සංගක්කාරට නායකත්වයට ඉහළින් ඇරයුමක් ?

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    සංගක්කාරට නායකත්වයට ඉහළින් ඇරයුමක් ?

    Sanga-cartoon.gif



    එළැඹෙන දකුණු අප‍්‍රිකානු සංචාරය සඳහා ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නායකත්වය යළිත්වරක් කුමාර සංගක්කාරට ලබාදීමට සැලසුම්කර ඇතියි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

    මීට
    පෙරද ඔහුට නායකත්වය ගන්නා ලෙස ශී‍්‍ර ලංකා කි‍්‍රකට් බලධාරීන් කරන ලද ඉල්ලීම ඔහු ප‍්‍රතික්ෂේපකර ඇතියි පැවසේ.

    මීට
    අමතරව මහේල ජයවර්ධනගෙන්ද මෙම ඉල්ලීම කර ඇති අතර ඔහු ද එය ප‍්‍රතික්ෂේපකර ඇතැයි වාර්තා වේ.

    කෙසේවුවද
    සංගක්කාරට ප‍්‍රතික්ෂේපකළ නොහැකි පුද්ගලයකු මාර්ගයෙන් ශී‍්‍ර ලංකා පිලේ නායකත්වයේ වගකීම ලබාගන්නා ලෙස ඉල්ලීමට කී‍්‍රඩා අමාත්‍යවරයා ඇතුළු කි‍්‍රකට් බලධාරීන් පිරිසක් යෝජනා කර ඇතැයි ද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

    ඇන්ජලෝ
    මැතිවුස්ට එක්දින කණ්ඩායමේ නායකත්වය ලබාදීම සම්බන්ධයෙන් ද යෝජනාවී ඇති අතර මේ සම්බන්ධයෙන් ජේ්‍යෂ්ඨ කී‍්‍රඩකයන් කිහිපදෙනෙකුගෙන් සිය අදහස් විමසා ඇති අතර ඔවුන් ඇන්ජලෝට එක්දින නායකත්වයදීමට කැමැත්ත පලකර ඇති බවද පැවසේ. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් නායකයකු ලෙස හා පිතිකරුවකු ලෙස දිගින් දිගටම අසාර්ථකවීම ඔහු නායකත්වයෙන් ඉවත් කිරීමට යෝජනාවීමට හේතුව බවද වාර්තා වේ.

    හෙට (03)
    ආරම්භවීමට නියමිත පකිස්තානය හා තෙවැනි ටෙස්ට් තරගය ජය ගැනීමට උපරිම උත්සාහ ගන්නා ලෙස ද තිලකරත්න ඩිල්ෂාන්ට කි‍්‍රකට් බලධාරීන් දන්වා ඇතැයි පැවසේ.

    තිලකරත්න
    ඩිල්ෂාන් නායකත්වයට පත්වීමෙන් පසුව සහභාගි වූ ටෙස්ට් තරග අටකින් තරග තුනක් පරාජය වූ අතර එක්දින තරග 10 කින් තරග හයක් පරාජය වී තිබේ.

    අදාළ
    පරාජයන් සමඟ තරගාවලි පරාජයන්ටද ශ‍්‍රී ලංකාව මුහුණ දුන් අතර එම තරගවලදී සමස්තයක් ලෙස පිතිකරුවකු ලෙසද ඩිල්ෂාන් අසාර්ථක වී තිබේ.

    ශ‍්‍රී
    ලංකාව 1996 ලෝක කුසලාන ජය ගැනීමෙන් පසු ටෙස්ට් නායකත්වය දැරූ ක‍්‍රීඩකයන් අතුරින් අසාර්ථකම දත්ත වාර්තා කර ඇත්තේ හෂාන් තිලකරත්න සහ තිලකරත්න ඩිල්ෂාන් වන අතර එහිදී හෂාන් තිලකරත්න ටෙස්ට් තරග 11 කදී පරාජයන් හතරක් ලබා ඇති අතර වත්මන් නායක තිලකරත්න ඩිල්ෂාන් දැනට ටෙස්ට් තරග 8 කදී පරාජයන් හතරක් වාර්තා කර තිබේ.

    එම
    නායකත්වය යටතේ එකම ටෙස්ට් ජයග‍්‍රහණයක් හෝ වාර්තා නොවීම එම අසාර්ථකත්වය පැහැදිලි කරවන්නක් වී තිබේ.

    මේ
    අතර පාකිස්තානය සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියෙන් තිලාන් සමරවීරව ඉවත් කිරීම සම්බන්ධයෙන්ද චෝදනා එල්ලවී ඇතැයි පැවසේ.

    තිලාන්
    ටෙස්ට් නායකත්වයට පත්කරන ලෙස ද කණ්ඩායමක් සටනක් ගෙනයන බවද වාර්තා වේ.

    තිලාන්
    සමරවීර අවසන් ටෙස්ට් ඉනිම 10 තුළදී අර්ධ ශතක දෙකක් සමඟ ලකුණු 288 ක් ලබා ඇති අතර එහි සාමාන්‍ය 32.00 ක් ලෙස සටහන් වේ.

    srilankamirror
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    mathews ta thawa tika kalayak nidahase play karala experience ganna dennone,, neththan eyath di;lshan wage fail wei.. sanga thamai denata hondama ekkena.. next mathews.. dilshanta iwaseema nehe.. ekai eya batman kenek widihata sarthaka and captain widihata asarthaka