සංකාර උප්පත්ති සූත්‍රය

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    බුදු රජාණන් වහන්සේ පිළිබඳව ඇතිවන එක් ක්ෂණයක ශ්‍රද්ධා මාත්‍රය වූවද කල්ප ගණනක් විපාක දෙන මහත් වූ කුසලයකි. බුදු රජාණන් වහන්සේගේ අනන්ත වූ ගුණයන් මෙනෙහි කර පැහැදුණු සිතින් මල්, පහන්, සුවද පූජා කිරීමත්, චීවර, පැන්, ගිලන් පස, දානය ආදී කවරක් පූජා කිරීමත් අනන්ත වූම කුසලයන් ලබා දෙයි. චේතනාවම කර්මය වේ.
    ඔබට එය මෙය හුදෙක් පිළිමයකි, මෙතන බුදු කෙනෙක් නැතයි කියා සිතේ ප්‍රබල නම්, මෙය මැටි, ගල්, හෝ වෙනත් යමක් පමණකියි සිතෙන්නේ නම් හෝ එලෙසින් පූජා කරන දෙයින් කුසලයක් අත් නොවනු ඇත. නමුත් මේ සිටින්නේ ජීවමාන බුදු හිමියන්මයැයි ශ්‍රද්ධා සිතින් මෙනෙහි කර කරනු ලබන එක් වැදුමක් වුව අපමණ කුසලස්කන්ධයක් රැස් කර දෙනු ඇත. උදාහරණයකින් දක්වනවානම්, ඔබ ඉදිරියේ නොසිටින කෙනෙක් ගැන ඔබට තරහ සිතක් ඇති වූවේ නම් එයින් ඔබට අකුසල් රැස් වේ. ඇතැම් විට ඔබ ඒ තරහ ගත් පුද්ගලයා ඔබ එසේ තරහින් ඔහු ගැන සිතනවාද කියා වත් නොදනී. ඇතැම් විට ඔහු මියගොස් ඇතිවා විය හැක. නමුත් ඔබට පහළ වූ ද්වේශ සිතිවිල්ලට ඔබට අනිෂ්ඨ විපාක ලැබෙයි. ඒ සිතිවිල්ල ඇතිවූ පුද්ගලයාගේ ගුණ සම්පත්තිය මත විපාකය අඩු වැඩි වේ.
    මෙලෙසින්ම බුදු පිළිමයක් පමණක් නොව අන් කවර හෝ බෝධින් වහන්සේ නමක්, චෛත්‍යයක් , ධාතුන් වහන්සේ නමක් කෙරෙහි පැහැදුණු , ශ්‍රද්ධා සිතින් වන්දනා කරන්නේ නම් අපමණ කුසල් ඇතිවේ. එය තීරණය වන්නේ ඔබේ සිතින් දී ඇති වටිනාකම අනුවය.
    "චේතනාහං භික්කවේ කම්මං වදාමි..!"
    මහණෙනි මම චේතනාවම කර්මය යැයි කියමි...!