ මේ අත වැනෙමින් සිටි ආණ්ඩුව, අවසානයේ දී තුන්වැනි මට්ටමේ නියෝජිත කණ්ඩායමක් ඔස්ලෝ නුවරට පිටත් කර හැරීමට තීරණය කෙළේය. ජුනි 8 සහ 9 යන දෙදිනයන්හි පැවැත්වීමට නියමිත එම සාකච්ඡාව සඳහා ආණ්ඩුවේ පාර්ශ්වයේ නායකත්වය පැවරුණේ, එවක ‘සාම ලේකම් කාර්යාලයේ’ ප‍්‍රධානියා වූත්, ප‍්‍රවීණ රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකු වූත්, පාලිත කොහොනටයි. ඔහුට සහාය වීමට, තරුණ සජින් වාස් ගුණවර්ධන, ‘සාම ලේකම් කාර්යාලයේ’ ෂානක ජයසේකර සහ නීතිඥ ගෝමින් දයාසිරිව පත්කෙරුණි.





    සුපිරි තරුව



    ඉතිං, මේ සජින් කවුද? ජනාධිපති රාජපක්ෂව සිය වසඟයට ගැනීමටත්, සිරස සුපිරි තරුවක් සේ මෙසේ මුදුනට ඒමටත් හේතු වන්නට ඇති කාරණා කවරේද?



    සජින් යනු, 1994 චන්ද්‍රිකා බලයට පත්වීමෙන් පසු, ව්‍යවසාය මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල් වශයෙන් සිටි, ඒ. ඞී. ද වාස් ගුණවර්ධනගේ පුතා ය. ලොකු වාස් ගුණවර්ධන, පේ‍්‍රමදාස යුගයේ නෂ්ටාවශේෂයකි. කෙසේ වෙතත්, චන්ද්‍රිකාගේ ප‍්‍රියතමයෙකු වන තිලාන් විජේසිංහව ව්‍යවසාය මණ්ඩලයේ සභාපති තනතුරට පත්කරන තෙක් එහි සභාපතිත්වය දැරුවේ ඔහු ය.



    ‘ගේ‍්‍ර ලයින් ගෲප්’ නැමැති සමාගම සමග, එදා සැකයට භාජනය වූ ව්‍යාපාරික කටයුතුවලට අදාළව සජින් වාස් ගුණවර්ධන ගැන හාහෝවක් ඇති වුණේ, ඔහුගේ පියා ව්‍යවසාය මණ්ඩලයේ සභාපතිත්වය දරමින් සිටි 1995 දී ය. ලාල් විජේරත්නට හිමි ‘ගේ‍්‍ර ලයින්’ සමාගමේ ව්‍යාපෘති සංවර්ධන කළමනාකරු වශයෙන් පත්කරගෙන සිටි සජින් වාස් ගුණවර්ධන, ව්‍යවසාය මණ්ඩලයේ සභාපතිවරයා ඔහුගේ පියා වීම හේතු කොටගෙන, ‘ගේ‍්‍ර ලයින්’ සමාගමට ඉතා ප‍්‍රයෝජනවත් පුද්ගලයෙකු විය.



    මේ කාලයේ ඔහු වයස 22 ක තරුණයෙකි. ඔහුව එදා දැන සිටි අය කියන පරිදි, ඔහු ඉතා උද්‍යෝගීමත්, නාහෙට නාහන, කතාවෙන් අනුන්ගේ සිත් ගන්නා චාටුකාරයෙකි. මේ නිසා, පහසුවෙන් අහුවෙන බොහෝ දෙනා, මුදල්හදල්වලින් ඔහුට රැවටුණි. ඔහුගේ එක දුර්වලතාවක් තිබුණි. එනම් ණය ගැනීම සහ ණය නොගෙවා සිටීමේ පුරුද්දයි. ඒ නිසා, පොලීසිය බොහෝ විට ඔහුගේ නිවසේ දොරට තට්ටු කෙළේය. කෙසේ වෙතත්, වැඩි කල් නොගොස්, විවිධ හේතු නිසා ඔහු ‘ගේ‍්‍ර ලයින්’ සමාගමෙන් ඉවත් විය.





    ණය



    මෙසේ සිටියදී ඔහු බියගම නිදහස් වෙළඳ කලාපයේ ව්‍යාපාරවලට අත ගැසීමට සිතුවේය. ඒ අනුව, 1994 ඔක්තෝබර් 11 වැනි දා ‘ටේප්ස් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගම’ නමින් ඔහු ව්‍යාපාරයක් පිහිටුවා ගති. මේ සමාගමේ ව්‍යාපාරික අරමුණ වුණේ, ඇලවීම සඳහා පාවිච්චි කරන මැලියම් ටේප් පටි, සෙලෝටේප් පටි, සිලිකන් ආලේපිත කඩදාසි, ඇලූමීනියම් ආලේපිත කුඩා මලූ සහ අතුරු නිෂ්පාදන බෙදාහරින්නන් සහ නිෂ්පාදකයන් වශයෙන් කටයුතු කිරීමයි.



    මේ සමාගම ආරම්භ කිරීම සඳහා ඔහු, අංක 14, ග්‍රෙගරි පාර, කොළඹ 7 නැමැති ලිපිනයේ විසූ විමලසිරි ප‍්‍රනාන්දු සහ ශිරානී ප‍්‍රනාන්දු යන යුවළගෙන් රුපියල් මිලියන 2.5 ක ණයක් ලබාගත්තේය. ඒ මුදල සඳහා චෙක්පතක් නිකුත් කෙරුණු අතර, ගනුදෙනුවේ සාක්ෂිකාරයන්ගෙන් කෙනෙකු වුණේ ඔහුගේ පියා වන, ඒ. ඞී. ද වාස් ගුණවර්ධනයි. කෙසේ වෙතත්, මාස කිහිපයකින් පසු මාසික පොලිය ගෙවීම සජින් වාස් ගුණවර්ධන මගහරිමින් සිටි විට, ප‍්‍රනාන්දු යුවළ, තමන්ගේ ණය සහ ඊට ලැබිය යුතු පොලිය ද සහිතව, රුපියල් මිලියන 3.5 ක් සජින්ගෙන් ඉල්ලා කොළඹ දිසා අධිකරණයේ නඩුවක් පැවරූහ.

    මේ ගැන ශිරානී ප‍්‍රනාන්දු මහත්මියගෙන් මේ පුවත්පත විමසා සිටි අවස්ථාවේ, දැන් ඒ නඩුව අවසන් බවත්, එම පරිච්ෙඡ්දය වසා දමා ඇති බවත් කීවාය.



    මොහුගේ සමාගමේ සෙසු පාර්ශ්වකරුවන් වුණේ, විය යුතු පරිද්දෙන්ම, බොරලැස්ගමුව එගොඩවත්ත පාරේ හතරවැනි පටුමගේ අංක 4/1 නැමැති ස්ථානයේ පදිංචි සජින් වාස් ගුණවර්ධන, එම ලිපිනයේම පදිංචි ඔහුගේ සහෝදරයා වන රොහාන් ද වාස් ගුණවර්ධන සහ කලූබෝවිල පන්සල පාරේ ජයා මාවතේ අංක 117/18 ලිපිනයේ පදිංචි, සජින්ගේ ප‍්‍රථම බිරිඳ වූ චාරිනී විලක්ෂණා ද සිල්වා ය.



    චාටු බසට රිසි සජින් වාස් ගුණවර්ධන දැන් සිටින්නේ ඔහුගේ තුන්වැනි විවාහයේ ය. ඒ ගැන මෙහි දී සඳහන් කිරීම අවශ්‍ය කරන්නේ, ඔහුගේ දෙවැනි බිරිඳට සම්බන්ධ තවත් මූල්‍ය ගනුදෙනුවක් මෙහි දී වැදගත් වන නිසා ය.



    1997 ජනවාරි 14 වැනි දා සමාගමේ වාර්ෂික ප‍්‍රතිලාභ ගණනය කරන අවස්ථාවේදී සජින් වාස් ගුණවර්ධන එහි ප‍්‍රධාන කොටස් හිමියා වු අතර අනිත් කොටස් හිමියා වුණේ ‘සී.එෆ්.වෙන්චර් ෆන්ඞ්’ නැමැති සමාගමකි.

    නිදහස් වෙළඳ කලාපයේ සිය ව්‍යාපාරය පවත්වාගෙන යාම සඳහා මුදල් සපයා ගැනීමට සජින් කිට්ටු කළ මූල්‍ය ආයතනය වුණේ මෙකී ‘සී.එෆ්. වෙන්චර් ෆන්ඞ්’ නැමැති සමාගමයි. හිනිදුම ලක්ප‍්‍රිය මනෝහරන් නානායක්කාර නැමැත්තෙක් මේ මූල්‍ය සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටියේය. මේ මූල්‍ය සමාගමට සජින්ව පෙනුණේ යමක් කමක් කළ හැකි, ප‍්‍රියමනාප තරුණයෙකු වශයෙනි. ඉතිං, ඔහුගේ ව්‍යාපාරයට මෙම සමාගමත් රුපියල් මිලියන 2-3 අතර ප‍්‍රමාණයක් සපයා දුන්නේය.



    මේ කාලයේ මෙකී ව්‍යාපාරයට යොදා තිබූ අරමුදල්වලින් සියයට 40 ක් එම සමාගමට අයත් වූ අතර, දළ වශයෙන් සියයට 20 ක් ජාතික සංවර්ධන බැංකුවට අයත් විය. ඉතිරි අරමුදල් සැපයුණේ සජින් විසින්මයි.





