සංචරණ සීමා පැනවීමෙන් පසු බස්නාහිර පළාතෙන් ගිය අය නිරෝධායනයට

samsri

Well-known member
  • May 15, 2018
    3,173
    2,411
    113
    Mokakda machan me kiyanne mama red color highlight karala tyenne ?

    සංචරණ සීමා පැනවීමෙන් පසුව බස්නාහිර පළාතේ සිට වෙනත් ප්‍රදේශවලට ගොස් සිටින පුද්ගලයින් ස්වයං නිරෝධායනයට ලක්කිරීමට තිරණය කර තිබේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ, දිවයිනේ සෑම පොලිස් ස්ථානයකටම ඒ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බවය.

    එලෙස යම් පුද්ගලයෙක් බස්නාහිර පළාතේ සිට වෙනත් පළාතකට ගොස් සිටින්නේනම් ඔවුන් සෞඛ්‍ය බලධාරීන් සමග මැදිහත් වී ස්වයං නිරෝධායනයට ලක්කිරීමට පියවර ගන්නා බව අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

    බස්නාහිර පළාතෙන් පිටවීම ඊයේ රාත්‍රී සිට ඉරිදා මධ්‍යම රාත්‍රී දක්වා තහනම් කිරීමට රජය පියවර ගනු ලැබීය.

    ඒ අනුව අත්‍යාවශ්‍ය සේවා සිදුකරන පුද්ගලයෙකුට හැර වෙනත් කිසිදු පුද්ගලයෙකුට බස්නාහිර පළාතේ සිට වෙනත් පළාතකට ගමන් කිරීමට නොහැකි අතර වෙනත් පළාතක සිට බස්නාහිර පළාතට පැමිණීමේ බාධාවක් නොමැති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

    “යම්කිසි කෙනෙක් මේ සීමාවන්ට අවනත නොවී කොහේ හරි හොර පාරකින් ගියෝත් ප්‍රාදේශීය පොලිස් ස්ථානවලට උපදෙස් දීලා තියෙනවා ඉස්සෙල්ලා වගේම ඒ අය කොහොට ද එන්නේ බලන්න. සමහර විට නවාතැන්පොළකට වෙන්න පුළුවන් නිවසකට වෙන්න පුළුවන් විශ්‍රාම ශාලාවකට වෙන්න පුළුවන් වතු නිවාසයකට වෙන්න පුළුවන් ඒවා ගැන හොයලා බලන්න කියලා ප්‍රාදේශීය පොලිස් ස්ථාන මගින්. අපි ඊයේ රාත්‍රීයේ මේ බව නිවේදනය කරේ. ඒ අතර යන අයට සහන කාලයක් දෙන්න ඕනේ. නමුත් අනිවාර්යයෙන්ම යම්කිසි කෙනෙක් අද උදේ 5 විතර ඉදලා කොහේහරි ලංකාවේ ප්‍රදේශයකට ඇවිල්ලා තියෙනවා නම් ඒ අය එම ස්ථානවලම නිරෝධායනයට ලක්කරන්න වෙනවා. සෞඛ්‍ය අංශවල සහයෝගය මත. ඒ වගේම ඒ දවස් 14 න් පස්සේ ඒ අයට එරෙහිව අපිට කටයුතු කරන්න වෙනවා. එයාලා බස්නාහිර පළාතේ ඉදලා ගිහින් කියලා තහවුරු වුණොත් මේ ක්‍රියාවලියට අනිවාර්යයෙන්ම අනුගත කරන්න වෙනවා. ඒ නිසා කිසිම කෙනෙක් බස්නාහිර පළාතෙන් පිට වෙලා යන්න එපා. අපි අධිවේගී මාර්ග ඇතුළුව සියලූම පිටවුම් දොරටුවල නිලධාරීන් යොදවලා තියෙනවා. ඒ වගේම පොදු ප්‍රවාහන සේවා බස්නාහිර පළාතෙන් පිටතට ධාවනය වෙන්නේ නෑ බස්නාහිර පළාත ඇතුළත වෙනවා. මේ දවස් 4 රැඳී සිටින්න.“



    adaderana
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    මේ කියන්නෙ කාට හරි ඕනෙ නන් පිට පලාතක ඉදලා බස්නාහිර පලාතට එන්න පුලුවන් ඕනෙම වෙලාවක. පුද්ගලික වාහනයක හෝ අද වෙනකන් කොච්චියෙ. කොලබට එන කොච්චි අද වෙනකන් එනවා. බස් වැඩ නෑ.

    හැබැයි බස්නාහිර ඉන්න අයට හෝ, අද හෝ ඉදිරි දිනවල උඩ ඉහත සදහන් කර ඇති ආකාරයට කොලබට එන අයට, ඊලග ඉරිදා රෑ 12 වෙනකන් ආයෙ බස්නාහිරෙන් එලියට යන්න බෑ.

    සරලව කියනව නන්, උබ බෝඩිමක ඉන්නව නන්, කන්න නැතනන් නුවර උන්න උබල්ගෙ අම්ම බත් උයාගන්න ගෙන්න ගන්න පුලුවන්. හැබයි අම්ම ආවොත් ඉරිද රෑ 12 වෙනකන් ආයෙ නුවර යන්න බෑ,

    තෙර්‍රෙන්න ඇති.ඒත් නැත්තනන් වසක් විසක් කාලා කැලේ පැනපියව්. උබල මේ ලෝකෙට බරක් :baffled:
     
    Last edited: