සංග්රාම භූමිය -16
පසුගිය ජූනි මාසයේ මැද භාගයේ සිට බිලියන 2.7ක් ජනතාවක් ජීවත් වන චීනය සහ ඉන්දියාව යන න්‍යෂ්ඨික බලවතුන් දෙදෙනා භූතානය නම් හිමාලය කඳුවැටියේ හුදකලා රාජධානිය වන භූතානයේ බිම් කඩක් වෙනුවෙන් ආරවුලක පැටලී සිටිනවා.මොවුන් දෙදෙනා අතර දේශ සීමා යුද්ධයක් මුල් වරට ඇවිලී ගියේ 1962 වර්ෂයේදීය.එම යුද්ධයේ ජයග්‍රහණය අත්කරගත්තේ චීනයයි.වර්තමාන අර්බුදය ඇතිව තිබෙන්නේ භූතානය,චීනය සහ ඉන්දියාව යන රටවල දේශසීමා මුණ ගැසෙන තුන්මං හන්දිය පිහිටා ඇති ඉන්දියාවේ සිකිම් ප්රදේශයේය.
ඉන්දියාවේ ඊසාන දිග ප්‍රාන්ත සහ ප්‍රධාන භූමිය අතර සිදුවන සියලු හමුදාමය සහ වානිජමය ගොඩබිම් ප්‍රවාහන මාර්ග වැටී තිබෙන්නේ පටු ගොඩබිම් තීරුවක් වන සිලිගුරි කොරිඩෝරය හරහාය.එය කුකුළු පැටියාගේ බෙල්ල යන නමින්ද හඳුන්වයි.ඉන්දියානු හමුදාව යොදවා තිබෙන්නේ මෙම කොරිඩෝරයට උතුරින් පිහිටි ඩෝක්ලම් සානුවේය.මෙම සානුවේ බලය චීනයට ලැබුණ හොත් සංග්‍රාමයකදී චීනයෙන් එල්ල වන ප්‍රහාරයක් හමුවේ සිලිගුරි කොරිඩෝරය අනතුරට ලක් වේ.ඉන්දියාවට තිබෙන ලොකුම බිය එයයි.
1890 වර්ෂයේ බ්‍රිතාන්‍යය සහ චීනය අතර පැවති ගිවිසුමකින් සිලිගුරි කොරිඩෝරය ආසන්න දේශසීමාවේ සීමා නිර්ණය සිදු කර තිබේ.නමුත් රටවල් දෙකම දේශසීමා වල පිහිටීම් පිළිබදව පරස්පර විරෝධී මතවල සිටියි.ඉන්දියාවට අනුව දේශසීමාව බැටන්ග් ලා හීද චීනයට අනුව එය ගිම්පෝචි නම් කඳුමුදුනේද පිහිටා ඇත.චීනය විසින් ඉදිරිපත් කරන මායිම ඉන්දියානු මායිම වන බැටන්ග් ලා හි සිට සැතපුම් 3ක් දකුණට වන්නට පිහිටා තිබේ.චීනයේ මතය නිවැරදි නම් ඔවුන්ට ඩෝක්ලම් සානුවට පිවිසීමේ හැකියාව ලැබේ.
1949 වර්ෂයේ පටන් භූතානය ,ඉන්දියාව සමග ඉතා සමීප සබඳතා පවත්වාගෙන යන අතර,භූතානයේ විදේශ ප්‍රතිපත්තිය හැසිරවීමේදී ඉන්දියාවේ මගපෙන්වීම අනුව කටයුතු කරන බවට දෙරට අතර මිත්‍ර ගිවිසුමක්ද ඇතිව තිබේ.එය 2007 වර්ෂයේදී යාවත්කාලීන කලේ මාර්ගෝපදේශන සැපයීම ඉවත් කිරීම සඳහාය.එකිනෙකාගේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අවස්ථාවලදී ඔවුනොවුන්ගේ භූමි ප්‍රදේශ දෙරටටම භාවිතා කිරීමට ඉන්දියාව සහ භූතානය ගිවිසගෙන තිබේ.චීනය සහ භූතානය අතර රාජ්‍යතාන්ත්‍රක සබදතා නැති වුවත් දෙරට අතර දේශසීමා ප්‍රදේශ හතක් සම්බන්ධ මතභේද නිරාකරණය කර ගැනීමට සාකච්ඡා වට 24ක් සිදුකර තිබේ.
