සංග්‍රාම භූමිය-20
මෙය පසුගිය මාසයේ අවසන් සමයේ වඩාත් කතා බහට ලක්වූ සිද්ධියකි.රුසියානු හිතවාදී මාධ්‍යවලට අනුව ඔක්තෝම්බර් මාසයේදී සිරියාවේ මෙහෙයුමක් සඳහා ගිය ඊශ්‍රායල එෆ්-35 ජෙට් යානයක් රුසියානු එස්-200 ගොඩබිම්-ගුවන් මිසයිල ප්‍රහාරයකට ලක්ව තිබේ.ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කලේ එරට ගුවන් හමුදාවට අයත් එෆ්-35 යානයක් පක්ෂියෙක් ගැටීම නිසා හානියට ලක් වූ බවයි.
මෙම කතාව ඇරඹෙන්නේ 2017 ඔක්තෝම්බර් මස 16 දාය.පැය කිහිපයකට පෙර ලෙබනනයට අයත් අහසේ පියාසර කරමින් සිටි ඊශ්‍රායල ඔත්තු බැලීමේ යානයක් ඉලක්ක කරගෙන සිරියාවේ ඩැමැස්කස් නගරාසන්නයේ සෑම් මිසයිල පද්ධතියක් ක්‍රියාත්මක වූ අතර එම ගුවන් ආරක්ෂක පද්ධතිය විනාශ කිරීමට ඊශ්‍රායලය සිය ෆයිටර් ජෙට් යානා පිටත් කර යවා තිබේ.ඊශ්‍රායලයට අනුව ප්‍රහාරයෙන් සිරියාවට අයත් ගුවන් ආරක්ෂක පද්ධතිය විනාශ වූ අතර කිසිදු ඊශ්‍රායල යානයකට හානියක් සිදුනොවීය.එදිනම රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ගෙයි ෂොයිගු ඊශ්‍රායලයට පැමිණියේ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ආරක්ෂක අමාත්‍ය ඇවිග්ඩොර් ලයිබර්මන් හමුවී සාකච්ඡා කිරීමටය.
"ඊශ්‍රායල ආරක්ෂක අංශවලට අනුව හමුදාව බෝම්බ 4ක් සිරියානු ගුවන් ආරක්ෂක පද්ධතිය ස්ථානගත කර තිබූ ස්ථානයට හෙලා තිබේ.ප්‍රහාරයෙන් ගුවන් ආරක්ෂක පද්ධතිය යළි මෙහෙයුම්වල යෙදවීමට නොහැකි අයුරින් හානියට පත් ව තිබේ.තවද හමුදාවට අනුව පසුගිය මාර්තු මාසයේදී ඊශ්‍රායල ජෙට් යානා ඉලක්ක කරගෙන මිසයිල ප්‍රහාර එල්ල කරන ලද්දේද මෙම මිසයිල පද්ධතියෙනි.ඊශ්‍රායලය එම මිසයිල බිම හෙළීමට ඔවුන්ගේ ඇරෝ නම් ප්‍රති-මිසයිල ආරක්ෂක පද්ධතිය පළමුවරට භාවිතා කරන ලදි."යනුවෙන් ඊශ්‍රායලයේ Haaretz පුවත්පත වාර්තා කරන ලදි.
සිරියානු හමුදාව මෙම ප්‍රහාරය සනාථ කල අතර තම පාර්ශ්වයට භෞතිකමය වශයෙන් හානියක් සිදුවු බව ප්‍රකාශ කරන ලදි.සිරියානු ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශයකට අනුව ඔක්තෝම්බර් 16 දා උදෑසන 8.51(සිරියානු වේලාවෙන්) ලෙබනනයේ බාල්බෙක් ප්‍රදේශය ආසන්නයේ සිරියානු දේශසීමාව ඊශ්‍රායල ජෙට් යානා විසින් උල්ලංඝනය කර තිබේ.
