සංචරණ සිමා තවත් සතියක් දීර්ඝ කරන්නැයි යෝජනා

Bad_horse

Well-known member
  • Apr 23, 2021
    717
    2,069
    93
    33
    සංචරණ සීමා දානකොට ආයෙ රට අරින්න කියලා හිතන් හිටියේ pcr count එක daily 1000ට බැස්සොත් කියලා. දැන් ඒ target එක 14 වෙනිදා වෙද්දි achive කරන්න බැරි තත්ත්වයක් පේන හන්දා ඕනෙ එකක් කියලා 14 රට අරින තත්ත්වයක ආණ්ඩුව නම් ඉන්නෙ. මේ සති දෙකේ මිනිස්සු මිශ්‍ර වෙච්ච එක අඩු වුනාට ගිය අවුරුද්දේ වගේ සම්පූර්ණ ලොක්ඩවුන් එකක් නෙවෙයිනේ. Business ගොඩකට පාඩු නොලැබෙන විදියට දාපු සීමාවක්නේ. ඒක නිසා කලින් තරම් effect එකක් ආවෙ නෑ.
     
    • Like
    Reactions: Upekairon

    Upekairon

    Junior member
  • Jul 17, 2012
    96
    77
    18
    සංචරණ සීමා දානකොට ආයෙ රට අරින්න කියලා හිතන් හිටියේ pcr count එක daily 1000ට බැස්සොත් කියලා. දැන් ඒ target එක 14 වෙනිදා වෙද්දි achive කරන්න බැරි තත්ත්වයක් පේන හන්දා ඕනෙ එකක් කියලා 14 රට අරින තත්ත්වයක ආණ්ඩුව නම් ඉන්නෙ. මේ සති දෙකේ මිනිස්සු මිශ්‍ර වෙච්ච එක අඩු වුනාට ගිය අවුරුද්දේ වගේ සම්පූර්ණ ලොක්ඩවුන් එකක් නෙවෙයිනේ. Business ගොඩකට පාඩු නොලැබෙන විදියට දාපු සීමාවක්නේ. ඒක නිසා කලින් තරම් effect එකක් ආවෙ නෑ.
    14 අරිවිද ඒ කියන්නේ ?
     

    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    මේ අවුරුද්දම වහලා තිබ්බත් වැඩක් නෑ මේ විදියට නමට සන්චරන සීමා දාගෙන.මේ තනිකර බොරු වැඩක් .දැන් මේ එලියට යන්නේ (අත්‍යවශ්‍ය සේවා කියලා) ලෙඩේ නැති අයමයි කියලා ශුවර්ද...
     

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,172
    880
    113
    ----- Hill City ----
    ජුලි වෙනකන් රට වැහුවත් අයෙත් සතියකින් මිනිස්සු එහෙ මෙහෙ ගිහින් ලෙඩේ බෝකරගන්නවා.

    අත්‍යවශ්‍ය සේවා කියල මිනිස්සු මේ යනවිදිහට pcr positive cases 1000 ට අඩුවෙන් නම් 21 වෙනකොට හම්බවෙයි කියල විශ්වාස කරන්න අමාරුයි. ඊට පස්සේ ඩොකාලා අයේ කියයි තව සතියක් දික් කරන්න කියල මෙ විදිහටම

    දැන් මාසෙකින් විතර හරියට කන්න බොන්න ලග පාතකට හරි ඇවිදින්න මිනිස්සුන්ට හම්බවුනේ නැහැනේ . ඒගොල්ලොන්ගේ මානසික පීඩනය ගැනත් හිතන්න ඕන. එක අස්සේ ප්‍රසිද්ද චරිත පිස්සුනටන්ව එළිපිට ...

    අඩුම private vehicle වලටවත් මිනිස්සු අඩු වෙලවක් බලලා ආයතනවලට ගිහින් වැඩ ටික කරගන්න තිබ්බ නම් . (via online appointment? 24/7 open?)

    Progress එකක් තියෙනවනම් මිනිස්සු හිත හදාගෙන ඉවසගෙන ඉඳියි .මෙතන එහෙමත් නැහැනේ

    අනේ මන්දා මේකට optimum solution එකක් නැහැ ඉතින් . :no: :no::sorry::sorry:
     

    Upekairon

    Junior member
  • Jul 17, 2012
    96
    77
    18
    පවතින සංචාරණ සීමා තවදුරටත් දීර්ඝ කරන්නේද නැද්ද යන්න පිළිබඳව විවිධ නිර්දේශ පැමිණ ඇති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ ය.

    නමුත් ඒ ගැන මෙතෙක් තීරණයක් ගෙන නැතැයි ද ඔහු පැවසීය.