මහජන චීන විමුක්ති හමුදාවේ මාර්ග සංවර්ධන කණ්ඩායමක් ඩෝක්ලම් සානුවට ඇතුලු වී මාර්ගයක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීම මෙම ආරවුලට ආසන්නතම හේතුවයි.චීන මාර්ග ඉදිකරන්නන් නැවැත්වීම සඳහා භූතාන බලධාරීන් සමග සිය හමුදා භූතානයට අයත් භූමියට යැවූ බව ඉන්දියාව ප්‍රකාශ කරයි.ජූනි මාසය අවසන් වන විට දෙරටම සෙබලුන් 3000ක් පමණ සෙබලුන් ප්‍රමාණයක් ඩෝක්ලම් සානුවට යවා ඇත.තුන්වන පාර්ශ්වයේ රටක සිට ඉන්දියාව චීනයට මුහුණට මුහුණ අභියෝග කරන පළමු වතාව මෙය බවයි පැවසෙන්නේ.
ආරවුලට හේතුව මහා මාර්ගයමද?
භූතානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටින්නේ මහා මාර්ගය ඉදිකරමින් සිටින්නේ දේශසීමා ආරවුලක් පවතින ප්‍රදේශයක බවයි.මායිම් වෙනස් කිරීමෙන් වැළකී සිටින බවට භූතානය සහ චීනය 1988 සහ1998 වර්ෂවලදී ගිවිසගෙන තිබෙන බවත් භූතානය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.චීන විදේශ කටයුතු අමාත්‍යාංශය කියන්නේ මෙම ප්රශ්නය විසඳා ගැනීමට "අර්ථවත් සංවාදයක්" සඳහා පළමුව ප්‍රදේශයේ යොදවා තිබෙන ඉන්දියානු සෙබලුන් ඉවත් කරගත යුතු බවයි.2012 වර්ෂයේ ඉන්දියාව සහ චීනය අතර ඇතිකරගත් ගිවිසුමකට අනුව මෙම තුන්මංහන්දියේ මායිම් සම්බන්ධව එකඟතාවයකට පැමිණි බවට ඉන්දියාව ප්‍රකාශයක් නිකුත් කර තිබේ.එවැනි එකඟතාවයක් තිබියදී චීනය විසින් කරන ක්‍රියාකාරකම් නිසා ඉන්දියාවේ ආරක්ෂාවට බරපතල අයුරින් අනතුරට ලක්වන බවත් ඉන්දියාව ප්‍රකාශ කරයි.
මේ සියල්ල සිදුවන්නේ චීනය සහ ඉන්දියාව අතර දකුණු ආසියාව සම්බන්ධව විශාල උනන්දුවක් තිබෙන මොහොතකය.ජනපති ෂී ජින්පින්ග් විසින් යෝජනා කරන ලද "බෙල්ට් ඇන්ඩ් රෝඩ්" වෙළඳ සහ යටිතල පහසුකම් ව්‍යාපෘතිය සම්බන්ධව ඉන්දියාව සිටින්නේ එතරම් කැමැත්තකින් නොවේ.එම ව්‍යාපෘතියේ එක් කොටසක් දිවෙන්නේ පාකිස්තානය සතුව තිබෙන කාශ්මීර ප්‍රාන්තයේ කොටස හරහාය.ඉන්දියාව කියන්නේ එම භූමි ප්‍රදේශයද තමන්ට අයත් බවයි.
බොහෝ නිරීක්ෂකයෝ නම් කියන්නේ නැත යන්නයි.රටවල් දෙකටම එවැනි ගැටුමකට යෑමේ අවශ්‍යතාවයක් නැත.ඉන්දියාව 2019 වර්ෂයේදී මැතිවරණයකට මුහුණදීමට සූදානමින් පසුවේ.තමන්ට වඩා බොහෝ බලවත් සතුරෙක් සමග සටනකට ගොස් ආර්ථිකය දුර්වල කරගැනීමට ඉන්දියාව සූදානම් නැත.යුද්ධයකට අවතීරණ වී,අන්තර්ජාතික නායකයෙක් ලෙස නැගී සිටින්නට දරන උත්සාහය අනතුරේ හෙළන්නට චීනයේ කැමැත්තක්ද නැත.
