සංවර්ධන News

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
54730828_261475031469739_6970285347888431104_n.jpg
 

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඒ කාලේ විධායක බලතල තිබ්බ ලොක්කෝ ආයුද කන්ටේනර් ගණන් ප්‍රභාකරන්ට යවල තමන්ගේ ජීවිතේ රකින එක වෙනුවෙන් කෑම්ප් පිටින්ම විනාශ කරනකම් කොටි ඒජන්තවරුත් එක්ක පාටි දාන, හමුදා ප්‍රධානියා බොම්බෙකට අහුඋනාම ඌ මැරෙනකම් අහසේ කරක් ගඑන කාලයක් තිබුනේ බ්‍රෝ...

     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,328
    113
    අරලගංවිල ජල සම්පාදන ව්‍යාපෘතිය ජනතා අයිතියට
    "පිබිදෙමු පොළොන්නරුව" දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් මිලියන 139 ක් වැයකරමින් ඉදිකෙරුණු අරලගංවිල ජල සම්පාදන ව්‍යාපෘතිය ජනතා අයිතියට පවරාදීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (21) පස්වරුවේ සිදු විය. මෙම ජල සම්පාදන ක්‍රමයෙන් අරලගංවිල, අරලංගවිල බටහිර, පිඹුරත්තෑව හා අරලංගවිල රෝහල ආදී ප්‍රදේශවලට ජලය සැපයේ. ප්‍රදේශයේ ජනතාවගේ දීර්ඝකාලීන ගැටලුවකට විසඳුම් ලබාදෙමින් මෙම ජල සම්පාදන ව්‍යාපෘතිය ඉදිකිරීමට පියවර ගැනිණි.

    55492901_10156844326001327_3572838883857006592_n.jpg

    55478039_10156844325991327_8301732339294142464_n.jpg


    - https://www.facebook.com/pg/maithripalas/photos/?tab=album&album_id=10156844325926327&__tn__=-UCH-R
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,328
    113
    පුත්තලම නාගරික ශ්‍රවණාගාරය ජනතා අයිතියට
    පුත්තලම නාගරික ශ්‍රවණාගාරය ජනතා අයිතියට පවරාදීම අද (22) පෙවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිදු විය. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ සියලු පහසුකම්වලින් සමන්විත ව අංග සම්පූර්ණ ශ්‍රවණාගාරයක් ලෙස මෙම ශ්‍රවණාගාරය ඉදිකර තිබේ.

    54523715_10156844965316327_5047953922883321856_n.jpg

    54730261_10156844965266327_1228003520125337600_n.jpg

    54730730_10156844965586327_1139312737520713728_n.jpg


    - https://www.facebook.com/pg/maithripalas/photos/?tab=album&album_id=10156844964931327
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,328
    113
    මාතර-හම්බන්තොට අධිවේගයේ වැඩ 90%ක් අවසන්

    55506828-2648693458480170-3289242644273692672-n.jpg


    මාතර සිට හම්බන්තොට දක්වා වන අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු 90%කටත් වඩා අවසන්ව ඇතැයි එම මාර්ග ව්‍යාපෘතියේ 1 අදියරේ ව්‍යාපෘති අධ්‍යක්ෂ නිලාව්ෆර් ෂරීෆ් මහතා පවසයි.

    ඒ අනුව මෙවසර මැදභාගයේදී මේ මාර්ගය ජනතා අයිතියට පත් කිරීමට හැකි වනු ඇති බවද ඔහු පෙන්වා දුන්නේය. මෙරට දීර්ඝතම පාලම වන කි.මී. 10.8ක

    දිගකින් යුත් ගුවන් පාලම සහ ගුවන් පාලම් මත තැනූ ප්‍රථම අන්තර්-හුවමාරුවද (අපරැක්ක) මේ අධිවේගි මාර්ගයේ ඉදිව ඇතැයිද ඔහු පෙන්වා දුන්නේය.

    මාතර-හම්බන්තොට...

