හිටපු සංඝනායකට ගිනි අවි විකුණලා
ගාලූ දිසාවේ හිටපු ප‍්‍රධාන සංඝනායක ඉඳුරුව බණ්ඩාරිගොඩ සුනන්දාරාමාධිපති මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමි ගිනි අවියක් මිලට ගත් බවට ගාල්ල බන්ධනාගාරයේ සැකකරුවකුගෙන් ගත් සාක්කි ඇතුළත් වාර්තාවක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අද බලපිටිය මහේස්ත‍්‍රාත් අසංග බෝදරගම මහතාට ඉදිරිපත් කළෝය.
ගිනි අවි ලඟ තබා ගැනීම, අපරාධකරුවනට නවාතැන් දීම, අසැබි සංයුත්ත තැටි ලඟ තබා ගැනීම සම්බන්ධයෙන් සුමිත්ත හිමි සහ සැකකරුවන් අට දෙනෙක් රිමාන්ඞ් කර සිටිති.
සුමිත්ත හිමි වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නාරද මෙන්ඩිස් මහතා කීවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ස්වාධීන සාක්කි හා ගිනි අවි ඉදිරිපත් කර නැති බවයි. සැකකරුවන් ලබන 7 වැනිදා තෙක් රිමාන්ඞ් කෙරිණි.
උසාවිය කල් තැබූ පසු බන්ධනාගාර රියට යන ගමන් සුමිත්ත හිමි ප‍්‍රථම වරට වාර්තාකරුවන් සමග කතා කෙළේය.
එක් වාර්තාකරුවකු හැර සෙසු අයගේ වාර්තා හොඳ බව ඒ හිමි ඔවුනට කීවේය.
-Lankadeepa_
Buddagameth awasana kalaya awilla wage tiyenne