සංගීත් අලුත් දීගයක

sachi4

Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    සංගීත් අලුත් දීගයක

    ජනප‍්‍රිය ගායකයකු වන සංගීත් විජේසූරිය ‘සනිධප’ සංගීත කණ්ඩායමෙන් ඈත්වී අලුත් සංගීත කණ්ඩායමක් සමග වැඩ ආරම්භ කර ඇතැයි ‘ශී‍්‍ර ලංකා මිරර්’ වෙත වාර්තා වේ.
    ඔහුගේ අලුත්ම සංගීත කණ්ඩායම ‘වයෝ’ (WAYO) ලෙස නම්කර ඇතැයිද පැවසේ.
    මේ සඳහා සාමාජිකයන් 10 දෙනෙකු එක්ව සිටින අතර සංගීත්ගේ පුතුද එම කණ්ඩායමට ඩ‍්‍රම්ස් වාදනයෙන් සහය වන බව වාර්තා වේ.
    ධ්වනික (acoustic) සංගීත කණ්ඩායමක් ලෙස මෙම සංගීත කණ්ඩායම සංගීතය සැපයීමට නියමිත අතර මේ සඳහා කීබෝඩ් වාදකයන් දෙදෙනෙකු හා ඩ‍්‍රම්ස් වාදකයන් දෙදෙනෙකු ඇතුළත්ව සිටීම විශේෂ සිද්ධියකි.
    බ්ලූශැඩෝස් සංගීත කණ්ඩාමේ ‘සිරියලතා’ ගීතයත් සමඟ ගායකයෙකු ලෙස ජනපි‍්‍රයත්වයට පත් සංගීත් දශකයකට ආසන්න කාලයක් ‘සනිධප’ සංගීත කණ්ඩායමත් සමඟ එක්ව කටයුතු කළේය.
    සංගීත් ආන්දෝලනාත්මක චරිතයක් වන අතර වරක් ඔහු විජේරත්න වරකාගොඩ මහතා කලකට ඉහතදී ගායනා කළ ‘රඟහල දැන් ඇත අඩ අඳුරේ’ ගීතය නව සංගීත රටා සමඟ ගායනා කිරීම හේතුවෙන් නඩුවක ද පැටලූණි.
    සංගිත් ගායකයකුවීමට පෙර කරාටි ගුරුවරයෙකු ලෙස ද කටයුතු කර ඇතැයි වාර්තා වේ.
    සංගීත්ගේ අලුත් සංගීත කණ්ඩායමේ කළමණාකරු ලෙස ශේන් කරුණාරත්න කටයුතු කරන අතර, ඔහුව 0777779420 /0777554000 යන අංක ඔස්සේ ඇමතිය හැක.
    මේ අතර, සංගීත්ගේ අලුත් සංගීත කණ්ඩායමේ ජායාරූප ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ පළ වුවද එහි සංගීත් හැර සෙසු සාමාජිකයන් සගවා තිබිණි.
    ‘ශී‍්‍ර ලංකා මිරර්’ පළමුවරට සංගීත් සිය අලුත් දීගය ආරම්භ කරනු ලබන පිරිසගේ මුහුණු සහිත ජායාරූපයක් පහත පළකර ඇත.
    542899_336428383096622_100001883895281_843142_1057696533_n.jpg
    550463_336428419763285_100001883895281_843143_302144517_n.jpg

    48164_336428459763281_1041107333_n.jpg
    සංගීත් හා පුතු

    251797_336428516429942_100001883895281_843146_639525863_n.jpg

    539994_336428489763278_100001883895281_843145_893118970_n.jpg
    ෆේස්බුක් හි පළ වූ 'වයෝ' සංගීත කණ්ඩායමේ ජායාරූපය
    Re post nam Sorry...............