සංග්රාම භූමිය-21
නොවැම්බර් මස 5 දා දකුණු දිග ඊශ්‍රායලයේ ඔව්ඩා ගුවන් හමුදා කඳවුරු භූමියේදී Blue Flag - 2017 නම් ගුවන් හමුදා යුද අභ්‍යාසය ආරම්භ විය.මෙම යුද අභ්‍යාසය ඊශ්‍රායල ගුවන් හමුදාව ඔවුන්ගේ ඉතිහාසය තුල සිදුකරන විශාලතම යුද අභ්‍යාසය බවයි එරට මූලාශ්‍ර සදහන් කරන්නේ.මේ සඳහා එක්සත් ජනපදය,ග්‍රීසිය,පෝලන්තය,ප්‍රංශය,ඉතාලිය,ජර්මනිය සහ තවත් නම් නොකල රටක් සහභාගී වන බව ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසයි.Blue Flag යුද අභ්‍යාසයට ඉන්දියාව මෙවර සහභාගී වන්නේ ප්‍රථමවරටයි.
ඊශ්‍රායල ආරක්ෂක අංශවලට අනුව මෙම යුද අභ්‍යාසයේ අරමුණ සහභාගී වන රටවල් අතර රාජ්‍යතාන්ත්‍රික සහයෝගීතාවය වැඩි කර ගැනීමට ඔවුන්ගේ තාක්ෂණික හැකියාවන් වැඩි දියුණු කිරීමයි.මෙහිදී එම රටවල් වෙනස් තත්ත්වයන් සඳහා පුහුණු වීමද සිදු කෙරෙන බව ඊශ්‍රායලය පවසයි.
යුද අභ්‍යාසය දින 11ක කාලයක් පැවැත්වෙන අතර දහසක් පමණ තාක්ෂණික ශිල්පීන්,අණදෙන නිලධාරීන් සහ ගුවන් නියමුවන් ඊට එක්වනු ඇත.ඒ අතරතුර සහභාගී වන රටවල් ඔවුන්ගේ සතුරා ලෙස ඊශ්‍රායල ගුවන් හමුදාවේ "රතු බලගණයට" මුහුණ දෙන්නට වේවි.
පළමු Blue Flag ගුවන් හමුදා අභ්‍යාසය පවත්වන ලද්දේ 2013 වර්ෂයේදීය.එය දෙවන වරට පැවැත්වූයේ 2015 වර්ෂයේදීය.මෙවර යුද අභ්‍යාසය සඳහා ඉන්දීය ගුවන් හමුදාව C-130J ප්‍රවාහන ගුවන් යානයක් එවා තිබේ.අනෙක් රටවල් ෆයිටර් ජෙට් යානා,ප්‍රවාහන සහ තෙල් ප්‍රවාහන යානා එවා ඇත.
යුද අභ්‍යාසය සහභාගී වන ෆයිටර් ජෙට් යානයක්
Source:southfront.org
-HarshaLulzSec-

යුද අභ්‍යාසය සහභාගී වන ෆයිටර් ජෙට් යානා
ඊශ්‍රායල ආරක්ෂක අංශවලට අනුව මෙම යුද අභ්‍යාසයේ අරමුණ සහභාගී වන රටවල් අතර රාජ්‍යතාන්ත්‍රික සහයෝගීතාවය වැඩි කර ගැනීමට ඔවුන්ගේ තාක්ෂණික හැකියාවන් වැඩි දියුණු කිරීමයි.මෙහිදී එම රටවල් වෙනස් තත්ත්වයන් සඳහා පුහුණු වීමද සිදු කෙරෙන බව ඊශ්‍රායලය පවසයි.

ඔව්ඩා ගුවන් හමුදා කඳවුර

කඳවුරු භූමියට පැමිණි C130J ප්‍රවාහන ගුවන් යානයක්
යුද අභ්‍යාසය දින 11ක කාලයක් පැවැත්වෙන අතර දහසක් පමණ තාක්ෂණික ශිල්පීන්,අණදෙන නිලධාරීන් සහ ගුවන් නියමුවන් ඊට එක්වනු ඇත.ඒ අතරතුර සහභාගී වන රටවල් ඔවුන්ගේ සතුරා ලෙස ඊශ්‍රායල ගුවන් හමුදාවේ "රතු බලගණයට" මුහුණ දෙන්නට වේවි.

යුද අභ්‍යාසයට සහභාගී වන රටවල ධඡ ගුවන් හමුදා කඳවුරු භූමියේ ඔසවා තිබෙන අයුරු
පළමු Blue Flag ගුවන් හමුදා අභ්‍යාසය පවත්වන ලද්දේ 2013 වර්ෂයේදීය.එය දෙවන වරට පැවැත්වූයේ 2015 වර්ෂයේදීය.මෙවර යුද අභ්‍යාසය සඳහා ඉන්දීය ගුවන් හමුදාව C-130J ප්‍රවාහන ගුවන් යානයක් එවා තිබේ.අනෙක් රටවල් ෆයිටර් ජෙට් යානා,ප්‍රවාහන සහ තෙල් ප්‍රවාහන යානා එවා ඇත.

ජර්මන් ගුවන් නියමුවෙක් ඊශ්‍රායල ෆයිටර් ජෙට් යානයක අසුන් ගැනීමට සැරසෙන අයුරු

ඊශ්‍රායල ගුවන් ගමනාගමන පාලකයෝ

යුද අභ්‍යාසය සහභාගී වන ෆයිටර් ජෙට් යානයක්

ඉන්දීය ගුවන් හමුදා නිලධාරියෙක් ඔවාඩ් ගුවන් හමුදා කදවුරේ අණදෙන නිලධාරියා සමග කතාබහක

තවත් ෆයිටර් ජෙට් යානයක් ගුවන් ගත වීමට සැරසෙමින්

ඊශ්‍රායල ගුවන් නියමුවන් සිය ෆයිටර් ජෙට් යානයක් හසුරවමින්
Source:southfront.org
-HarshaLulzSec-