දෙරටේම ජාතිකවාදීන් ඇතිව තිබෙන තත්ත්වය වර්ධනය කිරීමට ඉන්ධන යොදමින් තිබේ.දෙපාර්ශ්වයම අඩියක් හෝ පිටුපසට තියන්නට කැමැත්තක් නැත.බොහෝ විශ්ලේෂකයින් ප්‍රකාශ කරන්නේ රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් කරා යෑමට නම් තවත් කාලයක් ගත විය හැකි බවයි.නමුත් එය එතරම් ලෙහෙසි නැත.මන්ද කිසිදු පාර්ශ්වයක් තමන්ගේ සෙබලුන් පළමුව ඉවත් කරගැනීමට සූදානම් නැත.
Source:bloomberg.com
-HarshaLulzSec-

මෙම ප්‍රදේශය වැදගත් වන්නේ ඇයි?

මෙම ආරවුලට කොපමණ වයසද?
1890 වර්ෂයේ බ්‍රිතාන්‍යය සහ චීනය අතර පැවති ගිවිසුමකින් සිලිගුරි කොරිඩෝරය ආසන්න දේශසීමාවේ සීමා නිර්ණය සිදු කර තිබේ.නමුත් රටවල් දෙකම දේශසීමා වල පිහිටීම් පිළිබදව පරස්පර විරෝධී මතවල සිටියි.ඉන්දියාවට අනුව දේශසීමාව බැටන්ග් ලා හීද චීනයට අනුව එය ගිම්පෝචි නම් කඳුමුදුනේද පිහිටා ඇත.චීනය විසින් ඉදිරිපත් කරන මායිම ඉන්දියානු මායිම වන බැටන්ග් ලා හි සිට සැතපුම් 3ක් දකුණට වන්නට පිහිටා තිබේ.චීනයේ මතය නිවැරදි නම් ඔවුන්ට ඩෝක්ලම් සානුවට පිවිසීමේ හැකියාව ලැබේ.
මෙම රටවල් තුන අතර සම්බන්ධතා කෙබඳුද?
1949 වර්ෂයේ පටන් භූතානය ,ඉන්දියාව සමග ඉතා සමීප සබඳතා පවත්වාගෙන යන අතර,භූතානයේ විදේශ ප්‍රතිපත්තිය හැසිරවීමේදී ඉන්දියාවේ මගපෙන්වීම අනුව කටයුතු කරන බවට දෙරට අතර මිත්‍ර ගිවිසුමක්ද ඇතිව තිබේ.එය 2007 වර්ෂයේදී යාවත්කාලීන කලේ මාර්ගෝපදේශන සැපයීම ඉවත් කිරීම සඳහාය.එකිනෙකාගේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අවස්ථාවලදී ඔවුනොවුන්ගේ භූමි ප්‍රදේශ දෙරටටම භාවිතා කිරීමට ඉන්දියාව සහ භූතානය ගිවිසගෙන තිබේ.චීනය සහ භූතානය අතර රාජ්‍යතාන්ත්‍රක සබදතා නැති වුවත් දෙරට අතර දේශසීමා ප්‍රදේශ හතක් සම්බන්ධ මතභේද නිරාකරණය කර ගැනීමට සාකච්ඡා වට 24ක් සිදුකර තිබේ.
වර්තමාන ඇවිලීම පිටුපස තිබෙන්නේ කුමක්ද?
