සංක්‍රාන්ති ලිංගික රූමතිය

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    සංක්‍රාන්ති ලිංගික රූමතිය

    ලෝක ඉතිහාසයේ පළමු වතාවට විශ්ව රූ රැජින තරඟයේ අවසන් තරඟකාරියන් අතරට එක්වීමට සංක්‍රාන්ති ලිංගික (Transgender) රූමතියකට හැකියාව ලැබී ඇත. ඇන්ජෙලා ෆොන්ස් නම්වන ඇයි ස්පාඤ්ඤ නියෝජනය කරමින් ඉදිරිපත්වී ඇත.

    ජුනි මස දී පැවති ස්පාඤ්ඤ රූ රැජින තේරීමේ තරඟයේදී අවසන් වටතේ රූමත් තරුණියන් 22 ක් පරදා කිරුළු පැළඳීමට 26 හැවිරිදි ඇන්ජෙලා සමත්විය. ඒ අනුව දෙසැම්බර් මස පිළිපීනයේ පැවැත්වෙන විශ්ව රූ රැජින තරඟය නියෝජනය කරන අවසන් රූමතියන් අතරට එක්වීමට ඇයට ඉඩකඩ ලැබිණි.

    “මගේ රටට කීර්තියක් අත්කරදීම මගේ මූලික අරමුණයි..ඒ වගේම සංක්‍රාන්ති ලිංගිකයන් ඇතුළු LGBTQ+ ප්‍රජාවට ගෞරව කරන්න විතරක් නෙවෙයි මුළු ලෝකයේම මිනිස්සු මුළු ලෝකයේම මිනිසුන්ට ගෞරව කරන ලෝකයක් දකින එක මගේ එකම බලාපොරොත්තුවයි“

    ඇන්ජෙලාගේ එම පැතුම විශ්වීය පැතුමක් වනවාසේම පොදු ලෝකයේ අනෙකුත් සංක්‍රාන්ති ලිංගිකයන්ගේ අදහස් වලට බලාපොරොත්තුවලට එහා ගිය පැතුමකි.

    2012 වන තෙක්ම සංක්‍රාන්ති ලිංගික තරුණියන්ට විශ්ව රූ රැජින තරඟයට ඉදිරිපත්වීමේ වරම් නොලැබුණු නමුත් 2013 වසරේදී කැනඩාවේ ජෙනා ටැලකෝවා ප්‍රථම වතාවට එම නීතියට අභියෝගකරමින් තරඟාවලියට එක්විය. ඒ අනුව එම බාධකය ඉවත්කිරීමට සංවිධායකයින් පියවර ගත්හ.

    ‘විවිධත්වය පිළිගන්න තරම් සමාජය තාම අධ්‍යාපනයෙන් මෝරලා නෑ..ඒක කාලයත් එක්ක හරියාවි‘ ඇන්ජෙලා බලාපොරොත්තුවන්නේ ඒ සමාජයයි.

    උපුටා ගැනීම - www.her.lk
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    මරුසිරා;23389266 said:
    පොටෝ එකක් නැතිව මුකුත් කියන්න බැ
    2f1000a0b3648e97a388c411cdc3eaec.jpg





    එහෙනම් දැන් කියපන්කො මොකක්හරි