    එමෙන්ම අන්දරවැවදී මෙරට ප්‍රථම අධිවේගී - අධිවේගී අන්තර් හුවමාරුවද ඉදිව ඇතැයි ඒ මහතා පෙන්වා දුන්නේය.

    රුපියල් බිලියන 252.5 ආධාර යටතේ ඉදි කළ මේ මාර්ගය ඔස්සේ කොළඹ සිට පැය 2 ක් හා විනාඩි 15කින් හම්බන්තොට දක්වා ගමන් කළ හැකි බවත් කතරගමට පැය 3ක් හා විනාඩි 15ක පමණ කාලයකින් ගමන් කළ හැකි වනු ඇතැයිද මත්තග සිට ලුණුගම්වෙහෙර හරහා මංතීරු 4කින් යුත් මාර්ගයක් සංවර්ධනය කර ඉදි කරමින් පවතින බවද ඒ මහතා කීවේය.

    එමෙන්ම අන්දරවැවදී මෙරට ප්‍රථම අධිවේගී - අධිවේගී අන්තර් හුවමාරුවද ඉදිව ඇතැයි ඒ මහතා පෙන්වා දුන්නේය.

    රුපියල් බිලියන 252.5 ආධාර යටතේ ඉදි කළ මේ මාර්ගය ඔස්සේ කොළඹ සිට පැය 2 ක් හා විනාඩි 15කින් හම්බන්තොට දක්වා ගමන් කළ හැකි බවත් කතරගමට පැය 3ක් හා විනාඩි 15ක පමණ කාලයකින් ගමන් කළ හැකි වනු ඇතැයිද මත්තග සිට ලුණුගම්වෙහෙර හරහා මංතීරු 4කින් යුත් මාර්ගයක් සංවර්ධනය කර ඉදි කරමින් පවතින බවද ඒ මහතා කීවේය.


    - http://www.silumina.lk/2019/03/23/පුවත්/මාතර-හම්බන්තොට-අධිවේගයේ-වැඩ-90ක්-අවසන්
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,328
    113
    පැය තුන හමාරෙන් කතරගම යන දිනය අත ළඟයි

    coldig_3479355123127097_8374245_22032019_EMT.jpg


    දකුණු ලක පැය කිහිපයකින් අගනුවරට සමීප කරවන දක්ෂිණ අධිවේගි මාර්ගයේ මාතර හම්බන්තොට දිගුවේ වැඩ මේ වන විට නිමා වෙමින් පවතී. අදියර 4ක් යටතේ සිදු කෙරුණු මේ ව්‍යාපෘතියේ වැඩකටයුතු සියල්ල නිම කර තව නොබෝ දිනකින් කොළඹ සිට හම්බන්තොට දක්වාම අධිවේගයේ ගමන් කරන්නට හැකියාව ලැබෙනු ඇත.

    මහවැලි ව්‍යාපාරය 'කඩිනම් මහවැලි ව්‍යාපාරය' ලෙස වැඩ කටයුතු නිමා වූවා සේ අධිවේගි මාර්ග පද්ධතියද ඒ අනුව යමින් කඩිනමින් නිමා කිරීමේ ප්‍රතිපත්තියක් ගෙන ඇති බව දක්ෂිණ අධිවේගයේ මාතර - හම්බන්තොට දිගුව දෙස බැලූ විට පැහැදිලිව පෙනී යයි.

