සංගාට දේශපාලනයට ඇරයුම්

රඹටා

Member
Apr 16, 2014
1
0
0
සංගාට දේශපාලනයට ඇරයුම්

පොදු අපේක්ෂක සංගාද?
පාර්ලිමේන්තුවේ කතා අවසන්වීමෙන් පසුව ක්‍රිකට් කණ්ඩායම සමග පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මන්ත්‍රී භෝජනාගාරයට ගියහ. එය විශේෂ අවස්ථාවක් සේ සලකමින් මන්ත්‍රී භෝජනාගාරය ක්‍රීඩකයින්ට විවෘත වී තිබුණි. පක්ෂ විපක්ෂ බේද අමතක කරමින් සියලුම මන්ත්‍රීවරු ක්‍රිකට් ක්‍රීඩකයින් සමග සිට තේ පැන් සංග්‍රහයට එක්වූහ.
කථානායක චමල් රාජපක්ෂ, සභානායක ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි, සමග ගයන්ත කරුණාතිලක, අනුර කුමාර දිසානායක වැනි විපක්ෂයේ මන්ත්‍රීවරුද එක පෙළක වාඩිවී සිටියහ.
“මේ අපේ ගාල්ලේ කොල්ලෙක්නේ”මාලිංග පෙන්වමින් චන්දිම, චමල්ට කීවේය.
“ඔව් ඔව් ගාල්ල මහින්දෙ කොල්ලෙක්නේ...අපි ඔක්කොම දකුණේ අය ඉතින්”එසේ කීවේ රිච්මන්ඩ් ආදි සිසුවෙකු වූ චමල්ය.
ඒ අසලට ආ හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයාද මාලිංගට අයිතිවාසිකම් කීවේය.
“ලසිත් රත්ගම කොල්ලෙක්. අපේ ගමට (හික්කඩුව) එහා ගමේ කොල්ලෙක්නේ” හර්ෂ කියන විට අසල සිටි අයෙකු “උඹට ගමක් තියෙනවාද මචං” යැයි ඇසුවේ සියල්ලන්ම සිනා ගස්වමිනි.
සියලුදෙනාම සිනා සෙමින් සිටින විට ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා සංගක්කාර දෙසට කිට්ටු කළේය.
“දැන් ඉතින් පාර්ලිමේන්තුවට එන්න ඕන කාලය හරි”ගයන්ත සංගක්කාරට යෝජනා කළේය. සංගක්කාරගේ කනට කොඳුරමින් නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා රහසක් කීවේය. ඔහු රහසින් යෝජනා කර තිබුණේ ගයන්තගේ යෝජනාවට වඩා අපූරු යෝජනාවකි.
“ඔයා හොඳයි ඊළඟ ජනාධිපතිවරණයේ ‍පොදු අපේක්ෂකත්වයට”නලීන් බණ්ඩාර යෝජනා කළේය.
අසල සිටි ශාන්ත බණ්ඩාරට ඒ රහස ඇසෙත්ම ඔහු කලබල විය.
“මොනවද මොනවද ඔය කියන්නේ”ශාන්ත බණ්ඩාර කලබලයෙන් ඒ දෙසට පැමිණියේය.
“ඔයා බයවෙන්න එපා. ඒක අපේ කතාවක්”නලීන් බණ්ඩාර කීවේය.