සංවර්ධන News

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,109
    20,693
    113
    හස්තිශෛලපුර
    53264572_2293551534231237_2871530549019672576_n.jpg

    53801509_2293549574231433_573684717371523072_n.jpg

    53203721_2293551494231241_1859573032163475456_n.jpg

    53563409_2293551597564564_3553041094667141120_n.jpg

    53873364_2293551854231205_6237398515115360256_n.jpg

    53803610_2293552167564507_1893509445669879808_n.jpg

    53869227_2293553737564350_1259175568125984768_n.jpg


    - https://www.facebook.com/cep2rda/posts/2293555254230865?__tn__=C-R


    :love::love:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,924
    4,579
    113
    ලෝකයේ කොහේ සිටියත් මහේන්ද්‍රන් අල්ලන්න පුළුවන් - අභියාචනය ප‍්‍රතික්‍ෂෙප වෙලා රතු වරෙන්තු නිකුත් කරලා - ජනපති මාධ්‍ය ප‍්‍රධානීන් හමුවේදී කියයි

    p1 2- මත් ජාවාරම්කරුවන්ට මරණ දඩුවම ස්ථිරයි

    අත්අඩංගුවට නොගන්නා ලෙස හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ජාත්‍යන්තර පොලිසියට ඉදිරිපත් කළ අභියාචනය ප‍්‍රතික්‍ෂේප වී යළි රතු වරෙන්තු නිකුත් කර ඇති නිසා ඔහු ලෝකයේ ඕනෑම රටකදී අත්අඩංගුවට ගත හැකි යැයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළේය.

    ඊයේ (06 වැනිදා) ජනාධිපති මන්දිරයේ පැවැති මාධ්‍ය ප‍්‍රධානින්ගේ හමුවේදී මාධ්‍යවේදියකු ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

    ඇතැම් මාධ්‍ය පමණක් නොව සමහර දේශපාලනඥයෝද තමාට පොලිස් බලතල තිබියදී මහ බැංකු වංචාවේ ප‍්‍රධාන සැකකරු අත්අඩංගුවට නොගන්නේ මන්දැයි ප‍්‍රශ්න කරන බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

    ඊට වැඩිදුරටත් පිළිතුරු දුන් ජනාධිපතිවරයා මෙසේද ප‍්‍රකාශ කළේය.

    ‘‘මාධ්‍ය මගෙන් අහනවා. සමහර දේශපාලනඥයොත් අහනවා පොලිස් බලතල මට තියෙද්දී අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගන්නේ නැත්තෙ ඇයි කියලා. අපේ රටේ සිටියා නම් අපේ නිලධාරින් ඔහුව අනිවාර්යෙන්ම අත්අඩංගුවට ගන්නවා.

    ඔහු කොහෙද ඉන්නේ කියලා කවුද දන්නේ? නමුත් මම එකක් කිව යුතුයි. බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මට කළ හැකි සියලූම ඉහළම දේ කළා. ඔහු අත්අඩංගුවට ගන්න කියලා අප ජාත්‍යන්තර පොලිසියෙන් ඉල්ලීමක් කළා. අදාළ වාර්තා කරුණු ජාත්‍යන්තර පොලිසියට දුන්නා. එම වේලාවේදී අර්ජුන මහේන්ද්‍රන් අභියාචනයක් කළා ඔහුව අත්අඩංගුවට ගන්න එපා කියලා. සැකකරුවකු එවැනි ඉල්ලීමක් කළ විට ජාත්‍යන්තර පොලිසිය කරනුයේ ඒ පිළිබඳව සොයා බැලීමට විනිශ්චයකාරයකු පත් කිරීමයි. අර්ජුනගේ ඉල්ලීම අනුව ඔහු පිළිබඳව සොයා බැලීමට ජාත්‍යන්තර පොලිසිය විනිශ්චයකාරයකු පත්කළා. එම විනිශ්චයකාරයා අභියාචනය ප‍්‍රතික්‍ෂේප කරනවා. ඒ අනුව යළි අර්ජුන මහේන්ද්‍රන්ට ජාත්‍යන්තර පොලිසිය රතු වරෙන්තු නිකුත් කළා. දැන් ලෝකයේ ඕනෑම රටකදී අර්ජුන මහේන්ද්‍රන්ව අත්අඩංගුවට ගන්න පුළුවන්. දැන් ජාත්‍යන්තර පොලිසිය වගේම අපේ නිලධාරීන් ඔහුව අත්අඩංගුවට ගත හැකි ආකාරය පිළිබඳ

    https://divaina.com/daily/index.php/puwath-2/25015-2019-03-05-13-38-78
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,332
    113
    අපනයනය සඳහා පෙට්‍රෝලියම් පිරිපහදුවක් හම්බන්තොට ප්‍රදේශයේ ස්ථාපිත කිරීම

