කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රටපුරා පනවා ඇති සංචරණ සීමා තවත් සතියකින් දීර්ඝ කරන්නැයි සෞඛ්‍ය අංශ රජයට යෝජනා කර ඇතැයි වාර්තා වේ .
එසේ නොවුණහොත්, සංචාරණ සීමා පනවමින් දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග වල නිසි ප්‍රතිඵල නොලැබෙනු ඇතැයි ද ඔවුන් පෙන්වා දී ඇති බව සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සදහන් කරයි.
කොරෝනා රෝගීන් 3000ක් ඉක්මවා දෛනිකව වාර්තා වීම බරපතළ තත්ත්වයක් බවත් ,එහි යම් පාලනයක් සදහා සංචරණ සීමා නිසි පරිදි ක්‍රියාත්මක විය යුතු බවත් ,සෞඛ්‍ය අංශ රජයට පෙන්වා දී ඇත.
මේ අතර ,ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ද මෙම l කරමින් පිටු තුනකින් යුත් ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉකුත් දෙවෙනි දා යවා ඇතැයි ද දැනගන්නට ඇත’
කොරෝනා ශීඝ්‍ර ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රජය විසින් ඉකුත් විසි එක් වෙනිදා රටපුරා සංචරණ සීමා පනවනු ලැබූ අතර ,එය විසිපස් වැනිදා ඉවත්කර එදිනම යළි පනවනු ලැබීය.
සංචරණ සීමා හෙට (07)දිනයේ ඉවත් කිරීමට රජය මුලින් තීරණය කර තිබුණ ද එය ලබන සදුදා (14) දක්වා දීර්ඝ කිරීමට පසුව තීරණය කළේය.
එහෙත් එය ලබන විසි එක් වැනි දා දක්වා දීර්ඝ කරන්නැයි සෞඛ්‍ය අංශ යෝජනා කර ඇති බව දැනගන්නට ඇත .
Source : https://www.lankadeepa.lk/
කොවිඩ් රෝගීන් හමුවීම දෛනිකව වැඩිවීම හේතුවෙන් රෝගය පාලනය කිරීම සඳහා සංචරණ සීමා තවත් සතියක් දක්වා දීර්ඝ කරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දැනුම් දී තිබේ. සංචරණ සීමා පැනවීම තුළින් යම්තාක් දුරට රෝගය පාලනය වී ඇති බවත්, දැනට පවතින තත්ත්වය තුළ රට විවෘත කළහොත් දැඩි අවදානමක් මතුවිය හැකි බව එම සංගමය ජනාධිපතිවරයාට යොමු කළ ලිපියේ සඳහන් වෙයි. එසේ වුවහොත් සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීමේ තර්ජනයක් පවතින බව සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න ප්‍රකාශ කරයි. එම නිසා පනවා ඇති සංචරණ සීමා තවත් සතියකින්වත් දීර්ඝ කරන ලෙස සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.
රට විවෘත කළහොත් දැඩි අවදානමක් මතුවිය හැකි බව එම සංගමය ජනාධිපතිවරයාට යොමු කළ ලිපියේ සඳහන් වෙයි. එසේ වුවහොත් සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීමේ තර්ජනයක් පවතින බව සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න ප්‍රකාශ කරයි. එම නිසා පනවා ඇති සංචරණ සීමා තවත් සතියකින්වත් දීර්ඝ කරන ලෙස සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.
දැනට පනවා ඇති සංචරණ සීමා ලබන (14 වැනිදා) සඳුදා අවසන් වීමට නියමිතය. සංචරණ සීමා පසුගිය මස 21 වැනි දින පනවනු ලැබුණි. කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශයද පසුගිය මාසයේ ප්‍රකාශ කළේ රෝගය පාලනය කිරීම සඳහා මාසයක කාලයක් රට වසා දැමීමට හෝ සංචරණ සීමා පැනවිය යුතු බවයි.
කෙසේ වෙතත් පවතින තත්ත්වය පරීක්ෂණය කර ලබන සිකුරාදා (11 වැනිදා) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් තිබෙන කොවිඩ් කාර්ය සාධක බළකා රැස්වීමේදී අවසන් තීරණයක් ගන්නා බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.
Source : https://lankacnews.com/සෞඛ්‍ය-පද්දතියට-දරන්න-බෑ/
------ Post added on Jun 6, 2021 at 11:47 AM