    මාතර සිට හම්බන්තොට දක්වා වූ අධිවේගි මාර්ගයේ සම්පූර්ණ දිග කිමී 96කි. මේ මාර්ගය කඩිනමින් ඉදි කිරීම උදෙසා අදියර 4ක් යටතේ එකවර වැඩ කටයුතු ආරම්භ කිරීමට කටයුතු යොදන ලදි. ඉන් පළමුවැන්න මාතර සිට බෙලිඅත්ත දක්වා වූ කිමී 30ක දුර ප්‍රදේශය සහිත කොටසයි. දෙවැන්න බෙලිඅත්තේ සිට වැටිය දක්වා වූ කිමී 26ක දුර කොටසයි. තෙවැන්න වැටියේ සිට අන්දරගස්වැව දක්වා කිමී 15ක කොටසයි. සිව්වැන්න ලෙස ඉදි වන්නේ මත්තල ගුවන්තොටුපළේ සිට අතුරු-අධිවේගි මාර්ගයක් ලෙස පැමිණ අන්දරවැවදී අධිවේගය හා සම්බන්ධ වී හම්බන්තොට දක්වා දිවෙන මාර්ගයයි. එහි මුළු දිග කිමී 25කි. අන්දරවැව සිට මත්තලට දුර කිමී 06ක් පමණ වේ. හම්බන්තොටට ඇති දුර කිමී 14කි. එහෙත් අන්දරවැව අන්තර්-මාර්ග හුවමාරුවේ අධික මාර්ග සංඛ්‍යාව නිසා මේ දුර කිමී 25ක් දක්වා වැඩි වී ඇත.

    මාතර - හම්බන්තොට අධිවේගි මාර්ගයේ ආරම්භක සැලැස්මට වඩා තරමක් වෙනස් සැලැසුමකින් යුතුව අදියර 4 යටතේ මාර්ගය සැලසුම් කෙරිණි. මෙසේ සැලසුම වෙනස් කර ඇත්තේ එයින් වඩාත් ඵල-ප්‍රයෝජන ලැබෙන පරිදිය‍. එසේම එයින් බලාපොරොත්තු වූ නව ප්‍රතිඵල රාශියකි.

    එයින් මුල්තැනක් ගන්නේ නිල්වලා නදියේ ජල ගැලීම්වලින් පහත් බිම් ආරක්ෂා කරගැනීමයි. එමෙන්ම මාතර ප්‍රදේශයේ කිරල කැළේ වනෝද්‍යානයට හානි නොවන සේ මාර්ගය ඉදි කිරීමද තවත් අපේක්ෂාවක් විය. එමෙන්ම දන්දෙණිය වන රක්ෂිතයට සිදු වන හානියද අවම කර ඇත. අරංයාය හා මදුනාගල උණුවතුර ළිංවලට නව සැලැස්මෙන් කිසිදු හානියක් නොවනු ඇත. රිදියගම වනාන්තරයටද හානි නොවන සේ මාර්ගය ඉදි කිරීම තවත් අරමුණකි.

    කිලෝමීටර් 30ක් වූ 1 අදියරේ කිමී 10ක් පමණ වන දුරක් නිල්වලා ගඟේ බලපෑම සලකා මාර්ගය කුලුනු මතින් විහිදුවන්නට කටයුතු යොදන ලදි. එහි ඉදිකිරීම් කරන විට ගංවතුරේ බලපෑම නිසා වගුරු බිම් ආශ්‍රිතව පතුලේ ඇති දුර්වල ගොහොරු සහිත පස් ඉවත් කිරීමෙන් ඉදිරියේදී සිදු විය හැකි පරිසර හානිය මෙන්ම, නිල්වලා ගඟ පිටාර ගලන අවස්ථාවකදී ඇති වන ගංවතුර තත්ත්වය දිගු කාලයක් නොපැවතී, ජලය කඩිනමින් බැස යෑමට අවශ්‍ය පරිසරය සකස් වන සේ මේ ආකාරයට මාර්ගය ඉහළින් ගමන් කිරීමට සලස්වා ඇත.

