සංධානේ මෙවර මහමැතිවරණය පැරදුනේ ඇයි?

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    සංධානේ මෙවර මහමැතිවරණය පැරදුනේ ඇයි?

    සංධානේ මෙවර මහමැතිවරණය පැරදුනේ ඇයි?


    උපුටගැනිමකි
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    098_n.jpg




    මෙවර මහමැතිවරණය මීට පෙර තැබූ මහ මැත්වරණ වලට වඩා වෙනස් ස්වරුපයක් ගැනීමට කරුණු කාරනා කිහිපයක්ම හේතු සාධක වී තිබිණි. ලංකා ඉතිහාසයේ පලමු වතාවට හිටපු විධායක ජනාධිපතිවරයෙකුට නැවත බලය ලබාදීම සඳහා තරඟ කිරීම මේ අතරින් විශේෂයි.
    මෙවර මහමැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ නියෝජනය කරන ලද එක්සත් ජනතා නිදහස් සංධානයේ තිබූ ප්‍රධාන සටන්පාඨය වූයේ මහින්ද රාජපක්ෂ අගමැති කරවීමයි. මාගේ පුද්ගලික අදහසට අනුව මෙය එතරම් සාර්ථක සටන් පාඨයක් නොවේ විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ යනු මීට මාස 8කට කලින් ශ්‍රී-ලංකාවේ ජනතාව ලක්ෂ 62ක් විසින් ප්‍රතික්ෂෙපකරන ලද නායකයෙක් වීම තුල මෙතරම් කෙටි කාලයක් තුල නැවත වතාවක් ඔහුට බලය ලබා දෙන්නට යයි පවසමින් මහමැතිවරණයක ප්‍රචාරණ යාන්ත්‍රණය ගොඩ නැංවීම එක්සත් ජනතා නිදහස් සංධානයේ පරාජයට ප්‍රධානම හේතු කාරණය වී යයි මගේ අදහසයි.


    මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය කිරීමට ඡන්දය ප්‍රකාශ කරන්න යන ඡන්ද ව්‍යාපාරය තුල එක්සත් ජනතා නිදහස් සංධානය තුල සිටි අනෙකුත් පැරණි හා ප්‍රභල දේශපාලඥයන්ගේ සිත් තුල අමනාපයක් ඇතිවීම අනිවාර්යය කරුණකි. එමෙන්ම මහින්ද රාජපක්ෂ ඔහුගේ පාලන සමය තුල එක්සත් ජනතා නිදහස් සංධානයේ ප්‍රභලයන් පාගාගෙන සිටීමට කටයුතු කිරීම හේතුවෙන් බහුතරයක් පැරණි සාමාජිකයන් තුල ඔහු කෙරෙහි අමනාමයක් තිබුණි. මෙය එක්සත් ජනතා නිදහස් සංධානයේ මෙවර මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය දැඩි ඇල්මැරුණ ස්වභාවයකින් යුක්තවීමටත් හේතුවක් වන්නට ඇත. එක්සත් ජනතා නිදහස් සංධානය තුල සිටි තමාට කියා ස්ථිර ඡන්ද පදනමක් නොමැති පුළුපක්ෂවල පිරිස් මේ කරුණ තමාගේ ඡන්දගොඩ වැඩිකර ගැනීම සඳහා උපයෝගි කරගත්හ.