    අරමුදල් යටිමඩි ගැසීම



    ‘ටේප්ස් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගමේ’ ගිණුමෙන් පෞද්ගලික බැංකු ගිණුමකට සජින් විසින් මුදල් මාරු කිරීමක් සිදුව ඇති බව හෙළි වීමට වැඩි කල් ගියේ නැත. අධ්‍යක්ෂ මණ්ඩලයේ යෝජනා සම්මතයෙන් යැයි කියා සහතික පත් නිකුත් කිරීමක් සිදුව තිබුණත්, එසේම සමාගම් ගිණුමෙන් මුදල් ඉවත් කරගෙන තිබුණත්, අධ්‍යක්ෂ මණ්ඩලය කිසි විටෙක රැස්වී තිබුණේවත්, එවැනි ගනුදෙනුවලට අනුමැතිය දී තිබුණේවත් නැත.



    1996 ජුනි 21 වැනි දා, සජින් සිය පියා වන ඒ. ඞී. ද වාස් ගුණවර්ධනව සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වශයෙන් පත්කර ගත්තේය. ඒ සමගම, ඔහුගේ මාමා කෙනෙකු වන, පසුගිය දා විල්පත්තුවේ ක්ලේමෝ බෝම්බ ප‍්‍රහාරයකින් මරණයට පත්, නන්දන අබේසූරියවත් ඔහු සිය අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කර ගත්තේය.



    ඒවා කෙසේ වෙතත්, සරත් ද කොස්තා නැමැති ඉදිකිරීම් කොන්ත‍්‍රාත්කරුවෙකුට රුපියල් මිලියන 5 කට ආසන්න මුදලක් සජින් විසින් ගෙවා ඇති බව අධ්‍යක්ෂ මණ්ඩලය සොයා ගත්තේය. මේ කාලය වන විට සජින්ගේ කිට්ටුවන්ත මිත‍්‍රයෙකුව සිටි මනෝහරන් නානායක්කාර, ඔහුගේ සමාගමේ ප‍්‍රධාන කොටස් හිමියා බවට පත්ව තිබුණි. එහෙත් වැඩි කල් නොගොස් දෙන්නා විරසක වූහ. එහි දී, ‘සී.එෆ්. වෙන්චර්’ සමාගමේ නානායක්කාරගේ කාර්යාල කාමරයට ගිය සජින් ඔහුට අපහාසයෙන් බැණ වැදී තිබුණි.



    1996 ඔක්තෝබර් 29 වැනි දා මනෝහරන් නානායක්කාර ‘ටේප්ස් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගම්’ අධ්‍යක්ෂ ධුරයෙන් ඉල්ලා අස්විය.



    මනෝ නානායක්කාර වශයෙන් ප‍්‍රසිද්ධ මේ මනෝහරන්, 1997 ජනවාරි මාසයේ සිය කොටස් විකුණා දැම්මේය. එම කොටස් මිළ දී ගත්තේ, බියගම නිර්යාත සැකසුම් කලාපයේ පිහිටි කොරියානු සමාගමක් වන ‘යුං ඈන් ලංකා පෞද්ගලික සමාගමයි.’ ඒ අනුව එම සමාගම මගින්, චූන් ජෝකිම්, සැං හියොං ලී, හින් ජුන් ලී යන අයව, ‘ටේප්ස් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගමේ’ අධ්‍යක්ෂ මණ්ඩලයට 1997 පෙබරවාරි 5 වැනි දා පත්කෙරුණි. එදාම, සජින්ගේ ප‍්‍රථම බිරිඳ, හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාලයිල් සිල්වාගේ දියණිය, චරිනී විලක්ෂණී ද සිල්වා ඉල්ලා අස්වූවාය.



    අනතුරුව, සජින් වාස් ගුණවර්ධනගේ මූල්‍ය කටයුතු ගැන කොරියානු සමාගම ද සැක කරන්ට පටන් ගත්තේය. එහි දී වහාම ශ‍්‍රී ලංකාවේ විශිෂ්ඨ නීතිවේදීන්ගේ ද සහයෝගය ඇතිව ඇමරිකාවෙන් ද නීතිවේදීන් ගෙන්වා තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට කොරියානු සමාගම සූදානම් විය.



    මේ වන විට මූල්‍යමය අර්බුදයක ගිලී සිටි ‘ටේප්ස් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගමට’ මුදලින් ආධාර කිරීම සඳහා ඉන්දියානු සම්භවයෙන් යුත් ෂර්මා නැමැත්තෙකු ඉදිරිපත් වන්නේ මේ කාලයේ ය. සජින්ට ෂර්මාව හඳුන්වා දෙන්නේ, සජින්ගේ මාමා වන ගාමිණී අබේසූරියයි. ඔහුව ෂර්මාට හඳුන්වා දෙන ලද්දේ, ජෝර්ජ් ස්ටුවර්ට් සමාගමට බැඳී සිටි ඩබ්ස් කනගරත්නම් ය.



