සංචාරකයන් අතගාගන්න අපේ මිනිස්සු

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
සංචාරකයන් අතගාගන්න අපේ මිනිස්සු

dfhdh.jpg


h.jpg


මිනිස්සු ‘‘අන්දවන’’ එක අපේ උන්දැළට මහ ‘‘කජ්ජක්’’ නොවෙයි. මේ කතාවට ඇතැම්විට ඔබත් එකඟ ඇති. අන්දන්නේ මොනවද? අඳින්නේ කවුද යන කාරණයට ප‍්‍රවිෂ්ඨයක් පිටකොටුවෙන් ගනිමු.

පිටකොටුවේ ඇවිද යන විට ඇෙඟ් ගසමින් ‘‘බඩු’’ විකුණන පදික වෙළෙඳුන් බොහෝ හමුවේ. සුවඳ විළවුන්, යට ඇඳුම්, ඉන පටි ආදී බොහෝ දෑ ඔවුහු පදිකයන්ට විකුණති. පදිකයෙක් මේ වෙළෙන්දකු දෙස වරක් බැලූවේනම් එයම ප‍්‍රමාණවත් වේ. පදිකයා බසයට ගොඩවන තුරුම ගන්නට බලකරමින් මීටර හාර පන්සීයක් වුව කෙඳිරි ගාමින් පැමිණෙයි.

මගියා අදාළ දෙය නොගත්තොත් බලහත්කාරකමෙන් ඇගේ ගැසීම හෝ හොඳවයින් දෙකක් කියා ආපසු හැරීම සමහර පදික වෙළෙඳුන්ගේ සිරිතය. ‘‘සීයයි සීයයි’’ කියා විකුණන කෑලි කීපයක් ඇති සමහර දේ ගන්නට රුපියල් සීයක් දෙනවිට, මොවුන් කියන්නේ ‘‘කෑලි තුනම ගන්න ඕනෑ එකක් සීයයි. තුනම තුන්සීයයි’’ වැනි කතාවකි.

කෙසේ හෝ මේ කෑලි තුන මඟියා අත තබන්නට මේ වෙළෙන්දෝ දක්ෂය. මෙය ව්‍යාපාරයක්ද? එසේත් නැත්නම් චණ්ඩිකමක්ද? මාෆියාවක්ද? යන බරපතළ ගැටලූවක් අපට තිබේ.

ලංකාවේ ප‍්‍රධාන නගර හා පූජාභූමි රැසක දේශීය සංචාරකයෝ අසරණ භාවයට පත්වන හැටි අප දැක තිබේ.
ගන්නේ නැත්නම් බලහත්කාරකම් කිරීම, බැණවැදීම ඇතැම් පදික වෙළඳුන්ගේ සිරිතයි.

දේශීය සංචාරකයන් පැත්තක තබා ලංකාවේ සිරි නරඹන්නට එන විදේශීය සංචාරකයන්ට මේ අභාග්‍යවත් ඉරණම අයිති වන බව අපට ආරංචි විය. එය සෙවීමේ අරමුණින් අපි ස්ථාන ගණනාවක සැරි සැරීමු.

ලංකාවේ වැදගත් සංචාරක මධ්‍යස්ථාන බොහොමයකි. සීගිරිය, දඹුල්ල, පොළොන්නරුව, උණවටුන, අරුගම්බේ ආදී කොටගත් ස්ථාන රාශියක සංචාරක ආකර්ෂණය පැතිර ගොස් තිබේ.

dhdh.jpg

මේ ස්ථානවලට යන්නට දේශීය සංචාරකයන්ට මුදලක් අය නොකෙරේ. නමුත් විදේශිකයකුගෙන් රුපියල් 1000, 1500, 2000 ආදී වශයෙන් මිලක් අය කෙරේ. මේ සමහරක් බෞද්ධ පූජනීය තැන්ය. තවත් ඒවා ඓතිහාසික ස්ථාන වේ. සමහරක්වා මනරම් වෙරළ තීර, වනාන්තර, පරිසර පද්ධති වේ. සංචාරක ආකර්ෂණය ඇති නිසා මේ සියලූ තැන්හි විශේෂ පොලිස් ආරක්ෂාව ක‍්‍රියාත්මක බවද අමුතුවෙන් කිවයුතු නැත.

සංචාරකයන්ට ඇතිවන අපහසුතා සොයාබැලීමේ වගකීමක් අදාළ පොලිස් නිලධාරීන්ටද ඇත. විදෙස් සංචාරකයන් ලංකාවට පැමිණෙන්නේ නිදහසේ විවේකය ගතකොට ආපසු යාම සඳහාය. ඊට විශාල විදෙස් විනිමයක් ඔවුන් දේශීය ආර්ථිකයට එකතු කරති. සීගිරිය, දඹුල්ල, පොළොන්නරුව ආදී ස්ථානවල දියුණුවට දිනකට විදේශිකයන්ගෙන් ලැබෙන විනිමය සුළුපටු නැත. දිනකට දහස් ගාණක් සංචාරකයෝ මෙකී ස්ථාන වල ගැවසෙති. එක් සංචාරකයකුගෙන් රුපියල් 1500ක් නම් සංචාරකයන් දහසක් ගිය විට දිනක ආදායම ලක්ෂ 15කි. නමුත් සමහර දිනවල සංචාරකයෝ දෙදහස තුන්දහස මේ ස්ථාන නරඹති. ජාතික ආර්ථිකයට, රටට ලැබෙන මෙකී විනිමය වෙනුවෙන් සංචාරකයන්ට ලැබෙන පහසුව සෑහීමකට පත්විය හැකිද?

මේ ලියන කතාව ඇතැමුන්ට තිත්ත වෙන්නට පුළුවන. තිත්ත වුණත් ඇත්ත ලිවීම අපේ යුතුකමකි. විදේශිකයන් නිතර ගැවසෙන ස්ථාන ගණනක් අපි නිරීක්ෂණය කළෙමු. ඒ කිසිම තැනෙක සංචාරකයන්ට නිදහසේ අදාළ තැනට යන්නට වාසනාව නැත. රුපියල් 1500ක් හෝ 2000 ක් දී ටිකට් පතක් ගෙන ඇතුළු වූ තැන සිට සංචාරක වෙළෙඳුන්ගේ ග‍්‍රහණයට ඔවුන් හසුවේ.

jd.jpg

සර්... සර්...
මැඩම්... මැඩම්...

යැයි කියාගෙන සංචාරක වෙළෙඳුන් එක එක සංචාරකයා ළඟ දැවටේ. ඔවුන් අත එක්කෝ ටී ෂර්ට් ගොන්නකි. නැත්නම් මාල, වළලූ ආදී ආභරණ ගොන්නකි. දේශීය කැටයම් සහිත අලිපැටවු, ජුවලරි බොක්ස් (ආභරණ පෙට්ටි) කීපයකි. සමහර තැන්හි ‘‘ඇන්ටික්’’ බඩු (පරණ බඩු) ගොඩකි. තවත් අය ලාංකීය කාසි විකුණති. ලංකාවේ සංචාරක ස්ථාන ඡුයාරූප විකුණති. ඒ අතරේ බැලූ බැල්මට රෝස තිරුවාන, කොළ තිරුවාණ ආදී ගල්ද විකුණති.
විශාල කන්දක් තරණය කිරීමට ඇත්නම් එහි පහළ සිට විදේශිකයන්ට මේ කරදරය ආරම්භ වේ. සීගිරිය නැග ආපසු බසින තුරුම ඇතැම් සංචාරක වෙළෙන්දෝ විදේශිකයන්ට නාහෙන් අඬමින් තමන්ගේ උපකරණ විකුණගන්නට අර අදිති.

‘‘හවු මච්...?’’ යැයි විමසූ විට ඉහළම මිලෙන් භාණ්ඩය මුදුන තබති... සාමාන්‍ය ඇට මාලයක් ඔවුන් විදේශිකයන්ට දෙදහසකට තුන් දහසකට, මිල නියම කරති. විදේශිකයන් හිස සලා එපා කියන විට එහි ගුණාත්මක භාවය කියන්නට නොයෙක් වචන පෙරළති.

