සංවර්ධනයේ මායාව
RAWAYA උපුටා ගැනීමක්
පන්නරය
ශ්‍රී ලංකාවේ සං වර්ධනය පිළිබඳව හොඳ අදහසක් උකහාගත හැකි රසවත් කතාවක් පසුගියදා මට අසන්නට ලැබුණි. හයවැනි පංතියේ දරුවකු පුරවැසි අධ්‍යාපනය නම් විෂය හා අදාළ පෙළපොතෙහි කරුණු මහහඬින් කටපාඩම් කරමින් සිටින විට ඔහුගේ මුවින් මෙවැනි වදනක් පිටවිය. ‘ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටකි.’ සාලයේ සිටි තාත්තාටද, එහා කාමරයේ සිටි සීයාටද එය ඇසුණි. තාත්තාද සීයාද එක හඬින් කීවේ, ඒ අය හයේ පංතියේ උගන්නා කාලයේද ශ්‍රී ලංකාව හඳුන්වන ලද්දේ සංවර්ධනය වෙමින් පවතින දේශයක් සේ බවයි. පරම්පරා ගණනාවක් බොරුවෙන් රවටනවාට වඩා ශ්‍රී ලංකාව කවදාවත් සංවර්ධනය නොවන රටක් බව ඊළඟ පෙළපොතෙහි සඳහන් කිරීම කාලෝචිත යැයි එකෙණෙහි දරුවාගේ සීයා අවධාරණය කළේය.
සංවර්ධනයේ මංසලකුණු
ඕස්ටේ්‍රලියාවේ නිව් ඉන්ග්ලන්ඞ් සරසවියේ සමාජවිද්‍යා සහ මානවවිද්‍යා ආචාර්ය සිරි ගමගේට අනුව, අධිවේගී කාපට් සහ නවීන රථවාහන විශාල ප්‍රමාණයක් තිබූ පමණින් රටක් සංවර්ධනය වී ඇතැයි සැලකෙන්නේ නැත. පුරවැසියන්ගේ පොදු ප්‍රවාහන පහසුකම් කෙබඳුද? ඒ අයට බියෙන් හා සැකයෙන් තොරව ජීවත්වීම සඳහා සුදුසු වටපිටාවක් පවතීද? රාජ්‍ය නිලධාරීන්ට හා දේශපාලනඥයන්ට පගාව ලබාදීමෙන් තොරව කාර්යක්‍ෂම සේවාවක් ආණ්ඩුවේ ආයතනවලින් ලබාගත හැකිද? වෛද්‍ය සේවාවන්හි තත්ත්වය කෙබඳුද? රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ආදරයෙන් බලාගන්නා නිල ක්‍රමවේදයක් තිබේද? ගෝලීය රැකියා වෙළෙඳපොළ තුළ තියුණු තරගයක් දීම සඳහා ශ්‍රම බලකාය අධ්‍යාපනයෙන් හා වෘත්තීය පුහුණුවෙන් බලාත්මක කොට ඇත්ද? රටේ පරිසරය මනා සේ සුරකීද? යන ප්‍රශ්නවලට සාධනීය පිළිතුරු ලැබේ නම් එම රට සංමෘද්ධිමත් දේශයක් ලෙස නම් කළ හැකිය. මැලේසියාවෙන් බිඳී, 1965දී වෙනම රටක් ලෙස ස්ථාපිතවූ මොහොතේ සිංගප්පුරුවේ වාර්ෂික ඒ පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 500ක් පමණ විය. එය එකල ඝානාවේ ඒකපුද්ගල ආදායමට සමාන විය. (රටක සමස්ත වාර්ෂික ආදායම එරට ජනගහනයෙන් බෙදූ විට ඒකපුද්ගල ආදායම කුමක්දැයි දැනගත හැකිය.) අද සිංගප්පූරුවේ ඒකපුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 55,000කි. 1965දී සිංගප්පුරුව තුළ අනවසර ඉඩම්වල පදිංචි මුඩුක්කුවාසීන් විශාල ප්‍රමාණයක් දක්නට ලැබුණි. අද එරට ජනගහනයෙහි 90%ක්ම දිවි ගෙවන්නේ තමන් සතු සුඛෝපභෝගී මහල් නිවෙස්වලය. ගණිතය හා විද්‍යාව සම්බන්ධයෙන් වාර්ෂිකව පැවැත්වෙන ධෑක්‍ෘ විශ්වීය කුසලතා තරගයෙන් හැමවිටම ප්‍රථම ස්ථානය දිනන්නේ සිංගප්පූරු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ය. 2015 අගෝස්තු 23 දින පැවැති ජාතික නිදහස් දින රැලිය අමතමින් සිංගප්පූරුවේ වත්මන් අගමැති මෙසේ කීවේය. ‘ජාතියට, භාෂාවට හා ආගමට අනවශ්‍ය බරක් නොදී සියලුම පුරවැසියන් සිංගප්පූරු ජනතාව යන පොදු සලකුණ තුළට ගොනුකිරීම නිසා ලොව ධනවත්ම හා උගත්ම රටක් ලෙස අපට ජනකෙහෙළි නංවන්නට හැකි වුණා.’ සංවර්ධිත රටක් ලෙස පෙරට ඒමට සිංගප්පූරුවට ඉඩ ලැබුණේ මැති ඇමතීන් මහා රොත්තක් නොමැති ඉතා කුඩා එහෙත් බෙහෙවින් කාර්යක්‍ෂම ආණ්ඩුවක් සහ දූෂණයට/වංචාවට දශමයක ඉඩක් නොතබන රාජ්‍ය තාන්ත්‍රිකයන් දේශය මෙහෙයවීම සඳහා පත්කරගත් හෙයිනි.
සුබසාධන මානසිකත්වය
ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැතිවරයාවූ දොන් ස්ටීවන් සේනානායක 1952 මාර්තු මාසයේදී මියයෑමත් සමඟ එම තනතුරට ඔහුගේ පුත් ඩඞ්ලි සේනානායක නම්කරන ලද්දේ එවකට ලංකාවේ ආණ්ඩුකාරයා ලෙස කටයුතු කළ සෝල්බරි සාමිවරයාය. උතුරු හා දකුණු කොරියාව අතර ඇවිලගිය (1950-1953) යුද්ධය නිසා ලෝක වෙළෙඳපළේ සහල් මිල ගණන් ගිය අතර ඩඞ්ලිගේ යූඑන්පී ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා වූ ජේආර් ජයවර්ධන ඔහුගේ නව අය-වැය හරහා සහල් හා සීනිවලට එතෙක් රජයෙන් පිරිනැමූ සහනය කපාහැරියේය. ඊට අමතරව තැපැල් හා දුම්රිය ගාස්තුද වැඩිකිරීමට හෙතෙම ක්‍රියාකළේය. මේ සුබසාධන කප්පාදුවට එරෙහිව ශ්‍රී ලංකාවේ වාමාංශිකයෝ 1953 හර්තාලය හෙවත් මහා වැඩ වර්ජනය දියත් කළහ. වර්ජනයේ බලපෑම කෙතරම් උග්‍රවීද යත් 1953 ඔක්තෝබර් මාසයේදී ඩඞ්ලිට අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමට සිදු වූ අතර හාල් සහනාධාරය නැවත ලබාදීමටද සිදු විය. සිංගප්පූරුවේ ප්‍රථම පාලකයා වූ ඬේවිඞ් සෝල් මාෂල්ගේ වාමාංශික සුළුතර ආණ්ඩුව රට පාලනය කළ අවධියේදී තරුණ නීතිවේදියෙකු වූ ලී ක්වාන් යූ (1955දී) එහි විපක්‍ෂ නායකවරයා ලෙස කටයුතු කළේය. සුබසාධනයම ඉල්ලා ආණ්ඩු අපහසුතාවයට පත් කරන ශ්‍රී ලංකාවේ වාමාංශිකයන්ගේ කලහකාරී හැසිරීම, රටක දිගුකාලීන සංවර්ධනයට බාධාවක් බැව් 1953 හර්තාලය දෙස බලා තමන් උගත් පාඩමක් වග වරෙක ලී ක්වාන් යූ පැවසීය. සුළුතර දෙමළ හා මුස්ලිම් ජාතීන්ගේ අයිතිවාසිකම් වලට බහුතර සිංහල ජාතින් ගරු නොකිරීම, ශ්‍රී ලංකාව විශාල අර්බුදයකට තල්ලු කරණු ඇතැයි ලී ක්වාන් යූ කීවේ 1958දී ශ්‍රීලංකාවේ හටගත් ජනවාර්ගික කෝලාහලය නිරීක්‍ෂණය කරමිනි. 1959 පැවති ජාතික මැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලබා (ක්‍රියාකාරී මහජන පක්‍ෂයේ නායකයා ලෙස) අගමැති ධුරයට පත්වූ ලී ක්වාන් යූ ඔහුගේ දිගුකාලීන ආර්ථික සංවර්ධන සැලැස්මට වර්ජන, හර්තාල් හෝ විරෝධතා හරහා බාධා පමුණුවන සියල්ලන් අනුකම්පා විරහිතව හිරේ විලංගුවේ දමා මර්දනය කළේය. සමහර වෘත්තීය සමිති නායකයන් රටින් පිටුවහල් කළේය. කෙළ ගැසීම, පොදු වැසිකිළි අපිරිසිදු කිරීම, පාරේ කුණු දැමීම හා ප්‍රසිද්ධ තැන්වල දුම්බීම යනාදියට බරපතළ දඩ හා සිරදඬුවම් පැනවූ හෙතෙම ස්වාධීන අධිකරණ පද්ධතියක් ස්ථාපිතකොට එමඟින් මත්ද්‍රව්‍ය වෙළෙන්දන්ට හා දූෂිත ජාවාරම්කරුවන්ට මරණ දඬුවම පැනවීය. ආණ්ඩුවේ සියලු මූල්‍ය ගනුදෙනු 100%ක පාරදෘශ්‍යභාවයකින් යුතුව සිදුකළ ඔහුගෙන් දූෂිතයන්ට කිසිදු සමාවක් නොලැබුණි. සියලු රාජ්‍ය ආයතන පෞද්ගලික සමාගම් මෙන්ම නව තාක්‍ෂණය ඔස්සේ කාර්යක්‍ෂම කිරීමට ලී ක්වාන් යූ පියවර ගත්තේය. ඔහු පදිංචිවී සිටියේ සිය පියා හා සීයා වෙතින් ඔහුට ලැබුණු මහගෙදර මිස සුඛෝපභෝගී මහා මන්දිරයක නොවේ. අත්‍යවශ්‍යම අයට මිස, ප්‍රතිපත්තියක් ලෙස පොදුජනයාට සහනාධාර පිරිනැමීම ඔහු දැඩිව ප්‍රතික්‍ෂේප කළේය. සුබසාධනය කපාහැර අධ්‍යාපනය මඟින් සිය පුරවැසියන් දෙපයින් සිටුවීමට ලී ක්වාන් යූ සමත් විය. 1953 දී නොව අදත් ශ්‍රී ලංකිකයන් බලා සිටින්නේ කාගෙන් හෝ නිකං කෑමටය. එසේ නොදෙන හැමවිටම ඔවුහු හර්තාල් කරති. ආර්ථික විශ්ලේෂක වින්සන් මර්වින් ප්‍රනාන්දුට අනුව, 1962-2015 අතරතුර එනම් වර්ෂ 52ක් ඇතුළත් ශ්‍රී ලංකාවේ සිදුව තිබෙන වැඩවර්ජන ගණන 5720කි. ඒ අනුව එක්වර්ෂයක් තුළදී සිදුකොට ඇති වැඩවර්ජන සංඛ්‍යාව 100 ඉක්මවයි.
ණය වී මඟුල් කෑම
1958 ජනවාර්ගික ගැටුම් හේතුවෙන් දෙමළ මෙන්ම සිංහල විද්වතුන්ද රට හැරගිය හෙයින් ශ්‍රී ලංකා ආර්ථිකය මහත් පසුබෑමකට ලක්විය. 1970-77 අතර කාලය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 3.2% දක්වා ඉහළ ගියේය. එහෙත් 1983 හටගත් සිංහල-දෙමළ වාර්ගික ගැටුම් හේතුවෙන් රටේ ආර්ථික වර්ධන වේගය 1983 -84දී 5% දක්වාද, 1985-89 වනවිට යළිත් 3.2% දක්වාද පහත වැටුණි. ලොව දැවැන්තම බහුජාතික සමාගම් (විද්‍යුත් නිපැයුම් හා සම්බන්ධ) දෙකක්වූ මෝටරෝලා හා හැරිස් කොපරේෂන් 1980දී කටුනායක අපනයන ප්‍රවර්ධන කලාපයේ සිය කම්හල් ස්ථාපිත කිරීමට මෙහි පැමිණ සැලසුම් කළද 1983 කළු ජුලිය නිසා ඔවුහු එම තීරණය වෙනස් කොට ආපසු ගියහ. එම සමාගම් මෙහි ස්ථාපිත වී නම් අපගේ අපනයන කලාප, ඇගලුම් කර්මාන්තයට සීමා නොවී දකුණු කොරියාවේ මෙන් විද්‍යුත් උපකරණ නිපැයුම් දක්වා සංවර්ධනය වන්නට ඉඩ තිබුණි. වාර්ගික ගැටුම් හටගන්නා විට රටකට ආයෝජකයන් නොඑනවාට අමතරව එරට ආර්ථිකයද ඇදවැටෙන වග ජාතිවාදී හැඟුම් අවුස්සන ශ්‍රී ලංකාවේ බහුතරයක් චීවරධාරීහුද දේශපාල නඥයෝද නොදනිති. පේරාදෙණිය සරසවියේ ආර්ථික විද්‍යා මහාචාර්ය ප්‍රසන්න පෙරේරාට අනුව වත්මන් යහපාලන රජයේ මුළු ණය බර රුපියල් ටි්‍රලියන 9 ඉක්මවයි. මින් 43%ක් විදේශ ණයයි. ණය සේවාකරණ ගෙවීම් සඳහා පමණක් රුපියල් බිලියන 1500ක් අවශ්‍ය වේ. දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ශ්‍රී ලංකාවේ මුළු ණය ප්‍රමාණය 75% සීමාව ඉක්මවා ගොස් තිබේ. 2020 වන විට මෙකී ප්‍රතිශතය 65% දක්වා අඩුකරගැනීම යහපාලන රජයේ ඉලක්කයයි. ආර්ථික විශ්ලේෂක ඩබ්ලිව්ඒ විජේවර්ධනට අනුව ශ්‍රී ලංකාව, එක් ඇමතිවරයකු නඩත්තුකිරීම සඳහා මාසයකට රුපියල් මිලියන 6ක් වැය කරයි. ලංවිම, ලංගම, ශ්‍රීලංකන් මිහින් ලංකා, හා ඛනිජ තෙල් සංස්ථාව යන ආයතන නිසා 2013-2016 කාල වකවානුව තුළ රජයට සිදුවූ පාඩුව රුපියල් බිලියන 79කි. තේ, රබර්, පොල්, ඇගළුම් වැනි ප්‍රාථමික අපනයන හරහා ශ්‍රී ලංකාව වාර්ෂිකව ඇමරිකන් ඩොලර් බිලියන 10ක් ඉපයුවද, අයිෆෝන්, මෝටර් රථ වැනි මිල අධික දේවල් ආනයනය කිරීම පිණිස වසරකට ඩොලර් බිලියන 19ක් වැයකරයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා උසස් රාජ්‍ය නිලධාරීන් සඳහා බදු රහිත වාහන පිරිනැමීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ වාර්ෂිකව රුපියල් බිලියන 80කට වඩා වැය කරයි. රාජපක්‍ෂලාව පතුරු ගැසුවද, යහපාලන රජයේ ජනපති හා අගමැති සහභාගී වන උත්සවයක තාවකාලික වේදිකාව හා ශාලාව සඳහා අමාත්‍යාංශයක් සමාන්‍ය යෙන් දරන පිරිවැය රුපියල් ලක්‍ෂ 50කි. එක් උත්සවයකදී උදේ 9 සිට දහවල් 2 දක්වා ඇමතිවරයකුගේ වාහන ගණනාවක් ස්ටාර්ට් කොට තිබුණේ වායු සමීකරණ පද්ධතිය එලෙසම ක්‍රියාත්මකව තැබීම සඳහාය. සිංගප්පූරුව සංවර්ධිත රටක් බවට පත්කළ පසුව වුවද ලී ක්වාන් යූලා, ණයට මඟුල් කන අපේ ඇමතිලා මෙන් පිස්සු කෙළියේ නැත. රුපියල් ටි්‍රලියන 09ක් ණයවී සිටින ටක, සුබසාධනයම ඉල්ලා උද්ඝෝෂණය කරන පොදු ජනයාද ආකල්පමය අතින් රටේ දේශපාලනඥයන් හා සමාන යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ.■