සංග්රාම භූමිය-18
ඔලිම්පික් ක්‍රීඩා උළෙල,ලෝකයේ ප්‍රසිද්ධතම සහ වැඩිම අවධානය දිනාගත් ක්‍රීඩා උළෙලයි.සමහර රටවලට තවමත් ඔලිම්පික් පදක්කමක් ලැබීම සිහිනයක් පමණි.මේ නිසාම කෙනෙක් සිතන්නට පුලුවන් ලොව අත්‍යන්තම ක්‍රීඩා උළෙල ඔලිම්පික් කියා.එතරම් අවධානයට ලක් නොවූ එහෙත් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට වඩා විශාල සහ බලවත් ක්‍රීඩා උළෙලක් වාර්ෂිකව පැවැත්වෙන බව ඔබ දන්නේද?එය නමින් ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා උළෙලයි.
ඉන්දියාවද 2016 වර්ෂයේ පටන් මෙම ක්‍රීඩා උලෙල නියෝජනය කරයි.ඔවුන් එහිදී ඉසව් කිහිපයක ජයග්රහණයන් ලබාගෙන තිබේ.
2015 වර්ෂයේදී අසර්බයිජානය,ඇන්ගෝලාව,ආර්මේනියාව,බෙලරුසියාව,චීනය,ඊජිප්තුව,ඉන්දියාව,කසක්ස්ථානය,කුවේට්,කීර්ගිස්ථානය,මොන්ගෝලියාව,නිකරගුවා,පාකිස්ථානය,සර්බියාව,ටජිකිස්ථානය සහ වෙනිසිවුලාව යන රටවල් ක්‍රීඩා උළෙල නියෝජනය කල අතර රුසියාව විසින් එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යයට කල ආරාධනා ඔවුන් ප්‍රතික්ෂේප කරන ලදි.
ක්‍රීඩා ඉසව් බොහොමයක් ආරක්ෂක විධිවිධානවලට අනුකූලව සිදුකෙරෙන මුත් අනතුරක් සිදුවුවහොත් වහාම ආධාර පිණිස යෑමට වෛද්‍ය කණ්ඩායම් සීරුවෙන් තබා ඇත.ගිය වසරේදී කුවේට් රාජ්‍යයේ යුද ටැංකියක් මඩ සහිත බෑවුමක් තරණය කරද්දී පෙරළී ගියේය.එම ක්‍රීඩා උළෙලේදීම හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් රුසියානු නියමුවෙක් මිය ගියේය.
මෙහි අඩංගු අනෙකුත් ප්‍රධාන ඉසව් වන්නේ Gunsmith Master,Sniper Frontier සහ Keys to the Sky ආදියයි.Keys to the Skyහිදී හමුදාවන්ට ඔවුන්ගේ ගුවන් ආරක්ෂක මිසයිල වල හැකියාව පෙන්වීමට පුලුවනි.
වැඩිම අවධානය දිනාගත් Tank Biathlon තරඟය සඳහා සහභාගි වන රටවලට තරඟ කිරීම සඳහා රුසියාව විසින් ටී-72 යුද ටැංකි ලබාදෙයි.නමුත් චීනය ස්වදේශීය යුද ටැංකි ඒ සඳහා යොදාගනියි.මෙවර ඉසව්වට ඉන්දියාව Arjun යුද ටැංකිය භාවිතා කරාවි යැයි මත පලවී තිබුණද ඔවුන් රුසියාවෙන් මිලදීගත් ටී-90 යුද ටැංකි ඉදිරිපත් කර තිබිණි.
මෙවර ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා උළෙල ජූලි 29 සිට අගෝස්තු 12 දක්වා රුසියාව,බෙලරුසියාව,අසර්බයිජානය,කසක්ස්ථානය සහ චීනය යන රටවල පැවැත්විණි.මෙවර ක්‍රීඩා උළෙලට දුෂ්කර මාර්ගවල ධාවන තරඟ සහ ඩ්‍රෝන් යානා යොදාගෙන පවත්වන ඉසව් ඇතුලත් කර තිබිණි.2017 වර්ෂයේදී ක්‍රීඩා උළෙල ඉසව් 28කින් සමන්විත විය.මෙවරද ක්‍රීඩා උළෙලේ ජයග්‍රහණය දිනාගන්නට රුසියාව සමත් වූ අතර චිනය දෙවැනි තැනට පත්විය.
Source:topyaps.com
-HarshaLulzSec-

පළමු ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා උළෙල 2015 වර්ෂයේදී රුසියාවේ පැවැත් විණි.
මෙවැනි ක්‍රීඩා උළෙලක් සම්බන්ධව අදහස ඉදිරිපත් කර තිබෙන්නේ රුසියානු ආරක්ෂක අමාත්‍යය සර්ගෙයි ෂොයිගු විසින්ය.
මෙම ක්‍රීඩා උළෙල දෙවන වරට පැවැත් වුණේ 2016 වර්ෂයේදීය.එහිදී කසක්ස්ථානයේද ඉසව් කිහිපයක් පැවැත්විණි.
මෙහිදී රටවල් කිහිපයක හමුදාවල සමාජිකයින් ඉසව් රැසකදී එකිනෙකාට එරෙහිව තරඟ වදියි.

කාලතුවක්කු ක්‍රියාකරුවන්,යුද ටැංකි කාර්ය මණ්ඩලයන්,පැරෂූට්කරුවන්,සංග්‍රාමික ඉංජිනේරුවන්,සැඟවුණු වෙඩික්කරුවන් ආදී ආරක්ෂක අංශවල විවිධ පැති ආවරණය වනසේ මෙහි ඉසව් ඇතුලත් කර තිබේ.2017 වර්ෂයේ ක්‍රීඩා උළෙල සඳහා දකුණු අප්‍රිකාව,ෆීජි,ඊශ්‍රායලය සහ ග්‍රීසිය යන රටවල්ද ඇතුලත් විය.
ඉන්දියාවද 2016 වර්ෂයේ පටන් මෙම ක්‍රීඩා උලෙල නියෝජනය කරයි.ඔවුන් එහිදී ඉසව් කිහිපයක ජයග්රහණයන් ලබාගෙන තිබේ.
යුද ටැංකි සඳහා වෙන් වූ Tank Biathlon නම් ඉසව්ව මෙම ක්‍රීඩා උළෙලේ වැඩිම අවධානය දිනාගත් ඉසව්වයි.මෙවර එම ඉසව්ව සඳහා ඉන්දියාව ටී-90(T90 Bhishma) යුද ටැංකි ඉදිරිපත් කර තිබුණත් යාන්ත්‍රික දෝෂ හේතුවන් ඔවුන්ට තරඟය අතරතුර ඉන් ඉවත්වන්නට සිදුවිය.