එහි අපූරු දසුනක් මම බලා සිටිමි. එය කිසියම් අඟකින් කළ මාලයක් වැන්න. මම මේ සංචාරක වෙළෙන්දකුගෙන් ගාණ කීයදැයි ඇසීමි.
‘‘අපේ අයට රුපියල් එකසිය පනහයි... මේක අඟක්.’’ ඔහු ලයිටරයක් සාක්කුවෙන් ගෙන අඟ පුච්චා පෙන්වයි. ‘ප්ලාස්ටික් නම් උණුවෙනවනෙ මේ බලන්න..’ ඔහු මා රවටන්න උත්සාහ කරයි. ප‍්‍රශ්නය එය නොවේ. මට රුපියල් එකසිය පනහට දෙන්නට හදන මේ මාලයෙන් ඔහුට භාගයක හෝ ලාභයක් තිබිය යුතුය. එසේ නම් මාලයේ නියම මිල රුපියල් 75කි.

‘‘ටුවරිස්ලට මේ මාලෙ කීයටද විකුණන්නෙ..?’’

‘‘එක්දාස් පන්සීයට දෙදාහට විතර.’’ ඒ සඳහා ඔහුට ස්ථාවර ගාණක් නැත. සංචාරකයකු අල්ලා ගත් පසු ඔහු සමඟම කන්ද තරණය අරඹන මේ වෙළෙන්දා මාලයේ මිල රුපියල් 2000න් පටන් ගනී. කරදරයක් නිසා ඇතැම් සංචාරකයෝ එම මුදල දී මාලය ගනිති. එය තමන්ගේ පරිහරණයට නොව කරදරය වැඩි කමටය. සමහර සංචාරකයෝ, වෙළෙන්දන්ගේ කරදරය සමඟ උඩට නැඟ ආපසු වෙළෙන්දන් සමඟම ආපසු බසිති. මුලින් රුපියල් 2000ට මිල නියම වූ මාලය අවසානයේ රුපියල් දෙසීයට හෝ තල්ලූ කිරීම මොවුන්ගේ සිරිත වේ. ඒ අතරේ මෙවැනි වෙළෙන්දෝ පිස්සුවෙන් මෙන් විදේශිකයන් වට කරමින් දැල එලති.

ජුවලරි බොක්ස්, අලි පැටවු, රුපියල් තුන් හාර දහසට සංචාරකයන්ගේ ඇෙඟ් ගසති. මේවා ඔවුන් අතට ලැබෙන්නේ රුපියල් 500,700 වැනි මිල ගණන් වලටය.

fg.jpg

කළුවර ආදී වටිනා ශාඛවල නම් කියමින් විකුණන කිසිම බඩුවක ප‍්‍රමිතියක් නැත. වගකීමක් නැත. අපි පිටකොටුවෙන් යමක් රැගෙන ගෙදර එන විටම සමහර දේ කැඞී බිඳී ගොස්ය. එය මාරු කරන්නට යන විට අදාළ දෙය විකුණු පුද්ගලයා සිටි තැනක් හෝ සොයා ගන්නට නොහැකිය. අපේ මිනිසුන්ට මෙය අරුමයක් නොවේ. නමුත් විදේශිකයන් මෙසේ රැුවටීම රටක් වශයෙන් සලකන විට බරපතළ අපරාධයකි.

පරණබඩු හෙවත් ‘‘ඇන්ටික් බඩු’’ ලෙස පිත්තල සෙම්බු, නටරාජ ප‍්‍රතිමා, ගණ්ඨාර, පිත්තල බඳුන්, පිත්තල පහන්, දැවැන්ත යතුරු, පරණ ආභරණ පෙට්ටි, හෙප්පු, පැන්කෙණ්ඩි, තැටි ආදිය රාශියක් සීගිරි දඹුල්ලේ ගොඩ ගසා තිබේ. බැලූ බැල්මට ඇන්ටික්ය. එම ස්ථානවලට එන දේශීය සංචාරකයන්ගෙන් මේ පිළිබඳ නිතර පැමිණිලි ලැබෙන බව අදාළ ස්ථානවල පොලිස් නිලධාරීහු අපට කීහ.