    - වසරකට මෙට්‍රික් ටොන් මිලියන 10ක ධාරිතාවයක් සහිත අපනයනය සඳහා පෙට්‍රෝලියම් පිරිපහදුවක් හම්බන්තොට ඉදි කිරීමට සිංගප්පූරුවේ සිල්ව පාර්ක් ඉන්ටර්නැෂනල් (පුද්ගලික) සමාගම සහ ඕමාන් සුල්තාන් රාජ්‍යයේ තෙල් හා ගෑස් අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව පිහිටුවා ගත් ව්‍යාපාරයක් පවත්වා ගෙන යාම පිණිස යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. අදාළ ආයෝජන යෝජනාවේ වැදගත්කම සැලකිල්ලට ගනිමින් යෝජිත කර්මාන්තය ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය වන ඉඩම් අක්කර 400ක බිම් ප්‍රමාණයක් ආයෝජකයා වෙත බදු පදනම මත ලබා දීම පිණිස සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    වෛද්‍ය සැපයීම් පහසුකම් ශක්තිමත් කිරීම

    - ‍සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය තුළ පවතින රෝහල් 134ක ඖෂධ ගබඩා සහ රජයේ වෛද්‍ය සැපයීම් අංශය යටතේ පවතින ප්‍රාදේශීය වෛද්‍ය සැපයුම් අංශ 26හි පහසුකම් වැඩිදියුණු කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙන ලදී. එසේ වුවත් සෞඛ්‍ය අංශයේ ආයතනවල සිදු කරනු ලබන වේගවත් සංවර්ධනය හා වැඩිදියුණු කිරීම් සැලකිල්ලට ගෙන දිවයින පුරා පිහිටි සියලුම වෛද්‍ය සැපයීම් අංශවල පහසුකම් පුළුල් කළ යුතුව තිබේ. ඒ අනුව, මීට පෙර අනුමැතිය ලද ආයතන 160ට අමතරව ප්‍රාදේශීය රෝහල් 430ක හා ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර ඒකක 276ක ඇති ඖෂධ ගබඩා පහසුකම් රුපියල් මිලියන 3,988.6ක ආයෝජනයක් යටතේ 2020 - 2022 මධ්‍යකාලීන අයවැය රාමුව තුළ වැඩිදියුණු කිරීම පිළිබඳ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.

    ඖෂධ නිෂ්පාදනය කිරීම සඳහා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සමඟ ආයෝජකයන් විසින් බද්ධ ව්‍යවසායන් පිහිටුවීමේ ප්‍රගතිය

    - ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදන කර්මාන්තය නගා සිටුවීම මඟින් ඖෂධ ආනයනය සඳහා වැය වන විදේශ විනිමය ඉතිරි කරගැනීමට මෙන්ම ඖෂධ මිල ගණන් ස්ථාවරව පවත්වා ගැනීමටද ඉඩකඩ සැලසෙයි. ඒ අනුව, රෝහල් සඳහා අවශ්‍ය නැවුම් හා උසස් තත්ත්වයෙන් යුතු ඖෂධ ද්‍රව්‍ය කාර්යක්ෂමව රජයේ රෝහල් වෙත අඛණ්ඩව සැපයීමේ හැකියාවක් ඇති ආයෝජකයින් හඳුනාගෙන එම ආයෝජකයින් සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව අතර බද්ධ ව්‍යාපාර පිහිටුවීමට අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙන ලදී. එම අනුමැතිය මත ආයතන 17ක් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සමඟ බද්ධ ව්‍යාපාර ගිවිසුම්වලට එළඹ නිෂ්පාදනාගාර ඉදි කිරීමේ කටයුතු සිදු කරමින් පවතින බවට අමාත්‍ය මණ්ඩලයේ දැනගැනීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.


    රත්නපුර ශික්ෂණ රෝහලේ පස්මහල් හෘද රෝග ආරක්ෂණ සංකීර්ණය ඉදි කිරීම

    - ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ අලුතින් ස්ථාපනය කරන ලද වෛද්‍ය පීඨයට බඳවාගනු ලබන සිසුන්ට සායනික පුහුණුව ලබා දීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමේ අරමුණින් රත්නපුර පළාත් මහ රෝහල ශික්ෂණ රෝහලක් ලෙස උසස් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙන ලදී. එම රෝහලේ හෘද රෝග සේවාවන් සඳහා දැනට ප්‍රමාණවත් ඉඩකඩ නොමැති බැවින් වර්ග මීටර 5,000ක බිම් ප්‍රමාණයක් සහිත පස්මහල් ගොඩනැඟිල්ලක් ඉදි කිරීමට යෝජනා කර තිබේ. එමඟින් ඇඳන් 80ක් සහිත හෘද රෝග වාට්ටු, ඇඳන් 40ක් සහිත හෘද උරස් ප්‍රතිකාර වාට්ටු, හෘද කැතීටකරන රසායනාගාර, ව්‍යායාම ඊසීජී කාමරය, හෝල්ටර් මොනිටරින් පහසුකම් සහිත ඊසීජී ඒකකය, එකෝ කාඩියොග්‍රැපි කාමර 02ක්, ඇඳන් 10කින් යුත් දැඩි සත්කාර ඒකකය, ශල්‍යාගාර, සායනික කාමර සහ අනෙකුත් උපකරණ සේවා පහසුකම් සැපයීමට නියමිතය. ඒ අනුව, රුපියල් මිලියන 1,325.9ක ආයෝජනයක් යටතේ 2020 - 2022 මධ්‍යකාලීන අයවැය රාමුව තුළ රත්නපුර ශික්ෂණ රෝහලේ හෘද රෝග ආරක්ෂණ සංකීර්ණය ඉදි කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    බේරුවල, ගාල්ල, පුරාණවැල්ල/කුඩාවැල්ල යන ධීවර වර‍ායන් සංවර්ධනය කිරීම

    - දිවයින වටා ධීවර වරායන් 20ක් ඉදි කර ඇති නමුත් දික්ඕවිට ධිවර වරාය හැර අනෙකුත් කිසිදු ධීවර වරායක අඩි 55ක් හෝ ඊට වැඩි ධීවර යාත්‍රා නංගුරම්ලීමට ප්‍රමාණවත් පහසුකම් නොමැති බව නිරීක්ෂණය වී තිබේ. අල්ලා ගන්නා මසුන් ගොඩබෑමට විධිමත් පහසුකම් නොමැති වීම, ගබඩා කිරීමට ප්‍රමාණවත් පහසුකම් නොමැති වීම සහ විධිමත්ව ගබඩා කිරීම සඳහා දැනට භාවිතා වන කුඩා ප්‍රමාණයේ යාත්‍රා තුළ පහසුකම් නොමැති වීම හේතුවෙන් සැලකිය යුතු ප්‍රමාණයක මත්ස්‍ය පසු අස්වනු හානියක් සිදුවන බව නාරා ආයතනය විසින් සිදු කරන ලද අධ්‍යනයකදී නිරීක්ෂණය වී ඇත. එබැවින් පසු අස්වනු හානිය අවම කිරීම හා මත්ස්‍ය අස්වැන්නේ ගුණාත්මකභාවය වර්ධනය කිරීම සඳහා ප්‍රමාණවත් පහසුකම් සැපයිය යුතුව ඇත. මෙම කරුණු සැලකිල්ලට ගෙන ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව හරිත වරාය සංකල්පය යටතේ බේරුවල, ගාල්ල හා පුරාණවැල්ල/කුඩාවැල්ල යන ධීවර වරායන් ප්‍රංශ සංවර්ධන ආයතනයේ අරමුදල් සහය යටතේ සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව, මෙම වරායන් සංවර්ධනය කිරීම සඳහා සිදු කළ යුතු පාරිසරික හා සමාජයීය අධ්‍යයනය ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ආයතනය වෙතින් සිදු කරවා ගැනීම පිණිස කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    මාතර පස්ගොඩ, කොටපොළ සහ පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීම

    - මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ, කොටපොළ සහ පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශවලට අයත් ග්‍රාමීය මාර්ග සංවර්ධනය සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දී තිබුණද අවශ්‍ය සම්පත් සලසා ගැනීමේදී සිදු වූ ප්‍රමාදවීම් හේතුවෙන් එම ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කිරීමට නොහැකි වී තිබුණි. ඒ අනුව කැටවල, හොරගල, රජවත්ත, කැකුණහේන, ඉසුරුඋයන, උදාදෙණිය, නිශ්ශංකපුර, සියඹලාගොඩ නැ‍ඟෙනහිර තරුණ සේවා මාර්ගය සහ සියඹලාගොඩ යන මාර්ග සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සලසා ගැනීම පිණිස වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    'කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර හවුල්කාරිත්ව වැඩසටහන' සඳහා අරමුදල් සලසා ගැනීම

    - කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර හවුල්කාරිත්ව වැඩසටහන 2017-2023 කාල පරිච්ඡේදය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 105ක ආයෝජනයක් යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අඩු ආදායම්ලාභී පවුල් 57,500ක් වන ප්‍රතිලාභීන් පිරිසකගේ ආදායම තිරසර ලෙස වර්ධනය කිරීම සහ ජීවනෝපාය වැඩිදියුණු කිරීමට අපේක්ෂිත වැඩසටහනකි. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 54.4ක ණය ආධාර ලබා දීමට කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදල එකඟවී ඇති අතර මේ වන විට එයින් ඇමරිකානු ඩොලර් මිලියන 39.88ක මුදලක් උපයෝජනය කර තිබේ. මෙම වැඩසටහන තවදුරටත් ක්‍රියාත්මක කරගෙන යාම සඳහා අවශ්‍ය වන තවත් ඇමරිකානු ඩොලර් මිලියන 14.52ක අරමුදල් ලබාගැනීම පිණිස මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    කන්කසන්තුරේ වරාය කඩිනමින් සංවර්ධනය කිරීම සඳහා වන ඉඩම් පවරා දීම

    - කන්කසන්තුරේ වරාය සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය අරමුදල් ඉන්දියානු රජයේ සහාය සහිතව සලසා ගැනීම පිණිස වන ගිවිසුමකට අත්සන් තබා ඇති අතර එම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය ඉඩම් පවරා ගත යුතුව තිබේ. ඒ අනුව, ඒ සඳහා ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවට අයත් අක්කර 15කින් පමණ සමන්විත ඉඩම් පවරා ගැනීම යෝග්‍ය බව හඳුනාගනු ලැබ ඇත. ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත එකී අක්කර 15ක භූමිය ප්‍රමාණය පවරා ගැනීම පිණිස ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ (MRIA) මෙහෙයුම් කටයුතු වැඩිදියුණු කිරීම සඳහා වූ යෝජනා ක්‍රියාත්මක කිරීම

    - මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ (MRIA) මෙහෙයුම් කටයුතු සඳහා ඉන්දියානු ගුවන් සේවා අධිකාරිය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති යෝජනා පිළිබඳව පරීක්ෂා කර බලා නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවක් සහ ඊට සහාය වීම සඳහා ව්‍යාපෘති කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, එම කමිටුව විසින් සිය නිර්දේශ ඇතුළත් කරමින් සකස් කර ඇති වාර්තාව අනුව අවශ්‍ය ඉදිරි කටයුතු සිදු කිරීම පිණිස ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා; මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා සහ ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ශ්‍රී ලංකාව සඳහා වූ ඩිජිටල් ආර්ථික උපායමාර්ගය : 2018-2025

    - ශ්‍රී ලංකාව සඳහා වූ ඩිජිටල් ආර්ථික උපායමාර්ගය ජාත්‍යන්තර මට්ටමේ උපදේශකයින්ගෙන් සහ ක්ෂේත්‍රයට අදාළ ආයතනවල නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් සහිතව සකස් කර තිබේ. මෙම උපාය මාර්ගය මඟින් ඩිජිටල් තාක්ෂණය පදනම් කරගත් ආර්ථිකයේ වර්ධනය වේගවත් කිරීම සඳහා ආර්ථිකයේ හඳුනාගත් ප්‍රමුඛතා අංශ ඩිජිටල්කරණය කිරීම, සංවර්ධනය කිරීම සහ අවශ්‍ය ඩිජිටල් යටිතල පහසුකම් ගොඩනැඟීම යන අංශ තුනකින් යුත් රාමුවකින් සමන්විතව තිබේ. මෙම උපායමාර්ගය මඟින් ඩිජිටල් පහසුකම් සහිත අපනයන ප්‍රවර්ධන කලාපය හා සේවා සැපයීම් ගම්මාන, මධ්‍යගත කෘෂිකර්ම පාලක මධ්‍යස්ථානය සහ සංචාරක දත්ත හුවමාරු මධ්‍යස්ථානය යන ප්‍රධාන වැඩසටහන් ත්‍රිත්වය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය. එමෙන්ම වසර 03ක් තුළ ඩිජිටල්කරණයට භාජනය කරන ලද ව්‍යාපෘතිද ඇතුළත්ව ප්‍රමුඛ ව්‍යාපෘති 10ක් නිම කිරීමටද සැලසුම් කරනු ලැබ ඇත. ඒ අනුව, යෝජිත ඩිජිටල්කරණ උපාය මාර්ගය සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ නොවන ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ ඇමතිතුමා විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම පරිදි අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


    Decisions taken by the Cabinet of Ministers at its meeting held on 06.03.2019
    Read more
    https://www.news.lk/cabinet-decusio...f-ministers-at-its-meeting-held-on-06-03-2019
    http://www.cabinetoffice.gov.lk/cab...icle&id=15&Itemid=49&lang=si&dDate=2019-03-06