    1999/2000 කාලය වන විට සජින් සහ ෂර්මා අතර සබඳතා පලූදු වන්නට විය. එහි දී ෂර්මා විසින් කරන ලද පැමිණිල්ලක් උඩ, වංචා විමර්ශන ඒකකය සජින්ට එරෙහිව මාලිගාකන්ද මහේස්ත‍්‍රාත් උසාවියේ නඩු පැවරීය. මේ නඩුවේ දී සජින්ව දින දහයක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි. කෙසේ වෙතත්, නැවතත් පුතාගේ ගැලවීමට පියා ඉදිරිපත් විය. වංචාකරුවෙකැ යි කියන තම පුතාව එතැනින් බේරාගෙන, තමන්ගේ පෞද්ගලික සම්බන්ධතා හරහා මහර බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ගැනීමට පියාට හැකි විය. මේ නඩුවේ දී ඔහුට ඇප දීමට ඉදිරිපත් වුණේ, ඔහුගේ මාමා කෙනෙකු වන, නැසී ගිය නන්ද අබේසූරියත්, තවත් මාමා කෙනෙකු වන, ශ‍්‍රී ලංකා සිංගර් සමාගමේ හිටපු අධ්‍යක්ෂ ගාමිණී අබේසූරියත් ය. පසුව, ගංගොඩවිල විජේරාම මාවතේ පිහිටි සිය නිවස විකුණා ෂර්මාගේ ණය පියවීමෙන් නඩුව එකලසක් කර ගැනීමට පියාට හැකි විය. ඉන් පසු ඔහු බත්තරමුල්ලේ වෙනත් නිවසක පදිංචියට ගියේය.



    2006 ජුලි 02 වැනි දා ‘සන්ඬේ ලීඩර්’ පුවත්පතේ මුල් වරට පළවු
    So, Who Is Sajin Vass නැමැති මේ ලිපිය
    2014 ඔක්තෝබර් 03 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ නැවත පළ කෙරිණ
    සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රයෙනි.
    (පළමු කොටස)
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    මොකක්ද යකෝ භාගෙට සමරිසි කියන්නෙ ?
    ඔය කියන්නෙ බයි සෙක්ශුවල් කියලද ?
    කියන මඟුලක් තේරෙන්න කියහංකො..
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,632
    28,631
    113
    කවුද මේ සජින් කියන්නේ, හැබෑටම? (2 කොටස ) -සොනාලී සමරසිංහ

    බැංකු ගිණුම සුද්ද කිරීම



    සජින් සඳහා පෙනී සිටි නීතිඥයා වුණේ ලක්ෂ්මන් රණසිංහ ය.

    දැන්, නොගෙවන ලද තවත් ණයක් ඉල්ලා සජින්ට විරුද්ධව හැටන් නැෂනල් බැංකුවත් තවත් නඩුවක් පවරා තිබුණි. එය කොළඹ සිවිල් අධිකරණයේ විභාග වීමට නියමිතව තිබුණි.



    කෙසේ වෙතත්, ෂර්මා සමග ඇති කරගත් හුටපටයෙන් වැඩි කලක් ගියේ නැත. සජින්, ට‍්‍රයිකෝ සමාගමේ සේවය සඳහා ඩුබායි බලා පිටත් විය.



    මෙකී දේවල් ටික විතරක් වුණත්, කෙනෙකුට ඕනෑවටත් වැඩි ප‍්‍රශ්න ගොන්නකි. එහෙත් සජින් වාස් ගුණවර්ධනගේ නොපනත්කම් නතර නොවුණි. මෙවර මේ චාටුකාර තරුණයාගේ ගොදුර වන්නේ, ඔහුගේ පළමු බිරිඳ වන චරිනීගේ පියා ය. තමන්ට සුපුරුදු තවත් මගඩියකින් ගොඩ ඒම සඳහා රුපියල් 600,000 ක් අවශ්‍ය වූ අවස්ථාවක, සජින් බෑනා ගියේ මාමා වෙතටයි. කරුණාබර මාමා කෙනෙකු වූ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාලයිල් සිල්වා, සිය අත්සන සහිත හිස් චෙක්පතක් බෑනාට දුන්නේය. එම චෙක්පතට වහාම රුපියල් 2,000,000 ක මුදලක් ලියාගෙන මාමාගේ බැංකු ගිණුම බෑනා හිස් කෙළේය. ජනාධිපතිවරයාගේ සහෝදරයා වන චමල් රාජපක්ෂ, හිටපු පොලිස් නිලධාරියෙකි. කාලයිල් සිල්වා ඔහුගේ දීර්ඝ කාලීන මිතුරෙකි. තමන්ට සිදුවූ අබැද්දියත්, සජින්ගේ සටකපට කමත් ඔහු චමල් රාජපක්ෂට විස්තරාත්මකව ලියා දැන්නුවේය.