‘‘ඇන්ටික් බඩු මෙහෙම විකුණන්න පුළුවන්ද?’’ සමහරු ප‍්‍රශ්න කරති.

මා එහි සිටින මොහොතක එක් පුංචිදරුවෙක් ඇන්ටික් බඩු ගොඩින් විශාල යතුරක් අතට ගත්තේය.
‘‘මේක කීයද?’’
‘‘තුන්දහස් පන්සීයයි..’’

ළමයා පුදුම වී මාපියන් දෙස බලයි. මඳක් ඈතට යයි.
‘‘ඇයි පුතා.. ගාණ වැඩිද?’’

‘නෑ.. තාත්ති... මට තියන ප‍්‍රශ්නෙ මෙහෙම විකුණන්න පුළුවන්ද? මේවා ඇන්ටික් නෙ..’
එය පැමිණිල්ලක් ලෙස අසල පොලිස් කුටියට ඉදිරිපත් වෙයි.

දේශීය සංචාරකයන් පවා සිතන්නේ මේ භාණ්ඩ එක්කෝ දුෂ්කරව සොයාගන්නවා ඇතැයි කියාය නැත්නම් සොරකම් කර හෝ නිධන් කඩා ගන්නවා ඇතැයි කියාය. ඒ තරමටම මේ සියලූ භාණ්ඩ අවුරුදු දෙතුන් සීය පරණ මට්ටමේ ඒවා බව පෙනේ.

‘‘ඇන්ටික් කියලා ටුවරිස්ලා මේ බඩු ගෙනිහිල්ලා ගුවන්තොටුපළේදී අත්අඩංගුවට පත්වුණු අවස්ථා එමටයි. පස්සෙ තොරතුරු අහනවා, කොහෙන්ද මේ ඇන්ටික් බඩු කියලා අන්තිමේ කෙළින්ම එන්නෙ මේ තැන්වලට..’’

‘‘කොහෙන්ද මේ ඇන්ටික් කියල දෙන භාණ්ඩ ගේන්නෙ.. ඒවා හදන්නෙ කොහොමද?’’ මම විමසීමි.

‘‘මේවා දෙපැත්ත වක් කරලා වෑල්ඩින් තියල හදන්නෙ. නුවර පැත්තෙ හදල මේවාට ගෙනත් දෙනවා. පරණ පාට ගන්න ගෙන්දගම් උණු කරල වක්කරනවා. එතකොට මේ පිත්තල උපකරණ අවපාට වෙනවා. ඊට පස්සේ පාට පෙට්ටිවල කොළපාට පැස්ටල් උණු කරලා ආපහු වක් කරනවා. එතකොට කොළපාට ගැහිලා පරණ පාටයි. රුපියල් හය හත්සීයට ගෙනැත් ටුවරිස්ලට රුපියල් දහ පහළොස් දාහට විකුණනවා. හුඟක් වෙලාවට යුරෝපීය අය රැුවිටිලා ගන්නවා. මාල වළලූ වගේ ඒවත් එහෙමයි. හැබැයි චීන අය එහෙම අන්දන්න බෑ. හුඟක් මාල ‘‘චයිනීස්’’. එයාල ඒක දන්න නිසා මේ වෙළෙන්දෝ චීන අය පස්සෙ යන්නෙ අඩුවෙන්. අනික් කාරණය ඔය ටී ෂර්ට් විකුණනවා. දඹුල්ලෙ සිල්ක් ගාර්ඞ්න් එකේ මේ ටී ෂර්ට් එක රුපියල් තුන් හාරසීයයි. මෙයාලගේ ගාණ බලන්නකෝ.’’

සියල්ල වෙළෙඳ මාෆියාවකි.
‘‘රෝස තිරුවාණ කොළ තිරුවාණ ස්වභාවයේ ගල් කොහින්ද?’’ මම නැවත විමසීමි.
‘‘පාට වීදුරු උණු කරල හදනවා.’’

