සංගීත ජාවාරම්කාරයො ජෝඩුවක්
මගෙ ගීත හොරෙන් විකුණලා – සංගීතවේදී අමරසිරි පීරිස්
ලංකාවෙ සංගීත ක්ෂේත්රයෙ කාලෙන් කාලෙට විවිධ ගායකයො මතු වුණත්, ඔබ ගත වුණු කාලය පුරාවටම අඛණ්ඩව එකම මට්ටමක රසික ප්‍රසාදය දිනා ගනිමින්, අලූත් අලූත් නිර්මාණ කරමින් පවතිනවා. ඔබේ සමකාලීන සමහර ගායකයන් රැල්ලට ගසාගෙන ගොස්, සමහරුන් වැඩ නවත්වා පැරණි දේවල් මතම යැපෙමින් සිටිද්දී ඔබ මේ තත්වය දිගටම පවත්වාගෙන යන්නෙ කොහොමද?
මම ගායන ක්ෂේත්රයට ප්‍රමාද වෙලා පැමිණි කෙනෙක්. නමුත් සංගීත ක්ෂේත්රයේ කාලයක් තිස්සෙ හිටියා. 70 දශකයෙදි, ඉතා සංවේදි නිර්මාණ බිහි වුණු යුගයෙ දි මම ගුවන් විදුලියෙ. වයලින් වාදකයෙක් වගේම එහි පසුව එහි ඉහළ තනතුරුත් දැරුවා. නමුත් ගායනයට මම ඈතින් හිටියෙ. මම දුටුවා ගායකයෙක් වෙන්න සමහරු කරන දේවල්. ඉතින් මම ගායකයෙක් වෙන්න උත්සාහ කළේ නැහැ. කොහොම වුණත් කේමදාස මාස්ටර් සමග වැඩ කරමින් මම ගායනයටත් සම්බන්ධ වුණා.
හැමෝටම එක්තරා කාල සීමාවක් තිබෙනවා. කාටත් පොදු දෙයක් ඒක. ගායකයෙකුට වුණත් වයසට ගියාම හඬ වෙනස් වෙනවා, ගයන්න අපහසුතා ඇති වෙනවා. නමුත් තමන් වැඩ කරන කාලය ඇතුලත අදාළ ක්ෂේත්රයෙන් යම් ආදර්ශයක් බාහිර ලෝකයට දෙන්න හැමෝටම යුතුකමක් තිබෙනවා. සමාජ යථාර්ථය දක්වන්න ඕන. ඒ වගේම අපි කරන නිර්මාණ කාලීන වෙනස්කම් අත් පත් කරගනිමින් යන්නත් ඕන. හැබැයි වර්තමානය කියන්නෙ 70 දශකයේ තිබුණු යුගය නොවෙයි. අපි ඒක තේරුම් ගන්න ඕන. 1977 විවෘත ආර්ථිකය හඳුන්වා දීමත් එක්ක බොහෝ දේවල් වෙනස් වුණා. ඒක ලෝක තත්වයක්. අපට ඒකෙන් පැනල යන්න බැහැ. නමුත් අපි තත්වය තේරුම් ගන්න ඕන. හැමදෙයක්ම විවෘත වුණා. තරුණයන්ට මේවා ගොඩක් ළං වුණා. අපි ඔවුන්ට දොස් කියල වැඩක් නැහැ. අපි මේ තත්වයන් අතරින් ඔවුන් සමග රැඳෙන්නෙ කොහොම ද කියන එකයි තේරුම් ගන්න ඕන. 70 දශකයෙ ආධ්‍යාත්මය දැන් තරුණයන්ගෙන් බලාපොරොත්තු වෙන්න බැහැ අපට. ඔවුන් අතරට ගිහින් ඔවුන්ට ළං වෙන්න පුළුවන් නිර්මාණ එක්කයි ඔවුන් තුල වෙනසක් ඇති කරන්න පුළුවන්. බලන්න ‘ඇපල් මල’ ගීතය අවසානයේ මම ආලප් එකක් ගායනා කරනවා. ගොඩක් තරුණයො ඒ ගැන ඒ කාලෙ මගෙන් ඇහුවා. ඊට පස්සෙ මගෙ වෙනත් සම්භාව්‍ය මට්ටමේ ගීතත් ඔවුන් විඳින්න පෙළඹුණා. මේ විදිහට පරම්පරාවන් අතර පරතරය පියවන්නට මා දැරූ උත්සාහය ඔබ ඔය කියන දිගටම රැඳී සිටීමට බලපාන්න ඇති.
කාලෙන් කාලෙට විවිධ තරුණ හඬවල් ක්ෂේත්රය තුළ මතු වෙත්දි, ඔබ ඔබේ හඬ පෞරුෂය තවමත් තාරුණ්‍යයේ හඬක් ලෙස පවත්වාගෙන යනවා. මේකට සුවිශේෂී හේතුවක් තිබෙනව ද?
මම උත්තර භාරතීය රාගධාරී සංගීතය වසර පහක් හැදෑරුවා. රජයේ සෞන්දර්ය ආයතනයෙන්. ස්වර හැසිරවීම්, ස්වර ගායනා කරන විධීන්, ඒ ස්වර වලට අදාළ කරන ගීත මේ පාඨමාලාවට ඇතුළත් වුණා. බොහෝ දේවල් ඉගෙන ගත්තා වුවත් හ`ඩ පෞර්ෂය ගොඩ නගා ගන්නා ආකාරය ඒ පාඨමාලාවට අන්තර්ගත වුණේ නැහැ. ‘කාකලි දෝෂ’ ආදී හඬෙහි අමිහිරි බව ඇතිවීම දෝෂ ගැන නම් එහි දී ඉගෙන ගත්තා. ‘ ඕම්කර්නාත් ඨකූර්’ වැනි අයගේ ගීත එහිදී හැදෑරුවා. ඒ වගේම මගේ පියා විවිධ ගීත ශ්‍රවණය කරන්න මාව පෙළඹවූවා. දකුණු ඉන්දියාවේ ගායකයන් වුණු, ‘ත්‍යාගරාජා’, ‘භගවතී’ යන අයගෙ විවිධ ගීතත් මම ඇහුවා. ඒ විතරක් නෙවෙයි, බටහිර සංගීතවේදීන්ගෙ නිර්මාණ. ‘මොසාර්ට්ගෙ, බිතෝවන්ගෙ’ වගේම ‘එන්ගල් බර්ග්’, ‘හැරි බෙලා’ වගේ අයගෙ ගීතත් ඇහුවා.
වැදගත්ම කාරණේ මේකයි, හඬ පෞර්ෂය හදා ගන්න මට හැකි වුණේ පෙරදිග සංගීතය හැදෑරීමෙන් නොනැවතී බටහිර සංගීතය පැත්තටත් යොමු වුණ නිසයි. නියම විදිහට ගොඩනැගෙන්න නම් මේ පද්ධති දෙකම හදාරන්න අවශ්‍යයි. ‘රොස්කෝ විලියම්ස්’ නැමති කලූ ඇමරිකානු ජාතික සංගීතඥයා ලංකාවට පැමිණි වෙලාවෙ මම ඔහුගෙන් බොහෝ දේවල් ඉගෙන ගත්තා.
ගීතයක් සාර්ථක වෙන්න, පද සංඝටනාව, තනු නිර්මාණය, ගායනය යන අංගයන්ගේ වැදගත්කම ඔබ දකින්නේ කොහොම ද?
පද රචනා සහ සංගීතය අතර අන්තර් සම්බන්ධය ඉතාම වැදගත්. මතක් කරන්න ඕන මේ වෙලාවෙ, ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාසයන් කිව්ව දෙයක් තමයි ‘පද පෙළට යටින් ස්වර ටිකක් ලියාගෙන ගියාට වැඩක් නැහැ’ කියන කාරණය. පද පෙළෙහි ගුණාත්මක බව වගේම සංගීතඥයට හැකියාව තියෙන්න ඕන ඊට ගැලපෙන තනුව හොයා ගැනීමේ ශක්‍යතාවය. ඒ වගේම තමයි ඒ පද පෙළෙහි තිබෙන හැඟීම ප්‍රකාශ කරන්න ගායකයාට තිබෙන හැකියාව, ඒකත් ඉතාම වැදගත්. යම් බුද්ධියක් ලැබෙන්නෙ, විදග්ධ මට්ටමේ පද පෙළකින් තමයි. නමුත් ඒක එක් වරම කළ හැකි දෙයක් නොවෙයි. සරළ බවෙන් තමයි ගැඹුරක් කරා යා යුතු වෙන්නෙ. ‘ඩෙබුසි’ කියන දාර්ශනිකයා වරක් කිව්වා, ‘කලාව ඕනවට වඩා ගැඹුරු කරන්න එපා. සරල බවෙන් ගැඹුරක් දක්වන්න කියලා.
