සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවක් කරන්න කැමතිද ?

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මේ ත්‍රෙඩ් එක දාන්න කියලා කාලයක් තිස්සේ හිතාගෙන හිටියත් අද තමයි එකලාසියක් ලැබුනේ ටයිප් කරන්න.

    මේක වැදගත් වෙන්නේ සාමාන්‍ය පෙළ කරපු, උසස් පෙළ කරපු සිසුවියන්ට. අවුරුදු 16-20 වගේ අතර උසස් අධ්‍යාපනය ලබන වයසේ දුවලා පුතාලා ඉන්නවා නං එයාලට වැදගත් වෙයි.

    මම ඉතිං ටික කාලයක් සංචාරක ක්ෂේත්‍රයේ වැඩ කලානේ. මම මේකට සම්බන්ධ උන විදිය සහ අධ්‍යාපනය ලබා ගත්තු හැටි ගැන විස්තරයක් තමයි තියෙන්නේ. ඉතින් ශ්‍රී ලංකාවේ හරි විදෙස් ගතව හරි හෝටල් සහ සංචාරක ක්ෂේත්‍රයේ රැකියාව කරන්න කැමති අයට තමයි මේ ත්‍රෙඩ් එක.

    මට ඉස්සර ඉදන්ම පොඩි කැමැත්තක් තිබ්බා මේ ක්ෂේත්‍රයට. ඉතින් මම ලංකාවේ ප්‍රධාන තරු පහේ හෝටලයක ප්‍රධානියෙක් විදියට වැඩ කරපු කෙනෙක්ගෙන් ඇහුව කොහොමද හෝටල් වලට රස්සාවකට යොමු වෙන්නේ කියලා. ඒ අනුව ඉතින් එයාගේ උපදෙස් අනුව එයත් අධ්‍යාපනය ලබපු ' ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය' හෙවත් Sri Lanka Institute of Tourism & Hotel Management (SLITHM) වෙත මම යොමු උනා.

    මේක ශ්‍රී ලංකා රජයේ ආයතනයක්. සංචාරක අමාත්‍යාංශය යටතේ පාලනය වන 1964 දී පිහිටවපු මේ ආයතනයේ අරමුණ හෝටල්, සංචාරක ක්ෂේත්‍රයට අවශ්‍ය වෙන තරුණ තරුණියන් පුහුණු කිරීම තමයි. ඒ වගේම මෙම අංශයේ ලංකාවේ තියෙන ඉහලම පිළිගැනීම සහිත ආයතනය මේක තමයි.

    මෙහි පාඨමාලා එන්නේ මෙහෙමයි.
    දැන් අපි තරු පන්තියේ හෝටලයක් ගත්තොත් එහි ප්‍රධාන කොටස් හතරක් තියෙනවා.

    1) ෆ්‍රන්ට් ඔෆිස් (රිශිප්ෂන්)
    2) හවුස් කීපීන් (රූම් සර්විස්)
    3) රෙස්ටුවරන්ට් ඇන්ඩ් බාර් (ෆුඩ් ඇන්ඩ් බෙවරේජ්)
    4) කුකරි (කිචන්)

    ඊට අමතරව ඒ හා බැඳුනු සංචාරක මග පෙන්වන්නන්, ඉවෙන්ට් මැනේජ්මන්ට් වගේ විවිද රැකියා අංශත් තියෙනවා.

    දැන් එතකොට අපි හිතමුකෝ කෙනෙක් චෙෆ් කෙනෙක් වෙන්න කැමතියි කියලා. එතකොට එයාට පුළුවන් කුකරි අංශය විශේෂ කරගෙන අධ්‍යාපනය හදාරන්න. කුකරි වලට අමතරව ප්‍රංශ, ජර්මන් වගේ විදේශ භාෂා, තැනකට ගියාම හැසිරෙන්නේ කොහොමද වගේ ඉදන් ඔක්කොම උගන්නනවා.

    මේ රජයේ ආයතනයේ ඉහත කිව්ව ප්‍රධාන කොටස් හතරට වෙන වෙනම පාඨමාලා තියෙනව. වසරකට දෙපාරක් වගේ අලුතින් සිසුන් බඳවා ගන්නවා.

