සජිත් ඇතුළු 99 ක් එජාපයෙන් නෙරපයි

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,102
    5,903
    113
    canada
    මොකද මේ වෙන්නේ ?

    http://sinhala.adaderana.lk/news/137814/සජිත්-ඇතුළු-99-ක්-එජාපයෙන්-නෙරපයි


    copyright :Ada derana sinhala

    සමගි ජනබලවේගයෙන් නාමයෝජනා භාරදී තිබෙන එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් අනූනව දෙනාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට පක්ෂ නායකත්වය විසින් ගනු ලැබූ තීරණය එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය අද (29) ඒකමතිකව අනුමත කර ඇත.

    මෙලෙස පක්ෂ සාමාජිකත්වය තහනම් කළ පිරිස අතර හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පසුගිය මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වු මන්ත්‍රීවරුන් 51 දෙනෙකු වීමද විශේෂත්වයක්.

    එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් 99 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ලිඛිතව ඔවුන් වෙත දැනුම් දී තිබුණි.

    ඒ, එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ කිසිදු පූර්ව අවසරයක් ලබානොගෙන වෙනත් දේශපාලන පක්ෂයක් වන සමගි ජනබලවේගයෙන් නාමයෝජනා භාරදීමෙන් ඔවුන් පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව පෙන්වා දෙමින්.

    අදාළ සාමාජිකයින් 99 දෙනාටම මේ සම්බන්ධයෙන් නිදහසට කරුණු දැක්වීම සඳහා දින 07ක කාලයක් ද ලබාදී තිබුණත් සමගි ජන බලවේගයේ කිසිවෙකු අභියාචනා ඉදිරිපත් කර තිබුණේ නැත.

    ඒ අනුව එම 99 දෙනාගේම පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට පක්ෂ නායකත්වය ගනු ලැබූ තීරණය අද පෙරවරුවේ රැස්වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය ඒකමතිකව අනුමත කළේය.

    මෙලෙස පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබෙන පිරිස අතර හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ලක්ෂ්මන් කිරිඇල්ල, කබීර් හෂීම්, ගයන්ත කරුණාතිලක, මංගල සමරවීර, තලතා අතුකෝරළ, රංජිත් මද්දුමබණ්ඩාර, සරත් ෆොන්සේකා, බුද්ධික පතිරණ, හරීන් ප්‍රනාන්දු, අජිත් පී.පෙරේරා, නලින් බණ්ඩාර, හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, එස්.එම්.මරික්කාර්, සුජීව සේනසිංහ, මුජිබර් රහුමාන්, අජිත් මාන්නප්පෙරුම, හර්ෂණ රාජකරුණා, කාවින්ද ජයවර්ධන, රන්ජන් රාමනායක, රංජිත් අලුවිහාරේ, වසන්ත අලුවිහාරේ, රෝහිණී කවිරත්න, විජේපාල හෙට්ටිආරච්චි, බන්දුලාල් බණ්ඩාරිගොඩ, දිලිප් වෙදආරච්චි, තුෂාර ඉඳුනිල්, අශෝක් අබේසිංහ, හෙක්ටර් අප්පුහාමි, නිරෝෂන් පෙරේරා, පී.හැරිසන්, චන්දිම ගමගේ, චන්ද්‍රානි බණ්ඩාර, රවීන්ද්‍ර සමරවීර, චමින්ද විජේසිරි, හේෂා විතානගේ, මයන්ත දිසානායක, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ඒ.එච්.එම්.හලීම් යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද වේ.

    අද කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සඳහා එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් 37 දෙනෙකු සහභාගි වී තිබුණි.

    මෙහිදී අදහස් දක්වමින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබුණේ එක්සත් ජාතික පක්ෂය කිසිලෙසකින් ආණ්ඩුවට සම්බන්ධ වීමට හෝ රජය සමග එක්ව ජාතික ආණ්ඩුවක් ස්ථාපිත නොකරන බවයි.

    මේ අතර සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද පස්වරුවේ රැස්වුණේ ඇතුල්කෝට්ටේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේදීයී.

    මේ අතර ඉදිරි මහමැතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය විසින් ඉදිරි පත් කළ නාමයෝජනා පත්‍ර අහෝසි කරන ලෙස මැතිවරණ කොමිසම වෙත රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ගොනුකර ඇති පෙත්සම සලකා බැලීම ජූනි 09 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

    මෙම පෙත්සම එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ඕෂල හේරත් මහතා විසින් ගොනුකර තිබුණි.

    එක්සත් ජාතික පක්ෂයේ බෙදීම හේතුවෙන් ඔවුන් මැතිවරණය කල් දැමීමේ ක්‍රියාවලියක නිරතව සිටින බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කරයි.

    අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක එස්.බී. දිසානායක මහතා මේ බව සඳහන් කළේය
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    100482718_2663349417254590_3039852975934668800_o.jpg
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    අහ්හ් ඒක තමා එහෙනම් අර රුචිර කියන එකා පිස්සුවෙන් වගේ ඉන්නේ.. :lol:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අලුත් පක්ශයක් හැදුව නං හරි.
    මංගල රනිල් වගේ අය UNP එකේ ඉතුරු වෙනව සජිත් විජේදාස රාජපක්ශ වගේ අය අලුත් පක්ශෙ
    එතකොට jvp එකට කෙලිංම unp එකත් එක්ක එකතු වෙලා රණවිරුගාය හොඳ කරන්න පුලුවන් :yes:
     
    • Like
    Reactions: YelaWolf

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අහ්හ් ඒක තමා එහෙනම් අර රුචිර කියන එකා පිස්සුවෙන් වගේ ඉන්නේ.. :lol:
    :rofl: :rofl: :rofl: :rofl: උන් හෙන අවුලෙන් පීඩනයෙන් ඉන්නෙ, ඒක හොදටම පේනව දාන තෙර්ඩ් වලින් පුලුවන්නම් මරාගෙන මැරෙන සීන් එකේ ඉන්නෙ ,

    ඒ කාලෙ මතකනෙ සිරා මෙහෙම සීන් එකක් දායි දායි කිය කියා පො*න රුචිරල තෙර්ඩ් සීයක් විතර දාන් නටපු නැටුම්, අද කෝ මේ තෙර්ඩ් දැක්කම බල්ලො වගේ හැoගිලා.. :lol: :lol: