සංචාරක පොලීසිය

gayanga3036

Well-known member
  • Feb 3, 2015
    118
    140
    63
    EARTH
    සංචාරක පොලීසිය

    51Q6D77


    අප රටේ සංචාරක පොලිසිය පිළිබඳ සරළව සිංහල බසින් අදහසක් ඔබ වෙත ලබාදීම මෙම ලිපි පෙලේ මූළික අරමුණයි.

    අන්තර්ජාලයේ පවතින මූලාශ්‍ර පදනම් කොටගෙන මෙය නිර්මාණය කර ඇති අතර නිවැරැදි විය යුතු ස්ථාන වෙතොත් , නිවැරදි කරන මෙන් ඉල්ලා සිටිමි.

    🛑 දැක්ම

    - ශ්‍රී ලංකාව තුළ සියලු සංචාරකයන්ට නිදහස්, සුරක්ෂිත සහ අමතක නොවන සංචාරක අත්දැකීමක් නිර්මාණය කිරීම.

    🛑 මෙහෙවර පාඨයන්

    - ශ්‍රී ලංකාවේ ආරක්ෂාව පිළිබඳව සංචාරකයන්ට විශ්වාසය තැබිය හැකි වපසරියක් නිර්මාණය කිරීම.

    - සංචාරකයින්ට හා ඔවුන්ගේ පැමිණිලිවලට ආචාරශීලීව සංග්‍රහ කිරීම, පැමිණිලි වාර්තා කිරීම හා අවශ්ය කටයුතු වෘත්තීයමය ආකාරයෙන් සිදු කිරීම.

    - සංචාරකයන් විසින් සිදු කරනු ලබන වැරදි පිළිබඳ තොරතුරු රැස්කිරීම සහ සංචාරක වෙළඳාම සම්බන්ධ වී ඇති වංක සංවිධාන අධීක්ෂණය කිරීම.

    - සංචාරක සේවා සපයන්නන් සමඟ සබදතා පවත්වා ගැනීම සහ ශ්‍රී ලංකාව තුළ සංචාරය සඳහා සංචාරකයන්ට ආරක්ෂක පියවරයන් හඳුන්වා දීම.

    - සංචාරක සේවා සැපයුම්කරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්රියාත්මක කිරීම.

    - ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වැඩි දියුණු කිරීම සඳහා කටයුතු කිරීම.
    -
    -
    🛑 මොකක්ද මේ Tourist 🏄🏻‍♂️ police 👮 කියන්නේ?
    1960 දශකයේ මුල් භාගයේදී විදේශීය සංචාරකයින් හා සම්බන්ධ ගැටළු නිරවුල් කිරීමේ සංකල්පය මත විශේෂ පොලිස් මුරපොළක් කොළඹ 01, ක්වීන්ස් වීදිය අංක 48 ස්ථානයේදී ආරම්භ කරන ලදී. ඉන් පසුව මෙම ස්ථානය නිල පොලිස් ස්ථානයක් බවට පරිවර්තනය විය. එතැන් සිට සංචාරකයන්ට අදාළ කරුණු පිළිබඳව එම පොලිස් ස්ථානය විසින් සොයා බලන ලදී.
    සංචාරක පැමිණීම්වල මෑත වර්ධනය සමග 2007.06.01 දින පොලිස් සංචාරක අංශය ආරම්භ කරන ලද්දේ සංචාරක පැමිණිලි පිළිබඳ කාර්යක්ෂම සේවාවක් සැපයීම හා සංචාරක ව්යාපාරය සම්බන්ධ අක්‍රමිකතා අවම කිරීමේ අරමුණ පෙරදැරි කොටගෙනයි.
    🛑 කර්මාන්තය හා ජාල ගතවී ඇති අයුරු

    සංචාරකයින්ට ආකර්ෂණීය, වෘත්තීය සහ ගෞරවනීය පොලිස් සේවාවක් සැපයීම මෙහි ප්රධාන අරමුණයි. බොහෝ තීරනාත්මක සිදුවීම්වල දී සාමාන්‍ය පොලිස් ක්‍රියාමාර්ග සදහා තානාපති කාර්යාල, කොන්සල් කාර්යාල, සංචාරක නියෝජිතයින් සමඟ සබඳතා ගොඩනඟා ගැනීම සඳහා වැඩි කාලයක් ගතවනු ඇත. ඊට අමතරව, වාර්තා සොයා ගැනීම, ආගමන තොරතුරු පිළිබඳ සත්‍යාපනය සහ පෙරගෙවුම් රේගු ප්‍රකාශයන් පිලිබඳව ඕනෑම ගැටළු සඳහා ආගමන විගමන හා රේගුව වැනි ආයතන වල සහයෝගය ලබා ගැනීමට අවශ්‍ය වෙයි.
    අන්තර්ජාලය හරහා අදාල පාර්ශව වලින් එබඳු තොරතුරු ලබා ගැනීම හැකිවීම හරහා අපරාධ, හදිසි අනතුරු ආදි විවිධ අවස්ථාවන්හිදී සංචාරකයන්ට , ඔවුන් මුහුණ දෙන දුෂ්කරතාවන් අවම කල හැකි වෙයි.
    SLTDA සමඟ ජාලගත කිරීම දැනටමත් අවසන් කර ඇති අතර, ඊට අමතරව පහත සඳහන් ආයතන සමඟ ජාලගත් කිරීම සඳහා කටයුතු කෙරෙමින් පවතී.
    ගුවන් තොටුපළ / ආගමන විගමන දෙපාර්තමේන්තුව / රේගුව / තානාපති කාර්යාල / පිළිගත් සංචාරක සේවා සපයන්නන්.

