සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    Upper Elahera Canal Project is moving ahead - initial construction (from 0 km - 3.8 km, close to Moragahakanda Reservoir) of Upper Elahera Canal is progressing now.

    19510418_759451757547858_8246091000906585525_n.jpg

    19429902_759451787547855_1385752626193445598_n.jpg

    18813483_746206535539047_5019540978159478051_n.jpg


    - https://www.facebook.com/MWSIP/posts/759452077547826
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    කොළඹ ජාතික රෝහලේ මහල් 22 කින් යුක්ත බාහිර රෝගී අංශයේ ඉදිකිරීම් ඇරඹෙයි.

    චීන රජයේ ආධාර යටතේ කොළඹ ජාතික රෝහලේ ඉදිකිරීමට යෝජිත බාහිර රෝගී අංශයේ ඉදිකිරීම් කටයුතු සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සහ චීනයේ ශ්‍රී ලංකා තානාපති ලී සියැන් යැං මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) පස්වරුවේ ආරම්භ ව්ය.
    මෙහි ඉදිකිරීම් කටයුතු වසර 2020 වනවිට අවසන් කිරිමට නියමිතය. නවීන තාක්ෂණයෙන් යුත් බාහිර රෝගී අංශයක් මෙහි ඉදිකෙරන අතර, එය මහල් 22 කින් යුක්ත වෙයි.

    20707986_10155207617284130_6347735431850471138_n.jpg

    20664485_10155207616739130_1398639741280134398_n.jpg

    20638970_10155207617869130_725290039462217378_n.jpg


    - https://www.facebook.com/Dr.RajithaSenaratne/posts/10155207618009130
     

    Cyberoam

    Member
    Aug 21, 2014
    995
    43
    0
    Sri Lanka
    CTB FLEET TO BE INCREASED BY 1,250 NEW BUSES

    The Transport and Civil Aviation Ministry hopes to add 1,750 more buses to the CTB fleet of 5,500 buses during this year.
    The Ministry has called tenders to import 1,250 new buses including 900 two-door buses, 250 single-door buses, 100 low-floor buses and
    500 engines, Transport and Civil Aviation Deputy Minister Ashok Abeysinghe told the Sunday Observer yesterday. The Ministry has also taken steps to repair 500 old buses by replacing engines and gear boxes. With the import of 1,250 new buses and repairing 500 old buses, the Ministry will add 1,750 buses to the CTB bus fleet this year, he said.
    The Minister said in addition, steps will be taken to remove the buses which are between 15 to 20 years old from the fleet.
    The Ministry has also decided to import 12 railway engines, six power sets and 160 train compartments under the Indian Credit Line. After tenders are finalised, we have to make a 30 percent advanced payment within three months to the manufacturers of railway engines and power sets. It will take nearly one and a half years to manufacture these railway engines and power sets.

    - http://sundayobserver.lk/2017/02/12/news/ctb-fleet-be-increased-1250-new-buses

    why do they always buy Leyland shit. cant they ugrade into a new model or brand with good facilities. at least buses like these ..
    bus.jpg
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    dont you think we need to try these new buses within colombo city ?. or else are we going to stick with these old leylands forever . what do you think ?

    7495.jpg


    33895948766_65fc26fff3_b.jpg


    try karanna deyak na danatamath duwanne oya :dull: oya bus 1250 project eka bus order eka

    Bus 250 TATA dora deka rural areas wala duwanna :yes::yes:
    Bus 100 AC highway / Colombo City ( mona brand walin gannawada kiyala danne natha )
    Bus 900 Leyland Seat 44 or 42 Semi ( 2*2 Seats )
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    කැලණි ගඟ හරහා නව පාලමක් ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම

    - කැලණි ගඟ හරහා නව පාලමක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය යටතේ කැලණි ගඟ හරහා මීටර් 380ක දිගින් යුතු, මං තීරු හයකින් (06) යුත් පාලමක් සහ එහි ප්‍රවේශ මාර්ග ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 9,896 ක මුදලකට පිරිනැමීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    සෞඛ්‍ය අංශයේ නව සංවර්ධන ව්‍යාපෘති

    - රජය විසින් දීර්ඝ කාලයක් තිස්සේ සෞඛ්‍ය අංශයෙහි කරන ලද ආයෝජන හේතුවෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය දියුණු මට්ටමක් කරා ලඟා වී ඇති අතර, මේ වන විට දළ වශයෙන් නිවාරණ සෞඛ්‍ය සේවා කටයුතු 100%ක්ද, නේවාසික රෝගී සත්කාරක සේවාවේ 90% - 95%ක්ද, බාහිර රෝගී සත්කාරක කටයුතුවලින් 40% - 50%ක්ද රාජ්‍ය අංශය විසින් සිදු කරනු ලැබේ. සංවර්ධිත රටවල් හා සමානව සෞඛ්‍ය දර්ශක පවත්වාගෙන යන අතර, සෞඛ්‍ය සේවා නොමිලේ සැපයීම අඛණ්ඩව ක්‍රියාත්මක කරමින්, රටේ මහජනතාව සෞඛ්‍ය සම්පන්න කරලීමේ අරමුණින් මෙරට සෞඛ්‍ය සේවාවන් තව දුරටත් වැඩිදියුණු කිරීම සිදු කළ යුතු වේ.