    දිනකට කොරෝනා ආසාදිතයන් තුන්දාහකට ආසන්න ප්‍රමාණයක් තවදුරටත් වාර්තා වීම සැලකිය යුතු තත්ත්වයක් බවත් පවසන ඒ මහතා ජනතාවගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් අදාළ තීන්දු නිසි වෙලාවට ගනු ඇති බවද කියා සිටියේය.

    කෙසේ වෙතත් නැවත කවදා හෝ රට විවෘත කරන තෙක් ජනතාව නිවෙස්වලට වී සෞඛ්‍ය ආරක්ෂිතව සිටීම වසංගතය පාලනයට ඉතා වැදගත් බවද ඔහු පැවසීය.

    එළැඹෙන 21 වෙනිදා දක්වා සංචරන සීමා දීර්ඝ කරන බවට සති අන්ත පුවත්පත් විසින් කර තිබූ වාර්තාව ගැන විමසීමේ දී හමුදාපතිවරයා මේ බව කියා සිටියේය.

    Source: https://lankacnews.com/කවදා-හෝ-රට-විවෘත-කරන-තෙක්-ග/
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,735
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කෙසේ වෙතත් නැවත කවදා හෝ රට විවෘත කරන තෙක් ජනතාව නිවෙස්වලට වී සෞඛ්‍ය ආරක්ෂිතව සිටීම වසංගතය පාලනයට ඉතා වැදගත් බවද ඔහු පැවසීය.

    giphy.webp
     
    • Haha
    Reactions: malrulz

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    717
    2,069
    93
    33
    14 අරිවිද ඒ කියන්නේ ?
    ගොඩක් වෙලාවට ඉඩකඩ තියෙන්නෙ ඒකට. ඒත් counts වැඩිවෙන තත්ත්වයක් ආවොත් හෝ අමාරු රෝගීන් ප්‍රමාණය රෝහල් වල වැඩිවේ ගෙන ආවොත් දික් වෙයි
     
    • Like
    Reactions: Upekairon

    rajitha_5j

    Well-known member
  • Nov 1, 2009
    1,121
    741
    113
    gampaha
    Ape allapu gedara nangi redi kadeka wadakale eeki pereda eeken ain wela garment ekaka wadata gihin. Mata peene garments covid positive ewun gedara nawathala aluthin ewun gannawa wage. Garments tika wahuwe nathnan lankawata baduma thamy.
     

    Upekairon

    Junior member
  • Jul 17, 2012
    96
    77
    18
    රී ලංකාව තුළ පාලනය කරගත නොහැකි තරමේ කොරෝනා ආසාදිතයන් භාවිතා වීම හේතුවෙන් පසුගිය 25 වන දා සිට ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම අගුළු දමා තිබුණ ද එය නමට පමණක් සීමා වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

    මෙසේ සංචාර සීමා පැන වූ අරමුණ කුමක්දැයි බලධාරීන්ටත් මහජනතාවටත් සියලු දෙනාටම අමතක වූ ආකාරයක් පෙනෙන්නට ඇතැයි ද සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටී.

    සංචරණ සීමා ක්‍රියාත්මක වන්නේ නමට පමණක් යැයිද පවසන ඔහු අද වෙද්දී ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල ව්‍යාපාරික ස්ථාන විවෘතව ඇති බවත් බොහෝ පිරිස් මහමග ගමන් කරමින් සිටින බවත් පැවසීය.

    ‘අත්‍යවශ්‍ය සේවා’ යන ලේබලයට මුවා වී කිසිසේත්ම අත්‍යවශ්‍ය නොවන ආයතන විශාල ප්‍රමාණයක් සියළු සේවකයන් කැදවා සාමාන්‍ය පරිදි වැඩ කටයුතු කරමින් සිටින බවද ඔහු පෙන්වා දෙයි.

    මෙම තත්වය යටතේ කොරෝනා වෛරසය පාලනය කිරීමේ අරමුණට කිසිසේත්ම යා නොහැකි බව ද පවතින තත්වය යටතේ එළැඹෙන සතියේ අග වෙද්දි රෝගීන්ගේ අඩු වීමක් බලාපොරොත්තු විය නොහැකි බවද ඔහු කියා සිටී.

    මේ තත්ත්ව යටතේ දැන් සිදු කළ යුතුව ඇත්තේ නිරෝධායන ඇදිරි නීතිය පනවා ගමන් බිමන් සම්පූර්ණයෙන්ම සීමා කිරීම බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

    මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

    Source: https://lankacnews.com/වහාම-ඇදිරි-නීතිය-පනවන්නැ/

     

    Similar threads