සංයුක්ත උපත් පාලන පෙති
සංයුක්ත උපත් පාලන පෙති
∎ උපත් පාලන පෙතිවල අන්තර්ගත හෝමෝන ලෙස ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටජන් දැක්විය හැක.
∎ උපත් පාලන පෙති භාවිතය පහසු අතර එය ඉතා කාර්යක්ෂම වන අතර එමගින් වාසිදායක ප්‍රතිඵලද ලබාගත හැකි වේ.
∎ මෙම පෙතිවල ඇති හෝමෝන පිටියුටරි ග්‍රන්ථයේ හෝමෝන නිෂ්පාදනය වළකන බැවින් ඩිම්බකෝෂ මගින් ඩිම්බ මෝචනය වීම වළක්වයි. එම නිසා සංසේවනයට අවශ්‍ය වන ඩිම්බ නොමැති වීමෙන් ගැබ් ගැනීම වැළකේ.
∎ මෙම උපත් පාලන ක්‍රම භාවිත කළ නොහැකි අවස්ථාද ඇත.
ඉස්කිමියාව
පාලනය කළ නොහැකි අධික රුධිර පිඩනය
ආඝතය
ලේ කැටි ගැසිමේ රෝග
දැඩි ලෙස පවතින අක්මා රෝග
පියයුරු පිළිකා ආදිය දැක්විය හැක.
උපත් පාලන පෙති භාවිතයෙන් ඇතිවන අතුරු ආබාධ
වමනය
ඔක්කාරය
බර වැඩිවීම
හිසරදය
මානසික අවපීඩනය
පියයුරුවල වේදනා
කෙණ්ඩ පෙරලීම දැක්විය හැක.
උපත් පාලන ක්‍රම භාවිතයෙන් ලැබෙන වාසිදායක ප්‍රතිඵල
∎ මාසික ශුද්ධිය ක්‍රමවත්ව හා වේදනා රහිතව වීම වඩා වැදගත් වේ.
∎ එසේම දීර්ඝ කාලීනව ඩිම්බ කෝෂ හා ගර්භාෂයේ පිළිකා වලින් ආරක්ෂාවද ලැබේ.
∎ කුරුලෑ සුවකිරීම් ඖෂධයක් ලෙසද භාවිතා කළ හැක.
උපත් පාලන පෙති භාවිත කළ යුතු අයුරු
∎ උපත් පාලන පෙති ආරම්භ කළ යුත්තේ මාසික ශුද්ධියේ පළමු දිනයේදීය.
∎ එය උදෑසන හෝ රාත්‍රී ආහාරය සමග ගත යුතු වේ.
∎ එය සෑම දිනකම එක වේලාවක ගැනීම වැදගත්වේ.
∎ උපත් පාලන පෙති කාඩ්පතක අන්තර්ගත වන අතර එක් ආර්තව චක්රයක ආරම්භයේ සිට, ඊළග ආර්තව චක්‍රය දක්වා දිනපතා පාවිච්චි කිරීමට සෑහේ.
∎ සාමාන්‍යයෙන් මෙම කාඩ්පතේ පාරදෘශ්‍ය ප්ලාස්ටික් ආවරණයෙන් වැසුණු ගිලින පෙති එක් පැත්තකත්, ඊතල ලකුණු කර ඇති අනෙක් පැත්තක් ඇති අතර එහි දිශාව, පෙති පාවිච්චියට ගත යුතු දිශාව පෙන්නුම් කරයි.
∎ සෑමදිනකම එක පෙත්ත බැගින් ගත යුතු අතර පෙති සියල්ල භාවිත කර අවසාන වූ විට පසුදා සිටම අලුත් පැකට්ටුවක් ආරම්භ කළ යුතුවේ.
∎ මෙම පැකට්ටුවේ මුල් පෙති විසිඑක හෝමෝන පෙති (සක්‍රීය පෙති ) වන අතර ඉතිරි පෙති හතක යකඩ අඩංගු පෙති වේ.
∎ අපස්මාරය සඳහා ප්‍රතිකාර ලබා ගන්නේ නම් උපත් පාලන පෙතිවල මාත්‍රා වැඩි කළ යුතු බැවින් වෛද්‍යවරයකු හමු වීම වැදගත් වේ. ඇතැම් ප්‍රතිජීවක උපත් පාලන පෙති අවශෝෂණය වීම වළකන බැවින් එම ප්‍රතිජීවක ගන්නා කාලය තුළ හා ඊට පසු සතියක් පමණ උපත් පාලන පෙතිවලට අමතරව වෙනත් ක්‍රමයක් ( උදා : උපත් පාලන කොපු ) භාවිතා කළ යුතු වේ.
පෙති භාවිත කිරිමේදී වෛද්‍යවරයකු හමු වීය යුතු අවස්ථා
∎ කිසියම් ප්‍රශ්නයක් මතු වීම
∎ තද හිසරදයක් ඇති වීම
∎ පෙනිමේ අපැහැදිලිගතියක් ඇති වීම
∎ කකුලේ මස් පිඬුවල වේදනාවක් ඇති වීම
∎ පපුවේ තද වේදනාවක් ඇති වීම
∎ අක්රමිකව මාස් ශුද්ධිය ඇතිවීම
∎ අවුරුද්දකට වරක් බර, රුධිර පීඩනය හා පියයුරු පරික්ෂා කිරීමට
Honda nam salakala yanna