    ඒ අනුව, භෞතික හා මානව සම්පත් ප්‍රශස්ත අන්දමින් බෙදී යාම තහවුරු කරමින් ප්‍රධාන රෝහල් කිහිපයක පවතින අධික තදබදය අවම කිරීම සඳහා පර්යන්ත රෝහල්වල පහසුකම් වැඩිදියුණු කිරීමටත්, ළමා, පිළිකා, ශල්‍ය, මාතෘ, නව ජන්ම, මුඛ සෞඛ්‍ය ආදී වාට්ටු සංකීර්ණ, රසායනාගාර, ඖෂධ ගබඩා සහ සායන ගොඩනැඟිලි ආදිය දුර බැහැර රෝහල්වල ඉදි කිරීම තුළින් මහජනතාවට පහසුවෙන් ළඟා විය හැකි පරිදි විශේෂඥ සත්කාරක සේවාවන් සැපයීමටත් රජය සැලසුම් කර ඇත. ඒ සඳහා හඳුනාගනු ලැබ ඇති ආසන්න වශයෙන් පිරිවැය රුපියල් මිලියන 28,000ක් පමණ වන විවිධ ව්‍යාපෘති ගණනාවක් 2018 වර්ෂයේදී ආරම්භ කර ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් සලසා ගැනීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ගොඩනැඟිලි මත සවිකරන සූර්ය බල පද්ධති මඟින් සූර්ය බලශක්ති උත්පාදනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් සලසා ගැනීම

    - 2020 වර්ෂය වන විට මෙගාවොට් 200ක විදුලිබලයක් සූර්ය බලශක්තිය මඟින් ජනනය කිරීම රජයේ අපේක්ෂාව වන අතර 2025 වර්ෂය වන විට එය මෙගාවොට් 1000 දක්වා වැඩි කිරීමට සැලසුම් කර තිබේ. මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා ක්‍රියාත්මක කෙරෙන 'සූර්ය බල සංග්‍රාම' වැඩසටහන යටතේ වහල මත සවි කරනු ලබන සූර්ය බලශක්ති උත්පාදන පද්ධති සඳහා සහන ණය ලබා දෙනු ලැබේ. මෙම වැඩසටහනට සහාය වෙමින් සූර්ය බල පද්ධති සඳහා වෙළඳ පොළ යටිතල පහසුකම් සංවර්ධනය, ණය ලබා ගත හැකි උප ව්‍යාපෘති පෙළගැස්ම සැකසීම, වාණිජ හා ගෘහස්ථ පාරිභෝගිකයින් ඇතුළු පාර්ශ්වකරුවන්ගේ දැනුම හා ධාරිතාව වැඩි කිරීම ආදී කටයුතු සඳහා සහන ණය ආධාර සැපයීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී ඇති අතර ඒ සඳහා සාකච්ඡා සම්මුති පැවැත්වීමටත්, අදාළ ණය ගිවිසුම්වලට එළඹීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    මහානගර ව්‍යාපෘති කාර්යාල හරහා බස්නාහිර කලාප මහානගර මූලාරම්භයන් ක්‍රියාත්මක කිරීම

    - බස්නාහිර කලාපීය මහානගර සැලසුම් කිරීමේ ව්‍යාපෘති කාර්යාලය 2015 වර්ෂයේදී ස්ථාපිත කෙරුණු අතර මහානගර මූලාරම්භයන් යටතේ සම්පාදිත ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු පිණිස, බස්නාහිර කලාප මහානගර අධිකාරිය ස්ථාපිත කරන තෙක් ව්‍යාපෘති කාර්යාල 11ක් ස්ථාපිත කිරීමටද අනුමැතිය දෙනු ලැබ තිබේ. මෙම ප්‍රධාන ව්‍යාපෘතිය මඟින් හා එකී ව්‍යාපෘති කාර්යාල මඟින් සිදු කෙරෙන කටයුතු ද්විකරණය වීම වළක්වා ගැනීමේ අරමුණින් බස්නාහිර කලාපීය මහානගර සැලසුම් කිරීමේ ව්‍යාපෘතියෙහි මෙහෙයුම් කටයුතු අවසන් කිරීමටත්, අනෙකුත් ව්‍යාපෘති කාර්යාල මනාව ක්‍රියාත්මක වීම සහතික වීම උදෙසා එකී ව්‍යාපෘතීන් පහත දැක්වෙන පරිදි ඒවායේ නියමිත නම් වලින් නැවත නම් කිරීමටත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    * බස්නාහිර කලාපීය ගුවන් නගර සංවර්ධන ව්‍යාපෘතිය

    * බස්නාහිර වෙරළ කලාපීය නගර සංවර්ධන ව්‍යාපෘතිය

    * බස්නාහිර කලාපීය වැවිලි කර්මාන්ත නගර සංවර්ධන ව්‍යාපෘතිය

    * බස්නාහිර කලාපීය සංචාරක නගර සංවර්ධන ව්‍යාපෘතිය

    * බස්නාහිර කලාපීය තාක්ෂණික නගර සංවර්ධන ව්‍යාපෘතිය

    * බස්නාහිර කලාපීය පරිපාලන නගර සංවර්ධන ව්‍යාපෘතිය

    * බස්නාහිර කලාපීය හරිත නගර සංවර්ධන ව්‍යාපෘතිය

    * බස්නාහිර කලාපීය ප්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතිය

    * බස්නාහිර කලාපීය ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය

    * බස්නාහිර කලාපීය ඒකාබද්ධ ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතිය

    * බස්නාහිර කලාපීය සැලසුම්කරණ ව්‍යාපෘතිය


    2017-08-09 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණ

    - http://www.cabinetoffice.gov.lk/cab...icle&id=15&Itemid=49&lang=si&dDate=2017-08-09