දැනට තිබෙන තොරතුරු වලට අනුව සෝවියට් එස්-200 මිසයිල පද්ධතියක් යොදාගෙන ඊශ්‍රායල ජෙට් යානාවලට පහරදී තිබේ.සිරියානු හමුදාව සතුව තිබෙන දියුණුතම දිගු දුර ගුවන් යානා නාශක මිසයිල පද්ධතිය මෙය බවයි පැවසෙන්නේ.නමුත් නූතන සංග්‍රාම භූමියේදී එය යල්පැන ගිය එකකි.
කෙසේවෙතත් මෙම සිද්ධියෙන් පැය කිහිපයකට පසුව ඊශ්‍රායල මාධ්‍ය විසින් වාර්තා කරන ලද්දේ ඊශ්‍රායල ගුවන් හමුදාවේ එෆ්-35 ස්ටෙල්ත්,බහුකාර්යය ෆයිටර් ජෙට් යානයක් පුහුණු ගුවන් ගමනකදී පක්ෂියෙක් ගැටීම නිසා මෙහෙයුම් වල යෙදීමට නොහැකි සේ හානියට පත්ව තිබෙන බවයි.නමුත් එය සිදුව තිබෙන්නේ ඊට සති දෙකකට පෙරය.නමුත් මාධ්‍ය ඔස්සේ වාර්තා කරන ලද්දේ ඔක්තෝම්බර් 16දාය.පක්ෂියා ගැටීමෙන් හානියට පත් වූ එෆ්-35 යුද ගුවන් යානයේ ඡායාරූපයක් හෝ ප්‍රසිද්ධ කරන්න ඊශ්‍රායල මූලාශ්‍ර සමත් නොවීය.
සිය ගුවන් සීමාව උල්ලංඝනය කිරීමට ප්‍රතිචාර ලෙස එල්ල කල මිසයිල ප්‍රහාරවලින් එකක් ඊශ්‍රායල ජෙට් යානයක ගැටුණ බවත්,ඉන්පසුව යානය පසුබැස ගියේ යැයිද සිරියානු ආරක්ෂක අමාත්‍යංශය පැවසීය.
පක්ෂියෙක් ගැටීම නිසා හානියට ලක්වූ එෆ්-35 ජෙට් යානය සුරක්ෂිතව ගොඩබැස්සු බව ඊශ්‍රායල ගුවන් හමුදාව කීවද එම යානයට යළි පියාසර කිරීමට හැකිවේද යන්න ඔවුන් සනාථ කර නැත.මන්ද එවැනි ගැටීමකදී යානයේ ස්ටෙල්ත් ආලේපයට හානි වීමට වැඩි ඉඩක් තිබේ.කෙසේවෙතත් මෙම කතාවේ ඊශ්‍රායල සංස්කරණයට අනුව අදාල ජෙට් යානය සේවයෙන් ඉවත් කර තිබේ.නමුත් එවැන්නක් සිදුවන්නේ එෆ්-35 යානය ඉතා උසස් අයුරින් පක්ෂි ඝට්ටන සහතිකය සමත්ව තිබෙන පසුබිමකය.ඊශ්‍රායලය සතුව දැනට ඇමෙරිකානු එෆ්-35 ස්ටෙල්ත් ෆයිටර් ජෙට් යානා 7ක් තිබේ.ඔවුන් එෆ්-35 යානා 50ක් ඇණවුම් කර ඇත.
ඇමෙරිකානු වෙබ් අඩවියක් වන Thedrive.com අනුව එෆ්-35 ජෙට් යානා තවමත් ඊශ්‍රායල ගුවන් හමුදාවේ සේවයට එක් වුවා පමණි.මෙතරම් හදිසියේ ඒවා සිරියාවේ මෙහෙයුමක් සඳහා යවන්නට හේතුවක් නැත.මන්ද එවැනි මෙහෙයුම් සඳහා යැවීමට හැකි එෆ්-15 සහ එෆ්-16 යානා අවශ්‍ය තරම් ඊශ්‍රායල ගුවන් හමුදාව සතුය.
