සංග්රාම භූමිය-11
සුකොයි යනු රුසියානු ගුවන් හමුදාවට ආඩම්බරයක් ගෙන දුන් ගුවන් යානා රැසක් නිර්මාණය කල ගුවන් යානා නිෂ්පාදන සමාගමකි.1939 වසරේදී OKB-51 නම්න් ආරම්භ වූ එම සමාගම යටතේ Su-24, Su-25, Su-27, Su-30, Su-34, Su-35 සහ ගුවන් යානා ප්‍රවාහන නෞකාවල සිට මෙහෙයුම් දියත් කල හැකි සේ නිර්මාණය කල Su-33 ආදී සුප්‍රසිද්ධ ගුවන් යානා නිපදවන ලදි.දැනට ඔවුන් නිපදවන පැරණිතම ගුවන් යානය වන්නේ සුකොයි-25 යානයයි.රුසියාවේ පස්වන පරම්පරාවේ ස්ටෙල්ත් ප්‍රහාරක යානයක් වන Sukhoi PAK FA නිපදවන්නටද මෙම සමාගම සහභාගී විය.
1970 ජනවාරි 17 දා සුකොයි-24 ප්‍රහාරක ජෙට් යානය එහි ප්‍රථම ගුවන් ගමනේ යෙදිණි.පහල උසකදී ශබ්දයේ වේගය ඉක්මවා පියාසර කල ප්‍රථම සෝවියට් ප්‍රහාරක ගුවන් යානය වූයේ මෙම යානයයි.මෙම යානය තවමත් සේවයේ යොදවා තිබෙන අතර 2020දී විශ්‍රාම යැවීමට නියමිතය.දැන් සුකොයි පවුලේ අනෙකුත් ගුවන් යානා සම්බන්ධව කෙටියෙන් විමසා බලමු.
Source:tass.com
-HarshaLulzSec-

සුකොයි-25 යානයක්

සුකොයි-9 ප්‍රහාරක යානය,1977
සුකොයි-11, සහ සුකොයි-9 යානා වෙනුවට 1960 දශකයේදී හඳුන්වා දුන් සුකොයි-15 ප්‍රහාරක යානය සුපර්සොනික් අතුරුවාරකයකි.
සුකොයි-17 යානාවල නියමුවන් හදිසි පුහුණු වීමක් අතරතුර,1985.
පෝලන්ත ගුවන් හමුදාවේ සුකොයි-22 ජෙට් යානා බ්‍රිතාන්‍යයේ ගුවන් සංදර්ශනයකදී
සුකොයි-24 සුපර්සොනික් ප්‍රහාරක යානය,ඕනෑම කාලගුණික ත්ත්වයකදී මෙහෙයුම් කල හැකි යානයකි.
සුකොයි-34 ප්‍රහාරක ජෙට් යානය නොවොසිබ්රිස්ක් ගුවන් කඳවුරු භූමියේ.
සුකොයි-25එස් එම් ප්‍රහාරක ජෙට් යානය සහ ඒවායේ නියමුවන් රුසියාවේ නැගෙනහිරදිග හමුදා දිස්ත්‍රික්කයේ ගුවන් හමුදා ඒකකය පිහිටි නෙවිච්චි ගුවන් තොටුපොලේ.
චීනයේ සුකොයි-27 ප්‍රහාරක යානයක්,2007.
රුසියානු ගුවන් කරණම් කණ්ඩායමක් වන් රුසියන් නයිට්ස්,ඔවුන්ගේ සුකොයි-27 ප්‍රහාරක යානා ශාන්ත පීටර්ස්බර්ග් නුවර පුෂ්කින් හමුදා ගුවන් තොටුපොලේ ,2012.
සුකොයි-30 එස් එම් ප්‍රහාරක ජෙට් යානය පුහුණු පියාසැරියකට පෙර නැගෙනහිර හමුදා දිස්ත්‍රික්කයේ ගුවන් කඳවුරක.
සුකොයි-33 බහුකාර්ය ප්‍රහාරක ජෙට් යානය අද්මිරාල් කුෂ්නෙට්සොව් ගුවන් යානා ප්‍රවාහන නෞකාවේ ගුවන් පථය මතට ගොඩබස්සවමින්,බැරන්ට් මුහුද,2010.
සුකොයි-33 නාවික ප්‍රහාරක ජෙට් යානය MAKS-2007 ජාත්‍යන්තර ගුවන්තරණ සහ අභ්‍යාවකාශ ප්‍රදර්ශනයේදී ,සුකොව්ස්කි නගරයේ
සුකොයු-35 සහ සුකොයි-27 යානා දෙකක් MAKS-200 ගුවන් ප්‍රදර්ශනයේදී .
සුකොයි-35 යානය රුසියාව සතු 4++ පරම්පරාවේ බහුකාර්යය ප්‍රහාරක යානයකි.