    මෝටර් රථය විකිණීම



    මෝටර් රථයක් පිළිබඳ තවත් පරහක් ද තිබුණි. ඒ 1996 මුල් කාලයයි. එකල ඔහුගේ ව්‍යාපාරික සගයා වූ මනෝ නානායක්කාරට මේ සජින් තමන්ට හිමි නැති වාහනයක් ඉතා සාර්ථකව විකිණුවේය. මේ දක්වාමත් මනෝ නානායක්කාර මේ චාටුකාර තරුණයාට වසඟ වී සිටියා විය හැකිය. එනිසා, 1996 පෙබරවාරි හෝ මාර්තු මාසයේ යම් දවසක, කළු පාට අළුත්ම පාහේ මිට්සුබිෂි ලාන්සර් රථයකින් සජින් පැමිණ එය විකිණීමට අවශ්‍ය බව කී විට නානායක්කාර එය මිළදී ගැනීමට කැමති විය. වාහනය පදවා තිබුණේ සැතපුම් 2000 ක දුරක් පමණි. ඒ තත්වයේ වාහනයක් සාමාන්‍යයෙන් රුපියල් 950,000 ක් පමණ විය හැකි නිසා, මෙම වාහනය රුපියල් 850,000 කට මිළදී ගැනීමට නානායක්කාර කැමැත්ත පළ කෙළේය. ඒ මුදල භාරගත් බවට සජින් කුවිතාන්සියක් ද අත්සන් කොට නානායක්කාරට දුන්නේය.



    අශූචි ගොඩ විදුලි පංකාවේ වැදුණේ එවිටයි. දවසක් නානායක්කාරගේ මහළු රියැදුරා එම වාහනයෙන් යුනයිටඞ් මෝටර්ස් ආයතනයට ඇතුළු වන විට එය නතර කළ සමාගම එය තමන්ගේ වාහනයක් බව කීය. මේ වාහනය සජින් වාස් ගුණවර්ධන යුනයිටඞ් මෝටර්ස් ආයතනයෙන් බද්දට ගත් වාහනයකි. සජින් වාස් ගුණවර්ධන තුන්වැනි පාර්ශ්වයකට විකුණා තිබුණේ, තමන්ගේ නමට අයිතියක් නැති එකී වාහනයයි. එසේම යුනයිටඞ් මෝටර්ස් ආයතනයට ගෙවිය යුතු මාසික වාරිකයත් ඒ වන විට ඔහු මාස හතරකින් පැහැර හැර තිබුණි.



    දැන් යුනයිටඞ් මෝටර්ස් ආයතනය විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව, පොලිස් නිලධාරීන් පිරිසක් නානායක්කාරගේ තලාහේන නිවසට ගොස් මුල්ලේරියාව පොලිස් ස්ථානයට වාර්තා කරන්නැ යි දැන්වූහ. දැනට ඔස්ටේ‍්‍රලියාවේ බි‍්‍රස්බේන් නුවර වාසය කරන නානායක්කාර පවුලට සමීප ආරංචි මාර්ග මේ පුවත්පතට දන්වන පරිදි, කෙලින්ම සජින් වාස් ගුණවර්ධනව අල්ලාගෙන, තමන්ගේ රුපියල් 850,000 නානායක්කාර ඉල්ලා ඇත්තේ මේ අවස්ථාවේ ය. එසේම, වාහනය ආපසු යුනයිටඞ් මෝටර්ස් ආයතනයට ගෙන ගොස් ඔහු විසින්ම භාර දීමත් අනිවාර්ය කෙරුණි. එසේ නොවුණොත්, හිරේ තපින්ට වන බව මනෝ සිය මිතුරාට පැහැදිළි කර දුනි. අවසානයේ එම අයථා ගනුදෙනුව සමථයකට පත්කර ගැනුණේ එයාකාරයෙනි.



    කෙළවරක් නැති ලැයිස්තුව



    කලින් ද අප කී පරිදි, ලැයිස්තුවේ ඉවරයක් නැත. දැන් ඔහු පැටලෙන්නේ බි‍්‍රතාන්‍ය ජාතික විදේශ ගමන් බලපත‍්‍ර අංක 022542371 සහිත, විදේශ කාන්තාවක් සමගයි. ඇගේ නම පෝලින් එඞ්විනා විලියම්ස් ය. ඇය සිටියේ ලොකු කරදරයකයි. 2002 සැප්තැම්බර් හරියේ, ට‍්‍රාන්ස් ඒෂියා හෝටලයේ කාමර අංක 242 ඈ ලැගුම්ගෙන සිටියාය. ඈට ‘ක්‍රොෆ්ට් ඔරිජිනල්’ නැමැති විනෝද යාත‍්‍රාවක් තිබුණි. මේ කියන කාලයේ එම යාත‍්‍රාව ‘කලම්බු එන්ජිනියරින් එන්ටප‍්‍රයිස්’ අංගනයේ ගාල් කොට තිබුණි.