ඔබ කටහඬ පවත්වා ගැනීම සඳහා දෛනික පුහුණුව වැනි සාම්ප්‍රදායික ක්රමවයන්ට අමතරව වෙනත් සුවිශේෂී ක්‍රම අනුගමනය කරනව ද?
හඬ පවත්වාගෙන යෑම ඉතාම වැදගත් කටයුත්තක්. උදාහරණයක් හැටියට ගීතයක් ගායනා කරනවිට අපට හැකියාව තියෙන්න ඕන, එකම උසස් තත්වයෙන් යුතුව තමා ආසන්නයේම සිටින අයෙකුට ඇසෙන්නටත්, දෙදහසක් පමණ ඉන්න ශාලාවක අවසන් පේලියේ ඉන්න කෙනාට ඇසෙන්නටත් ගැයුමේ උසස් බවේ වෙනසක් නොකර ගයන්න. මේ සඳහා නිරන්තර පුහුණුව වැදගත්. ඒ වගේම මම ‘රොස්කෝ විලියම්ස්’ගෙන් ඉගෙන ගත් දෙයක් තමයි, උදරයට කරන අභ්‍යාස. ඒක ඉතාම වැදගත් වෙනව හඬ පවත්වාගෙන යෑමේ දී.
ඔබගේ මුල් කාලීන ගීත වන, ‘ළඳුනේ’, ‘කන්‍යාවී’ වැනි ගීත එක්ක සසඳන විට මෑතකදී ගැයූ ‘ඉකිගසා හඬන’ ගීතය ඔබ දකින්නේ කොහොම ද?
කිසිම සැකයක් නැහැ අදටත් ‘ළඳුනේ’, ‘කන්‍යාවී’ වැනි ගීත තියන්නෙ බොහොම ඉහළින්. ඒ නිර්මාණ වල මට්ටම ළං වෙන්න පුළුවන් නිර්මාණ තවම බිහිවුණා කියල මම හිතන්නෙ නැහැ. ‘ඉකිගසා හඬන’ ගීතය කාලීනව ගත්තාම හොඳ තත්වයේ නිර්මාණයක්. ඒ ගැන සැකයක් නැහැ. පද පෙළ, සංගීතය, ගායනය සියල්ලටම මහත් ජනප්‍රසාදයක් ලැබෙනවා තමයි. ඒත් පෙර සඳහන් කළ ඒ ගීත ඉතාමත් ඉහළ තලයක තිබෙන ගීත. ඒවා සංගීත සංයෝජනය, පද සංඝටනාව, ගායනය කියන සියලු අංශ වලින් ඉහළම තැනක තිබෙන ගීත. මම හිතන්නෙ ඒවා ස්ථාවර පූර්වාදර්ශ.
පසුගිය කාලයේ අපේ රටේ එක පාරටම රැප් – හිපොප් රැල්ලක් මතුවෙලා නැතිවෙලා ගියා. මේ ගැන ඔබේ අදහස් මොනවා ද?
දැන් තාක්ෂණික පැත්ත ගොඩක් දියුණු වෙලා. අන්තර්ජාලය වගේ දේවල් අපේ තරුණ පරම්පරාව ඉතා සමීපව ඇසුරු කරනවා. ලෝකයේ විවිධ ආකාරයේ සංගීත ධාරාවන් ගැන දැන ගන්න හැකියාව ලැබෙනවා. රැප් – හිපොප් විතරක් නොවෙයි, විවිධ දේවල්. නමුත්, නොයෙක් සංගීත ආරයන් බිහිවෙන්න ඒ රටවල සමාජ සංස්කෘතික කාරණා පසුබිම් වුණ බව අප අමතක නොකළ යුතුයි. යම් යම් මර්ධනයන්ට එරෙහිව බිහිවුණු ප්‍රකාශන ඒ රටවල් වල තත්වයන් ගෙන් ගලවල ඒ විදිහටම මෙහෙ ස්ථාපිත කරන්න යනකොට තමයි අවුලක් වෙන්නෙ. ඒවායේ ආකෘතික කාරණා විතරක් නොවෙයි, ඒවායේ ශාස්ත්‍රීය පසුබිම වගේම සමාජ සංස්කෘතික පසුබිමත් හදාරන්න අවශ්‍ය වෙනවා. රැප් – හිපොප් විතරක් නෙවෙයි ලෝකෙ වෙනත් සංගීත ශෛලීනුත් හදාරන්න ඕන, ඒවා මේ රටේ පසුබිමට ගැලපෙන ආකාරයට සකසගන්න ඕන. ඒ මත තමයි පැවැත්මක් තිබෙන්නෙ.
තරුණ පරපුර ලංකාවේ සංගීතය ජාත්‍යන්තරයට ගෙන යන්න ඕන කියලා කියනවා. ඔබ කලු ඇමරිකානු ජාතික ‘රොස්කෝ විලියම්ස්’ ගෙන් යම් යම් හැදෑරීම් කළා.ඇත්තටම ඔබගේ අදහස අනුව ලංකාවේ ගායන ශිල්පය අන්තර්ජාතික මට්ටමට ගෙන යනවා කියන්නේ මොකක්ද?
ලංකාවෙ ගායන ශිල්පය ජාත්‍යන්තරයට ගෙන යන්න ජන ගීයෙනුත් පුළුවන්නෙ. අපි ජාත්‍යන්තරයට යන්න ඕන අපට අනන්‍ය යමක් අරගෙන නෙ. ජන ගීය වුණත් ඒ විදිහට නෙවෙයි. සංගීතවේදයට අනුව නිර්මාණශීලිවයි යොදා ගන්න ඕන. ජන ගීයක් ජාත්‍යන්තරයට ගෙන යන්න බැහැ නිකන්ම. තියෙන විදිහටම ජන ගීයක් ඉදිරිපත් කළාට ඒක නිර්මාණයක් වෙන්නෙ නැහැ. ඒක නිර්මාණයක් බවට පත් කරන්න අපේ සම්ප්‍රදායන් හදාරල වගේම වෙනත් සංගීත සම්ප්‍රදායන් හදාරල තිබෙන්න ඕන. අපේ සරල ගීයෙන් පවා හරි විදිහට පාවිච්චි කළොත් ජාත්‍යන්තර මට්ටමට ගැලපෙන නිර්මාණ කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.
ලංකාවේ කලා කර්මාන්තය ගැන දැන් වෙනදාට වඩා කතා වෙනවා. ලෝකයේ කලා කර්මාන්තය කියන්නේ රාජ්‍ය මැදිහත්වීමක් සහිත දෙයක්. ඒ කියන්නේ කලා කර්මාන්තය තියන්නේ නීතියෙන් ආරක්ෂා වන පරිසරයක් යටතේයි. නමුත් ලංකාවේ තත්ත්වය වෙනස්. උදාහරණයක් හැටියට ඔබ දැන් ශාස්ත්‍රවන්තයෙකු ලෙස ලාංකික ගීතයට හා සංගීතයට මැදිහත් වෙමින් ඉන්නවා. හැබැයි හෙට, ‘අමර ශ්‍රී පීරිස්’ වගේ නමක් තියෙන කෙනෙක් එක පාරටම මතුවෙලා ඔබගේ ගීත සියල්ල වෙනත් සංගීතයකට හරවලා විකුණලා දමන්න පුළුවන් වාතාවරණයක් ලංකාවේ තිබෙනවා. මේ ගැන මොකක්ද කියන්න තියෙන්නෙ?
ඇත්ත වශායෙන් ම මේක ඉතාම බරපතල තත්වයක්. මේකට තවමත් හරි නීතියක් නැහැ. එක් කාලයක මේ සම්බන්ධ වගකිය යුතු තැනකට පත් වුණු පුද්ගලයෙක් වැඩ කටයුතු කළේ මේ ගීත ජාවාරම්කාරයන්ට වාසි සහගත වෙන විදිහට. ඔවුන් සමග එකතු වෙලා. දැන් දුරකතන සමාගම් වල රින්ගින් ටෝන් ජාවාරම ගැන වුණත් තවමත් හරියට නීතියක් ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. මම ගායනා කරන ගීත 40ක් 50ක් මේ ජාවාරමෙන් වෙළඳාම් කරල තිබෙනවා. අපට ශත පහක් මෙයින් හම්බවෙලා නැහැ. එක්තරා සංගීත ජාවාරම්කාරයො යුගලයක් තමයි මේක සිදු කරල තියන්නෙ. ඉතින් මේ අකටයුතු වලට එරෙහි පැහැදිලි වැඩ පිළිවෙලක් අවශ්‍යයි. තිබෙන නීති රීති පවා හරියට ක්‍රියාත්මක වීමත් අවශ්‍යයි.