මෙම වෙබ් අඩවි වාර්තා කුමක් කීවද ඊශ්‍රායලය ඇ.ඩො.මිලියන 100 ක් වටිනා එෆ්-35 ස්ටෙල්ත් ෆයිටර් ජෙට් යානයක් මිලදී ගන්නේ ප්‍රදර්ශනයට තබන්නට නම් නොවේ(එෆ්-35 ව්‍යාපෘතියේ සම්පුර්ණ වියදම මේවන විට ඇ.ඩො.ට්‍රිලියනය ඉක්මවා ගොස් තිබේ).තවද අද සිරියාවේ පවතින තත්ත්වය එෆ්-35 යානයේ සැබෑ සංග්‍රාමික හැකියාවන් උරගා බැලීමට කදිම අවස්ථාවකි.
එෆ්-35 යානය ඇමෙරිකානු තාක්ෂණික පරාක්‍රමයේ සංකේතයකි.බිලියන සිය ගණනක් වියදම් කර නිපදවන ලද යානයකට හානි වීම හෝ සටනකදී බිම හෙලීම ලෝක අවධානය දිනා ගැනීමට සමත් වන්නේ නිතැතින්මය.රුසියාව සහ එහි මිත්‍රයන් ,එෆ්-35 යානයක් ප්‍රහාරයට ලක් වූයේ යැයි කිවහොත් එෆ්-35 වෙනුවෙන් පෙනීසිටින්නන් ඊට ප්‍රතිචාර දක්වයි.
ස්ටෙල්ත් තාක්ෂණයෙන් හෙබි එෆ්-35 වැනි ජෙට් යානයක් සෝවියට් යුගයේ සෑම් මිසයිල ප්‍රහාරයකට ලක් වන්නේ කෙසේද?දැන් රුසියාව සහ සිරියාව ඔවුන්ගේ ගුවන් ආරක්ෂක පද්ධති සංයෝජිතව භාවිතා කරන බව රහසක් නොවේ.රුසියාව සතු දියුණු සංවේදක වලින් ලබාගන්නා දත්ත සිරියානුවන් සමග හුවමාරු කරගැනීම හමුවේ ස්ටෙල්ත් ජෙට් යානයක් පවා සොයාගැනීමට සිරියානු ගුවන් ආරක්ෂක බලකාවලට හැකියාව ලැබී තිබේ.ස්ටෙල්ත් ගුවන් යානා උච්ච සංඛ්‍යාත රේඩාර් පද්ධති හමුවේ දැක ගැනීම අසීරු වුවද ඒවා පහත් සංඛ්‍යාත රේඩාර් පද්ධති හමුවේ දැක ගත හැකි යැයි සැලකේ.සෝවියට් දේශය මුල් කාලයේ පටන් මෙම අවාසිය දුටු නිසා ඔවුන් ස්ටෙල්ත් ගුවන් යානා නිපදවීමට වඩා ඒවා සොයාගත හැකි රේඩාර් පද්ධති සංවර්ධනයට කාලය යෙදවීය.කෙසේවෙතත් මේවන තෙක් ස්ටෙල්ත් ෆයිටර් ජෙට් යානයක් ගුවන් ආරක්ෂක මිසයිල පද්ධති ඉදිරියේ පරාජය වී නැත(1990 දශකය අග භාගයේදී සර්බියානුවන් ඇමෙරිකානු එෆ්-117 නම් ස්ටෙල්ත් බෝම්බ හෙළන යානයක් බිම හෙළීමට සමත් විය).
Source:nationalinterest.org
-HarshaLulzSec-
රුසියානු ගුවන් යානා නාශක මිසයිලයක් ඊශ්‍රායලයේ නවතම එෆ්-35 ෆයිටර් ජෙට් යානයක ගැටුනාද?

සර්ගෙයි ෂොයිගු සහ බෙන්ජමින් නෙතන්යාහු
රුසියානු හිතවාදී වෙබ් අඩවියක් වන Southfront.org මෙම සිද්ධිය මෙලෙස වාර්තා කර තිබිණි.
"රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ගෙයි ෂොයිගුගේ ඊශ්‍රායල සංචාරයට සමගාමීව සිය බලය ප්‍රදර්ශනයට කරන්නට දැරූ උත්සාහය සම්පුර්ණයෙන්ම අසාර්ථක විය."