    මේ යාත‍්‍රාවේ සිදු කළ යුතුව තිබූ ඇතැම් අළුත්වැඩියා කටයුත්තක් ඈ භාර දී තිබුණේ, ජා-ඇල ඇලෙක්සැන්ඩි‍්‍රයා එස්ටේට්හි, 7 වැනි පටුමගේ අංක 6 දරණ නිවසේ පදිංචි ෆ‍්‍රෑන්ක් විල්ෆ‍්‍රඞ් පෙරේරා නැමැත්තෙකුටයි. අදාළ අළුත්වැඩියාව සඳහා වන ස්ටර්ලින් පවුම් 9500 ක මුදලක් 2002 අපේ‍්‍රල් 24 වැනි දා, විල්ෆ‍්‍රඞ් පෙරේරාගේ ජා-ඇල කොමර්ෂල් බැංකු ගිණුමට (8810002051) පෝලින් එඞ්විනා විලියම්ස් ගෙවා තිබුණි.



    කිසි අළුත්වැඩියාවක් කිරීමට පෙර 2002 ජුනි 10 වැනි දා විල්ෆ‍්‍රඞ් පෙරේරා අභාවප‍්‍රාප්ත විය. තමන් ගෙවූ මුදල ආපසු ලබා ගැනීමට එඞ්විනා විලියම්ස් තෙස්තමේන්තු නඩුකරයකට බැස්සාය. මේ අතර, මියගිය විල්ෆ‍්‍රඞ් පෙරේරාගේ සම්බන්ධතාවත් අපූරුයි. චරිනී ද සිල්වාගෙන් දික්කසාද වී දැන් සජින් වාස් ගුණවර්ධන විවාහ වී සිටියේ ගුවන් සේවිකාවක වූ දිල්රුක්ෂි සමගයි. ඈ, මියගිය විල්ෆ‍්‍රඞ් පෙරේරාගේ දියණියයි. එසේම, තවත් ඇමරිකානු ඩොලර් 11,000 ක මුදලක් 2000 ඔක්තෝබර් මාසයේදී තමා විසින් විල්ෆ‍්‍රඞ් පෙරේරාට දුන් බවත් එඞ්විනා විලියම්ස් කියා සිටියාය. එහෙත් විනෝද යාත‍්‍රාවේ කිසි අළුත්වැඩියාවක් විල්ෆ‍්‍රඞ් පෙරේරාගේ පැත්තෙන් කෙරී තිබුණේ නැත.



    මීට අමතරව පෝලින් එඞ්විනා විලියම්ස්ගේ තවත් දුක්ගැනවිල්ලකුත් තිබුණි. මේ කාලය වන විට සජින් වාස් ගුණවර්ධන විනෝද යාත‍්‍රා අළුත්වැඩියාවට අතගසමින් සිටියේය. සමහර විට, රනිල් වික‍්‍රමසිංහගේ අගමැති කාලයේදී සජින්ගේ පියා ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති තනතුර ඉල්ලා සිටියේ මේ නිසා විය හැකිය. එහෙත්, රනිල් වික‍්‍රමසිංහ ඔහුගේ ඉල්ලීමට කන්දුන්නේ නැත.



    ඒ කරුණු කෙසේ වෙතත්, තමාගේ යාත‍්‍රාව අළුත්වැඩියා කිරීම සඳහා සජින් වාස් ගුණවර්ධනත් ඇමරිකානු ඩොලර් 8000 ක් තමාගෙන් ලබා ගත් මුත් කිසි අළුත්වැඩියාවක් නොකළ බවට පෝලින් එඞ්වින් විලියම්ස් වංචා විමර්ශන අංශයට පැමිණිලි කළාය. ඇය දැන් ලංකාවෙන් පිටත්ව යාමට නියමිත බැවින්, විශේෂ ඇටර්නි බලය පවරමින් තමා වෙනුවෙන් කටයුතු කිරීමට කෙනෙකු, හල්ෆ්ට්ස්ඩෝප් වීදියේ අංක 218 ස්ථානයේ පිහිටි කේ. පී. ලෝ ඇසොසියේට්ස් හරහා ඈ පත්කළාය. සජින් වාස් ගුණවර්ධනට එරෙහිව කරන ලද ඇගේ පැමිණිල්ල ගැන කොළඹ වංචා විමර්ශන අංශයේ හෝ වෙනත් පොලිස් ස්ථානයක කෙරෙන ඕනෑම පරීක්ෂණයක දී ඇය වෙනුවෙන් පෙනී සිටීමට ඒ අනුව එම තැනැත්තාට බලය පැවරුණි.



    ඇත්තෙන්ම, වංචා විමර්ශන අංශය පොලිස් පරීක්ෂක (දැන් සහකාර පොලිස් අධිකාරී) පිල්ලේ හරහා සජින් වාස් ගුණවර්ධනව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් ලබාගත් බවත්, දැන් තමන් ඔහුව සොයමින් සිටින බවත්, ඇටර්නි බලය සහිත තැනැත්තාට වංචා විමර්ශන අංශය මගින් දැනුම් දෙන ලදි. අනතුරුව වංචා විමර්ශන අංශය ජා-ඇල නිවසට ගියේය. සජින් දැන් ට‍්‍රයිකෝ ආයතනයේ සේවය කරන බව එහිදී ඔවුන්ට දැනුම්දෙන ලදි. පොලීසිය ට‍්‍රයිකෝ ආයතයනට ගියේය. ඔහු ඩුබායි කාර්යාලයට මාරු වී ගොස් ඇති බව එහි දී දැනුම්දෙන ලදි.



    එතැන් සිට වැඩි කාලයක් ගියේ නැත. සජින් වාස් ගුණවර්ධන විල්ෆ‍්‍රඞ් පෙරේරාගේ දියණියගෙන් ද දික්කසාද විය.

    ඉතිං, රාජපක්ෂ විසින් සිය සේවාව සඳහා දැන් බඳවාගෙන ඇත්තේ, අයහපත් කල්ක‍්‍රියාව නිසා රනිල් වික‍්‍රමසිංහ විසින් ප‍්‍රතික්ෂේප කරන ලද, පුරුද්දට මගඩිකම් කරන මේ තරුණයාව ය. සමහර විට ඒ, ඉංග‍්‍රීසි හරඹය තමාටත් ලස්සණක් වෙතැ යි සිතීම නිසා විය හැකිය.



    මග නැගුම



    ඩුබායිහිදී දුන් පොරොන්දුව පරිදි, 2003 දී ආපසු ලංකාවට පැමිණීමෙන් පසු සජින් කෙලින්ම මහින්ද සමග වැඩට බැස්සේය. 2004 මහ මැතිවරණයෙන් ජයග‍්‍රහණය කොට මහින්ද රාජපක්ෂ අගමැති තනතුරට සහ මහාමාර්ග අමාත්‍ය ධුරයට පත්වූ පසු, ‘මග නැගුම’ ව්‍යාපෘතියේ සාමාන්‍යාධිකාරී වශයෙන් සජින් වාස් ගුණවර්ධනව පත්කෙරුණි. කෙසේ වෙතත්, ෂර්මා නඩුවේ දී ඔහුට ඇප දුන් එක් මාමා කෙනෙකුට අයත් සමාගමකට ‘මග නැගුම’ ව්‍යාපෘතිය හරහා වැඩියෙන් මුදල් ගෙවා තිබීම පිළිබඳ ප‍්‍රශ්නයක් මත එම තනතුරින් ඔහුව ඉවත් කොට, පසුව පලාලි ගුවන් පථය සහ කන්කසන්තුරේ දියකඩනය පිළිසකර කිරීමේ ව්‍යාපෘතිවල උපදේශකයෙකු වශයෙන් පත්කරන ලදි.



    කෙසේ වෙතත්, එවක අගමැති මහින්ද රාජපක්ෂ සමග පැවති සමීප සම්බන්ධතාව හේතුවෙන් ‘සීමාසහිත මග නැගුම මාර්ග ඉදිකිරීම් සම්පාදන සමාගමේ’ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වලට පවා, එම සමාගමේ අධ්‍යක්ෂවරයෙකු නොවුණද, ඔහුව කැඳවුණි.



    මොන හේතුවක් නිසා හෝ විපක්ෂ නායක මහින්දට සහ අගමැති මහින්දට නැතුවම බැරි කෙනෙකු වූ ඔහු, ගිය වසරේ (2005) ජනාධිපතිවරණයේ දී තවදුරටත් ප‍්‍රයෝජනවත් පුද්ගලයෙකු බවට විය.



    චින්තනය



    මහින්ද චින්තන ව්‍යාපාරය ප‍්‍රවර්ධනය කිරීම සඳහා සජින් වාස් ගුණවර්ධන තරු පහේ ‘සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේ’ කාමර 25 ක් තම නමින්, රාජපක්ෂ කඳවුර සඳහා වෙන් කෙළේය. ඒ සඳහා වන යෝධ බිල්, වරින් වර හෝටලයට පැමිණ ඔහු නිතිපතා ගෙව්වේය. එයින් එක කාමරයක් ඔහුට වෙන් විය.

    කෙසේ වෙතත්, 2005 නොවැම්බර් මාසයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණය ජය ගැනීමෙන් පසු තත්වය තරමක් අප‍්‍රසන්න විය. ඉහත කී කාමරවල පදිංචිව සිටි සියල්ලන්ම පාහේ, ජයග‍්‍රහණයෙන් පසු කාමර හැර ගියහ. එහෙත් හෝටලයට පියවිය යුතු රුපියල් මිලියන 2 ක බිලක් ඉතිරිව තිබුණි.