නමුත් මේ සියල්ල ‘‘ඇන්ටික් බඩු’’, ඔරිජිනල් දේවල් ලෙස, විදේශිකයන් අතට පත්වේ. මේවා රටින් ගෙන යාමට ගොස් බොහෝ විදේශිකයන් අත්අඩංගුවට පත්වේ. රුපියල් තුන්හාර සීයක් නොවටිනා දේ පන් හයදාහක මිලට අලෙවි වේ. රට ඇතුළේත් බඩු මිලට ගන්නට ඔවුන්ට කරදරය. මිලටගත් බඩු රටින් ගෙන යාමේදී ඊටත් වඩා කරදරය. මේ වගකීම කාටද?

මේ අලෙවිකරුවන් ඓතිහාසික ස්ථානවල හා පූජනීය තැන්හි ගංජා ආදී මත්ද්‍රව්‍ය පවා භාවිත කරන බවට අපට ආරංචි වේ.

ජාතික වශයෙන් බලපාන මේ ගැටලූවේ අපකීර්තිය මේ සංචාරක වෙළෙන්දන්ටද? නැතිනම් අදාළ පූජනීය හා සංචාරක ස්ථානවල ප‍්‍රධානීන්ටද? එසේත් නැන්නම් සමස්ත ශ්‍රී ලංකාවටද?

සියල්ලේ ප‍්‍රතිඵලය රට විෂයෙහිය. මේ බරපතළ අපරාධය මීට වඩා දැවැන්තව රට පුරා සිදුවේ. මේ අඳුරු කතාවක පුංචි පැතිකඩකි.

m4.jpg
 

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මම මේක කියෙව්වේ නම් නැ
    ඹය ඹතන තියෙන ඹක්කොම පොටො අරගෙන තියෙන්නේ දබුල්ල කන්ද උඩ පන්සලේ මැද තියෙන ගල් තාලාව උඩ ඉන්න මිනිස්සු මමත් ගියපු දවසක ඹතන ටිකක් වාඩි වෙලා හිටියා බලාගෙන ඒ මිනිස්සු සුද්දෙක් ආවාම ඒතනින් යන්න දෙන්නේම නැ කොහොම හරි ඇගේ ගහන්නමයි හදන්නේ
    මටම ලැජ්ජා හිතුනා ඒ ටිකට
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    Lankawata ena tourist kenek gen lankawa gena ahala balanna ko.. Eyala kiyai lankawa kiyanne harima lassana ratak.. ethi inna minissungen godak aya antimai kiyala.. salli thama hemadetama kiyala thama eyala kiyanne
    2.gif
     

    liqing

    Member
    Jun 16, 2008
    70
    2
    0
    Machang OOke wadiyenme Tiyenne SIGIRIYA Hariye
    Town ekee minisssu Balenme Suddo Gawete gihille Kande Naginne Udaw Kerenewa, Kochhere epaa kiwwath ahanne nee, anthimete 1000,2000rs dunname tamai suddawe daale yanne,
    ooke mama Tourist board eketeth complatin kalee ,Tourist police eketath complain kalee wadek nee bung , GUU charter..
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    මේවා පාලනය කරන්න ඕනේ සංචාරක කර්මාන්තය දියුණු කරන්න ඕනේ නම් :yes:
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මේවා නවතුවේ නැත්නම් සංචාරක වියාපාරය ඉවරයි
     

    lulitha

    Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ
    මචං ශය වගේම තමයි කොළඔ වෙන්නෙත් 3වීල් කාරයො සුද්දන්ව නග්ගගන්න හදනව
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    higana haththa. thuk nodakin. mahansiyen aga wehesala rassawak karala diyunu wenne nathuwa. hora kupadi wada karala salli hoyanna. maha ekage idanma me rate horakama mul bahala
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ගොල් ෆොර්ට් නුත් කලින් එහෙමයි,එත් දැන් ටිකක් හොදයි කලින්ට වඩා.
    බඩු ගත්තෙ නැති උනොත් කුනුහර්පෙනුත් බනිනවා මුන් ඉස්සර.
     

    Similar threads