    මේ ඉදි කිරීම් සම්බන්ධයෙන් චීන තාක්ෂණය භාවිත කරනු ලැබිණි. එහිදී වගුරුබිම්වලදී වෘත්තාකාරව සකස් කළ කොන්ක්‍රීට් දැල් සිලින්ඩර පොළොව තුළට බස්වා, ඒ සමගම ගල්කුඩු යොදා එම ගල්කුඩු මිශ්‍රණය භූගත වන විට එහි ඇති මඩ සහ ජලය එළියට ගැනීමට සලස්වන ලදි. ඒ හරහා කොන්ක්‍රීට් මිශ්‍රණය සිලින්ඩරාකාර දැල සමඟ භූගත කරන ලදි. පිහිටි පොළොව කොතැනද එය හමු වන තෙක් වෘත්තාකාර සිලින්ඩර එකට යා කර ගිලා බැස්සවීම මෙහිදී භාවිත කළ තාක්ෂණයයි. ඇතැම් විට මීටර් 50ක් පමණ දක්වා භූගත කැණීම් සිදු කර වෘත්තාකාර සිලින්ඩර් භූගත කිරීමට සිදු වූ බව 1 අදියරේ ව්‍යාපෘති අධ්‍යක්ෂ නිලවර් නවුෆර් මහතා පවසයි.

    මාර්ගය තැනීමේදී හැකි උපරිම ලෙසින් පරිසර හානි අවම කරමින් මෙන්ම ජනතා ගැටලු අවම වන ලෙසින් ඉදි කිරිමට උත්සාහ ගෙන ඇත.

    එසේම අවට ඇති බිම්වලින් ලබා ගත හැකි අස්වැන්නට හානියක් නොවීමට මෙන්ම මෙවැනි ඉදිකිරීමකදී අඩු වියදම නිලව්ෆර් ෂරීෆ්් ක්‍රම ගැනද සැලකිල්ලට ගෙන ඇත. රක්ෂිත වනයක් මැදින් ඉදි වන අධිවේගී මාර්ගය නිසා එම වනයේ ශාක 1400ක් පමණ කපා ඉවත් කර ඇති අතර ඒ වෙනුවට එක ගසකට ගස් සියය බැඟින් සිටුවීම සඳහා අවශ්‍ය කටයුතුද සම්පාදනය කර ඇත.

    දක්ෂිණ අධිවේගී මාර්ග දිගුවේ පළමු අදියර වන කිමී 30ක දුර ප්‍රමාණය සමස්ත දුර වන කිමී 96 හා ගත් විට ඉදිකිරීමේ දීර්ඝතම කොටසක් සහිත අදියර වන්නේය. එම ඉදි කිරීම් සඳහා ලබා දී ඇති කාලයටත් වඩා වේගයකින් ඉඳි කිරීම් සිදු කරන ලදී.

    චීන ජාතිකයෝ රැසක් එහි සේවයේ යෙදී සිටිති. දෙවන අදියර ලෙස සැලකෙන බෙලිඅත්ත සිට වැටිය දක්වා දිවෙන මාර්ග කොටස කෘෂිකාර්මික සමාජයට හිතකර ලෙස ඉදි කිරීමට මුල් තැන දුන් එකකි. එහි ගොවිතැනට අවශ්‍ය පරිදි ජල සම්පාදනයට මෙන්ම ගංවතුර තත්ත්වයකදී ද, වැසි වතුර පිරීමේදීද එම ජලය බැස යාමට අවශ්‍ය වේලි ඇතුළු සැකසුම් සකස් කර ඇත. කෘෂිකාර්මික පරිසරයක් හරහා ගමන් ගන්නා එම ප්‍රදේශය විශේෂයෙන් ජනතාවගේ පැවති සබඳතා බිදවැටීම වැළැක්වීම පිණිස අධිවේගී මාර්ගයය උඩින් හෝ යටින් ගම් බිම් යා කරන මාර්ග නිර්මාණය කර ඇත. ඒ හරහා අස්වනු රැගෙන ඒමටත් සිය නිෂ්පාදන අවශ්‍ය පරිදි වෙළද පොළට ගෙන ඒමටත් ජනතාවට පහසුව සැලසී ඇත.

    තුන්වන අදියර ඉදි වන්නේ වැටිය සිට අන්දරවැව දක්වාය. පෞද්ගලික ඉඩම් මතින් ගමන් කරන මේ අදියරේ ඉඩම් අත්පත් කරගැනීමේ ප්‍රමාදයන් හැරෙන්නට විශාල පරිසර ගැටලු ආදිය මතු වූයේ නැත. එහි වැඩ කටයුතුද මේ වන විට අවසන් අදියරේය.

    සිව්වන අදියර ලෙස මත්තල සිට අන්දරවැව හරහා හම්බන්තොට දක්වා විහිදෙන මාර්ග පද්ධතිය හැඳින්විය හැකිය.

    අන්දරවැව ඉදි වන මේ අන්තර්-හුවමාරුව විශේෂිත වූවකි. එහිදී මත්තල සිට පැමිණෙන රථවාහනවලට හා හම්බන්තොට සිට පැමිණෙන රථ වාහන වලට එක්ව මාතර දක්වා ගමන් කිරීමට අවකාශ සැලසේ. දෙපසින්ම අධිවේගයෙන් පැමිණෙන වාහන එකවර හමුව ධාවනයට කටයුතු යෙදෙනු ඇත. එවැනි ක්‍රමවේදයන් අපට තවමත් නුහුරුය. අප තවමත් අධිවේගී මාර්ගයකදී හුරුව ඇත්තේ අධිවේගී මාර්ගයේ ගමන් කිරීමේදී ඇතුළු වන වාහන විසින් මාර්ගයේ පැමිණෙන වාහනවලට ප්‍රමුඛතාව දී, එම මාර්ගයට ඇතුළු කිරීමේ ක්‍රමවේදයකි. එහෙත් දෙපසින්ම අධිවේගයෙන් පැමිණෙන වාහන දෙකක් එක්ව ගමන් කරන්නේ කෙසේද යන්න අපට නවමු අත්දැකීමකි. එහෙත් ලෝකයේ බොහෝ රටවල මෙවන් අධිවේගී මාර්ග දක්නට ඇත. අප දැන් ඊට හුරුවිය යුතුය. මෙවන් අන්තර්හුවමාරු මධ්‍යස්ථාන දෙකක් පමණක් මේ වන විට අධිවේගී මාර්ග පද්ධතියේ ස්ථාපිත වෙමින් පවතී. අනෙක් හුවමාරුව වන්නේ කඩවතයි. ඒ කොළඹ පිටත වටරවුම් මාර්ගයේ හා මධ්‍යම අධිවේගය සම්බන්ධ කරමින් ඉදිවන අන්තර්-හුවමාරුවයි.

    මෙහි ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා වන්නේ ඒ.පී.කේ. අබේධීර මහතායි. ඔහු පවසන්නේ අධිවේගයේ සිව්වැනි ‍අදියර යටතේ ඇති මාර්ගය රටේ ආර්ථිකය සම්බන්ධයෙන් සුවිශේෂ වටිනාකමක් ඇති එකක් බවයි. හම්බන්තොට නගරයට ප්‍රවේශ වන්නට මෙන්ම මත්තල ගුවන් තොටුපළට සහ හම්බන්තොට වරායටද කඩිනමින් ළඟා වීමට හැකි පරිදි මේ මාර්ගය ඉදි කෙරේ.

    එසේම තවත් සුවිශේෂ කරුණක් වන්නේ සූරියවැව ආසන්නයෙන් මහා මාර්ගයට යටින් අධිවේගය ගමන් කිරීමයි. එහි භූමි තත්ත්වය මෙන්ම මාර්ගයේ අවසානයද සැලකිල්ලට ගෙන අධිවේගි මාර්ගය තැනෙන්නේ ප්‍රධාන මාර්ගය යටිනි.

    එමෙන්ම ප්‍රදේශයේ පවතින වන අලි ගැටලුව පිළිබඳවද මෙම ඉදිකිරීමේදී විශේෂ අවධානයක් යොමු කර ඇති අතර අලින්ට මෙන්ම අධිවේගී මාර්ගයේ ගමන් කරන පිරිසටද බාධාවක් නොවන පරිදි අලින්ගේ ගමනාගමනය වෙනුවෙන් විශේෂ මාර්ග වේදයක් ස්ථාපිත කිරීමද මෙම ඉඳි කිරීමට ඇතුළත් ව ඇත. ඒ අනුව අලින්ට මාර්ගයට ඇතුළු වීමට නොහැකි වන සේ අලි වැටක් නිර්මාණය කර ඇත. එය සාමාන්‍ය විදුලි වැටක් නොව අතිවිශාල වියදමක් දරා සිදු කළ ආරක්ෂිත පද්ධතියකි.

