සංගක්කාර වසරේ එක්දින හා ජනප්‍රියතම ක්‍රී

nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    සංගක්කාර වසරේ එක්දින හා ජනප්‍රියතම ක්‍රී

    සංගක්කාර වසරේ එක්දින හා ජනප්‍රියතම ක්‍රීඩකයා

    redface.gif
    redface.gif
    redface.gif



    ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලය (අයි.සී.සී) විසින් වාර්ෂික සංවිධානය කරනු ලබන අයි.සී.සී. ක්‍රිකට්‌ සම්මාන උළෙලේ ප්‍රධාන සම්මාන කිහිපයක්‌ සඳහා ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්‌කාර, මහේල ජයවර්ධන සහ ලසිත් මාලිංග යෝජනා වී තිබුන අතර එහිදී වසරේ ක්‍රිකට්‌ ක්‍රීඩකයා, වසරේ එක්‌දින ක්‍රීඩකයා සහ ජනප්‍රියතම ක්‍රීඩයා යන සම්මාන ත්‍රිත්වය සඳහා කුමාර් සංගක්‌කාරගේ නම යෝජනා වී තිබුණි.




    E05F517D50A5B4C1EFEF4A46C2AE714A_1307529381517_19.gif
    ඊයේ දිනයේ ලන්ඩනයේ අයි.සී.සී. මූලස්‌ථානයේදී පැවති මෙම සම්මාන උළෙලේදී වසරේ එක්දින ක්‍රීඩකයා හා ජනතාවගේ ජන්දයෙන් තෝරාගන්නා ජනප්‍රියතම ක්‍රීඩකයා ලෙසට සම්මාන ලැබීමට ශ්‍රීලංකා ක්‍රිකට් පිලේ හිටපු නායක කුමාර් සංගක්කාර සමත් විය.

    වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ජොනතන් ට්‍රොට්‌ නම් කෙරුණු අතර වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ඇලෙස්ටෙයාර් කුක් නම් කෙරිණි
    ඊයේ පැවති මෙම සම්මාන උළෙලට සහභාගිවීමට සංගක්කාරට නොහැකිවී තිබුනේ දැනට ඔස්ට්‍රේලියාව සමග පවතින තරඟාවලිය හේතුවෙනි.

    මෙම සම්මාන පිලිබඳ අදහස් දක්වන සංගක්කාර අයි.සි.සි යට ප්‍රකාශ කොට තිබුනේ මෙසේයි.


    "මෙම සම්මාන දෙක සඳහා නිර්දේශ වීම විශාල ගෞරවයක් ලෙසටයි මා දකින්නේ එය සැබවින්ම ලබා ගැනීම සතුටට කාරණයක්.මම අපේ කණ්ඩායමේ හැමෝටම ස්තුතිවන්තවෙනවා.අවරුදු දෙකක් තිස්සේ මම ඔවුන්ට නායකත්වයත් දුන්නා."


    සංගක්කාර වසරේ එක්දින ක්‍රීඩකයා ලෙසින් නම් කෙරුනේ එයට යෝජිතව සිටි ෂේන් වොට්සන්, ගෞතම් ගාම්භීර්,හසීම් අම්ලා අභිබවා වන අතර ජනප්‍රියතම ක්‍රීඩකයා බවට පත්වුයේ මහේන්ද්‍ර සිං දෝනි, ක්‍රිස්‌ ගේල්, ජොනතන් ට්‍රොට්‌ සහ හසීම් අම්ලා අබිභව යමිනි.


    icc+awrds.jpg


    repostnam sorry