    මේ ගැන කලබලයට පත් හෝටලය ‘ප‍්‍රාණ ඇපකරුවෙකු’ තියාගත්තේය. ඔවුන්ගේ වාසනාවට, අනිත් සියල්ලන්ම කාමර හැර යද්දී එක් අයෙක් පමණක් කාමරයක ඉතිරිව සිටියේය. ඒ වෙන කිසිවෙකු නොව, ජනාධිපති උපදේශකයෙකු වන, දයාන් ජයතිලකයි.



    දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ. සමහර විට හෝටල් කාමරේ දැන් සිටියා ඇතැ යි සිතූ දයාන් ජයතිලක යන්ට සැරසෙද්දී, ඉතිරිව ඇති සම්පූර්ණ බිලම නොගෙවන්නේ නම්, ඔහුට යාමට ඉඩදිය නොහැකි බව හෝටල් පරිපාලනය දන්වා සිටියේය. බෙහෙවින් ආචාරශීලීව සමාව භජනය කරමින් හෝටලය කියා සිටියේ: ‘‘අපිට බොහොම කණගාටුයි. අපේ සල්ලි අය කරගන්න තියෙන්නේ ඔබතුමාගෙන් විතරයි.’’



    එවිට ජයතිලක සැර වුණි: ‘‘මගෙන් අහන්න එපා. ඒක සජින්ගෙන් අහනවා. බිල් ගෙවන්න ඕනේ එයා.’’

    ඉතිං දවස් දෙකක් තිස්සේම, සජින් වාස් ගුණවර්ධනව සොයා ගැනීමට හෝටලය අසමත් වූ නිසා ඒ කාලයත් රක්ෂණයක් වශයෙන් හෝටලයේම රැඳී සිටීමට දයාන්ට සිදු විය. කෙසේ වෙතත්, අවසානයේ හෝටලය විසින් සජින්ව සොයාගත් විට, පැය භාගයක් ඇතුළත අවශ්‍ය මුදල රැගෙන එන බවට ඔහු පෙරොන්දු විය. පොරොන්දු වූ පරිදිම, රුපියල් මිලියන 2.5 කට කිට්ටු මුදලක් ගෙවා ‘හෝටල් අඩස්සියෙන්’ දයාන් ජයතිලකව එදා බේරා ගැනුණි.

    එතරම් මුදලක් පැය භාගයක් ඇතුළත සජින් සොයාගත්තේ කෙසේද යන්න ප‍්‍රශ්නයකි. මේ මුදල ඔහු ආදායම් බදු දෙපාර්තමේන්තුවට ප‍්‍රකාශ කොට තිබේද? ඊටත් වඩා නරක තත්වයක් වන්නේ, ජනාධිපතිවරයාගේ දැනුම ඇතිව හෝ නැතිව මේ මුදල් ඔහු මහජන අරමුදල්වලින් සපයා ගත්තේ ද යන්නයි.



    අවසාන විග‍්‍රහයේ දී මතුවන ප‍්‍රශ්නය මෙයයි. මෙවැනි අතීත කැරැට්ටුවක් සහිත කෙනෙකු රජයේ තනතුරක් දැරීමට සුදුසු වන්නේද? ඊටත් වඩා, රාජ්‍ය නායකයාගේ සම්බන්ධීකරණ ලේකම් වශයෙන්? රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඇස්තමේන්තු තුළ ඔහු සුදුස්සෙකු වෙතැ යි අපි අනුමාන කරමු.


    2006 ජුලි 02 වැනි දා ‘සන්ඬේ ලීඩර්’ පුවත්පතේ මුල් වරට පළවු
    So, Who Is Sajin Vass නැමැති මේ ලිපිය
    2014 ඔක්තෝබර් 03 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ නැවත පළ කෙරිණ
    සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රයෙනි.


    2006 wenakan muge karattuwa kohomada. Ithuru tika kohoma adda?
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,632
    28,631
    113
    ජිල් පීරිස් කොහේද බන් සමරසිරියෙක් වෙන්නේ? ජීල් පිරිස් කියන්නේ වැදගත් විදියට තත්වේ තියාගෙන ඉන්න කෙනෙක්, අනෙක් මැති ඇමතිලා වගේ බොරුව කෑගහලා, නටන ජාතියේ කෙනෙක් නෙවෙයි.
    උබ කියන්නේ ගෑණියෙක් දුන්න පළියට ගැහුවේ නැත්නම් ඌ සමරසිරියෙක් කියලද? උබට එතකොට වට්ටි අම්මා කෙනෙක් දුන්නත් උබ ගහනවද?

    G. L ge kolu seen meeta kalin news site wala dala thiyanawa. Dayasiri G.L ge kollek issara.