    සාමාන්‍යයෙන් මේ ඔස්සේ රැකියාව කරන්න කැමති කෙනෙක් ඉන්නවා නං මගේ අදහස නං අවුරුදු 16 වගේ වෙනකොට සාමාන්‍ය පෙලින් පසු කෙලින්ම මෙතනට යොමු වෙන්න කියලා. ඊට පස්සේ උසස් පෙළ වෙනුවට තියෙන බේස් පාඨමාලාව හදාරලා තමුන් කැමති අංශයේ පාඨමාලාව කරන්න. එතකොට අවුරුදු 20-22 වෙනකොට හොද පදනමක් එක්ක හොද වැටුපක් ගන්න පුළුවන්.

    දැන් අපි කුකරි වලට කැමති කෙනෙන් ඉන්නවා නං එයාව ගත්තම එයාට තියෙනවා මාස 5-6 අතර පාඨමාලාවක් හදාරන්න. ආර්ථික අපහසුතා තියෙන අයට ශිෂ්‍යත්ව ලබා ගන්නත් පුළුවන්.

    මේ පාඨමාලව හදාරද්දී තමුන්ටම අවස්ථාවක් ලැබෙනවා සුපර් මාර්කට් ගිහින් අවශ්‍ය භාණ්ඩ මිලට ගෙන, මෙනු එකක් හදලා ඒ අනුව සියල්ලන්ම මෙහෙයවලා අහාර පිසින අයුරු අධික්ෂණය කරන්න. (ඕනි කරන වාහන කට්ටිය මුදල ලැබෙනවා.)

    ඒ වගේම ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් කරන අයට අවස්ථාව ලැබෙනවා තමුන්ගේ තීම් එකක් අනුව රෙස්ටුවරන්ට් තීම් එක වෙනස් කරන්න. අපේ කෙනෙක් එක පාරක් රෙස්ටුවන්ර්ට් එක සොහොනක් වගේ හැදුවා. කෑම බෙදන්නේ හොල්මන් වගේ ඇදගෙන. ඒ වගේ තීම් ලෝකයේ තියෙනවානේ.

    මේ පාඨමාලාවෙන් පස්සේ මාස 6 ක් තරු පන්තියේ හෝටලයක වැඩ කරන්න ඕනි. පස්සේ ආයේ තව අධ්‍යාපනය ලබන්න කැමති නං ආයතනය එක්ක එකතු වෙලා වැඩිදුර ඉගෙන ගන්න පුළුවන්.

    නැත්තන් එහෙම්ම දිගටම රැකියාව කරගෙන ඉන්න පුළුවන්.

    හැබැයි කාටහරි හිතෙනවා නං මම නිකන්ම කුක් කෙනෙක් වෙලා නතර වෙන්නේ නැහැ මම විධායක සුපවේදියෙක් වෙනවා, හෝටල් කළමනාකරණය අන්ශයේ ප්‍රධානියෙක් වෙනවා කියලා එයාට අර ඉතිරි පාඨමාලා තුනත් හදාරන්න ඕනි.

    මම වැඩ කරපු කාලේ නං ඔය පාඨමාලා හතරම හදාරලා, රැකියා පුහුණුවත් සහිත විධායක සුපවේදීන් වාහන, ගෙවල්, කෑම බීම සියල්ල නොමිලේ සමග රුපියල් ලක්ෂ 20 ක පමණ මාසික වේතනයක් ලැබුවා.

    ආ දැන් මේ ත්‍රෙඩ් එක දාන්න යද්දී දැක්කේ මේ මැයි මාසයේ අලුතින් පාඨමාලා පටන් ගන්නවා කියලා. කැමති අය ඉන්නවා නං සම්බන්ධ වෙලා බලන්න.

    Sri Lanka Institute of Tourism & Hotel Management,
    No: 78 Galle Rd,
    Colombo 03.
    (සිනමන්ඩ් ග්‍රෑන්ඩ් එක ඉස්සරහ.)

    මේකේ කොළඹ වගේම බණ්ඩාරවෙල, රත්නපුර, නුවර, කොග්ගල, අනුරාධපුර ඇතුළු තව තැන් කීපයක පාසල් තියෙනව. අපි ඉගෙන ගන්නා කාලේ මාත් එක්ක තව ගැහැණු පිරිමි ළමයි ඔක්කොම 30 වගේ හිටියා. ඒ වැඩි දෙනක් දැන් විදෙස් ගතව හෝටල් අංශයේ රැකියාවේ නිරතුව ඉන්නේ. සමහරු සංචාරක නෞකා වල රැකියාව කරනවා.

    ගැහැණු පිරිමි බේදයක් නැහැ. හැබැයි ඉතින් මේ අංශයේ රැකියා කරද්දී දිවා රාත්‍රී දෙකේම අදාල ශිෆ්ට් එක අනුව රැකියාව කරන්න වෙනවා සැහෙන කාලයක් යනකං. ඒවාට පුරුදු වෙන්නත් ඕනි. කිචන් එහෙම ගත්තම හොට් කිචන් වැඩි හරියක් දවල් වරුවේ වැඩ. කෝල්ඩ් කිචන් මධ්‍යම රාත්‍රිය වෙනකං. බේකරි නං රෑට එළිවෙනකන්. රූම් සර්විස් කිචන් පැය 24 x 7 . ඉතින් ඒ ඒ අනුව වැඩ.

    ඉතින් ඕක තමයි විස්තරේ. අපි ඉගෙන ගන්නකොට හදපු ඩිෂ් වගයක් සහ තව පින්තුර ටිකක් හම්බුනා. ඒකත් දැම්මා.

    ස්තුතියි.

    හෝටලයක ස්ටෝර්ස්

    1.jpg

    බාර් එකක්

    2.jpg

    3.jpg

    4.jpg

    5.jpg

    ඩිෂස්. පුරුදු වෙන්න හදපුවා නිසා ලස්සන නැහැ.

    6.jpg

    7.jpg

    8.jpg

    9.jpg

    10.jpg

    11.jpg

    12.jpg

    13.jpg

    14.jpg

    16.jpg

    17.jpg
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,716
    31,009
    113
    අපායෙ දොරකඩ

    TFS (y)
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,972
    13,074
    113
    සුපිරි හුයක්!

    වටිනා උපදෙසක්

    ඒ උනාට බෝතල් ස්පා සහ බලියඩ් මේස පෙන්වීම හොඳ නැහැ, කෝ ප්‍රේයර් රූම් එක මේ හෝටලේ?
    ------ Post added on May 5, 2025 at 12:09 PM
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    සුපිරි හුයක්!

    වටිනා උපදෙසක්

    ඒ උනාට බෝතල් ස්පා සහ බලියඩ් මේස පෙන්වීම හොඳ නැහැ, කෝ ප්‍රේයර් රූම් එක මේ හෝටලේ?
    ------ Post added on May 5, 2025 at 12:09 PM
    අපිත් එක්ක මුස්ලිම් අයත් හිටියා සමෝසමේ. පොර්ක් ඩිෂ් එහෙම කනවා ගානක් නැහැ ටික දවසක් ගියාම.
     
    • Like
    Reactions: NRTG and Asmodeus

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,554
    6,043
    113
    muladi nam katta.. eth experince ekka patta .. habai oya field ekata yanawa nam., aluth awrudu, naththal amathaka karanna wenawa. executive position ekak hamba unama.. honda salary ehekata yannath puluwan.. inna gaman english hada ganna..
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    muladi nam katta.. eth experince ekka patta .. habai oya field ekata yanawa nam., aluth awrudu, naththal amathaka karanna wenawa. executive position ekak hamba unama.. honda salary ehekata yannath puluwan.. inna gaman english hada ganna..
    ඒක ඇත්ත. ජොබ් එකක් කරනවා කියලා හිතලම නෙමෙයි මේ ක්ෂේත්‍රයට කැමති අය තමයි යොමු වෙන්න ඕනේ
     
    • Like
    Reactions: NRTG and pavanruka