මහජන චීන විමුක්ති හමුදාවේ මාර්ග සංවර්ධන කණ්ඩායමක් ඩෝක්ලම් සානුවට ඇතුලු වී මාර්ගයක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීම මෙම ආරවුලට ආසන්නතම හේතුවයි.චීන මාර්ග ඉදිකරන්නන් නැවැත්වීම සඳහා භූතාන බලධාරීන් සමග සිය හමුදා භූතානයට අයත් භූමියට යැවූ බව ඉන්දියාව ප්‍රකාශ කරයි.ජූනි මාසය අවසන් වන විට දෙරටම සෙබලුන් 3000ක් පමණ සෙබලුන් ප්‍රමාණයක් ඩෝක්ලම් සානුවට යවා ඇත.තුන්වන පාර්ශ්වයේ රටක සිට ඉන්දියාව චීනයට මුහුණට මුහුණ අභියෝග කරන පළමු වතාව මෙය බවයි පැවසෙන්නේ.
ආරවුලට හේතුව මහා මාර්ගයමද?
භූතානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටින්නේ මහා මාර්ගය ඉදිකරමින් සිටින්නේ දේශසීමා ආරවුලක් පවතින ප්‍රදේශයක බවයි.මායිම් වෙනස් කිරීමෙන් වැළකී සිටින බවට භූතානය සහ චීනය 1988 සහ1998 වර්ෂවලදී ගිවිසගෙන තිබෙන බවත් භූතානය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.චීන විදේශ කටයුතු අමාත්‍යාංශය කියන්නේ මෙම ප්රශ්නය විසඳා ගැනීමට "අර්ථවත් සංවාදයක්" සඳහා පළමුව ප්‍රදේශයේ යොදවා තිබෙන ඉන්දියානු සෙබලුන් ඉවත් කරගත යුතු බවයි.2012 වර්ෂයේ ඉන්දියාව සහ චීනය අතර ඇතිකරගත් ගිවිසුමකට අනුව මෙම තුන්මංහන්දියේ මායිම් සම්බන්ධව එකඟතාවයකට පැමිණි බවට ඉන්දියාව ප්‍රකාශයක් නිකුත් කර තිබේ.එවැනි එකඟතාවයක් තිබියදී චීනය විසින් කරන ක්‍රියාකාරකම් නිසා ඉන්දියාවේ ආරක්ෂාවට බරපතල අයුරින් අනතුරට ලක්වන බවත් ඉන්දියාව ප්‍රකාශ කරයි.
ආරවුලේ අනෙක් පස
මේ සියල්ල සිදුවන්නේ චීනය සහ ඉන්දියාව අතර දකුණු ආසියාව සම්බන්ධව විශාල උනන්දුවක් තිබෙන මොහොතකය.ජනපති ෂී ජින්පින්ග් විසින් යෝජනා කරන ලද "බෙල්ට් ඇන්ඩ් රෝඩ්" වෙළඳ සහ යටිතල පහසුකම් ව්‍යාපෘතිය සම්බන්ධව ඉන්දියාව සිටින්නේ එතරම් කැමැත්තකින් නොවේ.එම ව්‍යාපෘතියේ එක් කොටසක් දිවෙන්නේ පාකිස්තානය සතුව තිබෙන කාශ්මීර ප්‍රාන්තයේ කොටස හරහාය.ඉන්දියාව කියන්නේ එම භූමි ප්‍රදේශයද තමන්ට අයත් බවයි.
වර්තමාන අර්බුදය 1962 දුටු යුද්ධයට සමාන තත්ත්වයකට මඟ පාදයිද?
බොහෝ නිරීක්ෂකයෝ නම් කියන්නේ නැත යන්නයි.රටවල් දෙකටම එවැනි ගැටුමකට යෑමේ අවශ්‍යතාවයක් නැත.ඉන්දියාව 2019 වර්ෂයේදී මැතිවරණයකට මුහුණදීමට සූදානමින් පසුවේ.තමන්ට වඩා බොහෝ බලවත් සතුරෙක් සමග සටනකට ගොස් ආර්ථිකය දුර්වල කරගැනීමට ඉන්දියාව සූදානම් නැත.යුද්ධයකට අවතීරණ වී,අන්තර්ජාතික නායකයෙක් ලෙස නැගී සිටින්නට දරන උත්සාහය අනතුරේ හෙළන්නට චීනයේ කැමැත්තක්ද නැත.
යුද්ධයකට නොගොස් ගත හැකි අනෙක් විසඳුම කුමක්ද?