    මාතර-හම්බන්තොට අධිවේගී මාර්ගයේ අන්තර්-හුවමාරු මධ්‍යස්ථාන අපරැක්ක, බෙලි අත්ත, කසාගල, අගුණකොලපැලැස්ස, වැටිය. සූරියවැව, අන්දරවැව, මත්තල, හා හම්බන්තොට ස්ථානවල පමණක් ඉදි වනු ඇත. අපරැක්ක අන්තර්-හුවමාරුව මෙරට කණුමතම ඉදි වන පළමු අන්තර් හුමවාරුව වනු ඇත.

    මෙරට ඉදිවන දිර්ඝතම පාලමද ඉදි වන්නේ මේ ව්‍යාපෘතිය හරහාය. ඒ මාතර සිට අපරැක්ක දක්වා වන ගුමන් මාර්ගයයි. ඒ කිමී 10.8ක් දක්වා වන දීර්ඝ දුරකි.

    ඊට අමතරව අන්තර් ජාතික මට්ටමේ සේවා ස්ථානයක් බෙලිඅත්ත ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතී. එමෙන්ම රියදුරන් සඳහා විවේක ස්ථානයන් දෙකක්ද 2 හා 3 අදියර යටතේ ඉදි කෙරේ.

    මේ මාර්ගය සඳහා වැය වන මුළු මුදල රු. බිලියන 241.9කි. එයින් 1 අදියර සඳහා රු. බිලියන 103.3ක්ද 2 අදියර සඳහා රු. බිලියන 55.2ක්ද 3 අදියර සඳහා රු. බිලියන 31.5ක්ද 4 අදියර සඳහා රු. බිලියන 52.2ක්ද දී ඇත. ඒ සඳහා ණය ආධාර සපයනු ලබන්නේ චීන එක්සීම් බැංකුවයි. ඒ බ2%ක් වූ පොලියකටයි.

    මේ වන විට අධිවේගී මාර්ගයේ සමස්ත ඉදි කිරීම් 90ක් පමණ නිම කර ඇත. 3 වන අදියරේ එය 95%ක් ඉක්මවා ඇත.

    හම්බන්තොට දක්වා මාර්ගය ඉදි කිරීමෙන් පසුව කතරගම වන්දනාවේ යන වන්දනාකරුවන්ට දිනකදී කතරගම වන්දනා මාන කරගෙන පහසුවෙන් පැමිණීමට හැකි වනු ඇත. කොළඹ සිට හම්බන්තොට දක්වා ගමන් කිරීමට පැය 2 1/2ක පමණ කාලයක් ප්‍රමාණවත් වනු ඇත. ඒ අනුව කතරගම දක්වා යාමට උපරිම ව‍ශයෙන් පැය 3 1/2ක් ගත වනු ඇත. උදෑසන කොළඹින් පිටත්ව පෙරවරු 10.30 කතරගම දේව පූජාවට සහභාගි වී අවශ්‍ය නම් සෙල්ල කතරගම ආදී ස්ථානවලට ගොස් එදින පස්වරුවේ යළි කොළඹට පැමිණිය හැකිය. කතරගම දක්වා යන වන්දනාකරුවන්ගේ පහසුව පිණිස මංතීරු 4කින් සමන්විත නව මාර්ගයක් මේ වන විට මත්තල සිට ලුණුගම්වෙහෙර හරහා ඉදි කෙරෙමින් පවතී. එමඟින් අධිවේගී මාර්ග නිමාවේ සිට කතරගම දක්වා යාමට ගත වන්නේ පැයකටත් අඩු කාලයකි. හම්බන්තොට දක්වා මාර්ගය ඉදි වීමෙන් පසුව අන්තර්ජාතික ගුවන් තොටුපොළ දෙකම යා වනු ඇත. එමෙන්ම දකුණේ කුරුදු වගාව අග නගරයට කඩිනමින් රැගෙන යාමට හැකි වනු ඇත. එමෙන්ම සංචාරකයින් සදහා හොද ආදායම් මාර්ගයක් හිමි වනු ඇත.

    දකුණු පළාතේ අනෙකුත් භාණ්ඩද කඩිනමින් කොළඹට ගෙන ඒමට වෙළෙඳුන්ට හැකියාව ලැබෙනු ඇත. සංවර්ධනයේ කඩිනම් භාවය වන්නේද එයයි.

    ඡායාරූප - කැළුම් ලියනගේ


    - http://www.silumina.lk/2019/03/23/විශේෂාංග/පැය-තුන-හමාරෙන්-කතරගම-යන-දිනය-අත-ළඟයි
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,328
    113
    August this year will see all 4 stages of extended Southern Expressway completed

    Southern-ExpresswayNew.jpg


    All four stages of the extended Southern expressway beyond Matara are due to be completed by August this year, Road Development Authority Chairman Nihal Sooriyaarachchi said. He said, stage three and four between Wetiya to Andarawewa (15 Km) and from Andarawewa to Mattala and Hambantota respectively have almost been completed while the sections from Matara to Beliatta and Beliatta to Wetiya are being completed.
    He said the completion of the project will facilitate transportation from the Hambantota harbour.

    The project beyond Matara commenced in 2016, and the payments for land acquisition were completed thereafter.


    - http://www.sundaytimes.lk/190324/ne...ded-southern-expressway-completed-342368.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,328
    113
    One-stop-service center opened in Sri Lanka's Hambantota port to woo global investors

    137920172_15534710216701n.jpg


    COLOMBO, March 24 (Xinhua) -- Sri Lanka's state owned Board of Investments (BOI) opened a one stop service center at the Hambantota International Port, in southern Sri Lanka, on Saturday evening to attract investors from the global port industry to invest in the island's south.

    The new center was set up as a joint venture between the BOI and the Hambantota International Port Group Private Limited (HIPG) which is a joint venture company formed between the Sri Lankan government and China Merchants Port Holdings (CM Port).

    CM Port entered partnership with the Sri Lanka Ports Authority in 2017 to develop and manage the port.

    Following the launch of the new center on Saturday, the BOI said it will play the role of facilitator to provide all information about Sri Lanka's investment policies to those interested in investing in Hambantota to improve Sri Lanka's ranking in the World Bank's Ease of Doing Business Index.

    The BOI said the Hambantota Port was targeting port related investments within the 3.5 square km area allocated for the Hambantota Port's development.

    Sri Lanka's Minister of Development Strategies and International Trade Malik Samarawickrama, speaking at the opening ceremony, said the launch of this one stop service center was a landmark event in Sri Lanka's economic history and a remarkable milestone in the development of the southern province.

    Samarawickrama said this new center would bring global opportunities for the people in Hambantota and the south and it would benefit all its regional partners.

    "Today as we embark on this new phase of development in Hambantota, I want to thank CM Port for their partnership and courage. Their expertise in successfully operating dozens of similar port operations around the world will no doubt contribute in making the project here a success," Samarawickrama said.

    "My ministry will do everything possible to attract investors to come here. Our government looks forward to working even more closely with the government of China to bring progress and development to our country and to improve the living standards of the poor people, particularly in this area," he added.

    Chinaese Ambassador to Sri Lanka Cheng Xueyuan said the opening of this new service center was yet another milestone in the co-building and operating of the Hambantota Port between Chinese and Sri Lankan companies and it laid a solid foundation for promoting the development of the Hambantota Industrial Zone.

    Ren Rei, Chief Executive Officer of HIPG, said that in 2018, the Hambantota Port was able to significantly increase its performance with more than 300 vessels calling with different service requirements.

    The CEO said the Hambantota Port was also growing closer to its goals of an international energy hub.