    🛑 පුහුණුව

    පහත සඳහන් කාරණා සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් අතර දැනුම හා ආකල්ප වර්ධනය කිරීම සඳහා විශේෂ පුහුණුවීම් මෙහිදී ලබා දෙනු ලබයි.

    1.විදේශීය භාෂාවන්ට යොමු කිරීම.
    2.සංචාරක ව්‍යාපාර සම්බන්ධ නීතිය ක්රියාත්මක කිරීම පිළිබඳ දැනුවත් කිරීම.
    3.ප්‍රායෝගික ගැටලු අවම කිරීම සඳහා පහත දැක්වෙන ක්ෂේත්ර පිළිබඳ දැනුවත් කිරීම් කරනු ලබයි.
    - ආගමන ක්‍රියා පටිපාටි
    - පවතින රේගු ක්‍රියා පටිපාටි
    - ආනයන / අපනයන ක්‍රියා පටිපාටි


    🛑නීතී ක්‍රියාත්මක කිරීම

    පොලිස් සංචාරක අංශය විසින් වැරදි කරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට බැදී සිටී.
    පැමිණිල්ලේ ස්වභාවය අනුව එය විමර්ශනය කළ හැක්කේ PTT යට හෝ ප්‍රාදේශීය පොලිසියටද යන්න තීරණය කරනු ලැබේ. එවැනි අවස්ථාවන්හි දී, දෙවන විකල්පය ලෙස PTD හි සහාය ලබා ගත හැකි ය.
    සංචාරක පැමිණිලිකරුවන්ගෙන් බොහෝ දෙනෙක් විදේශීය සංචාරකයින් වේ. මේ හේතුව නිසා ලංකාවේ රැඳී සිටීමට ප්රමාණවත් කාලයක් නොලැබෙන නිසා වහාම පැමිණිලි විමසීම් කළ යුතුය. එබැවින් ප්‍රදානතම අරමුණ වන්නේ සාමකාමී සබඳතාවක් සැපයීමයි.

    🛑 ප්‍රවණතා

    අප රටට පැමිණෙන සංචාරකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා දිවයින පුරා  අලූතින් සංචාරක පොලිස් ඒකක 22 ක් ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත.
    ලංකාවට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට අවස්ථාවලදී මුහුණ පෑමට සිදුවන අපහසුතාවයන් වාර්තා කිරීමට සහ ඒ සඳහා කඩිනම් ක‍්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් මෙම නව සංචාරක පොලිස් ඒකක ස්ථාපත කරන බවද එම අධිකාරිය කියා සිටී.
    සංචාරක පොලිස් ඒකක 11ක් රට පුරා පවතින අතර සංචාරකයින් පැමිණීම ඉහළ යෑම හේතුවෙන් නව සංචාරක පොලිස් ඒකක පිහිටුවන බවද සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දේ.
    මෙම නව  සංචාරක පොලිස් ඒකක පිහිටුවීමේදී ඉඩම් පහසුකම් සොයා ගැනීම දුෂ්කරතා ඇතිවූ හෙයින් , ඊට පිළියම් වශයෙන් කුඩා ඉඩම් ප‍්‍රමාණයක බහාලූම් (කන්ටේනර් ) භාවිත කර සංචාරක පොලිසි පිහිටුවීමට බලාපොරොත්තු වන බවද සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කර සිටී.
    මෙම එක් ඒකකයට බහාලූම් 4 ක් පමණ භාවිත කරන අතර ,පොලිසියට අවශ්‍ය සියලූ පහසුකම්, ස්ථානාධිපති කාර්යාලය, නවාතැන් පහසුකම්, සනීපාරක්ෂක පහසුකම් යනාදී සියල්ල මෙම පොලිස් ඒකකයට අන්තර්ගත වන බවද එම අධිකාරිය කියා සිටී.
     
    Last edited:
    • Like
    Reactions: windows_ubuntu