ලංකාවේ ගීත පටිගත කිරීම් මර්වින් බෙන්ස්, ඩෙනිස් රුද්‍රිගු, දයානන්ද පෙරේරා වැනි දැවන්තයන් යටතේ තිබුණු කාලයක් තිබුණා. ඒත් අද පරිගණක සහිත කුඩා ස්ථානවලට පරිවර්තනය වෙලා තිබෙනවා. මේ ගැන අදහස් දැන ගන්න කැමැතියි.
ඒක ඇත්ත. මේ තාක්ෂණික දියුණුව ඉතා හොඳයි. ඒක අපි නිර්මාණයක සාර්ථකත්වය වෙනුවෙන් යොදා ගැනීමේ කිසිදු වරදක් නැහැ. වැරදි වෙන්නෙ අපි තාක්ෂණය පාවිච්චි කරන විදිහෙන්. කොහොම වුණත් කලින් අපි වැඩ කළේ ‘ඇනලොග්’ තාක්ෂණයත් එක්ක. මම ඇත්තටම තදින්ම විශ්වාස කරන දෙයක් තමයි මේ පෙරදිග අපේ ශෛලියට ගැලපෙනම ක්‍රමය ‘මොනෝ’ තාක්ෂණය කියල. එහි හඬ ඉතාමත්ම සජීවීයි. ඔබට යම් සිදුවීමක් මම කියන්නම්. මේ මෑත දිනයක දි යම් කටයුත්තකට මම ගුවන් විදුලියට ගියා. එහිදී මට ඇහුණා, සී.ටී. ප්‍රනාන්දු මහත්මයාගේ ‘අම්බිලි මාමේ’ ගීතය වාදනය වෙනවා. ගුවන් විදුලියේ තිබෙන මුල්ම පිටපතේ අනුපිටපතක් තමයි එතනදි වාදනය වුණේ. ඇත්තටම මම විශ්මයට පත් වුණා. හරියටම ඒ ගැයුම එවෙලෙ එතන සිදුවෙන්නක් තරමට සජීවීයි. මේ ගීත එදා ‘මොනෝ’ තාක්ෂණයෙන් පටිගත වුණු ගීත.
ලංකාවේ ඔබ අගය කරන සංගීතඥයන් කවුද?
ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාස.
කාරණා කිහිපයක්ම තියෙනවා, ඔහු මගේ කැමැතිම සංගීතඥයා වෙන්න. ඔහු තුළ සංගීත විෂය සම්බන්ධයෙන් තිබුණ පෘථුල දැනුම. ඒ වගේම සම්ප්‍රදායන් අතික්‍රමණය කරන්න ඔහුගේ තිබුණ හැකියාව. ලාංකීය චිත්‍රපට සංගීතය වෙනස් කිරීම. ඒ වගේම ඔහුගෙ කෙලින් වැඩ කිරීමේ හැකියාව සහ පෞර්ෂය. මේ සියලු කාරණා නිසා ඔහු මගේ කැමැතිම සංගීතඥයා.
ඔබ ළඟදී නව ගීත එකතුවක් එළි දක්වන්න සූදානමක් තිබෙනව ද?
මේ දවස්වල මම හිතන්නෙ, ලංකාවෙ ගීත රචනා වැඩිපුරම ලැබෙන ගායකයා මම වෙන්න ඕන. වෛද්‍යවරු, ඉංජිනේරුවො වගේ වෙනත් ක්ෂේත්රවල අය පවා මට ගීත රචනා ලබා දෙනවා. මම අවසන් වරට නිකුත් කරපු ගීත එකතුව ‘ගඟ ගලා යාදෙන්’. මේ වන විට තවත් සී. ඞී තැටි දෙක තුනකට ගීත මා ළඟ තිබෙනවා. මේ දිනවල බොහෝ ගීත අතරින් හොඳම මට්ටමේ ගීත තෝරා ගනිමින් ඉන්නෙ. මේ වසරේ නව ගීත එකතුවක් එළි දක්වනවා.
සඳුන් ප්‍රියංකර විතානගේ