"ඊශ්‍රායල ආරක්ෂක අංශවලට අනුව හමුදාව බෝම්බ 4ක් සිරියානු ගුවන් ආරක්ෂක පද්ධතිය ස්ථානගත කර තිබූ ස්ථානයට හෙලා තිබේ.ප්‍රහාරයෙන් ගුවන් ආරක්ෂක පද්ධතිය යළි මෙහෙයුම්වල යෙදවීමට නොහැකි අයුරින් හානියට පත් ව තිබේ.තවද හමුදාවට අනුව පසුගිය මාර්තු මාසයේදී ඊශ්‍රායල ජෙට් යානා ඉලක්ක කරගෙන මිසයිල ප්‍රහාර එල්ල කරන ලද්දේද මෙම මිසයිල පද්ධතියෙනි.ඊශ්‍රායලය එම මිසයිල බිම හෙළීමට ඔවුන්ගේ ඇරෝ නම් ප්‍රති-මිසයිල ආරක්ෂක පද්ධතිය පළමුවරට භාවිතා කරන ලදි."යනුවෙන් ඊශ්‍රායලයේ Haaretz පුවත්පත වාර්තා කරන ලදි.
ඊශ්‍රායල ඇරෝ-2 ප්‍රති බැලස්ටික් මිසයිල,ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතියක්
සිරියානු හමුදාව මෙම ප්‍රහාරය සනාථ කල අතර තම පාර්ශ්වයට භෞතිකමය වශයෙන් හානියක් සිදුවු බව ප්‍රකාශ කරන ලදි.සිරියානු ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශයකට අනුව ඔක්තෝම්බර් 16 දා උදෑසන 8.51(සිරියානු වේලාවෙන්) ලෙබනනයේ බාල්බෙක් ප්‍රදේශය ආසන්නයේ සිරියානු දේශසීමාව ඊශ්‍රායල ජෙට් යානා විසින් උල්ලංඝනය කර තිබේ.
දැනට තිබෙන තොරතුරු වලට අනුව සෝවියට් එස්-200 මිසයිල පද්ධතියක් යොදාගෙන ඊශ්‍රායල ජෙට් යානාවලට පහරදී තිබේ.සිරියානු හමුදාව සතුව තිබෙන දියුණුතම දිගු දුර ගුවන් යානා නාශක මිසයිල පද්ධතිය මෙය බවයි පැවසෙන්නේ.නමුත් නූතන සංග්‍රාම භූමියේදී එය යල්පැන ගිය එකකි.
SA-5(S-200) යනු දැවැන්ත මිසයිලයකි,නූතන සෑම් මිසයිලයකට වඩා එය සමීප වන්නේ බැලස්ටික් මිසයිලයකටයි.මෙහි දැක්වෙන්නේ ඉරාන සෙබලුන් පිරිසක් SA-5 මිසයිලයක් දියත් කිරීමට සැරසෙන අයුරුය.
කෙසේවෙතත් මෙම සිද්ධියෙන් පැය කිහිපයකට පසුව ඊශ්‍රායල මාධ්‍ය විසින් වාර්තා කරන ලද්දේ ඊශ්‍රායල ගුවන් හමුදාවේ එෆ්-35 ස්ටෙල්ත්,බහුකාර්යය ෆයිටර් ජෙට් යානයක් පුහුණු ගුවන් ගමනකදී පක්ෂියෙක් ගැටීම නිසා මෙහෙයුම් වල යෙදීමට නොහැකි සේ හානියට පත්ව තිබෙන බවයි.නමුත් එය සිදුව තිබෙන්නේ ඊට සති දෙකකට පෙරය.නමුත් මාධ්‍ය ඔස්සේ වාර්තා කරන ලද්දේ ඔක්තෝම්බර් 16දාය.පක්ෂියා ගැටීමෙන් හානියට පත් වූ එෆ්-35 යුද ගුවන් යානයේ ඡායාරූපයක් හෝ ප්‍රසිද්ධ කරන්න ඊශ්‍රායල මූලාශ්‍ර සමත් නොවීය.
සිය ගුවන් සීමාව උල්ලංඝනය කිරීමට ප්‍රතිචාර ලෙස එල්ල කල මිසයිල ප්‍රහාරවලින් එකක් ඊශ්‍රායල ජෙට් යානයක ගැටුණ බවත්,ඉන්පසුව යානය පසුබැස ගියේ යැයිද සිරියානු ආරක්ෂක අමාත්‍යංශය පැවසීය.
පක්ෂියෙක් ගැටීම නිසා හානියට ලක්වූ එෆ්-35 ජෙට් යානය සුරක්ෂිතව ගොඩබැස්සු බව ඊශ්‍රායල ගුවන් හමුදාව කීවද එම යානයට යළි පියාසර කිරීමට හැකිවේද යන්න ඔවුන් සනාථ කර නැත.මන්ද එවැනි ගැටීමකදී යානයේ ස්ටෙල්ත් ආලේපයට හානි වීමට වැඩි ඉඩක් තිබේ.කෙසේවෙතත් මෙම කතාවේ ඊශ්‍රායල සංස්කරණයට අනුව අදාල ජෙට් යානය සේවයෙන් ඉවත් කර තිබේ.නමුත් එවැන්නක් සිදුවන්නේ එෆ්-35 යානය ඉතා උසස් අයුරින් පක්ෂි ඝට්ටන සහතිකය සමත්ව තිබෙන පසුබිමකය.ඊශ්‍රායලය සතුව දැනට ඇමෙරිකානු එෆ්-35 ස්ටෙල්ත් ෆයිටර් ජෙට් යානා 7ක් තිබේ.ඔවුන් එෆ්-35 යානා 50ක් ඇණවුම් කර ඇත.
ඊශ්‍රායලය මිලදී ගත් පළමු F-35 ෆයිටර් ජෙට් යානය එරට ගුවන් තොටුපොලකට ගොඩ බැස්ස වූ අවස්ථාව
ඇමෙරිකානු වෙබ් අඩවියක් වන Thedrive.com අනුව එෆ්-35 ජෙට් යානා තවමත් ඊශ්‍රායල ගුවන් හමුදාවේ සේවයට එක් වුවා පමණි.මෙතරම් හදිසියේ ඒවා සිරියාවේ මෙහෙයුමක් සඳහා යවන්නට හේතුවක් නැත.මන්ද එවැනි මෙහෙයුම් සඳහා යැවීමට හැකි එෆ්-15 සහ එෆ්-16 යානා අවශ්‍ය තරම් ඊශ්‍රායල ගුවන් හමුදාව සතුය.
පුර්ණ සන්නද්ධ ඊශ්‍රායල F-16I Soufa ෆයිටර් ජෙට් යානයක්
මෙම වෙබ් අඩවි වාර්තා කුමක් කීවද ඊශ්‍රායලය ඇ.ඩො.මිලියන 100 ක් වටිනා එෆ්-35 ස්ටෙල්ත් ෆයිටර් ජෙට් යානයක් මිලදී ගන්නේ ප්‍රදර්ශනයට තබන්නට නම් නොවේ(එෆ්-35 ව්‍යාපෘතියේ සම්පුර්ණ වියදම මේවන විට ඇ.ඩො.ට්‍රිලියනය ඉක්මවා ගොස් තිබේ).තවද අද සිරියාවේ පවතින තත්ත්වය එෆ්-35 යානයේ සැබෑ සංග්‍රාමික හැකියාවන් උරගා බැලීමට කදිම අවස්ථාවකි.
ඊශ්‍රායලයට අයත් F-35 යානා දෙකක්
එෆ්-35 යානය ඇමෙරිකානු තාක්ෂණික පරාක්‍රමයේ සංකේතයකි.බිලියන සිය ගණනක් වියදම් කර නිපදවන ලද යානයකට හානි වීම හෝ සටනකදී බිම හෙලීම ලෝක අවධානය දිනා ගැනීමට සමත් වන්නේ නිතැතින්මය.රුසියාව සහ එහි මිත්‍රයන් ,එෆ්-35 යානයක් ප්‍රහාරයට ලක් වූයේ යැයි කිවහොත් එෆ්-35 වෙනුවෙන් පෙනීසිටින්නන් ඊට ප්‍රතිචාර දක්වයි.
ඊශ්‍රායල ගුවනේ පියාසර කරන F-35 සහ F-16 යානා දෙකක්