කොවිඩ් -19 වසංගතය හමුවේ අත්හිටුවා තිබූ මෙරටට සංචාරකයින් ගෙන්වීමේ වැඩපිළිවෙළ අද (28) සිට යළි ආරම්භ වෙයි.
ඒ අනුව අද පස්වරු 1.30 පමණ යුක්රේනයේ සිට ගුවන් මගීන් 185 දෙනෙකු මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිත බව ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ උප සභාපති රජීව් සුරියආරච්චි මහතා පැවසීය.
"මෙම සංචාරකයින් පිරිස මෙරට ගුවන්තොටුපොළට ළඟාවීමෙන් අනතුරුව සියලූම නිරෝධායන පිළිවෙත් අනුගමනය කරමින් ඒ කටයුතු සිදුවෙනවා. ගුවන්තොටුපොළ කාර්යමණ්ඩලය ඒ අවශ්‍ය කටයුතු සඳහා සූදානමින් සිටිනවා."
derana