    එමෙන්ම ඔවුන් මෙතක් කලක් කිසිඳු පක්ෂයක් තුල සිදු නොවූ ආකාරයෙන් පක්ෂය තුල ආරම්භක අවධියේ සිටම බෙදීමක් පෙන්වීමට කටයුතු කලේ මහින්ද රාජපක්ෂට සහාය දක්වන පිරිසට පමණක් මනාපය ලබාදෙන ලෙසට එළිපිටම ඉල්ලීම් සිදු කරමිනි. මොවුන් මෙසේ ඡන්දය දෙන්නට එපා කිවූ පුද්ගලයන්ගෙන් බහුතරය ප්‍රභල ශ්‍රී-ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් වේ. මෙය පක්ෂය සතුව තිබූ සංවිධාන ශක්තිය දැඩිලෙස දුර්වල කිරීමට හේතු විය. විශේෂයෙන්ම එක්සත් ජනතා නිදහස් සංධානයේ සංවිධානය කිරීමේ බලය සහ ප්‍රධාන සංවිධානාත්මක ව්‍යුහය වූයේ ශ්‍රී-ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශීය ජාලයයි, එක්සත් ජනතා නිදහස් සංධානය තුල කැපී පෙනුන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිනේෂ් ගුණවර්ධණ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, බන්දුල ගුණවර්ධණ ආදී පුද්ගලයන් විසින් මේ ආකාරයෙන් ශ්‍රී-ලංකා නිදහස් පක්ෂ ප්‍රභලයින් කොන් කිරීමේ ක්‍රියාවලිය තුල මෙම මහමැතිවරණය තුල එක්සත් ජනතා නිදහස් සංධානය තුල තිබූ ප්‍රාදේශීය සංවිධාන ජාලය මෙවර මැතිවරණ ක්‍රියාවලියට හරියාකාරව යොදාගැනීමට ඉඩක් ලැබුනේ නැත.


    මැතිවරණ ව්‍යාපාරයකදී වැදගත් වන්නේ ස්ටේජ් එක උඩ සිට කථා පැවැත්වීම පමණක් නොවේ. එම ස්ථානය වෙන්කරවාගැනීම ස්ටේජ් එක සෑදීමේ සිට එම රැස්වීම පැවැත්වෙන බව ප්‍රදේශය තුල ප්‍රචාරණය කිරීම සහ ප්‍රෙද්ශයේ සිටින පාක්ෂිකයන් එම ස්ථානයට රැස්කරවීම දක්වා ඉතිරි සියල්ල සංවිධානය වන්නේ මේ කියන ප්‍රාදේශීය ජාලය හරහායි. එවැන්නකින් තොරව මහමැතිවරණයක් සඳහා තරඟකර ජයග්‍රහණය කිරීමට කිසිසේත්ම නොහැකි
    මෙම සුළු පක්ෂවල සිටින ප්‍රද්ගලයින් මහමැතිවරණයක ජයග්‍රහණය කිරීම සඳහා ප්‍රසිද්ධිය සහ මුදල් පමණක් ප්‍රමාණවත් නොවන බව අවබෝධ කරගෙන නොතිබීම සහ පක්ෂය දිනවනවාට වඩා තමාගේ ජයග්‍රහනය තහවුරුකරගැනීමේ අවශ්‍යතාවය මත ඔවුන් මේ ආකාරයට කටයුතු කරන්නට ඇති බව සිතිය හැක. එමෙන්ම යම්හෙයකින් මෙම ප්‍රාදේශිය ජාලය ක්‍රියාත්මකවුනි නම් එහි වාසිය ශ්‍රී-ලංකා නිදහස් පාක්ෂිකයන්ට ලබෙනු ඇතැයි යන හැඟිමෙන් මොවුන් සිතාමතාම මෙලෙස කටයුතු කළා වන්නටද පුළුවන.


    මෙලෙස මහින්ද රාජපක්ෂ අගමැති කිරීමේ ඡන්ද ව්‍යාපාරය කටයුතු කරන අතරතුර පසුගිය ජනාධිපතිවරණයේ මහින්ද රාජපක්ෂව ප්‍රතික්ෂේප කළ ලක්ෂ 62ක ජනතාව නැවත වතාවක් එක්සත් ජනතා නිදහස් සංධානය පරාජය කරන්නට එකමුතුව කටයුතු කළ බවක් පෙනෙන්නට ඇත. විශේෂයෙන්ම ඔවුන් සියළු දෙනා විසින් සිදුකළ විවේචන සලකා බැලීමේදී ඔවුන් සියළු දෙනා විසින් මහින්ද රාජපක්ෂ හා ඔහුගේ සහචර කණ්ඩායම විවේඡනය කලා විනා ඔවුන් එකිනෙකා විවේචනය කර ගත්තේ ඉතාම අල්ප වශයෙනි. ඔවුන් සියළු දෙනාම එක්ම මහින්ද රාජපක්ෂ පරාජය කිරීම සඳහා සිය ඡන්දය භාවිතා කර තිබූ බව මැතිවරණ ප්‍රථිපල දෙස බැලීමේ දී පැහැදිලි ලෙස දක්නට ලැබේ.


    මෙම මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායම තම කණ්ඩායම සතුව තිබූ ලක්ෂ 58ක ඡන්ද බලය කෙසේ හෝ වැඩිකරගෙන ලක්ෂ 62 අභිබවා යාමක කටයුතු කරනවා වෙනුවට එම ලක්ෂ 58 බෙදාගැනීමට කුලල්කාගන්නා බවක් පෙනෙන්නට තිබින.
    පසුගිය ජනාධිපතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සංධානය සතුව තිබූ ලක්ෂ 58කට ආසන්න ඡන්ද සංඛ්‍යාව මෙවර මහමැතිවරණයේ දී ලක්ෂ 47ක් දක්වා පහල බැස තිබේ. මෙම තත්වය සියළුම දිස්ත්‍රික්කවල පාහේ පැහැදිලිව දක්නට පුළුවන.


    මේ සම්බන්ධයෙන් කතා කරන විට පැණ නඟින තවත් ගැටළුවක් වන්නේ එක්සත් ජනතා නිදහස් සංධානයෙන් ඉවත් වූ මෙම ලක්ෂ 11ක පමන ජනතාව ඡන්දය ලබාදුන්නේ කාටද යන්නයි. පසුගිය මැතිවරණයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතාශතය 81% වන අතර මෙවර මහමැතිවරණයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 70%කි. මෙම අගයන් අතර වෙනස ආසන්නවශයෙන් එක්සත් ජනතා නිදහස් සංධානයෙන් අඩුවුනායයි කියන පිරිසට සමාන වේ. මෙම අවස්ථාවේ දී එක්සත් ජනතා නිදහස් සංධානය තුල සිදුවන කුළල්කාගැනීම් පිළිඹඳ කළකිරුන එක්සත් ජනතා නිදහස් සංධාන පාක්ෂිකයන් සහ තමාගේ නායකයන්ට සිදුවන කෙනහිලිකම් පිළිබඳ කළකිරුන ශ්‍රී-ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයන් මේ ආකාරයට ඡන්දය ලබා නොදෙන්නට තීරණය කිරීමට විශාල ඉඩකඩක් තිබේ.


    මේ කරුණු අනුව පෙනෙන්නට තිබෙන්නේ මහින්ද රාජපක්ෂ නැවත වතාවක් බලයට පත්කරවීමට යයි කියා එක්සත් ජනතා නිදහස් සංධානයේ සුළුපක්ෂ වල සාමාජිකයින් විසින් සිය මන්ත්‍රී අසුන ආරක්ෂාකරගැනීම සඳහා දියත්කරන ලද කුමන්ත්‍රණයේ ප්‍රතිපලයක් වශයෙන් වසර 60කට අධික ඉතිහාසයක් ඇති ලංකාවේ පවතින දෙවැනියට විශාලතම තනිපක්ෂය වන ශ්‍රී-ලංකා නිදහස් පක්ෂය දශක ගණනාවකින් අනතුරුව ලැබූ දරුණුතම පරාජයට මුහුන දී තිබේ. එසේ ලබන්නට යෙදුනු පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම පැටවෙන්නේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායමට බව අමුතුවෙන් කිව යුතු නැත.