    - http://www.xinhuanet.com/english/2019-03/24/c_137920172.htm
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,328
    113
    හම්බන්තොට ඉදිකිරීමට නියමිත තෙල් පිරිපහදු ව්‍යාපෘතියේ කොටස්කරුවන්වීමට ලැබීම සතුටට කරුණක්- ඕමානයේ තෙල් පිරිපහදු හා ගෑස් පිළිබඳ අමාත්‍ය

    0aa4e9dd84ec194331b9d28ae9809c18_XL.jpg


    හම්බන්තොට ඉදිකිරීමට නියමිත තෙල් පිරිපහදු ව්‍යාපෘතියේ කොටස්කරුවන්වීමට ලැබීම පිළිබඳව සතුටට පත්වන බවත් ශ්‍රී ලාංකාවේ සංවර්ධනය මෙන් ම ජනතාව වෙනුවෙන් ව්‍යාපෘතියට දායකවීමට ලැබීම පිළිබඳව ද සතුටු වන බව ඕමානයේ තෙල් පිරිපහදු හා ගෑස් පිළිබඳ අමාත්‍ය Dr Mohammed bin Hamad Al Rumhy මහතා ප්‍රකාශ කරයි.

    ශ්‍රී ලංකා ආයෝජන ඉතිහාසයේ දැවැන්තම ආයෝජනය වන හම්බන්තොට මිරිජ්ජවිල ඉදිවෙන තෙල් පිරිපහදු සංකීර්ණය සහ සිමෙන්ති කර්මාන්ත ශාලාව සඳහා අද මුල්ගල තැබීමේ අවස්ථාවෙන් අනතුරුව පැවැති උත්සවය අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය

    මේ ව්‍යාපෘතියේ මේ අවස්ථාවේ කොටස් කරුවන් කරගැනීම ගැන මම සතුටට පත්වෙනවා. වසර ගනනාවක් සිට ශ්‍රී ලංකාව සමඟ ඓතිහාසික සබඳතාවයක් තිබෙනවා.ශ්‍රී ලංකාවේ සංවර්ධනයේ කොටස්කරුවෙකු බවට ඕමානය පත් කිරීම ගැන සතුටට පත්වෙනවා. මෙවැනි ජනතාවක් මේ ව්‍යාපෘතිය ආරම්භ වන අවස්ථාවේ දැකහැනීම මා බලාපොරොත්තු වුනේ නෑ. මෙවැනි ජනතාවක් දැකීම කරුණක්. මේ රට වෙනුවෙන් හා ජනතාව වෙනුවෙන් මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට හැකි වීම ගැන සතුටට පත් වෙනවා යැයි අමාත්‍යවරයා පැවසී ය.


    - https://sinhala.news.lk/news/political-current-affairs/item/32921-2019-03-24-05-39-25

    55478025-2642116695860260-2500782606887419904-n.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,328
    113
    මහනුවර මහ රෝහලේ ස්ථාපිත කරන ලද නව ස්වයංක්‍රීය සීටී ස්කැනර් යන්ත්‍රය ජනතා අයිතියට
    මහනුවර මහ රෝහලේ ස්ථාපිත කරන ලද නව ස්වයංක්‍රීය සීටී ස්කැනර් යන්ත්‍රය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) පස්වරුවේ ජනතා අයිතියට පත් කෙරිනි.

    වැය කරන ලද මුදල රුපියල් මිලියන 120 කි. මහනුවර මහ රෝහලේ ස්ථාපිත කරන ලද දෙවන සීටි ස්කැනරය මෙය වෙයි.

    54518441_10156581351469130_2603079923195183104_n.jpg

    54517625_10156581351454130_7394869446650626048_n.jpg

    54799521_10156581351829130_6067580533343256576_n.jpg

    54731096_10156581351444130_2492524226590801920_n.jpg

    55738294_10156581351764130_6696785691654750208_n.jpg


    - https://www.facebook.com/Dr.RajithaSenaratne/posts/10156581353469130

    Meanwhile පව් අනාථයන්ට ගූ ගිහිං :lol:
    kota.png
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK